වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ප්‍රාර්ථනය හා බුදුබව

අසංක වූ කල්ප ගණනාවක් අතීතයේ බුදුවරැ පහලවූවා සේම අසංක කල්ප ගණනාවක් අනාගතයේ බුදුවරැන් පහලවන්නා සේම යම් උතුමෙක් සම්මාසම්බුදු බව* පතයි ද හේ සසර දුක දැක හඳුනා සකල සත්වයා කෙරෙහි ඇති වූ මහා කරැණාවෙන් ඔවුන් දුකින් මුදවනු පිණිස උත්තරීතර වූ ප්‍රාර්ථනාවක් අධිෂ්ඨාන කරයිද මතු සසරේ ඒ උතුමන් පාරමී පුරා බුදුවෙත්. බුදුබව ලැබීම අති දුෂ්කරය. ඒ සඳහා අතිමහත් වූ කැපකිරීමක් ද අවශ්‍යය. 

එනමුත් කිසිවෙකු එවන් පසුබිකින් තොරව බුදුබව ප්‍රාර්ථනා කරයිද එය හුදෙක් එම තැනැත්තාගේ සිතෙහි ඇතිවන්නා වූ සිතුවිල්ලකට පමණක් සීමා වේ. එයින් සිදුවන්නේ ලැබුවා වූ දුර්ලභ වූ මිනිසත්බව ප්‍රයෝජනයට ගෙන වහ වහා සසරෙන් එතෙරවීමට කටයුතු කරනවා වෙනුවට තවදුරටත් සසරේ දුක් විඳීමට මඟ සලස්වා ගැනීමකි. තෙරක් නැති සේ සසර හා සසදනවිට මිනිසත්භවය අතිශ්‍යයින් ම එක් ක්ෂණයක් තරම් වූ ඉතාමත් ම කුඩා කාලයකි. යමෙක් මිනිසත්භව ලබා අංගසම්පූර්ණ මිනිසෙක් වී උපදියිද ඒ අන් කවරක් සඳහාවත් නොව අසාර වූ සසරේ දුක හඳුනාගෙන දුකින් මිඳීම සඳහාය.
by Daham Vila

විශාල වීමට රෑපය මත ක්ලික් කරන්න

ඔබ කුසල් වැඩිය යුත්තේ ඇයි..?

යමෙක් මේලොව උපන්නානම් ඒ උත්පත්තියේ වටිනාකම කොතෙක්ද යන්න වටහා ගන්නට ඉතා පහසු මඟකි අපගේ ගෞතම බුදුරාජ්ණන්වහන්සේ විසින් දේශනා කරන ලද මෙලොව දුර්ලභ යැයි සඳහන් කරන ලද කරැණු පහ  
1. බුදුවරයකු ලොව පහලවීම
2. බුදුවරයකුගෙන් සද්ධර්මය ඇසීමට ලැබීම
3. බුදුවරයකු දේශනා කරන ලද සද්ධර්මය ඇසීමට ලැබීම
4. මනුසත් භවය ලැබීම
5. අංගසම්පූර්ණ මිනිසකු වී උප්පත්තිය ලැබීම

වර්තමානයේ මේ මනුලොව උපන් මිනිසුන් අතරින් ඉතා සුළු පිරිසකට පමණක් ඉහත සඳහන් කරන ලද කරැණු තුනක් ම ලබන්න තරම් වාසනාවන්ත වී ඇත. එවන් වාසනාවන්තයින් මේ ජීවිතයේදී ම ධර්මාවබෝධයෙන්  අරහත්භාවයට පත්වීමට උත්සක වන්නේ තමන් සතු කුසල ධර්මයන් නිසාය. යමෙකු තමන් ලද භාග්‍යයෙන් නිසි ප්‍රයෝජන ගෙන සතර අපායෙන්* මිදීමට වහ වහා උනන්දු විය යුතුවේ. ඒ සඳහා ගෞතම බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගයේ යමින් උතුම් සෝතාපත්ති ඵලය* ලබා ගැනීමට නැඹුරැ විය යුතුවේ. එසේ නිර්වානයට කැමැත්ත ඇති තැනැත්තෙකුට මේ ජීවිතයේදී ම නිර්වානය අවබෝධ කරගැනීමට නොහැකි වුවහොත් මතු නිර්වාන අවබෝධයට* ඉතා පහසු අවකාශයක් අත්පත් කර ගැනීමට උත්සුක වීම පිණිස කුසල් රැස් කරමින් තවදුරටත් චතුරාර්යසත්‍ය වැඩිය යුතුය.
by Daham Vila

පිං පව් හා ඔබ

ඔබ දැන රැස්කරන පින්                               ඔබ දැන දැන කරන පව්
ඔබ නොදැන රැස්කරන පින්                        ඔබ නොදැන කරන පව්

ඔබේ ශ්‍රද්ධාව වැඩි වන විට ඔබ ඔබ දැන කරන පිං වැඩි වේ. ඔබ දැන දැන කරන පව් අඩුවේ. ඔබ ධර්මය ගැන වඩ වඩාත් දැනගන්නා විට ඔබ නොදැන කරන පිං වැඩි වන අතර ම ඔබ නොදැන කරන පව් අඩු වේ. 

සිත*, කය, වචනය යන තුන් දොර ඔබට සංවර කරගත හැකිනම් ඔබට වඩාත් පහසුවෙන් පිං වැඩි කර ගැනීමටත් පව් අඩු කරගැනීමටත් හැකි වේ.

ඒ කෙසේද..?
කුසල් අකුසල් දෙකටම සිත, කය, වචනය මූලිකවන හෙයින් සංවර වූ සිත අකුසල සිතුවිලි වලට ඉඩ නොතබයි. එවිට කය, වචනය දෙකින් සිදුවිය හැකි අකුසලයන් ද වැලකේ. සිත විසින් ඇති කරන්නා වූ යහපත් සිතුවිළි යහපත පිණිස ද අයහපත් සිතුවිළි අයහපත පිණිස ද හේතු වේ. මේ නිසා අකුසල සිතුවිළි සිතට ඇති වූ වහා ඒ ඔස්සේ සිතට ගමන් කිරීමට ඉඩ නොදී වහා සිත එම සිතුවිළි වලින් ඉවත් කරගත යුතුවේ. ඇස, කණ, නාසය, දිව, ස්පර්ෂය නිසා හටගන්නා අයහපත් සිතුවිළි වහා ඉවතලන්න. එවිට සිතට යහපත් සිතුවිළි ඇති වන විටක සිතට මෙන් ම කයට ද වචනයට ද යහපත වෙත නැඹුරැ විමට පහසු වේ.

ඇස නිසා ඔබ දකින දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ දකින දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න දැක්කොත් දැක්ක විතරයි.

කණ නිසා ඔබ අසන දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ අසන දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න ඇසුනොත් ඇහුන විතරයි.

නාසය නිසා ඔබට දැනෙන දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ දැනෙන දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න දැනුනොත් දැනුන විතරයි.

දිව නිසා  ඔබට දැනෙන දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ දැනෙන දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න දැනුනොත් දැනුන විතරයි.

ස්පර්ෂය නිසා  ඔබට දැනෙන දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ දැනෙන දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න දැනුනොත් දැනුන විතරයි.

තවදුරටත්......*    සිත ගැන ගැඹුරෙන්.....*

ප්‍රතිඵලය
මෙය දින කිහිපයක් පුහුණු කරන විට ඔබ ඔබට නොදැනීම ඔබ දැන කරන පිං මෙන් ම ඔබ නොදැන කරන පිං වැඩි වන අතර ම ඔබ නොදැන කරන පව් අඩු වේ. එය ඔබ දැන දැන කරන පව් අඩු කිරීමට ද හේතු වේ. ඒ හේතුවෙන් ඔබේ ශ්‍රද්ධාව වැඩි වන අතර එවිට ඔබ ධර්මය ගැන දැනගන්න වඩ වඩාත් උනන්දු වේ.

ඔබ ලද භාග්‍යය දැනගන්න - සම්බුද්ධ සාසනයේ වටිනාකම හඳුනාගෙන නිවන් මඟ යන්න.
by Daham Vila
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X