වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ඇමදීමේ අනුසස්

වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිනෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. තමන් පැමිණිවිට මලසුන්වල පරමල් ඇතිනම් ඉවත් කළයුතුය. මලසුන් අපවිත්‍ර වී ඇත්නම් සොදා පිරිසිදු කළයුතුය.ව් විහාර ගෙය අපිරිසිදු වී ඇත්නම් ඇමද පිරිසිදු කළයුතුය. දාගබ අවට බෝධිය අවට කසල ඇතිනම් ඇමද ඉවත් කළ යුතුය. තණ හා වල් පැලෑටි වැවී ඇත්නම් ඉවත් කළයුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝය. එය ශ්‍රද්ධාව ඇතිනම් වියදමක් නැතිව කාහටත් පහසුවෙන් කරගතහැකි පින්කමකි.
ඇමදීමන් ලැබෙන බොහෝ අනුසස් සකිං සම්මජ්ජකථෙරාපදානය බෝධිසම්මජ්ජකථෙරාපදානය යන දෙකෙහි දක්වා තිබේ. උපදින උපදින ජාතියේ අංගප්‍රතයංග සම්පූර්ණ වීම, උසමහතින් යුක්තවීම,ශරීරය වර්ණවත් වීම, සම සිනිදුවීම, ජනප්‍රිය වීම, දීර්ඝායුෂ්ක වීම, ශරීරය ශක්තිමත් වීම, බොහෝ කල් දුක් විදවන ජනයාට අප්‍රියවන ලාදුරු, පරංගි, කඩුවේගන්, වණ හා නොයෙක් නපුරු කුෂ්ඨරෝග ඇති නොවීම, සුදුකබර, වයුගැට, ඉණිගැට, සුදු ලප, කළු ලප, කුරුළෑ, අළුහන්, තොල් අතුල් පතුල්, පැලීම්, සම ඉරිතැලීම්, යන මේ රෝග හට නොගැනීම ඇමදීමේ අනුසස් වශයෙන් විශේෂයෙන් කියාතිබේ.
ස්ත්‍රීන්ට, සත්පුරුෂයන්ට අපරාධකිරීම, පරසන්තක වස්තුව පැහැරගැනීම ආදී පව් කම්වලින් කුෂ්ඨ රෝගය හටගන්නා බවත්, කුෂ්ඨ රෝගියා මළ පසු එය භවාන්තරයට යන බවත් වෙදය ග්‍රන්ථවල කියා තිබේ. ගුණවතුන්ට අපරාධ කිරීමේ පවින් කුෂ්ඨ රෝගය හටගන්නා බව බුදුදමෙහිද කියා තිබේ. කොතෙක් ප්‍රතිකාර කළද නිෂ්ඨාවට සුව නොවන කුෂ්ඨරෝගයට සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම හොද ප්‍රතිකාරයකි. කලක් එසේ කිරීමෙන් සමහර විට කුෂ්ඨරෝගය නිෂ්ඨාවටම සුව වේ.
ඇමදීම කය පිරිසිදු වීමට පමණක් නොව සිත පිරිසිදු වීමටද හේතුවන පින්කමකි. "මාගේ මේ වයායාමයෙන් මේ සිද්ධස්ථානය පිරිසිදු වන්නාක් මෙන් ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි, විචිකිත්සාදී කෙලෙස් කසලින් මගේ සිත ද පිරිසිදු වේවා යන අදහස ඇතිකරගෙන ඇමදීම කළයුතුය. එසේ කළ කල්හි ඇමදීමේ කුශලයෙන් චිත්තපාරිශුද්ධියද ලැබේ. චිත්තපාරිශුද්ධිය සත්වයනට ඉතාමත් අවශය දෙයකි. සත්වයන් නොයෙක් පව්කම් කොට නැවත නැවත අපායෙහි උපදින්නේ ද චතුස්සතයාවබෝධ කොට නිවනට නොපැමිණිය හැකිව සසර රැදී සිටින්නේද සිතෙහි අපිරිසිදු බව නිසාමය. චිත්තපාරිශුද්ධිය ලැබීමට කරන්නට ඇති හොදම පින්කම සිද්ධස්ථාන සුද්ද පවිත්‍ර කිරීමය.
පඤ්චානිසංසා සම්මජ්ජනියා, සකචිත්තං පසීදති, පරචිත්තං පසීදති, දේවතා අත්තමනා හොන්ති, පාසාදිකසංවත්තනිකංපුඤ්ඤං උපචිනාති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජති.
තේරුම :-
ඇමදීමෙහි අනුසස් පසෙකි. තමාගේ සිත පහදී, අනුන්ගේ සිත පහදී, දෙවියෝ සතුටුවෙති, රූප ශෝභාව දෙන පිනක් රැස්කරයි, මරනින් මතු දෙව්ලොව උපදී.

(පරිවාර පාළි)
ඔබසැමට සම්මාසම්බුදු සරණයි !!!
භව කර්ම

අප්පමාදෙන සම්පාදෙථ

මතු නිර්වානය උදෙසා කුසල් සිත් පුරැදු පුහුණු කිරීමට මොහතකුදු පමා නොවන්න. අනියත ජීවිතය නිමා වෙන්නට පෙර ගෙවෙන සෑම මොහොතක් ම කුසලය වෙනුවෙන්ම ක්‍රියා කිරීමට උත්සාහවන්ත වීමෙන් මතු මතුත් ධර්මය පුරැදු පුහුණු කිරීමට අවකාශ සැලසේ.  එබැවින් පමා නොවී කුසලයේ යෙදෙන්න.*

මේ ජීවිතය ද සුවපත් කරමින් පරලොව සුගතියට ද මඟ හදාගන්න අප්‍රමාදවපිරිසිදු සිතින් කුසලයේ යෙදීම පිණිස උත්සාහයෙන් වීර්යෙන් යුතුව කටයුතු කරන්නේ නම් ඒ තරම් වටිනා වාසනාවන්ත වස්තුවක් ඔබට කිසිදාක නොලැබේ. එබැවින් අතිශ්‍යයින් ම දුර්ලභ වූ මේ බුද්ධ දේශනා වලින් උපරිම ඵල නෙලාගන්න අප්‍රමාද වෙන්න.
by Daham Vila

කුසලස්ස උපසම්පදා .....

සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා 

සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධානුසාසනං 

සියලු පව් දුරු කල යුතුයි - කුසල් රැස් කරගත යුතුයි
තම සිත පිරිසිඳු කරගත යුතුයි - මේ සියලු බුදුවරුන්ගේ දේශනාවයි 
ඔබ විසින් කුසල් රැස් කිරීම* මතු නිර්වානය අරමුණුකරගෙන සිදුකළ යුතු වේ. එබැවින් ඔබවිසින් සිතින් කයින් වචනයෙන් සිදුවන අකුසලයෙන් වැලකී......
දන්දීම
සිල් රැකීම
භාවනා කිරීම
ධර්මය පිළිබඳ දැනුම වැඩිදියුනු කිරීම 
    වැනි යහපත් පුරැදු දෛනික ජිවිතයේ දී පුරැදුපුහුණු කිරීම මගඵල ලබන්නට හා මරණයට නොභියව මුහුනදීමට, සුගතියේ සිත පිහිටුවීමට මෙන්ම සතර අපායෙන් මිඳීමට පිහිටවේ.
    by Daham Vila

    මතු උපත හා නිවන


    සෝවාන් නොවු *අයකුගේ මියයන මොහොතේ සිත ක්‍රියා කරන ආකාරය දැන සිත සුගතියේ පිහිටුවීම* හා ඒ සඳහා කුසලයේ යෙදීමත් බෙහෙවින් වැදගත් වන්නා සේ ම බුදුසසුන පවතින කාලයේ දී පෙර මිය ගිය නෑහිතවතුන් උදෙසා පිං පැමිණවීමට ලැබෙන මහඟු ඉඩකඩ අවබෝධ කරගන්නේ නම් ඉන් ඔබටත් ඔබේ ඥාති පරම්පරාවේ බොහෝදෙනාට අතිමහත් සෙතක් සලසාගත හැකි වේ. එමෙන් ම සුජීවත්ව සිටින කාලයේ පවින් වැලකී කුසලයේ යෙදීමේ වැදගත්කම වටහාගෙන අප්‍රමාදව කුසලයේ යෙදීම මහත්ඵල මහානිසංස වේ.

    පිනට දහමට ලැදි අයටම කරදර හිරිහැර එන්නේ ඇයි*....? ඒ ගැන නොතකා කුසල් සිතින් දන්දෙන්න.
    by Daham Vila

    ප්‍රාර්ථනය හා බුදුබව

    අසංක වූ කල්ප ගණනාවක් අතීතයේ බුදුවරැ පහලවූවා සේම අසංක කල්ප ගණනාවක් අනාගතයේ බුදුවරැන් පහලවන්නා සේම යම් උතුමෙක් සම්මාසම්බුදු බව* පතයි ද හේ සසර දුක දැක හඳුනා සකල සත්වයා කෙරෙහි ඇති වූ මහා කරැණාවෙන් ඔවුන් දුකින් මුදවනු පිණිස උත්තරීතර වූ ප්‍රාර්ථනාවක් අධිෂ්ඨාන කරයිද මතු සසරේ ඒ උතුමන් පාරමී පුරා බුදුවෙත්. බුදුබව ලැබීම අති දුෂ්කරය. ඒ සඳහා අතිමහත් වූ කැපකිරීමක් ද අවශ්‍යය. 

    එනමුත් කිසිවෙකු එවන් පසුබිකින් තොරව බුදුබව ප්‍රාර්ථනා කරයිද එය හුදෙක් එම තැනැත්තාගේ සිතෙහි ඇතිවන්නා වූ සිතුවිල්ලකට පමණක් සීමා වේ. එයින් සිදුවන්නේ ලැබුවා වූ දුර්ලභ වූ මිනිසත්බව ප්‍රයෝජනයට ගෙන වහ වහා සසරෙන් එතෙරවීමට කටයුතු කරනවා වෙනුවට තවදුරටත් සසරේ දුක් විඳීමට මඟ සලස්වා ගැනීමකි. තෙරක් නැති සේ සසර හා සසදනවිට මිනිසත්භවය අතිශ්‍යයින් ම එක් ක්ෂණයක් තරම් වූ ඉතාමත් ම කුඩා කාලයකි. යමෙක් මිනිසත්භව ලබා අංගසම්පූර්ණ මිනිසෙක් වී උපදියිද ඒ අන් කවරක් සඳහාවත් නොව අසාර වූ සසරේ දුක හඳුනාගෙන දුකින් මිඳීම සඳහාය.
    by Daham Vila

    විශාල වීමට රෑපය මත ක්ලික් කරන්න

    ඔබ කුසල් වැඩිය යුත්තේ ඇයි..?

    යමෙක් මේලොව උපන්නානම් ඒ උත්පත්තියේ වටිනාකම කොතෙක්ද යන්න වටහා ගන්නට ඉතා පහසු මඟකි අපගේ ගෞතම බුදුරාජ්ණන්වහන්සේ විසින් දේශනා කරන ලද මෙලොව දුර්ලභ යැයි සඳහන් කරන ලද කරැණු පහ  
    1. බුදුවරයකු ලොව පහලවීම
    2. බුදුවරයකුගෙන් සද්ධර්මය ඇසීමට ලැබීම
    3. බුදුවරයකු දේශනා කරන ලද සද්ධර්මය ඇසීමට ලැබීම
    4. මනුසත් භවය ලැබීම
    5. අංගසම්පූර්ණ මිනිසකු වී උප්පත්තිය ලැබීම

    වර්තමානයේ මේ මනුලොව උපන් මිනිසුන් අතරින් ඉතා සුළු පිරිසකට පමණක් ඉහත සඳහන් කරන ලද කරැණු තුනක් ම ලබන්න තරම් වාසනාවන්ත වී ඇත. එවන් වාසනාවන්තයින් මේ ජීවිතයේදී ම ධර්මාවබෝධයෙන්  අරහත්භාවයට පත්වීමට උත්සක වන්නේ තමන් සතු කුසල ධර්මයන් නිසාය. යමෙකු තමන් ලද භාග්‍යයෙන් නිසි ප්‍රයෝජන ගෙන සතර අපායෙන්* මිදීමට වහ වහා උනන්දු විය යුතුවේ. ඒ සඳහා ගෞතම බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගයේ යමින් උතුම් සෝතාපත්ති ඵලය* ලබා ගැනීමට නැඹුරැ විය යුතුවේ. එසේ නිර්වානයට කැමැත්ත ඇති තැනැත්තෙකුට මේ ජීවිතයේදී ම නිර්වානය අවබෝධ කරගැනීමට නොහැකි වුවහොත් මතු නිර්වාන අවබෝධයට* ඉතා පහසු අවකාශයක් අත්පත් කර ගැනීමට උත්සුක වීම පිණිස කුසල් රැස් කරමින් තවදුරටත් චතුරාර්යසත්‍ය වැඩිය යුතුය.
    by Daham Vila

    පිං පව් හා ඔබ

    ඔබ දැන රැස්කරන පින්                               ඔබ දැන දැන කරන පව්
    ඔබ නොදැන රැස්කරන පින්                        ඔබ නොදැන කරන පව්

    ඔබේ ශ්‍රද්ධාව වැඩි වන විට ඔබ ඔබ දැන කරන පිං වැඩි වේ. ඔබ දැන දැන කරන පව් අඩුවේ. ඔබ ධර්මය ගැන වඩ වඩාත් දැනගන්නා විට ඔබ නොදැන කරන පිං වැඩි වන අතර ම ඔබ නොදැන කරන පව් අඩු වේ. 

    සිත*, කය, වචනය යන තුන් දොර ඔබට සංවර කරගත හැකිනම් ඔබට වඩාත් පහසුවෙන් පිං වැඩි කර ගැනීමටත් පව් අඩු කරගැනීමටත් හැකි වේ.

    ඒ කෙසේද..?
    කුසල් අකුසල් දෙකටම සිත, කය, වචනය මූලිකවන හෙයින් සංවර වූ සිත අකුසල සිතුවිලි වලට ඉඩ නොතබයි. එවිට කය, වචනය දෙකින් සිදුවිය හැකි අකුසලයන් ද වැලකේ. සිත විසින් ඇති කරන්නා වූ යහපත් සිතුවිළි යහපත පිණිස ද අයහපත් සිතුවිළි අයහපත පිණිස ද හේතු වේ. මේ නිසා අකුසල සිතුවිළි සිතට ඇති වූ වහා ඒ ඔස්සේ සිතට ගමන් කිරීමට ඉඩ නොදී වහා සිත එම සිතුවිළි වලින් ඉවත් කරගත යුතුවේ. ඇස, කණ, නාසය, දිව, ස්පර්ෂය නිසා හටගන්නා අයහපත් සිතුවිළි වහා ඉවතලන්න. එවිට සිතට යහපත් සිතුවිළි ඇති වන විටක සිතට මෙන් ම කයට ද වචනයට ද යහපත වෙත නැඹුරැ විමට පහසු වේ.

    ඇස නිසා ඔබ දකින දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ දකින දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න දැක්කොත් දැක්ක විතරයි.

    කණ නිසා ඔබ අසන දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ අසන දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න ඇසුනොත් ඇහුන විතරයි.

    නාසය නිසා ඔබට දැනෙන දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ දැනෙන දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න දැනුනොත් දැනුන විතරයි.

    දිව නිසා  ඔබට දැනෙන දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ දැනෙන දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න දැනුනොත් දැනුන විතරයි.

    ස්පර්ෂය නිසා  ඔබට දැනෙන දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ දැනෙන දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න දැනුනොත් දැනුන විතරයි.

    තවදුරටත්......*    සිත ගැන ගැඹුරෙන්.....*

    ප්‍රතිඵලය
    මෙය දින කිහිපයක් පුහුණු කරන විට ඔබ ඔබට නොදැනීම ඔබ දැන කරන පිං මෙන් ම ඔබ නොදැන කරන පිං වැඩි වන අතර ම ඔබ නොදැන කරන පව් අඩු වේ. එය ඔබ දැන දැන කරන පව් අඩු කිරීමට ද හේතු වේ. ඒ හේතුවෙන් ඔබේ ශ්‍රද්ධාව වැඩි වන අතර එවිට ඔබ ධර්මය ගැන දැනගන්න වඩ වඩාත් උනන්දු වේ.

    ඔබ ලද භාග්‍යය දැනගන්න - සම්බුද්ධ සාසනයේ වටිනාකම හඳුනාගෙන නිවන් මඟ යන්න.
    by Daham Vila
    පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
    X