වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

තමන් ද සමඟ මිය ගිය ඥාතීන් ද සුගති ගාමී කරවීමට

ඇතැම් අවස්ථාවල දී ඔබ විසින් ගුණධර්ම දියුණුකර ගැනීමේ දී අපේක්ෂා නොකල විවිධාකාර ගැටලු බාධක කරදර ඇති විය හැක. මෙසේ නිවන පිණිස කුසල් වැඩීමේ දී මිය ගිය ඥාතීන්ගෙන් කරදර හිරිහැර ඇති වන්නේ නම්, එයින් මිදී තමන් ද එම මිය ගිය ඥාතීන් ද සුගති ගාමී කරවීමට ඔබට හැකියාව ඇත.  එසේ විවිධ කරදර බාධා ඇති වන්නේ නොයෙක් අවස්ථාවල ඔබවිසින් නොදැනුවත්වම කරන විවිධ ප්‍රකාශ හේතුවෙන් ම විය හැක. ඔවුන් ඔබට ඇති බැඳීමත් ධර්මය පිළිබඳ නොදැනුවත්කමත් සසර පිළිබඳ නොවැටහීමත් හේතුවෙන් ඔබේ ධර්මානුකූල ජීවිතය අනුමත නොකර තවදුරටත් ඔබ සසරට ඇද දැමීමට කටයුතු කරනු ඇත. මේ නිසා ඔබවිසින් එම මිය ගිය ඥාතීන්ට ද උපාකාර කරමින් සුගතිගාමීව ධර්මාවබෝධයට අවකාශ සලසා ගැනීම සඳහා නුවනින් ක්‍රියා කල යුතුය.

ගුණධර්ම දියුණුකර ගනිමින් ඔබට ඉඩ ප්‍රස්ථා ඇති පරිදි උදේ සවස හෝ සවස තෙරැවන් වැඳ රතන සූත්‍රය, කරණීය මෙත්‍ත සූත්‍රය, ධජග්ග සූත්‍රය සජ්ජායනය කර දෙවියන්ටත් පහත පරිදි මිය ගිය ඥාතීන්ට පින් අනුමොදන් කරන්න. කාලයත් සමඟ ඔබට දෙවියන්ගෙන්ද ආරක්ෂාව සැලසෙන අතර මිය ගිය ඥාතින්ගෙන්ද බාධාවන් ඉවත්ව යයි.

මා / අප විසින් රැස්කරන ලද කුසලයන් ................(ඥාතී වරයාගේ සම්පූර්ණ නම සහ ඥාතීත්වය සඳහන් කරන්න) අනුමෝදන් වෙත්වා! එසේ අනුමෝදන්ව යම් දුක්ඛිත ආත්ම භාවයක උපත ලබා සිටී නම් එම දුක්ඛිත ආත්ම භාවයෙන් මිදී සැපවත් දිව්‍යමය ආත්ම භාවයක උපත ලබත්වා! දුකින් මිදී සැප ලබත්වා!

පිනක් අනුමෝදන් විය හැක්කේ පරදත්තූප ප්‍රේත කොට්ඨාශයට පමණක් වන නිසා පහත පරිදි එසේ නොවන සෙසු අමනුෂ්‍ය භාවයන් හට පහත දැක්වෙන පරිදි ආමන්ත්‍රණය කරන්න.

මා / අප විසින් රැස්කරන ලද කුසලයන් අනුමොදන්විය නොහැකි දුක්ඛිත ආත්ම භාවයක ................ (ඥාතී වරයාගේ සම්පූර්ණ නම සහ ඥාතීත්වය සඳහන් කරන්න) උපත ලබා ඇත් නම් මාහට / අපහට කුසල් ගුණධර්ම දියුණුකර ගැනීමට උපකාර කර පින් රැස් කර ගනිත්වා! සූජීවත්ව සිටිනා විට දී කුසල් රැස් කල පරිදි සියතින්ම කුසලයන් රැස්කරන්නාක් සේ මාහට / අපහට ධර්ම දියුණු කරීමට උපකාර කර කුසල් රැස්කර ගනිත්වා!  ධර්මය අසත්වා! මෛත්‍රය වඩත්වා! ගුණධර්ම දියුණුකර ගනිත්වා! එයින් දුක්ඛිත ආත්ම භාවයෙන් මිදී දිව්‍යමය ආත්ම භාවයක උපත ලබා සැප ලබත්වා!
by Daham Vila
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X