වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ස්වර්ණමාලි මහා සෑරඳුන් උදෙසා කංචුක පූජා පැවැත්වීමට අවශ්‍ය පූජා භාන්ඩ හා උපදෙස්

01. කන්චුකය මීටර් 300 (බෞද්ධ කොඩි හා සිවුරු.)

02. කන්චුකය පලදවන භික්ෂූන් වහන්සේලා පස් නම උදේසා එකම වර්ගයේ පිරිකර 05ක් ( එය කාර් යාල යේ තැන්පත්

කොට අංකයක් ලබා ගත යුතුය.)

03. තමන්ට කැමති පිංකම සඳහා කැමති පූජා ද්‍රවයන් හැකිතාක් රැගෙන ආ හැකිය. (සුවඳ දුම් පූජාව)
04. ලොකු හැට්ටකටු කැරලි අවම 06ක් (ඊට වැඩියෙන් රැගෙන එන්න)
05. සුදු ඇදුමින් සැරසුනු පිරිමි 06 දෙනෙක් සිටිය යුතුය.
:- පූජාවට දින 07කට කලින් සිල් සමාදන්ව පේවී පිරිසිදු සිතින් පැමිනිය යුතුයි.
:- පැමිණෙන සියළුම පිංවතුන් සිල් සමාදන්ව, සිත, කය, වචනය පිරිසිදු කොට පේවී පිංකම ගැන මනා
අවබෝධයකින් එන්නේ නම් පිංකමේ උපරිම ඵල ලබාගත හැකිය.
:- අනිවාර්යයෙන්ම පැමිණෙන සියළුම පිංවත් පිරිස පිරිසිදු සුදු ඇදුමින් සැරසී පැමිණිය යුතුය.



🌸 පිංකම සඳහා උපදෙස්..
::::::::::::::::::::::::::::::::::::::::::::::::::
🏵️ කන්චුක පලඳවන වේලාවන්.
🏵️ උදේ 7:30 සිට 10.00 දක්වා.
🏵️ සවස 02.30 සිට 05:15 දක්වා.
💐 ආරාධනා කිරීමට පන්සලේ හිමියන්ගෙන් දැහැත් වට්ටියක් සකසාගෙන අවසර ලබාගත යුතුය.
💐 හේවිසි කරුවන් අවශ්‍ය නම් මුදල් ගෙවා ලබාගත යුතුය.
💐 පැමිණෙන පිරිස 100කට අධික නම් සල පතල මලුවේ ශබ්ද විකාසන යන්ත්‍ර ක්‍රියා කරවීමට කාර් යාලයෙන් අවසර ගත යුතුය. ඒ සඳහා වන විදුලිය ඔබ විසින් සපයා ගත යුතුය. ( චාඡ් කළ බෆල් භාවිතා කරගන්න)
💐 පිංකම සඳහා පැමිණෙන පිරිස 100 අඩුනම් ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා අවසර දෙනු නොලැබේ.
💐 පැමිණෙන සංඛායව නිවැරදීව කාර් යාලයට දැනුම් දිය යුතුය.
සියලූම ඇමතුම් සඳහා රුවන්මැලි මහා සෑ කාර් යාලය අමතන්න.
📞 (025 2222120 )

🛑 සෑ මලුව තුල කිසිඳු ආහාරයක් නොගන්න.
🛑 පොලිතින් පාලාස්ටික් ආදිය රැගෙන ආ සියල්ල නැවත රැගෙන යන්න වඟබලා ගන්න.
🛑 භාවනා කරන අයට කරදරයක් නොවන පරිදි ඔබගේ හඬ අවම කරගන්නට වඟ බලා ගන්න.
🛑 දුරකථන විසන්දි කරගෙන සිත්පුරා පිංකම කරගන්න. ( බොහොම දෙනෙක් පිංකම නොකර ෆොන්එකේ එල්ලි සිට පිංකම ඉවත දමනු නිසාවෙනි)
🛑 පිංකම අවසන් කොට අවශ්‍ය පිංතූර ගැනීමට වඟ බලා ගන්න.
කාලෙකින් බුදුන් වදින්නට එන ඔබ ඒ උතුම් කුසලය සිත සතුටින් කරගන්න අකුසල් සිත් ගැන වඟ බලාගන්න. මේ ඔබගේම යහපත වෙනුවෙනි.
තෙරුවන් සරණයි !.🙏
මෙම ⁣උතුම් දහම් කරුණු සියලු දෙනා අතර බෙදාහැර ධර්ම දානයට දායක වෙන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X