වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

විපස්සී බුදුන්ට කඨින චීවර දානය සිදු කළ අයුරු


අප ජීවත් වන මේ ඉරහඳ යට කෙනෙකුට කළ හැකි මහා බල සම්පන්න පින්කම් අටක් තිබෙනවා. ඒ බව මෙම ගාථාවේ සඳහන් වෙනවා.

කඨිනට්ඨ පරික්ඛාරං 
වාසදානංච උත්තමං
බුද්ධපමුඛ සංඝස්ස දානං 
ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච බුද්ධස්ස පටිමා 
කරණංපීව
රණං වච්චකුටියා 
අට්ඨපුඤ්ඤාණී වුච්චරේ

1. කඨින දානය.

2. අටපිරිකර පූජාව

3. ආවාස පූජාව

4. බුද්ධ ප්රමුඛ සංඝයාට දන්පිදීම

5. ධර්මය ලිවීම

6. කෙත්වතු පූජා කිරීම

7. බුද්ධ ප්රතිමා කිරීම

8. වැසිකිළි කැසිකිළි සාදා පූජා කිරීම

යන මේ පින්කම් අට සාමාන්යයෙන් අටමහ කුසල් වශයෙන් ප්රසිද්ධයි.

ඒ අනුව කඨින චීවරයක් පූජා කිරිම අටමහ කුසල්වලට අයිති වෙනවා. මෙබඳු කඨින චීවර පූජාවක් කරන්නට පුළුවන් වෙන්නේ යම් සම්බුදුවරයෙකුගේ සාසනයක් තුළ පමණයි. එය ද කළ හැක්කේ මේ මිනිසුන් සිටින පොළෝ තලයේ පමණයි. දිව්ය ලෝකවල, බ්රහ්ම ලෝකවල තිරිසන් ආදී අපායවල මේ පින්කම කිසිසේත්ම කරන්නට බැහැ, දකින්නටත් බැහැ. මිනිස් ලෝකෙත් හැම තැනම මෙය දකින්නට හෝ කරන්නට බැහැ. මෙය වෙන පින්කම් සේ හැමදාම කරන්නටත් බැහැ. ලෝකයේ සම්මත කරගත් වෙනත් ආගම්වල මේ පින්කම දකින්නට නැහැ.

මේ පින්කමේ විශේෂත්වය තමයි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අරමුණු කරගෙන බෞද්ධ පිරිසක් හෝ එබඳු අවබෝධාත්මක සිතක් ඇති කෙනෙක් විසින් කිරීම. භික්ෂූන් නැතිව මෙම පින්කම කොහොමවත් කරන්නට බැහැ. කොහොම වෙතත් කඨින චීවරයක් පූජා කිරිම, එම චීවර පූජාව සමඟ මොනයම් හෝ ලොකුª කුඩා දෙයක් ඒ කියන්නේ අඩු තරමින් ඉඳිකට්ටක්, නූල් බෝලයක් පූජා කිරිම පවා මහා බල සම්පන්න කුසල් නැත්නම් ආනිසංස ගෙනදෙන බව කවුරු කවුරුත් බලවත් ලෙස විශ්වාස කරනවා. ඒ බව නොයෙක් ධර්ම ග්රන්ථවල මේ විදියහට සටහන් කරලා තිබෙනවා.

යාවතා සම්බ පරික්බාරේ
සංඝස්ස සතතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කාලං නාග්ඝති සෝළසිං

යම් කෙනෙක් භික්ෂූන් වහන්සේලාට අවශ්ය කරන සියලු පිරිකර හැමදාම නිරතුරුව පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසයත් කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසත් අතර සොළොස් කලාවෙන් කලාවක් නොවටින ගුණයක පරතරයක් තිබෙනවා. නැතිනම් කඨිනයක් පූජා කිරීමෙන් දහසය ගුණයෙන් ගුණයක් ප්රතිඵලයක් ලැබෙනවා.

ගිරිරාජ සමංරාසිං
සංඝෙ දේති තිවිවරං
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළිසිං

ලොව ඇති උසස්ම වර්ගයේ වස්ත්රවලින් දෙපට සිවුරු, තනිපට සිවුරු, අඳන ආදී සිවුරු වලින් මහමෙර උසට ගොඩ ගසා පූජා කළත් කඨින පූජාවක් කිරීමෙන් ලබන ආනිසංසත් එක්ක ගත්තාම දහසය පංගුවෙන් එක් කොටසක් තරම්වත් වටින්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මහමෙර උසට සිවුරු පූජා කරනවාට වඩා කඨින චීවරයක් පූජා කිරීම බලසම්පන්න බවය. මේ ගාථා දෙකම දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මහරහතන් වහන්සේලා 500ක් ඉදිරියේ දී.

තවත් ගාථා ගොඩකින්ම කඨින පූජාවක ඇති වටිනාකම කියලා තිබෙනවා.

යාවතා සම්බ දානානි
ඒකො වස්ස සතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළසිං

ලෝකයේ තිබෙන සියලු වර්ගයේ දානයන් නිතර නිතර අවුරුදු 100ක් දුන්නත් එහි ආනිසංස එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස හා සැසඳීමේ දී දාසය පංගුවෙන් එකක් පමණවත් නොවේ. කඨින දානයකින් ලැබෙන ප්රතිඵල ඊට වඩා බල සම්පන්න වෙනවා.

යාවතා පඤ්ච හේ සජ්ජං
ඒකො වස්ස සතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළසිං

මේ ලෝකයේ තිබෙන පස් ආකාර බෙහෙත් වර්ග අවුරුදු 100ක් දන් දුන්නත් කඨින පූජාවකින් ලැබෙන ආනිසංස එයට වඩා දහසය ගුණයෙන් ගුණයක් ප්රතිඵලයක් ලබා දෙනවා.

සබ්බ දානං දදන්තේන
අස්මිං පුථුවි මණ්ඩලෙ
සංඝස්ස දින්නං කඨිනංඅග්ගං
බුද්ධෙන වණ්ණිතං

මේ මිහිපිට දෙන දන් අතුරෙන් සංඝයාට දෙන ලද කඨින දානයම උසස් කොට බුදුවරුන් විසින් වර්ණනා කොට තිබෙනවා.

මානුසිකාච සම්පත්ති
දේවලෝකේච යා රතී
යාච නිබ්බාණසම්පත්ති
සබ්බමේතේන ලබ්භති

මිනිස් ලොව මිනිස් සම්පත් දෙව්ලොව දේව සම්පත් අවසානයේ උතුම් නිවන් සම්පත් සහ සියලු යස ඉසුරු ලබාදීමට මෙම කඨින පූජාවක ආනිසංසවලට බලයක් තිබෙනවා.

කඨින ප්රතිලාභ පිළිබඳ දැක්වෙන ඉතා ප්රසිද්ධ කථා පුවත

අපේ ගෞතම බුදුහාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලේ නාගිත කියලා පිරිමි ළමයෙක් ධනවත් ගෙදරක උපන්නා. පස්සේ කාලෙක මහණ කමට හිත ගිහිල්ලා බුදු හාමුදුරුවෝ ළඟ මහණ වෙලා රහත් වුණා.

දවසක් බුදු හාමුදුරුවෝ උන්වහන්සේගේ ප්රිය උපස්ථායක හිමියන් වන ආනන්ද හාමුදුරුවන්ට කථා කරලා මෙහෙම කිව්වා.

“ආනන්ද අද එහි භික්ඛු උපසම්පදාවෙන් පැවිදි වෙච්ච මහ රහතන් වහන්සේලා 500ක් රැස් කරන්න” ආනන්ද හාමුදුරුවෝ ඒ කියන විදිහට කලාම ඒ 500ක් මහ රහතන් වහන්සේලා සමඟ හිමාලයේ අනවතත්ත කියන විල ළඟට වැඩියා. එතන අර කියන නාගිත මහ රහතන් වහන්සේ වැඩ හිටියා.

ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ රහතන් වහන්සේලා අමතලා මෙහෙම ඇසුවා. “මහණෙනි, ඔබ වහන්සේලා අතරින් කවුරු හරි කෙනෙක් ඉස්සර කාලේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා විශේෂ පින්කමක් කරලා තිබෙනව නම් කරුණා කරලා මට කියන්න”

මේ කාරණය අහපු මහ රහතන් වහන්සේලා අතරින් නාගිත කියන මහ රහතන් වහන්සේ ඉදිරියට ඇවිත් මේ විදිහට කියන්න පටන් ගත්තා.

“ස්වාමීනි, මාගේ බුදුරජාණන් වහන්ස ! මීට අනූ එක් කල්පයකට පෙර විපස්සි කියලා බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙලා හිටියා. ඒ කාලේ බන්දුමතී කියලා නුවරක තිබුණා. ඒ නුවර තමයි මම ඒ කාලේ උපන්නේ. ඒ කාලේ මම දුගී මගී යාචකයන්ට හරියට දන් දුන්නා. නිතර නිතරම පන්සිල් අටසිල් මම සමාදන් වෙලා සිල් ආරක්ෂා කළා. එක දවසක් බන්දුමතී නගරයේ රජ්ජුරුවන් සහිත පිරිස මැද්දේ සවණක් ගණ බුදුරැස් විහිඳුවමින් වැඩ සිටිය විපස්සි බුදු හාමුදුරුවන්ව දැකල බණ අහල සිත පැහැදුන නිසා උන්වහන්සේ ඇතුළු මහා සංඝයාට මම ශ්රද්ධාවෙන් දන් දුන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කරලා වස් වැසූ ස්වාමීන් වහන්සේලාට පිරිකර සහිත කඨින චීවර දානයක් පූජා කරලා මෙයින් මට උත්තම වූ රහත් භාවය ලැබේවා කියලා ප්රාර්ථනා කළා. එදා ඉඳලා මේ වනතෙක්ම මම සතර අපායේ උපන්නේ නැහැ. දිව්ය ලෝකේ හරි මනුෂ්ය ලෝකේ හරි තමයි මම දිගටම උපන්නේ. ඒ තමයි මම කළ කඨින චීවර පූජාවේ ප්රතිලාභ නැත්නම් ආනිසංස.

උන් වහන්සේ පහත සඳහන් ගාථා කියමින් මේ විදිහට කඨිනයක ඇති ආනිසංස නැත්නම් ප්රතිඵල ගැන ප්රකාශ කළා.

කඨින දානං දත්වාන
සංඝෙ ගුණවරුත්තමෙ
ඉතෝ තිංසෙ මහා කප්පේ
නාභිජානාමි දුග්ගතිං

උතුම් වූ ගුණ ඇති සංඝයා කෙරෙහි කඨින දානයක් දී මහා කල්ප තිහක් දුගතියක උපන්නේ නැහැ. මේ තමයි කඨිනයක ආනිසංස.

අට්ඨාරසන්නං කප්පානං
දෙවලෝකේ රාමමහං
චතුත්තිංසක්ඛත්තුං දෙවින්දො
දෙවරජ්ජමකාරයිං

කල්ප දහ අටක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වාසය කළා. තිස්හතර වාරයක් සක් දෙව් රජුව ඉපදුණා. මේ තමයි කඨිනයක් පූජා කිරීමෙන් ලැබුණු ප්රතිඵල.

ආරපථෙ ආරපෙථ
චක්කවත්ති සිරිං ලභෙ
අසිතිං ච චතුක්ඛත්තුං
චක්කවත්ති අහොසහං

ගැසූ ගැසූ එක ඉදිකටු පාරක් පාසා තිසිහතර වාරයක් බැගින් සක්විති රජ වන්නට හේතු සම්පත් ඇත ද සසර එපමණ බොහෝ කලක් නොසිටි හෙයින් අසූ හතර වාරයක් චක්රවර්ති රාජ්ය සම්පත් ලැබූ බව දැක්වීමෙන් කඨින දානයෙහි අනුසස් පැවැසූ අයුරුයි.

යත්ථයත්ථූපපජ්ජාමි
ලභිත්වා සබ්බසම්පදං
පුරිසානං උත්තමො හොමි
කඨිනදානස්සිදං ඵලං

උපනූපන් සෑම තැනම සියලු සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වුණා. මේ තමයි කඨින දානයක ආනිසංස.

දේව භවේ උපපජ්ජාමි
දෙවෙවා පි ච මානුසෙ
අඤ්ඤං ගතිං න ජානාමි
කඨිනදානස්සිදං ඵලං

දිව්ය ලෝකෙත්, මනුෂ්ය ලෝකෙත්, හැර නරකාදී දුගතියක උපන්නේ නැහැ. මේ තමයි කඨිනානිසංස,

දේව කුලේ උපපජ්ජාමි
බත්තියෙ වා පි බ්රාහ්මණෙ
හීනෙ කුලෙ න ජානාමි
කඨිනදානස්සිදං ඵලං

රජ සහ බ්රහ්මණ යන කුල දෙකේ හැර එයින් පහත් කුලයක උපන්නේ නැහැ. මේ තමයි කඨින දානයේ ප්රතිලාභ.

චක්කවාළමූපාදාය
මහිං සාගර කුණ්ඩලං
බොමදූස්සෙහි ජාදෙය්යං
කඨිනදානස්සිදං ඵලං

චතුස්සාගර පර්යන්ත වූ චක්රවාට පර්වතය ඇතුළත මුළු පොළොව සුදු පටපිළියෙන් වසන්ට පොහොසත් වුණා. මේ කඨින දානයෙහි අනුසස් තමයි.

අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ
අහෝ සංඝස්ස සම්පදා
පරිත්තදානං දත්වාන
ලද්ධං මේවිපුලං සුබං

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ගේ අර්හත්වය, නෛයර්්යාණිකත්වය, දක්ෂිණාර්හත්වය ආදී ගුණ විශේෂ ආශ්චර්යය, මවිසින් එක කඨින චීවරයක් දුන් විපාකයෙන් මේසා මහත් සම්පත් ලැබුවා.

තෙනෙව කුසලකම්මෙන
පියොහං දෙවමානුසෙ
තස්සෙ ව භද්දකම්මස්ස
පත්තොස්මි අමතං පදං

ඒ කඨින චීවර දානමය කුසල චේතනාව නිසා දෙව්ලොව උපන් විට දෙවියන්ට ද, මිනිස් ලොව උපන් විට මිනිසුන්ට ද, ප්රියමනාප පුද්ගලයෙක් වූයෙමි. ඒ යහපත් කුසල කර්මයෙන් නිවනද ලැබුණා.

ඒවං නාගව්හයෝ ථෙරො
මජ්ක්ධ සංඝස්ස සොභනො
පකාසෙයි සකං කම්මං
අනොතත්ත මහාසරෙ

මසේ සඟ මැද බබලන ශාන්ත වූ ගුණ ඇති නාගිත මහරහතන් වහන්සේ අනොතත්ත මහවිල්හිදී තමන් වහන්සේ විසින් පෙර කරන ලද කඨින චීවර දානයේ ආනිසංස ප්රකාශ කළා.

කඨින චීවරයක් මහා සංඝයා වහන්සේට පූජා කරන්නට ලැබෙන එක වාසනාවනක්, එයින් ලැබෙන පින මහා බලසම්පන්නයි. ඒ පින සොර සතුරටන්ට ගන්න බැහැ. රජවරුන්ට, ආණ්ඩුවලට රාජසන්තක කරන්න බැහැ. අව්වෙන් වැස්සෙන් ගින්නෙන් අවි ආයුධ වලින් විෂ වර්ගවලින් හෝ වෙනත් යන්ත්ර මන්ත්රවලින් විනාශ කරන්න බැහැ. ඒ නිසාම එයට කඨිනය කියන තේරුම ලැබිල තියෙනවා.

කඨිනය කියන එකේ තේරුම තමයි තද බව, ඝන බව, ශක්තිමත් බව, ස්ථාවර බව, කියන එක.

පඨවිරිව න ජාතු කම්පතෙ
නචලති මේරු රිවාති වායුනා
වජිරමිව න භිජ්ජතෙ ඝනං
තමිද මතො කඨිනන්ති චුච්චනි

කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින මහ පොළොව මෙන් කම්පා වන්නේ නැහැ. කම්පා කරවන්නත් බැහැ. මහ මේරු පර්වතය මෙන් සුළඟින් සොළවන්නත් බැහැ. දියමන්ති කන්දක් බිඳින්න බැරුව වගේ කඨිනයෙන් ලබන පිනද බිඳින්න බැහැ. ඒ තරමට ඒ පින ස්ථාවරයි. ශක්තිමත් බලසම්පන්නයි.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!
මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !තෙරුවන් සරණයි…!!!!



¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X