වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ඔබ පින් දීම හා පින් අනුමෝදන් කරන ආකාරය නිවැරැදිද? නැද්ද?

පින්දීම හා පින් අනුමෝදන් වීම බෞද්ධයාට නුහුරු නුපුරුදු දෙයක්‌ නොවේ. බෞද්ධයෝ දාන, ශීල, භාවනා දී පුණ්‍ය ක්‍රියාවන් සිදු කරගන්නා අවස්‌ථාවන්හි දී ලබා ගන්නා ඒ පුණ්‍ය ශක්‌තිය මිය ගිය ඥාතීන් හා දෙවිදේවතාවුන් ඇතුළු සියලු සත්ත්වයනට අනුමෝදන් කරවීම උතුම් සිරිතක්‌ හා චාරිත්‍රයක්‌ වශයෙන් සිදු කරති.
පින් දීම නැතහොත් පින් අනුමෝදන් කරවීම එක්‌ අතකින් බැලූ කල දානමය පුණ්‍ය ක්‍රියාවකට සමාන වේ. සැබැවින් ම මුල් බුද්ධ දේශනා අඩංගු ත්‍රිපිටකය තුළ පුණ්‍ය ක්‍රියා යනුවෙන් දක්‌වා ඇත්තේ දාන, ශීල, භාවනා යන පුණ්‍ය ක්‍රියා තුන පමණි. ”පුඤ්ඤකිරිය වFථු” නමින් හ`දුන්වා ඇති මෙම පුණ්‍ය ක්‍රියා තුන අට්‌ඨකථාචාරීහු විසින් තව දුරටත් වැඩිදියුණු කළහ. ඒ අනුව ‘පත්තිදාන’ හා ‘පත්තානුමෝදන’ යන දානමය පුණ්‍ය ක්‍රියා දෙක වෙනම පුණ්‍ය ක්‍රියා දෙකක්‌ ලෙස සැළකූහ. එසේ ම ශීලයට අයත් ‘අපචායන’ හා zෙව්‍යයාවච්ච’ තවත් පුණ්‍ය ක්‍රියා දෙකක්‌ ලෙසත්, භාවනාවට අයත් ‘දේශන’, ‘සවන’, ‘දිට්‌ඨුඡ්ජුකම්ම’ යන පුණ්‍ය ක්‍රියා තුන තවත් පුණ්‍ය ක්‍රියා තුනක්‌ වශයෙනුත් සලකා සියල්ල පුණ්‍ය ක්‍රියා දහයක්‌ ලෙස ”දස පින්කිරිය වත්” හෙවත් ”දස පුඤ්ඤකිරිය වFථු” නමින් හැ`දින්වූහ.
මෙහි දී පත්තිදාන හෙවත් පින්දීම යනුවෙන් හ`දුන්වනුයේ දාන, ශීල, භාවනාදී පින්කම් සිදු කොට රැස්‌කර ගන්නා පින් අසුවලාට පැමිණෙත්වායි හෝ සියලු සත්ත්වයනට පැමිණෙත්වායි හෝ යනුවෙන් පින් පැවරීම යි. පත්තානුමෝදනා හෙවත් පින් අනුමෝදන් වීම ම`ගින් අදහස්‌ කර ඇත්තේ අනුන් විසින් දුන්නා වූ ප්‍රාප්ත දානයක දී හෝ අන්‍ය පුණ්‍ය ක්‍රියාවක දී හෝ යහපත්ය, මැනවයි කියා සතුටට පත්ව අනුමෝදන්වීම යි.
ප්‍රායෝගිකව සිතා බැලීමේ දී අප ළ`ග ඇති යමක්‌ අන් අයෙකුට දුන් විට අප ළ`ග අඩුවක්‌ හෙවත් ඌණතාවයක්‌ ඇති වේ. එහෙත් පින් දීමේ දී එසේ නොවේ. පින් දීම ද පින්කමක්‌ නිසා පින් දීමේ දී අප ළ`ග ඇති පින් තවත් වැඩිවේ. පහනින් පහන් සිය දහස්‌ ගණනක්‌ ඇවිළුව ද ඒ පහන් සිළෙහි දැල්ල අඩු නොවන්නා සේ පින් දීමෙන් පින් වර්ධනය වීමක්‌ මිස පිනෙහි කිසිදු අඩුවක්‌ සිදු නොවේ.
අද වෙසක්‌ පුර පසළොස්‌වක පොහෝ දින ශ්‍රී ලංකාව පුරා දාන, ශීල, භාවනාදී පින්කම් රැසක්‌ සිදුවන දිනයකි. එසේ ම එපින් අනුමෝදන් කිරීමෙන් පින් වැඩිකර ගන්නා දිනයකි. එහෙත් සැබැවින් ම එය එසේ දැයි යන්න ම`දකට සිතා බැලිය යුතු කරුණකි. පුණ්‍ය ක්‍රියාවක්‌ සිදුකොට පින් අනුමෝදන් කරවීමට නම් පළමුව පින් රැස්‌කර ගත යුතුය. පතුල සිදුරු වූ කළයකට පැන් පිරවිය හැකි නොවේ. එසේ ම පැන් කළය නිසි පරිදි නොසොල්වා තබා ගැනීම ද වැදගත් ය. එසේ ම ඒ පිළිබ`ද හොඳ අවධානයකින් යුතුව පැන් පිරවිය යුතු වේ. පින් රැස්‌ කර ගැනීමේ දී ද එසේ ම ය. පළමුව සිත කය වචනය සංවර කොටගෙන අප ළ`ග ඇති පරිහානි දොරටු වසාගත යුතුය. එනම් හො`ද බෞද්ධයෙකු වශයෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත් විය යුතුය. උපාසකයෙකු තුළ ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයෝ නොවේ. එවිට පින් රැස්‌ කර ගැනීමට හැකියාව ඇති පුද්ගලයෙකු බවට පත් වේ.
එපමණක්‌ ප්‍රමාණවත් නොවේ. කළයකට ජලය පිරවීමේ දී කළය නොසොල්වා තබා ගත්තාක්‌ මෙන් අපගේ සිත, කය, වචනය පුණ්‍ය ක්‍රියාව කරන අවස්‌ථාවේ දී පවා නොසොල්වා තබා ගත යුතු වේ. එසේ ම පුණ්‍ය ක්‍රියාව පිළිබ`ද දැඩි අවධානයකින් යුතුව සිටීම ද වැදගත් වේ. මේ ආකාරයට පෙර සූදානම් වී නිවැරදිව පුණ්‍ය ක්‍රියාවක්‌ සිදු කිරීමෙන් පමණක්‌ අන්‍යයන්ට ලබාදිය හැකි පරිදි පින් රැස්‌ කර ගත හැකි වේ.
සෑම පුණ්‍ය ක්‍රියාවක්‌ ම ඇරඹීමට මත්තෙන් බොහෝ විට පංචශීලය සමාදන් වන්නේ ඉහත කී අවශ්‍යතාවයන් සපුරා ගැනීම ස`දහා ය. එහෙත් වර්තමානයේ සිදුකරන බොහෝ පුණ්‍යක්‍රියාවලින් පින් රැස්‌ කරගත හැකි ද යන්න ගැටලුවකි. උදාහරණයක්‌ වශයෙන් දානමය පුණ්‍ය ක්‍රියාවක්‌ සිදු කරන දන්සැලක්‌ ගෙන බලන්න. එහි සැබැවින් ම සිදුවිය යුත්තේ තෙරුවන් සරණ ගිය යහපත් උපාසකයින් විසින් කුසගින්නේ සිටින අය වෙත අනුකම්පාවෙන් තමන් දුක්‌ මහන්සියෙන් උපයා ගත් මුදලින් සපයාගත් ආහාරපානාදියෙන් සංග්‍රහ කොට ඔවුන් තෘප්තිමක්‌ කොට තමනුත් සතුටට පත්වීම නොවේද? එහෙත් අද දින රට පුරා සිදුවන දන්සැල්වල සිදුවන්නේ මෙය ද? සැබැවින් ම නැත. වත්මන් දන්සැල්වල සිදුවන්නේ කුමන හෝ ආකාරයකින් සපයාගත් ආහාරපානාදිය කෑමබීම යහමින් ඇති අයට ම බෙදීමක්‌ ය. දන්සැල් සංවිධානය කරන තැනැත්තන් තුළ කිසිදු ආධ්‍යාත්මික සංවර්ධනයක්‌ සිදුවන්නේ ද නැත. ජනප්‍රිය සංගීතය හා මත්ද්‍රව්‍ය භාවිතය බොහෝ දන්සැල්වල අනිවාර්ය අංගයකි. මෙලෙස දන්සැල් සිදු කිරීමෙන් රැස්‌කරගනු ලබනුයේ පව් මිස පින් නොවේ.
අනෙකුත් පුණ්‍ය ක්‍රියාවන් සම්බන්ධයෙන් ද තත්ත්වය මෙසේ ම ය. ම`දක්‌ සිතා බලා ක්‍රියා කරන්න. අප විසින් පින් දීමට පළමුව අප පින් රැස්‌ කරගත යුතුය. එබැවින් විමසීමකින් තොරව පින්කම් නොකොට පින් රැස්‌වන අන්දමින් පින්කම් සිදු කළ යුතුය. එහි දී ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයෝ දුරුකොට අලෝභ, අද්වේශ, අමෝහ යන කුසල මූලයෝ සිත තුළ වර්ධනය කර ගත යුතුය. එලෙස පුණ්‍ය ක්‍රියාවන් සිදුකිරීමෙන් පමණක්‌ පින් රැස්‌ කර ගත හැකිs වන අතර ඒ පින් අනුමෝදන් කරවා අන්‍යයන්ට පින්දීමටත් එම`ගින් තමාගේ පුණ්‍ය ශක්‌තිය වර්ධනය කර ගැනීමටත් හැකි වන්නේය
පින් අනුමෝදන්වීම සම්බන්ධයෙන් කථා කිරීමේ දී බොහෝ දෙනා සිතන්නේ පින් අනුමෝදන් වනුයේ මළගිය ඥාතීන් හා දෙවියන් පමණක්‌ බවය. එය වැරදි අදහසකි. පින් අනුමෝදන්වීම යනු අනුන් විසින් සිදු කරන්නා වූ ප්‍රාප්ත දානයක දී හෝ අන්‍ය පුණ්‍ය ක්‍රියාවක දී හෝ යහපත් ය. මැනවයි කියා සතුටට පත්ව අනුමෝදන්වීමයි.
මෙසේ පින් අනුමෝදන්වීම ජීවත්ව සිටින අපට පවා සිදුකර ගත හැකිය. වෙනත් අයෙක්‌ සිදුකරන පුණ්‍ය ක්‍රියාවක්‌ දැක යහපත් ය. මැනවය කියා සතුටට පත්වීම ම`ගින් පින් අනුමෝදන් විය හැකිය. එම`ගින් අපට පින් රැස්‌කර ගත හැකි වන්නේය. මේ ස`දහා කිසිදු මුදලක්‌ වැය නොවේ. වැයවන්නේ අපගේ යහපත් ෙච්තනාව පමණකි. එහෙත් මේ නොමිලයේ ම ලබාගත හැකි පින පිළිබ`ද කිසිවකු උනන්දු නොවේ. බොහෝ දෙනා අනෙකකුගේ පින්කම් දැක සතුටුවන බවක්‌ අද දක්‌නට නොලැබේ. ඒ වෙනුවට පුණ්‍ය ක්‍රියාව පිළිබ`දව එය සිදුකළ තැනැත්තා පිළිබ`ද ව හෝ තරහව හෝ ඊර්ෂ්‍යාව ඇති කර ගැනීම වත්මන් ස්‌වභාවය වී තිබේ.
දැන් අප බොහෝ දෙනා නොදකින නොසිතන පව් දීම හා පව් අනුමෝදන්වීම පිළිබ`ද සිතා බලමු. පින්දීම හා පින් අනුමෝදන්වීම පුණ්‍ය ක්‍රියාවක්‌ වන්නා සේ ම ඊට ප්‍රතිවිරුද්ධ ලෙස පව් දීම හා පව් අනුමෝදන් වීම පාප ක්‍රියාවක්‌ වේ. මෙහි දී පව් දීම යනුවෙන් හ`දුන්වන්නේ අන්‍යයන්ගේ ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයන් ඇති කිරීමයි. වත්මන් ජනමාධ්‍ය ම`ගින් බහුතරයක්‌ සිදුවන්නේ පව් දීම නොවේ ද? ටෙලි නාට්‍යයක්‌ හෝ වේවා වෙළෝද දැන්වීමක්‌ හෝ වේවා ප්‍රවෘත්තියක්‌ හෝ වේවා ඒ තුළ මිනිසාගේ ආශාව, රාගය, ද්වේශය වර්ධනය කර සිදුකරනුයේ ඒවා නරඹන්නාට පව් දීම නොවේ ද?
අනෙක්‌ පසින් බොහෝ ප්‍රේක්‍ෂකයන් ඒවා නැරඹීම තුළින් තම ආශාවන්, රාගයන්, ද්වේශයන් වර්ධනය කර ගනිමින් සිදු කර ගනුයේ පව් අනුමෝදන්වීමකි. උදාහරණයක්‌ වශයෙන් වත්මනෙහි වර්ධනය වී ඇති කාම චිත්‍රපට හෝ එවැනි රාගය අවුළුවන දෑ නැරඹීමෙන් සතුටට පත්වන පුද්ගලයින් සිදු කර ඇත්තේ පව් අනුමෝදන්වීමකි. එසේ ම රෙස්‌ලින් වැනි ක්‍රීඩාවන් සේ ම සටන් ජවනිකා නැරඹීම හෝ අපරාධ පිළිබ`ද කථා කිරීම, කියෑවීම, නැරඹීම තුළින් අප තුළ නොදැනුවත්ව ම ද්වේෂය ඇති වේ. ඉන් සිදු වන්නේ ද අප තුළ පව් අනුමෝදන් වීමකි. අප බුදුරජාණන් වහන්සේ බෝසතාණන්ව සිටිය දී එක්‌ ආත්ම භාවයක දී මසුන් මරන්නෙකු මසුන් මරනු දැක සතුටට පත්ව පව් අනුමෝදන් විය. එහි විපාකයක්‌ වශයෙන් බුද්ධත්වයෙන් පසුව ද උන්වහන්සේට දරුණු හිසරදයක්‌ වැළ`දුණු බව කියෑවේ. පව් අනුමෝදන්වීම පිළිබ`ද තේරුම් ගැනීමට එකී උදාහරණය ම ප්‍රමාණවත් ය. එහි දී බෝසතාණන් මසුන් මැරුවේවත්, මසුන් මරන්නට අනුබල දුන්නේවත් නැත. එසේ ම එම මසුන් ආහාරයට ගත්තේ ද නැත. එදෙස බලා සතුටු වූ පමණින් ම උන්වහන්සේ තුළ පව් අනුමෝදන් විය.
මේ නිසා දැන් අපට සිතා බැලිය යුතු යමක්‌ තිබේ. එනම් බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ අප විසින් රැස්‌කර ගන්නා පින් මෙන්ම පව්ද අප සමග සසර පුරා ගමන් කරන බවයි. ධම්මපදයේ අප එම අදහස ඇති ගාථාවන් ඕනෑතරම් අසා කියවා තිබේ. මේ නිසා පින් දීම මෙන් ම පින් අනුමෝදන්වීම ද හොදින් සිතා බලා සිදු කළ යුතු පුණ්‍ය ක්‍රියාවන් දෙකකි. මෙහි දී මා පුණ්‍ය ක්‍රියාවක්‌ සිදුකිරීම පිළිබ`ද දීර්ඝව හා සවිස්‌තරව කරුණු දැක්‌වීමක්‌ සිදු නොකළෙමි. ඊට හේතුව මාගේ අභිප්‍රාය පුණ්‍ය ක්‍රියා ගැන ඔබව දැනුවත් කිරීම නොව පින් දීම හා පින් අනුමෝදන්වීම පිළිබ`ද ඇති ඹබ නොසිතන යමක්‌ සිහිපත් කිරීම ය.
අවසාන වශයෙන් මේ වෙසක්‌ පුර පසළොස්‌වක පුන් පොහෝ දින මේ පුංචි කරුණ තුළින් ඔබගේ ජීවිතයට අලුතින් සිතන්නට යමක්‌ ඇති කිරීම මාගේ උත්සාහය යි. මෙතුවක්‌ කල් පුණ්‍ය ක්‍රියා යෑයි සිතමින් අප විසින් සැබවින් ම පුණ්‍ය ක්‍රියාවක්‌ සිදු කළේද යන්න නැවත විමසා බැලීමට මෙය වටිනා අවස්‌ථාවකි. එසේ ම අප විසින් නිවැරදිව පින් රැස්‌ කර ගත්තේ ද එපින් දීමෙන් අන්‍යයන්ට පින් අනුමෝදන් කළේද?, අපගේ පුණ්‍ය ශක්‌තිය වැඩි කර ගත්තේ ද යන්න පිළිබ`ද ව නැවත සිතා බැලීමෙන් අනාගතයේ සාර්ථකව පුණ්‍ය ක්‍රියාවන් සිදුකර ගැනීමටත් පින් දීමටත් හැකි වන්නේය.
එසේ ම මෙතුවක්‌ කල් පින් අනුමෝදන්වීම පිළිබ`දව ඔබ තුළ තිබූ අදහසෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට සේම පින් අනුමෝදන්වීම පිළිබ`ද අලුතින් සිතා බැලීමට යමක්‌ මේ ලිපිය තුළ පවතී. එසේ ම යහපත්ය, හො`දය, නරකය යෑයි කියමින් මෙතුවක්‌ කල් අප විසින් නොදැනුවත්ව ම පව් අනුමෝදන් වීම පිළිබ`ද අද පටන්වත් සිතා බලා කටයුතු කිරීමට මේ සිහිපත් කිරීම උපකාරී කර ගනිමු. යහමින් පින් රැස්‌ කර ගත හැකි මනුෂ්‍යභාවයක්‌ තිබියදී පව් රැස්‌ කර ගන්නේ ඇයි? එහෙයින් බුදුරදුන් පෙන්වා දුන් ආර්ය මාර්ගයේ ගමන් කිරීමට අප තුළ ඇති ශක්‍යතාව වර්ධනය කර ගැනීමට පින් දීම හා පින් අනුමෝදන් වීම උපකාරී කර ගනිමු.
රංග බුද්ධික කංකානංගේ
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X