වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

බෝධි ඉතිහාසය යි බෝධි පූජා පිළිවෙත යි

බුද්ධි යනු ඥානයයි. බෝධි යන වචනය ඒ අනුව යෙදුණකි. බෝධි යන්නෙන් අදහස් කරන්නේ අවබෝධය යි. ඒ සත්‍යාවබෝධය යි. මාර්ග ඥානයයි. බුදුරජාණන් වහන්සේ සත්‍යාවබෝධය ලබා ගැනීමට උපකාර කරගත් වෘක්ෂ හඳුන්වන්නේ ද බෝධි නමින් ය.

ඉතිහාසය


බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ත්‍රිපිටක සඡ්ඣායනාවක් පැවැති අවස්ථාවක්

බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට මෙසේ උපකාර වූ වෘක්ෂ ගණනාවකි. අශ්වත්ත (ඇසටු) නුග (උදුම්බර) දිඹුල් නා යනාදිය ඊට නිදසුන්ය. මෙම වෘක්ෂ වනයේ වැඩෙන අනෙකුත් සියලු ගස් අභිභවා අතුපතර විහිදුවමින් මහේශාක්‍ය ලෙස වැඩෙයි. එමනිසා ඒ වෘක්ෂ වනස්පති නමින්ද හැඳින්වෙයි. මෙම විශාල වෘක්ෂ මිනිස් හදවත් තුළ ගුප්ත හැඟීම් මෙන්ම භක්තිය ඇති කිරීමට ද සමත් විය. ඒ නිසා ඔවුහු ඒවාට වැදුම් පිදුම් කළහ. මෙම වෘක්ෂ පූජාවේ ඉතිහාසය ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවතුණකි. (අශ්වත්ත ඇසතු)
අශ්වත්ත නමින් හැ¼ඳින්වූ ඇසතු ගස අප ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට උපකාර වූ බෝධියයි. එමනිසා එය බෞද්ධයන්ගේ පූජනීය වස්තුවක් බවට පත් විය. ඇසතු වෘක්ෂය පූජනීය ගරු කටයුතු වස්තුවක් බවට පත්වූයේ මීට පෙර සිටය. මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර වාසීහුද ඇසතු වෘක්ෂයට ගරු කළහ. එම ශිෂ්ටාචාරයෙන් හමු වූ කාසි මුද්‍රාවල ඇසතු ගස පැහැදිලිවම සටහන් කොට ඇත. එයින් පසුව වෛදිකවාසීහුද ඇසතු වෘක්ෂය පූජනීය වස්තුවක් හැටියට සැලකූ®හ. සෘග් වේදයේ සඳහන් කර ඇත්තේ මෙම ගසේ අරටුවෙන් කරන ලද යාග භාණ්ඩ පිළිබඳව ය. මෙම වෘක්ෂයට සතුරන් විනාශ කළ හැකි විශේෂ ගුප්ත බලයක් තිබුණු බව අථර්ව වේදයේ සඳහන්ය.
උපනිෂද් යුගයේ දී ද ඇසතු ගස පූජනීයත්වයට පත්විය. එම ග්‍රන්ථවල සඳහන් වන්නේ දෙවියන් ඇසතු වෘක්ෂය ඇසුරු කරගෙන වාසය කරන බවයි. ඇසතු ගස විෂ්ණු දෙවියන්ගේ මූර්තිය බව මහා භාරතයේ දක්වා තිබේ.
මේ අතර පුරාණ ග්‍රන්ථවල ඇසතු ගස පිළිබඳව අද්භූත කතා සඳහන් කර ඇත. ඇසතු ගස නැරඹීමෙන් සහ ස්පර්ශ කිරීමෙන් සියලු දුක් අපල උපද්‍රව නැතිවන බව එහි සඳහන් ය.
පද්ම පුරාණයේ ද ඇසතු ගසට කරන පුද සත්කාර පෙන්වා දෙයි. එයින් ලැබෙන අනුහස් ද එහි සඳහන් ය. අශ්වත්ත හැටියට වැජඹෙන විෂ්ණුට වෙසක් මාසයෙහි පැන්වත් කරන්නේ් නම්, ඒ හේතුවෙන් කෙනෙකුට ධර්ම අර්ථ කාම, මෝක්ෂ යන සතරඵල ලැබෙන බව පෙන්වා දී ඇත. එසේම එය විනාශ කරන අයට සිදුවන ඵල විපාක ද එහි දක්වයි.
(වැඩි විස්තර සඳහා වෛදික උපනිෂද් සහ පුරාණ ග්‍රන්ථ පරිශීලනය කරන්න)
මෙසේ මහා භාරතයේ ඇසතු ගස පිළිබඳව මහත් භක්තියක් පැවති යුගයක අප ගෞතම බුදුරජාණන් වහන්සේ එය ඇසුරු කොට ගෙන බුද්ධත්වයට පත්වූහ.
එම යුගයේ ප්‍රථම බෝධිපූජාව කර ඇත්තේ බුදුරජාණන් වහන්සේ ය. ඒ උන්වහන්සේ තමාට බුද්ධත්වය ලබා ගැනීමට උපකාර වූ ඇසතු බෝධිය ට සතියක් අනිමිස (ඇසිපිය නොහෙළා කරන) ලෝචන පූජාවෙන් කරන ලද කළගුණ සැලකීමයි.
බුදුරජාණන් වහන්සේ ගේ පහළවීමෙන් පසුව ඇසතු ගස පූජනීයත්වයට පත්වූයේ එහි ඇති ගුප්ත බව නිසා නොව බුදුවන දින උන්වහන්සේට සෙවණ දුන් බැ විනි. ඒ නිසා එය බුදුරජාණන් වහන්සේගේ් පාරිභෝගික වස්තුවක් වූ බැවිනි.
බුදුපිළිම නිර්මාණය ට පෙර බුද්ධත්වයේ සංකේතය වූයේ බෝධි වෘක්ෂයයි. පළමු බෝධි රෝපණය සිදුකරන ලද්දේ බුදුරාජණන් වහන්සේ ජීවමාන කාලයේදී ය. ඒ සැවැත්නුවර ජේතවනාරාමයේ පිහිට වූ ආනන්ද බෝධියයි. එය බෝධි වංශයේ මෙසේ දැක්වෙයි.
එවේලෙහි අනද මහ තෙරුන් වහන්සේ, ස්වාමිනි! නුඹ වහන්සේ සැරිසරා වැඩි කල්හි මේ ජේතවන විහාරය කුසල් කැමති සත්ත්වයනට පිළිසරණ නොවෙයි. මනුෂ්‍යයෝ පිදිය යුතු ස්ථානයක් නො ලබති. එසේ හෙයින් ශ්‍රී මහා බෝධියෙන් බිජුවටක් ගෙනවුත් ජේතවන දොරටුවෙහි රෝපණය කරවම් ද ස්වාමිනි යි විචාල සේකැ
එවේලෙහි බුදු හිමියෝ ‘යහපත ආනන්ද ස්ථවිරය! රෝපණය කරව එසේ කල්හි ජේතවනයෙහි මාගේ නිරන්තර වාසයක් මෙන් වන්නේ යැයි වදාළ සේක.
සිංහල බෝධිවංශය
ආනන්ද බෝධිකතා 87 පිටුව
අල වූ ඉසිසැබිහෙළ
1968 ප්‍රථම මුද්‍රණය
සීමා සහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම

එවිට ආනන්ද තෙරුණවෝ මුගලන් මහ තෙරුන් වහන්සේට ඒ බව දන්වා ශ්‍රී මහා බෝධියෙන් බෝධි ඵලයක් ගෙන්වා ගත්හ. එය බෝධි වංශයේ මෙසේ සඳහන් ය.
‘ආනන්ද මහ තෙරුන් වහන්සේ බෝධි රෝපණය කරන්නා වූ ස්ථානයෙහි මහත් වූ ස්වර්ණ කටාහය තබා, යටින් සිදුරු කොටැ ගඳ කළල් පුරවා ‘මේ බෝධි ඵලය රෝපණය කරන්නැ මහ රජ්ජුරුවෙනි! කියා කොසොල් රජ්ජුරුවන් අතට දුන් සේ කැ’ එවේලෙහි කොසොල් රජතෙමේ මෙසේ සිතීයැ, රාජ්‍ය ඇමතිව කල්හි අප අතැ සිටුනේ නොවෙයි. අප කෙරේ වෛරී වූ කිසියම් රජ දරු කෙනෙක් වූනම්, අප කළ දෙයට උපද්‍රව කෙරෙති. එහෙයින් මේ බෝ ඵලය මා විසින් අනේපිඬු මහසිටාණන් ලවා රෝපණය කරවන්නට වටනේ යැ යි සිතා කොසොල් රජ ඒ බෝධි ඵලය අනේපිඬු මහසිටාණන්ගේ අත්ලෙහි තැබුයේ යැ එකෙණෙහි අනේපිඬු මහ සිටාණෝ ගඳ කළල් පීරා බෝධි ඵලය ඒ ස්වර්ණ කටාහයෙහි එළුවාහු ය’.
සිංහල බෝධිවංශය
ආනන්ද බෝධි කතා 
88 - 89 පිටු


වැඩුණු බෝධීන් වහන්සේ දුටු අනද මහ තෙරුණුවෝ පූජා සත්කාර කරවා බුදුරජාණන් වහන්සේ කරා එළඹ
ස්වාමීනි! නුඹ වහන්සේ විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ් සමීපයෙහි වජ්‍රාසනාරූඪවැ සමවන්නා වූ සමාපත්තියට මා විසින් රෝපණය කරවන ලද බෝධින් වහන්සේ සමීපයෙදී වැඩහිඳැ මහා ජනයාට හිතවැඩ පිණිස සමවැදුණ මැනවැ’යි කී සේක.
එකෙණෙහි බුදු හිමියෝ වදාරන සේක්
‘ආනන්දයෙනි! කුමක් කියවුද? මා විසින් මහබෝ මැඩැ සමවන් සමවත් සම වැදැ හුන් කල්හි අන්‍ය වූ ප්‍රදේශයෙක් එය දරන්නට අසමර්ථ වන්නේ යැයි වදාළ සේකැ.
ඒ අසා ආනන්ද මහතෙරුන් වහන්සේ, ස්වාමිනි! සත්ත් ව කරුණාව නිසා මේ භූ®මි ප්‍රදේශයට සෑහෙන පමණකින් මේ බෝධි ද්‍රැමය සමීපයෙහි ද ඵල සමාප්ති සැපය අනුභව කොටැ වදාළ මැනැවැ යි කී සේක. ඒ අසා සියළු සත්ත්වයන්ට හිතවැඩ කිරීමෙහි ඇලුණා වූ බුදුරජාණන් වහන්සේ ඒ ඵල රුහ මහා බෝධිය සමාපත්ති සැපයෙන් එකමැ රාත්‍රියක් ප්‍රයෝජන විඳැ වදාළ සේකැ..... ඒ බෝධිය අනද මහතෙරුන් වහන්සේ විසින් රෝපණය කරු වූ බැවින් ආනන්ද බෝධි යැයි ලෝකයෙහි ප්‍රසිද්ධ වූයේ ය.
සිංහල බෝධිවංශය
ආනන්ද බෝධි කථා
88 - 89 පිටු


ආනන්ද බෝධි වන්දනාව
සුරෝපිතං සුදත්තේන - සම්බුද්ධෙ නාපි සේවිතං
ආනන්ද බෝධි නමෝයං - දුමින්දං සිරසා නමාමි



අශෝක යුගය

මෙයින් පසුව බෝධි පූජා ගැන අසන්නට ලැබෙන්නේ ධර්මාශෝක රජතුමාගේ් කාලයේදීය. බුදුදහම වැළඳගත් අශෝක රජතුමා ප්‍රථමයෙන් ම බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධින් වහන්සේ වැද පුදා ගත්තේය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුවඳ පැන් කළ දහසයකින් නැහැවීය. සාංචි, භාරුත් යන තැන්වල ශ්‍රී මහා බෝධින් වහන්සේ කැටයම් කරවන ලදී. ධර්මාශෝක රජතුමා බෝධි වන්දනාව කළ බව සමන්ත පාසාදිකා අටුවාවෙහි සඳහන් ය. එතුමා ගේ කාලයේ දී මුළු භාරත දේශයේ ම බෝධි වෘක්ෂ සහ මල් ආසන කරවීම අනිවාර්ය අංගයක් විය.

ශ්‍රී මහා බෝ දක්ෂිණ ශාඛාව
අශෝක රජතුමා ශ්‍රීමහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට එවීමට පෙර බෝධින් වහන්සේට පූජාකළ ආකාරය මහා වංශයේ මෙසේ දැක්වෙයි.
‘....... ඒ පෙළහර දැක සතුටු වූ මිහිපති තෙම ‘මම රාජ්‍යයෙන් මහා බෝධිය පුදමි’ යි කියා මහාබෝධිය මහා රාජ්‍යයෙහි අභිෂේක කළේය. මිහිපති තෙමේ මල් ආදියෙන් මහා බෝධිය පුදා ප්‍රදක්ෂිණාකොට අටතැනෙක් හි ඇඳීලි බැඳ නමස්කාර කොට...’
ම.වං 18 පරිච්ඡේදය 77 පිටුව

බෝධි ශාඛාව කටාරමෙහි පිහිටි කල්හිද එතුමා නැවත බෝධින් වහන්සේ රාජ්‍යයෙන් පිදූහ.
‘නොයෙක් ප්‍රාතිහාර්යයන් කරණ කොට ගෙන පිනා ගියා වූ ඒ මහරජ තෙම නැවත මහා බෝධිය මහා රාජ්‍යයෙන් පිදුයේ ය. ඒ නරේන්ද්‍ර තෙමේ මහා බෝධිය මහා රාජ්‍යයෙන් අභිෂේක කොට නා නා පූජායෙන් පුදන්නේ නැවත සත් දවසක් ම එහිම වාසය කළේය.’
මහා වංශය 77 - 78 - 79 පිටු
හික්කඩුවේ සුමංගල හිමි
රත්නාකර පොත් සමාගම
කොළඹ
1946


වැඩි විස්තර සඳහා මෙහි 18 වන පරිච්ඡේදය බලන්න. ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව සංඝමිත්තා තෙරණිය සමග ලක්දිවට වැඩම කරවීමට පෙර ස්වර්ණ සංඛ, රජත සංඛ සහ දක්ෂණ වෘත්ත සංඛවලින් අනෝතත්ත විලෙන් ගෙනා ජලයෙන් බෝධීන් වහන්සේ අභිෂේක කළහ.
බෝධීන්වහන්සේ ලක්දිවට එවන විට බෝධීන් වහන්සේ නැහැවීමට රන් කෙණ්ඩි අටක් සහ රිදී කෙණ්ඩි අටක් මෙහි එවූ බවද සඳහන් වෙයි.
බෝධින් වහන්සේ ඒ මොහොතෙහි දක්වන ලද ප්‍රාතිහාර්යයෙන් සතුටට පත් රජතුමා, මම බෝධීන් වහන්සේ තෙවරක් රජයෙන් පිදුවෙමි. මගේ් යහළු රජතෙමේද එසේම රජයෙන් පුද කෙරේවා යි ප්‍රකාශ කළහ.

ලක්දිව බෝධි රෝපණය
ලංකේශ්වර නරේන්ද්‍ර තෙම පී‍්‍රති වාක්‍ය පවත්වමින් ගී‍්‍රවය පමණ ජලයට බැස සොළොස් කුල ජනයන් සමග මහා බෝධිය හිසින් දරා ගෙන වෙරළට නගා ගෙන යහපත් වූ මණ්ඩපයෙහි වඩා ලංකා රාජ්‍යයෙන් පිදුයේ ය. නරේන්ද්‍ර තෙම රාජ්‍යය සොළොස්කුල ජනයන්ට පමුණුවා තෙමේ දොරටුපාල තන්හි සිට තුන්දිනක් එහිම නා නා විධ පූජා කළේය.
“ජනයන් බලා සිටියදී පැදුම් දිග ශාඛාවෙන් වැටෙන්නා වූ විලිකුම් බෝ ඵලය ස්ථවිරයන් බලා සිටියදී පැදුම් දිග ශාඛාවෙන් වැටෙන්නා වූ විලිකුම් බෝ ඵලය ස්ථවිරයන් වහන්සේ රැගෙන රෝපණය කරනු පිණිස නරේන්ද්‍රයාණන්ට දුන් සේක. සුගන්ධ ද්‍රව්‍ය මිශ්‍ර වූ පසින් පිරූ රන්කටාරමක් මහාඝන ස්ථානයෙහි තැබූ කල්හි ඒ බෝ ඵලය නරේන්ද්‍ර තෙම රෝපණය කළේය. සියල්ලන් බලා සිටියදීම අංකුර නැගි තරුණ බෝ රුක් වූවෝ සතර රියන් පමණ සිට ගත්හ. ඒ තරුණ බෝ රුක් දැක විශ්මයට පත්වූ සිත් ඇති නරේන්ද්‍ර තෙම සේසතින් පිදුයේ අභිෂේකය ද දුන්නේ ය.’ ඒ අටක් බෝධි වෘක්ෂයන් දඹකොළ පටුන, තිවක්ක බ්‍රාහ්මණ ගම, ථූපාරාමය, ඉසුරුමුණිය, පළමු සෑ මළුව, සෑගිරි අරම කතරගම සහ සඳුන්ගම යන තන්හි පිහිට වූහ.
අනෙක් ඵල සතරින් උපන් දෙතිසක් තරුණ බෝධි වෘක්ෂයෝ දිවයින යොදුනෙත් යොදුන විහාරස්ථානයන්හි පිහිට වූහ.( ම.වං 82 පිටුව) වැඩි විස්තර - සිංහල බෝධිවංශය 215 පිටුව දුමින්දාගමන කථා - බලන්න.
පසුකාලයේ පහළ වූ භාතිකාභය, ධාතුසේන ආදී රජවරු ද බෝධිපූජා පැවැත්වූහ.
රටට විපතක් හෝ සම්පතක් ඇතිවිමේදී ශ්‍රී මහා බෝධින් වහන්සේ එහි පෙර නිමිති පහළ වන බව බෞද්ධයෝ විශ්වාස කරති. රට ජාතියේ අභිවෘද්ධිය සඳහා කරන කටයුතුවලදී ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද පූජා කර ආශිර්වාද ලබා ගනිති.
ඒ අනුව රජවරු සහ පාලකයෝ වර්තමානයේද ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද පූජා කෙරෙති.

චාරිත්‍ර -
බෝධි මූලය පැනින් නැහැවීම. මේ සඳහා සුවඳ පැන් සහ කිරි භාවිත කෙරේ. නමුත් බෝධි වෘක්ෂය නිතර කිරිවලින් නැහැවීම එයට අහිතකර වේ. මේ අනුව පැන් කළ හත, දොළහ විසි එක ආදී වශයෙන් ඒ ඒ ශාන්ති කර්ම අනුව යොදා ගනී. මල්මාලා ධජ, පතාක ආදියෙන් බෝධින් වහන්සේ සැරසීම මෙම චාරිත්‍ර අතර වෙයි. කවි ගායනය, ගාථා සජ්ඣායනයද සිදුකරයි.

බෝධි පූජාවක් පවත්වන අනුපිළිවෙල -
බෝධි පූජාවක් පැවැත්වීමට පළමු තමා පිරිසුදු විය යුතුය. සිත කය වචනය සංවර කරගෙන ප්‍රථමයෙන් පංචශීලයෙහි පිහිටිය යුතුය. බෝධි පූජාවක් පැවැත්වීම සඳහා බොහෝ අය භික්ෂූන් වහන්සේ නමක ගේ උපකාරය ලබා ගනිති. එසේ නොමැතිව තමන්ටම සාර්ථක බෝධි පූජාවක් පැවැත්වීමට පුළුවන. ඒ සඳහා නියමිත කවි ගාථා ආදිය මතක තබා ගෙන සිටීම වඩාත් ප්‍රයෝජනවත් ය. මෙහිදී පළමුව පැන් බදුනක් හෝ ගිලන් පස පූජා කර පංචශීලය සමාදන්ව මල් පහන් පිදිය යුතුය. ඒ මෙසේය.

පහන් පූජාව -
සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - දීපේනේතේන සාදරං

මල් පූජාව -
සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං -කුසුමේනේතේන සාදරං

සුවඳ දුම් පූජාව -
සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - ධූපේනේතේන සාදරං

පැන් පූජාව -
සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - උදතේනේතේන සාදරං

ගිලන්පස පූජාව -
අධිවාසෙතු නො භන්තෙ - ගිලාන පච්චයං ඉමං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං

මීට අමතරව මල්මාලා, කොඩි, චීවර ආදිය පූජාකරන ගාථා ගායනා කිරීම්ද මැනවි. අද බොහෝවිට බෝධි පූජාවලදී කවි ගායනා අසන්නට ලැබේ.

උදා - දඹදිව් තලයේ හටගත් බෝධිය
මහමෙව්නාවේ රෝපිත බෝධිය
ගෞතම මුනිඳුන් පිටදුන් බෝධිය
අපිත් වඳිමු ජයසිරි මහ බෝධිය

බෝධි වන්දනා ගාථා
ඉන්ද නීල වණ්ණ පත්ත සේත ඛන්ද භාසුරං
සත්තු නෙත්ත පංකජාති පූජිතග්ග සාදතං
අග්ග බෝධි නාමවාම දේවරුක්ඛ සන්නිහං
තං විසාල බෝධිපාද පං නමාමි සබ්බදා

මේ සමග ග්‍රහ අපල දුරුකරන කවි ද ගාථාද කියවීමට පුළුවන. බෝධි පූජා සඳහා නියමිත පොතක් බලාගෙන වුවද කියවීමෙන් බෝධි පූජාවක් කිරීමට පුළුවන.

ශ්‍රී මහා බෝධි වන්දනාව
සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ - සමදිට්ඨිත දක්ඛිණ ශාඛ භවං
සුභ මේඝ වනම්බර මේඝ නිභං - ජයබෝධිමහං පණමාමි වරං

දඹදිව ශ්‍රී මහා බෝධි වන්දනාව
යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන
‍ජෙත්වා ස්වාසන කිලේස බලං මුනින්දෝ
සම්බෝධි ඤාණ මවගම්ම විභාස සම්මා
තං බෝධි චේතය මහං සිරසා නමාමි

තමන්ට සෙත්පතා ගැනීම
ජයෝහි මුනින්දස්ස සුබෝධි මූලේ - අහෝසි මාරස්ස පරාජයේහි
උග්ඝොසයුං දේවගණා පසන්නා - ඒතෙන සච්චේන ජයස්සු මයිහං

ප්‍රාර්ථනා ගාථා
ඉමිනා පුඤ්ඤ කම්මේන - මා මේ බාල සමාගමෝ
සතං සමාගමො හෝතු - යාව නිබ්බාන පත්තියා

තෙරුවන් සමාකර ගැනීම
කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං
අච්චයංඛම මේ භන්තෙ භූරි පඤ්ඤ තථාගත

ඤාතීන්ට පින්දීම
ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හෝන්තු ඤාතයෝ

දෙවියන්ට පින්දීම
එත්තා වතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද් ධියා


මේ ආකාරයට බෝධිපූජා පැවැත්වීමෙන් තමාටත් සියලු ලෝකවාසී ජනතාවටත් ශාන්තියක් උදාකර ගැනීමට අධිෂ්ඨාන කරගනිත්වා!

ශාස්ත්‍රවේදී අධ්‍යාපන ඩිප්ලෝමා
එන්. කරුණාරත්න


බෝධි පූජාව ගැන ඔබ නොදන්නා අනුසස් මෙන්න කවදාවත් ඔබ මේවා නම් දැනගෙන නැතුව ඇති.


භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේව නියෝජනය
කිරිම සඳහා බෝධි රැක්ෂය සුදුසු වන්නේ ඇයි?
.
මේ පිළිබඳවත් යමි දැනුමක් තිබිම වැදගතු වනු ඇතැයි සිතමු. අපි නොයෙක් ස්ථාන වල තුන්රැවන් සිහිකොට වන්දනාමාන කටයුතු වල නිරත වන බව ඔබ දන්නවා. දැන් අපි බුදු පිලිම වහන්සේ නමක් උදාහරණයට ගමු. අපි දැන් මේ පිළිමවහන්සේ දෙස බලලා ජීවමානව වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ සිතින් දැකිමටයි උත්සාහ කරන්නේ. ඒයයි නිවැරදි ක්‍රමය වැදුමි පිදුමි කල යුත්තේ ඒ ආකාරයෙනුයි. නමුත් ‍යමි බුද්ධ ප්‍රථිමාවක් දුටු විට ඔබට මුලින්ම සිතෙන්නේ කුමක්ද යන්න පිලිබඳව සිතෙන් විමසා සිටින්න. එක්කෝ මේ පිළිමවහන්සේ ළස්සනයි කියලා හිතෙයි. ‍එක්කෝ මේක ලොකුයි කියලා හිතෙයි. එක්කෝ මේක පොඩියි කියලා හිතෙයි. එක්කෝ මේක මහායානිකයි කියලා හිතෙයි. එක්කෝ මේකේ කන් දෙක දිග වැඩියි කියලා හිතෙයි. එක්කෝ මේකේ මේ මේ තැන් වල ඇද තියනවා කියලා හිතෙයි. එක්කෝ මෙක මේ මේ තැන් වලින් කැඩිලා කියලා හිතෙයි. එක්කෝ මේක හරියට හදලා නෑ කියලා හිතෙයි. නැත්නමි මේක ප්ලාස්ටික්ද, කළු ගල්ද? සිමෙන්ති ද? හුණුද? පැරිස් බදාමද කියලා තටිටු කරලා බලන්න හිතෙයි. නැත්නමි මේක වටිනවා කියලා හිතෙයි. නැත්නමි වටින්නේ නෑ කියලා හිතෙයි. යමි ප්‍රථිමාවක් දුටු විට ඔබට මුලින්ම නැගී එන සිතුවිල්ල මේ වගෙ එකක් නේද?

ඇත්තවශයෙන්ම මේ සිතුවිලි සියල්ලම ක්ලේෂ ධර්මයන්. ලෝභය, ද්වේශය, මෝහය පදනමි කර ගනිමින් ඇතිවන අකුසල යන් තමයි මේ සිතේ මුලින්ම ජනිත වන්නෙ. චෛත්‍යක් දැක්ත් එහෙමයි, ලොකුයි පොඩියි, සුදුයි, පරණයි ආදි වශයෙන් තමයි සිතෙන්නේ, ආරාම මෙ හැම වස්තුවක් තුලින්ම සාමාණ්‍ය පුද්ගලයෙකුට ජනිත කර දෙනුයේ අකුසල සිතුවිලි සමූහයක්. ප්‍රඤ්ඤාව තුලින් ඒවා යටපත් කර ගනිමින් තමයි ඒ වැදුමි පිදුමි ආදිය එතකොට ඥාන සමිප්‍රයුක්ත කුසලයක් උපදවනවා නමි කරන්නට වෙන්නේ. මේ දේ හැමොටම කරන්න පහසු වන්නේ නෑ.

නමුත් බෝධියක් දුටු විට ඔබට ඇතිවන සිතුවිලි මාලාව දෙස දැන් සිතා බලන්න. ඔබටම වෙනස වැටහේවි. බොහොම මධ්‍යස්ථ උපෙක්ෂා සහගත සිතුවිලි සමූහයක් ඔබේ සිතේ ජනිත වන බැවි ඔබට දැන් මේ ළිපිය කියවමින් වුවත් අත් දකින්නට පුළුවන් වේවි. එයට හේතුව රැක්ෂයක් යන්න මිනිසුන්ට මධ්‍යස්ථ අරමුණක් විමයි. කවුරැත් සාමාණ්‍යයෙන් ගසක් දිහා බලාගෙන මේක අර කලින් පිළිමයක් දෙස බලාගෙන ඇතිකරගත් ආකාරයෙන් සිතුවිලි ඇතිකර ගන්නේ නෑ. ඒකයි සාමාණ්‍ය තත්වය. එතකොට බෝධින්වහන්සේ අසලට යන විටම සිත උපෙක්ෂාසහගතයි. නිවිලා. කුසලයක් කිරිමට සුදුසු සිතේ තැමිපත් බව ඇතිවෙලා. දැන් ඔබට තේරැමි ගන්නට පුළුවන් වෙන්නට ඒන. ඇයි සියලු කෙලෙසුන්ගෙන් මිදුන බුදුපියාණන්වහන්සේ උන්වහන්සේ දිවමන් කල මෙන්ම පරිනිර්වාණයට පත්වු කලද බෝධිය පුජනීයයි කියා දේශනා කලේ යන කරැණ.
දැන් බෝධි පූජාවේ ආනිසංශ සලකා බලමු. මේ කරැණු ඉදිරිපත් කරණුයේ අපදාන පාළිය, ථේර අපදානයේ සඳහන් කරැණු සංශේප ලෙස දක්වමිනුයි.

බෝධියට පවන් සැලීමේ ආනිසංශ
සුමනවිජනිය ථෙරාපදානය
.
විපස්සී බුදුරජුන්ගේ උතුමි බොධි වෘක්‍ෂය සමීපයෙහිදී සමන් මල් විජිනියක් ගෙන මම ඒ උතුමි බෝධියට පවන් සැලීමි. මින් එක් අනූවන කපෙහි උතුමි බෝධියට පවන් සැලූයෙමිද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. පවන් සැලීමෙහි විපාකය මෙයයි. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියඵ භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැදීම සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. නළමාලිය වග්ග. සුමනවිජනිය ථෙරාපදානය.)
.
▬▬▬▬
.
බෝධියට ශබිධ පූජා පැවැත්වීමේ ආනිසංශ
එක සංඛිය ථෙරාපදානය.
.
විපස්සී බුදුරජුන්ගේ මහා බෝධි පූජාවක් විය. මහජනයා රැස්ව උතුමි බෝධියට පූජා කෙරෙත්. යමි ශාස්තෘවරයෙකගේ බෝධියද මෙබදු පූජනීය වස්තුවක් නමි, ඒ උතුමා ලාමක කෙනෙකැයි නොහගිමි. බුද්ධ ශේෂ්ඨයෙක් වන්නේය.
ඉක්බිති සකක් ගෙන බෝරුක වෙත එළඹියෙමි. මුඵ දවසෙහිම එය පිඹිමින් උතුම බෝධිය වැන්දෙමි. කරන ලද එම පුණ්‍ය කර්මය මරණාසන්න කල්හි මා දෙවි ලොවට පැමිණවීය. මාගේ සිරුර අප්‍රාණිකව වැටිනි. මම දෙව් ලොව සිත් අලවා වසමි. තටුවූ, පමුදිතවූ සැටදහසක් තූර්‍ය වාදකයෝ හැමකල්හි මට උවටැන් කෙරෙත්. බුධ පූජාවෙහි මෙ විපාකයයි. එක් සැත්තෑවන කපෙහි සිව මහ දිවයින් හා සිව සයුරු කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූ, සතුරු රජුන් ජයගන්නා සුඵවූ, විශේෂයෙන් ජමබුද්වීපයට අධිපතිවූ සුදස්සන නම් සක්විති රජෙක් වීමි.
යලි එහි සප්තාංගීක තූර්‍යයෝ හැම කල්හි මා පිරිවරත්. ස්වකීය කර්මය අනුභව කරමි. බෝධි උපස්ථානයාගේ මේ විපාකයයි. දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම යම් යෝනියක උපදිම් නම්, මව් කුස පිළිසිඳ ගත්තාවූද මට හැමකල්හි භෙරීහු වාදනය කෙරෙත්. සම්බුදුරජුන් වෙත එළඹ සමපත් අනුභවකොට, අතිශයින් ක්ෂේමවූ, ශිවවූ, අමෘතවූ අචල පදය වන නිවනට පැමිණියේ වෙමි. මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම කර්මයක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුධ පූජාවෙහි මේ විපාකයයි.
ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.
(අපදාන පාළිය. ථෙරාපදානය. එක වීහාරීය වග්ග.)
.
▬▬▬▬
.
බෝ මළුව ඇමදීමේ ආනිසංශ
සකිංසමිමජ්ජක ථෙරාපදානය.
.
විපස්සී බුදුරජුන්ගේ උතුමිවූ පාටලී බෝධි වෘක්‍ෂ රාජයා දැක එහි සිත පැහැදවීමි. එකෙණෙහි මම මුස්න ගෙන බෝ මඵව හැමැද්දෙමි. හැමද, ඒ පළොල් බෝධියට වැන්දෙමි. මම එහි සිත පහදවා හිසෙහි ඇඟිලි බැඳ ඒ බෝධියට වඳිමින් ගෞරවයෙන් නැමුනේ ඉවත්ව ගියෙමි. මම උතුම බෝධිය ගැන සිතමින් අඩිපාරකින් යමි. එහිදී මහත් බල ඇති ඝෝර ස්වරූප ඇති පිඹුරෙක් මා පෙළීය. මරණාසන්නයෙහි මා විසින් කරණ ලද බෝධි පූජා කර්මය විපාකයෙන් මා සතටු කරවීය. පිඹුරා මාගේ ශරීරය ගිලී. මම දෙවි ලොව සිත් අලවා වසමි. මාගේ සිත හැම කල්හි නිශ්චලය. ශෝකයෙන් ඇතිවන පීඩා කිසිවක් ගැන නොදනිමි. එසේම මාගේ චිත්ත සන්තාපයක්ද නොදනිමි. කුෂ්ටය, ගණ්ඩය, කැසිලිය, අපස්මාරය, සම ගැලවී යන කුෂ්ටය, දදය, කැසුමිය යන මෙ රෝගයන් මට නැත. මෙ හැමදීමෙ විපාකයයි. ශෝකයද, වැළපීම ද මාගේ සිතෙහි නැත. ශාන්ත වූ තැති නොගත් ඍජුවූ සිත ඇත්තේ වෙමි. මෙය හැමදීමෙ විපාකයයි. සමාධීන්හි ඇලුනෙමි. සිත ප්‍රකට පැහැදිලි වේ. යමි යමි සමාධියක් කැමැත්තේ නමි, ඒ ඒ සමාධිය මට සමෘධ වේ. නොඇලිය යුතු දෙයෙහි නොඇලෙමි. මුලා නොවෙමි. මෙය හැමදීමෙහි විපාකයයි.
මින් එක් අනූවන කපෙහි යමි කර්යක් කෙළෙමද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. හැමදීමෙහි විපාකයයි.
ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.
(අපදාන පාළිය. ථෙරාපදානය. සකිංසමි මජ්ජක වග්ග)
.
▬▬▬▬
.
බෝධියට මල් පිදීමේ අනුසස්
තිපුප්ඵිය ථෙරාපදානය.
.
මම පෙර මහ වෙනෙහි වැද්දෙක්වීමි. විපස්සී බුදුරජුන්ගේ නිල්වන්වූ පළෝල් බෝධිය දැක එයට මල් තුනක් විසිරවීමි. පිදීමි යමි කර්මයක් කෙළෙමද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. මම එකල්හි බෝකොළ සතක් අවුලා ගෙන පිටත දැමීමි. ඇතළත පිරිසිදුවූ පිටත ද පිරිසිදුවූ කෙළෙසුන්ගෙන් මැනවින් මිදුණු ආශ්‍රව රහිතවූ ලෝක නායකවූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහිදී මෙන් පළොල් බෝධිය වැඳ මම එහි කඵරිය කෙළෙමි.
මින් එක් අනූවන කපෙහි යම බෝධි පූජාවක් කෙළෙද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මෙ විපාකයයි.
මින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති සමන්ත පාසාදිකා නමි වූ සක්විති රජවරු තෙළෙස් දෙනෙක් වූහ. මේ සිව පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
(අපදාන පාළිය. ථෙරාපදානය. සුධාපිණ්ඩිය වග්ග.)
.
▬▬▬▬
.
බෝධියට සුවඳ පැන් පිදීමේ අනුසස්
ගන්‍ධාදකිය ථෙරාපදානය.
.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මහාබෝධි නමි මහබෝ පූජාවක් විය. විසිතුරු කළයක් ගෙන මම එහි සුවඳ පැන් වත්කෙළෙමි.
බෝධිය නාවන කල්හි මහ වැසි වැස්සේය. හෙන පුපුරණ කල්හි මහත් ශබිදද විය.
එම අසනි වේගයෙන් (හෙන පහරින්) එහිම කඵරිය කෙළෙමි. මම එකෙණෙහි දෙව් ලොව උපන්නේ මෙම ගාථාවන් කීමි.
සර්වඥ තෙම ආශ්චර්‍යයකි. ධර්මය ආශ්චර්‍යයකි. අපගේ සාස්තෲ සමිපත්තිය ආශ්චර්‍යයකි. මාගේ සිරුර හෙන පහරින් ඇදවැටුනි. ඉන් චුතවූ මම දෙවලොව සිත් අලවා වසමි. පැන නැගනාවූ මාගේ සත්බුමු විමන උස්ව නැගනේය. හැම කල්හි සියක් දහසක් කන්‍යාවෝ මා පිරිවරත්. මට ආබාධයෝ නොවෙත්. මට ශෝකයත් නැත. පරිළාහයන් තැවීමක් නොදකිමි. පුණ්‍ය කර්මයාගේ මෙ විපාකයයි.
දෙදහස් අසූවන කපෙහි සත්රුවනින් යුක්තවූ මහත් බල ඇති සංවසිත නමි සක්විතිරජෙක් වීමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. වීජනි වග්ග.)
.
▬▬▬▬
.
බොධියට ධජ පූජා කිරීමේ හා පිරිසිදු කිරීමේ අනුසස්.
ධජදායක ථෙරාපදානය.
.
මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ උතුම බෝරුකෙහි සතටුවූයේ, සතටු සිතින්ම ධජයක් නැගීමි. බෝධියෙන් වැටුණු කොළ ගෙන පිටතට බැහැර කරවීමි. ඇතළත පිරිසිදු පිටතද පිරිසිදු විශේෂයෙන් කෙළෙසුන්ගෙන් මිදිණු ආශව රහිතවූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි මෙන් උතුම බෝධිය වැන්දෙමි. පූජාවන් පිළිගන්නාවූ නොහොත් ලෝවැස්සනගේ පූජාවන්ට ගෙයක් වැනිවූ ශාස්තෘවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මේ ගාථා වදාළ සේක. මෙම ධජ දානයෙන්ද බෝපත් බැහැර කිරීම වශයෙන් කළ උපස්ථානයෝද යන මෙ දෙකින් හෙතෙම කල්ප ලක්‍ෂයක් මුඵල්ලෙහි දුගතියට නොයයි. දෙවියන් අතර බොහෝවූ දිව්‍ය සෞභාග්‍ය සමිපත් අනුභව කරන්නේය. නොයෙක් සිය ගණන් වාරයක්හි රටෙහි රජ වන්නේය. නමින් උග්ගත නමිවූ සක්විති රජෙක්ද වන්නේය.
කුශල මූලයන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභවකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි සිත් අලවා වාසය කරන්නේය කියායි. උපශාන්තවූයේ, උපධි රහිතවූයේ වඩනා ලද වීර්‍ය ඇත්තේ වෙමි. සර්වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. )
.
▬▬▬▬
.
බෝධි රෝපණයේ ආනිසංශ
අසනබෝධිය ථෙරාපදානය.
.
උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම තිස්ස බුදුරජාණන් වහන්සේ දිටිමි. පහන් සිත් ඇත්තේ, සොමනස්වූ මම තථාගතයන් වහන්සේ වෙත එළඹුනෙමි.
ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගණ ඇති, තිස්ස බුදුරජාණන් වහන්සේට සතුටුවූයේ, සතටු සිතින් උන්වහන්සේගේ බෝ රුකින් ඵලයක් ගෙන උතුමි බෝධියක් රෝපනය කෙළෙමි. නමින් අසන (පියා) නමවූ බෝධි වෘක්‍ෂයයි. එම උතුම බෝරුක පස්වසක් පිරිවරණය කෙළෙමි පිදීමි. ආශ්චර්‍යවූ, ලොමු දැහැ ගන්වන්නාවූ, පිපිනු පියා බෝ රුක දැක ස්වකීය කර්මය ප්‍රකාශ කරන්නේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹුනෙමි. එකල්හි සියල්ල තෙමෙ දැනගත්තාවූ, අග්‍ර පුද්ගලවූ, ඒ තිස්ස සර්වඥ තෙමෙ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මෙම ගාථාවන් වදාළ සේක. යමෙක් විසින් මෙම බෝධිය රෝපණය කරණ ලදද, බුද්ධ පූජාව මැනවින් කරණ ලදද, මම ඔහු කවරෙක්දැයි ප්‍රකාශ කරන්නෙමි. ප්‍රකාශ කරන්නාවූ මාගේ වචනය අසවි.
හෙතෙම තිස් කපක් දෙවියන් අතරෙහි දිව්‍ය රාජ්‍යය කරන්නේය. සූ සැට වරක් සක්විති රජ වන්නේය. කුශල මූලයෙන් මෙහෙයන ලද්දේ, තුෂිත දෙව් ලොවින් චුතව, දිව්‍ය මනුෂ්‍ය සමපත් දෙක අනුභව කොට මිනිසත් බැව්හි සිත් අලවා වසන්නේය. වීර්‍යයෙන් මෙහෙයන ලද සිත් ඇති, උපශාන්තවූ, උපධි රහිතවූ, හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශව රහිතව පිරිනිවන් පාන්නේය කියායි.
විවෙකයෙහි යෙදුනේ, උපශාන්තවූ, උපධි රහිතවූ මම හස්ති රාජයෙකමෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
මින් දෙඅනූවන කපෙහි වූ, එකල්හි එම පියා බෝධිය රෝපණය කෙළෙමි. ඒ හේතවෙන් දුගතියක් නොදනිමි. බෝධි රෝපනයෙහි මෙ විපාකයයි.
(අපදාන පාළිය. ථෙරාපදානය.)
ප්‍රිය මිතුරනේ අපදාන පාළියේ තවත් බෝධි පුජා ආනිසංශ දැක්වෙන අපදාන දක්වා ඇතත් මෙහිදී දක්වා ඇත්තේ වර්ථමානයේ ජනප්‍රිය වූ පූජාවන් හා සමිබන්ධ වූ ආනිසංශ දැන්වෙන අපදානයි. කෙසේ වෙතත් මෙහිදී ඉහත අපදානයන්ගේ ඒ ඒ කතාවේ වර්ණ කර ඇති කොටස් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමටයි මේ සූදානමි වනුයේ.
එක් එක් අපදානයෙන් උපුටන ලද මේ කොටස් දෙස බලනා විට ඔබට හැඟී යන්නේ කුමක්ද? ආශ්‍රවයන්ගෙන් මිදුනාවු මේ රහතුන්වහන්සෙලා ඒ උත්තම වූ පුන්‍ය කර්මය කිරීමෙ දී මෙනෙහි කර අත්තේ අන් කිසිවක් නොව බුදු ගුණමය, දහමි ගුණමය, සඟුන් ගුණමය.ඒ තමයි තුන්රැවණ කෙරෙහි වන්නාවු පැහැදීම. ඒ පැහැදීම තුලින්මයි මේ ලැබුවා වූ සැප සමිපත් ලැබුවේ. ඒ පැහැදීම තුලිමයි ඒ පුජාවන් සිදුකලේ, ඒ පැහැදීම තුලින්මයි ඒ සංස්කාර රැස් කලේ, ඒ පැහැදීම තුලින් මයි සියළු දුකින් මිදුනාවු පරම ශාන්ත වූ, සියළු සුඛයන් පැරයූ, උතුමි වූ නිවනින් නිවී සැනසුනේ.මෙවන් ආශ්චර්‍යක් සිදු කලේ ‍බෝරැකක් නෙමයි ඒකාන්ත වශයෙන් තුන්රැවන කෙරෙහි ඇතිකර ගත්තාවූ පැහැදීමයි, ශ්‍රද්ධාවයි. මේ කරැණ වැටහෙන්නට ඇති යන්නයි අපගේ අදහස.
.
සාරංශය.
.
01)කුසල් හට ගන්නෙත් අකුසල හට ගන්නේත ස්වකීය චිත්ත චෛතසික පරමිපරාව තුල විනා බෝගස තුල නොවේ.

02)බෝධි පුජෘවකින් යමි ආශ්චර්‍යමත් ඵලයක් යමෙක් ලැබුවා නමි එසේ ලබන්නේ නමි එය තුන්රැවන නිසාම සිදු වන්නකි.

03)බෞද්ධයන් බෝධියට පූජා කරනුයේ “ගසක් වදිමි” යන අර්ථයෙන් නොව. ඒ තුලින් කාටත් කුසල් කිරීමට පහසු වන ශාන්ත වු අරමුණක් ජනිත කර ගැනීමට පහසු බැවිනි.

04)එබැවින් බෝධි පුජා පමණක් නොව කුමන කුසලයක් කලද ඒවා අලෝභ, අදෝශ, අමෝහ යන කුසල මූලයන් හැකි පමණ ඇතිවන සේ කල යුතුය.
.
ඔබ සැමට නිවනින් නිවී සැනසීමට මේ කුසලයන් හේතු වාසනා වේවා!
තෙරුවන් සරණයි...
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X