වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

පිං පව් හා ඔබ

ඔබ දැන රැස්කරන පින්                               ඔබ දැන දැන කරන පව්
ඔබ නොදැන රැස්කරන පින්                        ඔබ නොදැන කරන පව්

ඔබේ ශ්‍රද්ධාව වැඩි වන විට ඔබ ඔබ දැන කරන පිං වැඩි වේ. ඔබ දැන දැන කරන පව් අඩුවේ. ඔබ ධර්මය ගැන වඩ වඩාත් දැනගන්නා විට ඔබ නොදැන කරන පිං වැඩි වන අතර ම ඔබ නොදැන කරන පව් අඩු වේ. 

සිත*, කය, වචනය යන තුන් දොර ඔබට සංවර කරගත හැකිනම් ඔබට වඩාත් පහසුවෙන් පිං වැඩි කර ගැනීමටත් පව් අඩු කරගැනීමටත් හැකි වේ.

ඒ කෙසේද..?
කුසල් අකුසල් දෙකටම සිත, කය, වචනය මූලිකවන හෙයින් සංවර වූ සිත අකුසල සිතුවිලි වලට ඉඩ නොතබයි. එවිට කය, වචනය දෙකින් සිදුවිය හැකි අකුසලයන් ද වැලකේ. සිත විසින් ඇති කරන්නා වූ යහපත් සිතුවිළි යහපත පිණිස ද අයහපත් සිතුවිළි අයහපත පිණිස ද හේතු වේ. මේ නිසා අකුසල සිතුවිළි සිතට ඇති වූ වහා ඒ ඔස්සේ සිතට ගමන් කිරීමට ඉඩ නොදී වහා සිත එම සිතුවිළි වලින් ඉවත් කරගත යුතුවේ. ඇස, කණ, නාසය, දිව, ස්පර්ෂය නිසා හටගන්නා අයහපත් සිතුවිළි වහා ඉවතලන්න. එවිට සිතට යහපත් සිතුවිළි ඇති වන විටක සිතට මෙන් ම කයට ද වචනයට ද යහපත වෙත නැඹුරැ විමට පහසු වේ.

ඇස නිසා ඔබ දකින දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ දකින දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න දැක්කොත් දැක්ක විතරයි.

කණ නිසා ඔබ අසන දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ අසන දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න ඇසුනොත් ඇහුන විතරයි.

නාසය නිසා ඔබට දැනෙන දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ දැනෙන දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න දැනුනොත් දැනුන විතරයි.

දිව නිසා  ඔබට දැනෙන දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ දැනෙන දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න දැනුනොත් දැනුන විතරයි.

ස්පර්ෂය නිසා  ඔබට දැනෙන දේ අයහපත් සිතුවිළි සඳහා මඟ සාදයිනම් ඒ දැනෙන දෙයින් එහාට සිතට ගමන් කිරීමට ඉඩ නොතබා එතනින් ම සිත නවතා ගන්න. එවැනි විටක සිතන්න දැනුනොත් දැනුන විතරයි.

තවදුරටත්......*    සිත ගැන ගැඹුරෙන්.....*

ප්‍රතිඵලය
මෙය දින කිහිපයක් පුහුණු කරන විට ඔබ ඔබට නොදැනීම ඔබ දැන කරන පිං මෙන් ම ඔබ නොදැන කරන පිං වැඩි වන අතර ම ඔබ නොදැන කරන පව් අඩු වේ. එය ඔබ දැන දැන කරන පව් අඩු කිරීමට ද හේතු වේ. ඒ හේතුවෙන් ඔබේ ශ්‍රද්ධාව වැඩි වන අතර එවිට ඔබ ධර්මය ගැන දැනගන්න වඩ වඩාත් උනන්දු වේ.

ඔබ ලද භාග්‍යය දැනගන්න - සම්බුද්ධ සාසනයේ වටිනාකම හඳුනාගෙන නිවන් මඟ යන්න.
by Daham Vila
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X