වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

බුද්ධ ප්‍රමුඛ සාංඝික දානය - දෙන නිවැරදි ක්‍රමය

ආහාර දානයෙන් ලබන තැනැත්තාගේ කායික පෝෂණය සිදුවේ. දානය සාංඝික දානය හා පුද්ගලික දානය යැයි දෙවැදෑරුම්ය. පුද්ගල බෙදීමකින් තොරව බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයාට දීම සාංඝික දානයයි. මජ්ජිම නිකායේ දක්ෂිණ විභංග සූත්‍රයේ සාංඝික දාන හතක් දැක්වේ. එනම්, 
1. එක් පාර්ශවයෙක්හි භික්ෂු මහා සංඝයා වහන්සේ ද අනෙක් පාර්ශවයෙහි භික්ෂුණි මහා සංඝයා වහන්සේද වඩා හිඳුවා මැද බුදුරජාණන් වහන්සේ වඩා හිඳුවා පුදනු ලබන බුද්ධ ප්‍රමුඛ මහා දානය පළමුවන සාංඝික දානයයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසුද උභය සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා මේ දානය දිය හැකි බව අටුවාවෙහි දක්වයි. 
2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්ෂු භික්ෂුණි උභය මහා සංඝයා වහන්සේට පුදන දානය. 
3. භික්ෂු මහා සංඝයා වහන්සේට පුදන දානය. 
4. භික්ෂුණී මහා සංඝයා වහන්සේට පුදන දානය. 
5. මගේ දානයට මෙපමණ භික්ෂු මහා සංඝයා වහන්සේ ද මෙපමණ භික්ෂුණී මහා සංඝයා වහන්සේ ද වැඩම කරත්වායි පුද්ගල නියමයක් ගණන් නියමයක් නැතිව ආරාධනයෙන් පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන් හට පුදන දානය. 
6. එසේ ආරාධනා කොට වැඩම කළා වූ භික්ෂුන් වහන්සේලාට පමණක් දෙන දානය. 
7. එසේ ආරාධනා කොට වැඩම කළා වූ භික්ෂුණීන්ට පමණක් දෙන දානය. 

හය වැනි සාංඝික දානය මෙතෙක් මට භික්ෂුහු සඟින් උදෙසා ලවයි ආරාධනා කොට එක භික්ෂුවක් හෝ සාමණේර නමක් හෝ උදෙසා දෙන දානයයි. එයද සාංඝික දානයකි. හත් වැන්නද මෙවැනි දාන දීමක්මය. එය දෙන්නේ භික්ෂුණීයකට හෝ සාමණේරවරියකට ය. මේ 6 වෙනි දානය මෑතක් වන තුරු ලක්දිව බෞද්ධයන් සිදු කොට ඇත. 
මජ්ජිම නිකායේ දක්ඛිණ විභංග සූත්‍රයේ පෞද්ගලික දාන 14ක් දැක්වේ. ඒවා මෙසේ ය. 

1. සම්මා සම්බුදුරජාණන් වහන්සේට දානය පූජා කිරීම. 
2. පසේ බුදුරජාණන් වහන්සේට දානය පිදීම. 
3. මහ රහතන් වහන්සේට දානය පිදීම. 
4. රහත් ඵලය අවබෝධ කිරීමට පිළිපන් ආර්යයන් වහන්සේට දානය පිදීම. 
5. ආනාගාමී වූ ආර්යයන්ට දානය පිදීම. 
6. අනාගාමී ඵලය ලබා ගන්නට පිළිපන් ආර්යන් වහන්සේට දානය පිදීම. 
7. සකෘදාගාමී වූ ආර්යයන් වහන්සේට දානය පිදීම. 
8. සකෘදාගාමී ඵලය ලබා ගන්නට පිළිපන් ආර්යන් වහන්සේට දානය පිදීම. 
9. සෝවාන් වූ ආර්යන් වහන්සේට දානය පිදීම. 
10. සෝවාන් ඵලය ලබාගන්නට පිළිපන් ආර්යයන් වහන්සේට දානය පිදීම. 
11. වීතරාගි පංඤාභිඥා ලැබූ තැනැත්තාට දානය පිදීම. 
12. පෘථග්ජන සිල්වතාට දානය පිදීම. 
13. පෘථග්ජන දුස්සීලයාට දන්දීම. 
14. තිරිසන් සතුන්ට දන් දීම. 
(ම.නි. 1. 1974) යනුවෙනි. දන් දීමේ අනුසස් දත් බෞද්ධයෝ තිරිසන් සතෙකුට හෝ ආහාරයක් දීමට කැමැත්තෝ වෙති. ආහාර දානයේ ආනිසංස ලෙස ආයුසය, වර්ණය, සුවය, බලය, ප්‍රඥාව යන සම්පත් දෙව් මිනිස් සුගති වලදී ලැබේ. තිරිසන් සතෙකුට ආහාර දීමෙන් ජාති සියයක දී ආයුසය, වර්ණය, සුවය, බලය, ප්‍රඥාව යන ආනිසංස පහ ලබයි. පෘථග්ජන දුස්සීලයාට ආහාර දීමෙන් ජාති දහසකදී ද, පෘථග්ජන සිල්වතාට ආහාර පිදීමෙන් ජාති ලක්ෂයක දී ද, ධ්‍යාන ලාභීන්ට ආහාර පිදීමෙන් ජාති කෝටියකදී ද ආයුෂාදී සම්පත් ලබන්නේ ය. සෝවාන් ඵලය සඳහා පිළිපදින තැනැත්තාගේ සිට ඇති උසස් ගුණවතුන්ට ආහාර දානය දීමෙන් ලබන ආයුෂාදි ආනිසංස අනන්තය, අප්‍රමාණය (චන්දජෝති හිමි, 1991). 
කලවානේ ආනන්ද හිමි


දෙන්නම්වාලේ දානෙ නොදී හිත පිරෙන්න දානය දිය යුතුයි


නිවෙසක දානයක් දීමේදී සැවොම ඒ සඳහා ඇපකැප වන්නේ දැඩි ඕනෑකමකිනි. භක්තියකිනි. ඒ සඳහා වන සියලු වත් පිළිවෙත් ඉතාමත්ම ඕනෑකමින් ඉමහත් භක්තියෙන් යුතුව ඉටුකරති. මහා සංඝරත්නය විෂයෙහි පිරි නැමෙන මෙම දාන මාන අතර නිවෙසට මහා සංඝරත්නය වැඩමකරවා දෙන දාන සහ පන්සලට ගෙන ගොස් දෙන දානමාන ද වෙයි. වරු දාන, පේරු දාන,මුර දාන සහ මාස් දාන ලෙස හැඳින්වෙන්නේ පන්සලට රැගෙන ගොස් පිරිනමන දානමානාදියයි.
මේ කොයියම්ම වූ දානයකදී වුව දානය දෙන පිළිවෙළ සහ දානයට පිරිනමන දේ පිළිබඳව දැනුම්වත්ව සිටීම වැදගත්ය. අද බොහෝ දෙනෙක් දාන වේලක් පිරිනැමීමේදී මහා සංඝරත්නයට අවශ්‍ය දෙයට වඩා තමන් ට අවශ්‍ය දේ පිළිගන්වති. මේ පිළිබඳව අද කතාබහට එක්වන්නේ දානමාන පිළිගැන්වීම පිළිබඳව ග්‍රන්ථයක් ද සම්පාදනය කර ඇති ප්‍රවීණ සූප වේදිනියකද වන මොනිකා ලක්ෂ්මී ලොරෙන්සුහේවා මහත්මියයි.
වත්මන් සමාජයේ දාන මාන පිළිගැන්වී‍මේදී දායකයන් අතින් සිදුවෙන අතපසුවීම් මෙන්ම පිළිගැන්වෙන ආහාර ද්‍රව්‍යයන්හි සුදුසු නොසුදුසුබව ගැනද ඇය අදහස් පළ කළාය.
"අප පළමුවෙන්ම මාස්පතා හෝ සතිපතා හෝ දෙන දානයක් ගැන කතා කරමු. මෙහිදී සිදුවිය යුත්තේ දායකයනට අවශ්‍ය දෙයට වඩා සංඝරත්නයට සුදුසු දේ පිළිගැන්වීමයි. හීල් දානය ගැන කතා කළොත් සෑම දානයක්ම ඒකාකාරී විදිහට නොදී වෙනස් අයුරින් දීමෙන් ආහාර වැළඳීමේ ප්‍රියතාවක් ඇති වෙනවා. ආප්ප හෝ ඉඳි ආප්ප සමඟ පොල් සම්බල, කිරි හොදි, කොළ කැඳ වැඩි වශයෙන් හීල් දානය සඳහා පිරිනැමෙන දේ අතර වෙනවා. ඉඟුරු පෙත්තක් සුදු ලූනු බික් දෙක තුනක් දමා ලුණු කැඳ කෝප්පයක් කොළ කැඳ කෝප්පය වෙනුවට මාරුවෙන් මාරුවට දිය හැකියි. සාමාන්‍යයෙන් කොළ කැඳ කෝප්පයක් බීමෙන් කුස පිරෙනවා. එවිට අනෙකුත් ආහාර වැළඳීම අඩු කරනවා.
ඒවාගේම ඉට්ලි තෝසේ වැනි ආහාර අපේ ස්වාමීන්වහන්සේට වළඳන්න ලැබෙන්නෙ කලාතුරකින්. ආපන ශාලාවල මෙන් සියල්ල එකට දැමූ තෝසේ හොද්ද වෙනුවට මිරිසට දියාරුවට හැදූ පරිප්පු හොද්දක් සමඟ පොල් සම්බෝල වෙනුවට දියට ලුණු මිරිසක් පිළිගැන්විය හැකියි. ඒ අතරට අතුරුපසට ලැවරියා දෙක තුනක් කුරක්කන් හැලප හොඳයි. මේවා අද බොහොමයක් දෙනාගෙන් ලැබෙන්නේ නැහැ. අද ඇතැම් ස්වාමීන් වහන්සේ කෙසෙල් ගෙඩි වළදන්නේ නැහැ.‍ කෝලිකුට්ටු කෙසෙල් පෝෂණය වැඩියි. එයටත් ආදේශ ලෙස සීනි හෝ ඇම්බුම් කෙසෙල් දිය හැකියි. සමහරු ‍අපේ ස්වාමීන්වහන්සේට හැම උදේටම කිරි කැඳ දෙනවා. ඒ වෙනුවට සව් හෝ රුළං කැඳ ආදේශ කළ හැකියි. ඉන් පෝෂණයක් ලැබෙනවා.
අනෙක හැමෝම හැම දවල් දානයකටම සුප් දෙනවා. ආහාර පිළිගැන්වීමට පෙර තැඹිලි පිළිගන්නනවා. හැකිතාක් දුරට තෙල් අඩු දාන වේලක් අපේ ස්වාමීන්වහන්සේට පූජා කිරීමට උනන්දු විය යුතුයි.
අනෙක් කරුණ තමයි අප දානයක් දෙනවිට හිත පිරෙන්න දානය දිය යුතුයි. පේරු දානයකදි බොහෝ අවස්ථාවල ලැබෙන දානය ප්‍රමාණාත්මකව මදිවෙන අවස්ථා තිබෙනවා. පන්සලක පස් නමක් ඉන්නවා නම් ඇබිත්තයොත් සමඟ බුද්ධ පූජාවටත් සමඟ දස නමකට සෑහෙන්න දානය ගෙන යා යුතුයි. පින් කරන්නත් පින් තියෙන්න ඕනෑ. හිත පිරිසුදු කරගෙන යහපත් චේතනාවෙන් දෙන්නම් වාලේ දානෙ නොදී ඇතිවෙන්න දානය දිය යුතුයි.දානය පිරිනමද්දි මදි වෙන්න දෙන්න හොඳ නැහැ.
උදාහරණ වශයෙන් ගත්තොත් දස නමකට හාල් කිලෝ එක හමාරක් හොඳටම ප්‍රමාණවත්. බත් පැකට් එකකට මාළුපිනි දානවා ‍වගේ නෙමෙයි දානෙකට හොඳට වෑංජන තිබිය යුතුයි. පරිප්පු ග්‍රෑම් හත්සිය පනහක් අල ග්‍රෑම් හත්සිය පනහක් එළවළු ග්‍රෑම් පන්සීය බැගින් කොළ වර්ගයක් නම් ඒත් ග්‍රෑම් පන්සීය බැගින් එක් දාන වේලකට සෑහෙනවා. පේරු දානයකදි කැවිලි වර්ග නම් දෙවර්ගයක් පලතුරු දෙවර්ගයක් සෑහෙනවා. සතියේ දවස් පහෙන් දෙකකට කිරි හොඳයි. ඊළග දවසට සීනි අඩුවෙන් දැමූ ජෙලි හෝ කස්ටඩ් දිය හැකියි. දින පහේම එවිට එකම දේ ලබෙන්නෙ නෑ. පේරු දානය හෙවත් මුර දානය සරල ආහාරවලින් යුතුව හැකිතාක් තෙල් ආහාර අඩුවෙන් පිළියෙල කිරීම හොඳයි.
ගෙදරකට මහා සංඝරත්නය වැඩම කරවා දෙන දානය හැකිතාක් දුරට නිහඬව මහා ඝෝෂාවකින් තොරව කරනවානම් කෙතරම් හොඳද? ඇතැම් ස්වාමීන් වහන්සේට අසනීප නිසා ඉඳගෙන සිටීමේ අපහසුතා තිබිය හැකියි. මෙනිසා අද බොහෝ දුරට මිටි ආසන පැනවීම සිදු කෙරෙනවා.භික්ෂූන් වහ‍න්සේ දානයට වැඩම කළ පසු හිස් කෝප්පයක් පිළිගන්වනවා වෙනුවට පිරිසුදු වතුර බෝතලයක් තැබිය හැකියි.
දානය හැකිතාක් දුරට උණුවෙන් පිළිගන්වනවානම් භික්ෂූන් වහන්සේ කැමතියි. දානයට වැඩම කෙරෙන්නේ දස නමක් නම් වැඩම කරවාගෙන ඒමට නිවෙසින් පිටත් වෙද්දී බත ළිපේ තැබිය හැකියි. දැන් සෑම නිවෙසකම ගෑස් ළිප් තිබෙනවා. නැත්නම් රයිස් කුකරයේ තැබිය හැකියි. හාමුදුරුවන් වැඩම කර බුද්ධ පූජා තබා පූර්ව ආගමික වතාවත් කර අවසන් වෙද්දී බත අපූරුවට ඉදිලා තිබේවි. සාමාන්‍යයෙන් රතු කැකුළු බතක් ඉදෙන්න විනාඩි පහළොවකට වැඩිය ගත වෙන්නෙ නැහැ. රසවත් දානයක් උණුවෙන් දෙනවානම් බත් බෙදද්දී හොද්ද යළිත් ටිකක් රත්කර දිය යුතුයි. එවිට අනෙක් මාළු ටිකක් නිවුණත් කමක් නැහැ.
සාංඝික දානයේදී එළවළු සුප් එක නොමැතිනම් එය අඩුවක් ලෙස බොහෝ දෙනෙක් හිතනවා. එය හිතට හරි මදි. එසේ සුප් එකත් ඉන්පසු එළුවළු තම්බා මාළු පෙත්තක් ද සමග පිළගන්වනවා. මානම් දකින්නේ මෙය අනවශ්‍ය බවයි. සුප් එක දියාරුවට සකසා දෙහි ටිකක් ද දමා දිය හැකියි. දෙහි නිසා ආහාර රුචියත් ඇතිවෙනවා. කෑමට පෙර දෙන කෑම ලෙස සුප් එක සමඟ උළුඳු වඩයක් වැනි යමක් දෙනවානම් හාමුදුරුවරු බොහෝ ‍කැමති වේවි මන්ද උන්වහන්සේට වඩයක් සම්බෝල ටිකක් සමඟ දෙන අය අඩුයි. ඉතිරි දානය තෙලින් අඩු පොල් කිරි වැඩිය එකතු නොකර සකස් කළ හැකියි.‍ කොහිල උයනවා වෙනුවට අමු සම්බල ලෙසද කරවිල අමු සම්බලයද මස් මාංශ කැමතිනම් අමු හාල් මැස්සො කිරි හොද්ද ද දිය හැකියි.
අද බොහෝ දෙනෙක් සාංඝික දානය සඳහා තෙල් අධික ආහාර පිළිගන්වනවා. මේ දානයේදී හැකිතරම් තෙල් අඩුවෙන් යුතු ආහාර පිළිගැන්වීම සුදුසුයි. දවස් තුන්සිය හැටපහේදීම සතිඅන්ත අත්හැර බැලුවත් වැඩි දෙනෙක් දානවලට පිළිගන්වන දේ අරන් බලමු. බත් සමඟ පොළොස් ඇඹුල, පරිප්පු, කොහිල මාළුව, සුදු ලූනු මාළුව, කජුමාළුව, ගොටු කොළ සම්බලය අද වැඩි‍ දෙනෙක් දානයට පිළි ගන්වනවා. නිතරම ලැබෙන මේ ආහාර වැළඳීම එපා වෙනවා. එවැනි ආහාර කියපු ගමන් අත අල්ලා පිඟාන වහනවා. හැමදාම දෙන ගොටු කොළ වෙනුවට කුරිඤ්ඤන් කොළ, කැබැල්ල දලු, අසමෝදගම් කොළ සම්බෝලය වට්ටක්කා කරියක් කරවල හිඳෙන්න උයලා එසේත් නැතිනම් ඉස්තරම්ම කරවල බැදලා එහෙමත් නැත්නම් අඹ කෑල්ලක් දාලා කරවල උයලා දෙන්න පුළුවන්.
ඉන්නල මඤ්ඤොක්කා තම්බා පොල් දාලා මයිසූර් පරිප්පු වෙනුවට කඩල පරිප්පු කිරි හොදි ඉස්ම හිටින්න කිරි‍කොස් මාළුව පිළිගන්වනවාම් පරා පැටව් සාලයො සූඩයො පැන්නො කාරල්ලො වැනි පොඩි මාළු ගුණයි. මාළු මිරිස් බැදලා දෙනවා වෙනුවට කිරි ටිකක් දාලා හොඳට හිඳෙන්න උයලා පිළිගන්වන්න පුළුවන්. මුරුංගා කිරි හොද්දක් පිළිගන්වන්න පුළුවන්නම් හොඳයි. එළවළු සලාදය පවා වෙනස් ලෙසකින් පිළිගන්වන්න පුළුවන්. සුකිරි ගෙඩියක් තක්කලි යෝගට් ටිකක් මිශ්‍ර කර දිය හැකියි.
ගෙදරට වඩම්මා දානය පිළිගන්වද්දී ගෞරවාන්විතව උසස් මට්ටමින් දිය යුතුයි. දානය පිළිගන්වන ශාලාවේ සිව් දෙනෙක් හිටියාම හොඳටම ඇති. භික්ෂූන්වහන්සේට නිදහසේ දානය වැළඳීමට ඉඩ තිබිය යුතුයි. දානය අවසානයේ ඉක්මනින්ම ඉඳුල් පිඟන් අස් කිරීම කළ යුතුයි. අතුරුපස පිළිගැන්විමේදී ප්‍රථමයෙන් පලතුරු පිළිගැන්වීම සුදුසුයි. ඇපල් දොඩම් නාරං අමුවට හුරු මිදි කෝලි කුට්ටු වැනි ‍දේ පිළිවෙළකට පිඟානක අසුරා ඉටි කොළයකින් වසා පිළිගැන්වුවහොත් එය පන්සලට වූව රැගෙන යන්න පුළුවන්. කැවිලි පිඟානට අනිවාර්යෙන්ම තෙල් කෑම නැතිව තල ගුලියක් හැලපයක් වණ්ඩුවක් වැනි දෙයක් හොදයි. කිරි ටොපි රුලං ටොපි අල ටොපි වැනි දෑ නිතර ලැබෙනවා. පෙර කී අන්දමේ කැවිල්ලක් දුන්විට අනිවාර්යෙන්ම වළදනවා. මොකද සීනි අඩුයි. නිතර ලැබෙන්නෙ නැහැ. දානෙ ගෙදරකදි බොහෝ විට ගෙදරට පැමිණෙන අයද කැවිලි සාදා ගෙන එනවා. පුඩිං ජෙලි කිරි වැනිදෑ එලෙස වර්ග කීපයකින් ලැබී තියෙද්දි කුඩා කෝප්පවලට බෙදා ට්‍රේ එකක තබා පිළිගැන්විය හැකියි. එවිට උන්වහන්සේ කැමති දේ පිළිගනීවි.
දැන් දානෙ ගෙදරින් දැහැත් වට්ටිය ඉවත් වෙලා. දහ නමකට පමණ ඉඟුරු පියලි කරදමුංගු කරාබු නැටි සාදික්කා වසාවාසි බුලත්පුවක් සමඟ දැහැත් වට්ටි දෙකක් සෑහෙනවා. මේ දැහැත් වට්ටිය නිසා ආහාර ගැනීමෙන් පසු ඇතිවන අපහසුතා මඟහැරෙනවා.
හාමුදුරුවන්ට මුදල් අනවශ්‍යය යැයි බොහෝ දෙනෙක් හිතතනවා. පිරිකර දීමේදී මේ ගැනත් මදක් සිතීම හොදයි. තමන් කැමති පිරිකරක් සමඟ සම්ප්‍රදාය මදක් වෙනස් කර මුදලක් තමන්ට හැකි පමණින් දෙනවානම් එය ප්‍රයෝජනවත් වෙතැයි මම හිතනවා.
අප දානයක් පිළියෙල කරන්නෙ ඉතා සර්දාවෙන්. අප පිළිගන්වන දේ ස්වාමීන්වහන්සේ ඉවසා පිළිගන්නවා නම් ගිහියන් ලෙස එය අප ලබන විශාල සතුටක්. එසේනම් අප පිළිගන්වන දානය උන්වහන්සේට වැළඳිය හැකි ලෙසින් පිළිගන්වන්න අප දැන ගත යුතුයි. නිසි ලෙසින් හරියාකාරව දානයක් පිරිනැමුවායැයි අපට සතුටු විය හැක්කේ එවිටයි.
මොනිකා ලක්ෂ්මී ලොරෙන්සුහේවා
ලිව්වේ
සේමාලි කැල්ලපත

දානය සඳහා හාමූදුරුවන්ට සූදුසූ කෑම වර්ග

ඉස්සරහා කෑම
එළවළු සූප්
මැකරෝනි්
අල පෙති බැදුම
පැටිස් එකක් හෝ උළුඳු වඩේ

දානය සඳහා
රතු කැකුළු බත්
සම්බා හාල් බත්
මස් / මාළු
කරවල බැදුම
ගොටූකොළ සම්බෝල
පොලොස් මාළුව
කිරිහොදි
ඉස්සන් තෙල් දෑමීම
කඩල පරිප්පූ කරිය
කරවිල සම්බෝල
කජූ ග්‍රීන් පීස් කරිය
කැවිලි සඳහා
හැලප 1
වංඩූ ආප්ප 1
කෝලි කුටිටූ ගෙඩි 1

පලතුරු සඳහා
අඹ
ඇපල්
ගස්ලබූ
මිදි
කොමඩූ
අන්නාසි

අතුරුපස සඳහා
කිරි පැණි
කැරමල් පූඩිං
ජෙලි

දානයෙන් පසූ
කෝපි හෝ තේ
දෑහැත්

ආහාර බඳුන් පිළියෙල කිරීම
ඉස්සරහා කෑම බඳුන

දානයට ආරාධනා කළ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව අනූව අවශ්‍ය තසිම් ප්‍රමාණය ගෙන පිරිසිදු කර සියල්ල මේසයක් මත පිිළිවෙලට තබාගන්න. එක් තසිමක එක් පැත්තකට මැකරෝනි මේස හැඳි 2 බැගින් බෙදන්න. පැත්තකින් අල පෙති 3 - 4 තබන්න. වඩේ හෝ පැටිස් එක තවත් පැත්තකින් තබන්න. හීනියට කපාගත් සලාද කොළ ස්වල්පයක් සමග සෝස් තේ හැඳි 1-2 ක් පමණ මැකරෝනි මතට වත් කරන්න. පාස්ලි කොළයක් ඒ මත ගසා ගන්න. පොඩි සූදු වීදුරුවකට සූප් දමා තසිමේ පැත්තකින් තබන්න. සෙලෝෆේන් කොළයකින් මෙය වසාගන්න.

කැවිලි පිඟාන
එක තසිමකට හැලප 1, වංඩූ ආප්ප 1, කෙසෙල් ගෙඩි 1, තබා සෙලෝෆේන් කොළයකින් වසා ගන්න.

පලතුරු පිඟාන
මෙය තමන් කැමති ක්‍රමයකට පිළිගැන්විය හැක. ඇපල්, අඹ, දොඩම්, මිදි, ගස්ලබූ, හා අන්නාසි පොඩියට කපා තසිමක තබා දීමට හැක. එම පලතුරු පිඟාන ද සෙලෝෆේන් කොළයකින් වසාගන්න.

දානය පිළියෙල කිරීම
රතු කැකුළු හෝ සම්බා බත් එක් වර්ගයකින් පොඩි රවූම් භාජනයකට ගෙන පිඟාන මැදට ගසාගන්න. එළවළු වර්ග තුනක් හෝ හතරක් පිඟාන වටෙිට ලස්සනට බෙදන්න. සෙලෝෆේන් කොළයක් ගෙන වසා තබන්න. ඒ මතින් ඉස්සරහා කෑම පිඟාන තබන්න.

හාමූදුරුවන් දානයට වඩින්නට පෙර දානයට අවශ්‍ය සියල්ල සූදානම් කර තබාගත යූතුයි. සෑම හාමූදුරුනමක් ඉදිරියෙන්ම අත සෝදන කෝප්පය බැගින් තබා වතුර බෝතලය බැගින්ද තබන්න. ඒ සමගම පෙර සූදානම් කළ ඉස්සරහා කෑම පිඟාන හා දන් පිඟාන ඉදිරියෙන් තබන්න. වතුර බීම සඳහා වීදුරුව බැගින්ද බෝතලය ඉදිරියේ තබාගන්න. දානය සඳහා මී කිරි දෙන්නේ නම් සෑම හාමූදුරුනමකටම කුඩා කිරි ඇතිලිය බැගින් පොඩි හැන්දක් සමග තබන්න.
දෑන් දානය සඳහා අවශ්‍ය වැඩවලින් වැඩි කොටසක් අවසන් වී ඇත. පිඟානට බෙදු එළවළු වර්ග හැර අනෙක් වර්ග දීසි දෙක බැගින් සූදානම් කරගන්න. අනිත් බත් වර්ගය පිඟාන් තුනකට පමණ බෙදා ගන්න. සලාදයක් වැනි දෙයක් තිබේ නම් එක් පිඟානක් පමණක් සෑහේ. දෑන් තැඹිලි කපා ජෝගු තුනකට පමණ වත් කර සූදානම් කරගන්න. දානය සඳහා සූදානම් කර ඇති පූඩිං වර්ග ඇත්නම් සියලුම වර්ග වෙන වෙනම බෙදන්න. දානය සඳහා හාමූදුරුවන් වැඩිය පසූ පස් දෙනෙකු හැර ඉතරි සියලු දෙනාම පසෙකට වීම සූදුසූය. පහළොස්නමකට දානය බෙදීමට පස් දෙනෙකු සෑහේ.
හාමූදුරුවරු වැඩියාට පසූ පය සෝදා දානයට අසූන් ගැනීමට සලස්වන්න. මේ වන විට දානය සූදානම් කර තබා අවසාන විය යූතුයි. පන්සිල් කටයූතු අවසාන වූ පසූ දානය පිළිගැන්වීම ආරම්භ කරන්න.
පළමූවෙන්ම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් බාල්දි 4ක් පමණ ගෙන අත සේදීමට සලස්වන්න. ඉදිරියේ තබා ඇති දන් පිඟන් අත ගස්වා පිළිගන්වන්න. ඉස්සරහා කෑම වළඳා අවසන් වූ පසූ දෙදෙනෙක් වහාම හිස් පිඟන් ඉවත් කළ යූතුයි. දන් පිඟන් අතට ගත් පසූ තව දෙදෙනෙක් ඉතිරි වෑංජන හා හොදි වර්ග බෙදිය යූතුයි. නැවත හිස් භාජන ඉවත් කර අත සෝදන කෝප්පද ඉවත් කරන්න. දෑන් කැවිලි, කිරි හා පලතුරු වළඳා අවසන් වූ විට ටේ‍රි එකක සූදානම් කළ පූඩිං වර්ග පිළිගන්වන්න. අවශ්‍ය නම් තේ හෝ කෝපි පිළිගන්වන්න. එයට සූදානමින් සිටිය යූතුයි. දෑන් පිිරිකර පූජා කිරීමට පෙර සියලු භාජන, වතුර, වීදුරු, බෝතල් කිරි හටිටි ආදිය ඉවත් කරන්න.
ඇතැම් අය පලතුරු වර්ග ගෙඩි පිටින් තසිමක තබා ඒ සමග පොලිතින් බෑග් එකක් සූදානම් කර තැබිය යූතුයි. දානය අවසානයේදී පලතුරු සියල්ල බෑග් එකේ දමා හාමූදුරුවන් ළඟින් තබන්න. දෑන් පිරිකර පූජා කර අවසානයේ දෑහැත් වටිටි පිළිගන්වන්න.
ඉන්පසූ දානය සඳහා පැමිණි සියලුම පිංවතුන් පිං අනූමෝදනාවට සහභාගි විය යූතුයි

සූපවේදිනි මොනිකා ලක්ෂ්මි ලොරෙන්සූහේවා
හේවා කේටර්ස් රත්මලාන





කිරිබත සැකසීමේදී සැලකිලිමත් වියයුතු ඉතාම වදාගත් කරුණු කියවන්න.
1 අලුත්ම මුට්ටියක්, පත්‍රයක්, පොල් කටු හැන්දක් පාවිචිචි කරන්න …
2. දණහිසට පහලින් ලිප් බදින්න එපා..
3. කිරිබත පිසීමේදී මුකවාඩම් බදින්න
4. කුරුදු දර පාවිචිචි කරන්න ….
5. කිරිපිඩු සමග පැන් පිළිගන්වන්න අමතක කරන්න එපා…
6. උදැසන 5 ත් 7.30 අතර කිරිපිඩු පිළිගන්වන්න අමතක කරන්න එපා….
සුදු කැකුළු හාල් 1 kg
මුන් අට 50 g
හකුරු 50 g
කජු මද 100 g
මුද්දරස්පලම් 50 g
රට ඉදි 100 g
එනසල්, කරාබු නැටි, කුරුදු පොතු
තැඹිලි ගෙඩි එකක්
උකු පොල් කිරි
හාල් සෝදා…සාමන්‍ය කිරිබතක් පිස ගන්නා ආකාරයෙන් තැබිලි වතුර සහා පොල් කිරි එක් කර කිරිබත සද ගන්න …
අවසානයේ උකු පොල් කිරි එක්කර කිරිබත පාත්තරයට සකසන්න.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X