වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

බෝධි පූජාව

මේ වස් කාලයයි. දිවයිනේ බොහෝ විහාරස්ථානවල දිනපතා හෝ සති අන්තවල බෝධිපූජා පවත්වනු දැක ගත හැකිය. බෝධි පූජාව වස් කාලය තුළ පමණක් සිදුවන කටයුත්තක් නොවේ. එය අද ලක්දිව බෞද්ධයන් අතර නිරන්තරයෙන් සිදුවන ජනපි‍්‍රය ආගමික කටයුත්තක් බවට පත්ව ඇත. මේ නිසා ම පෙර පැවති බෝධි පූජාව අද වන විට විවිධ වෙනස් වීම්වලට භාජනය වී ඇත. මෙම වෙනස් වීම් නිසා අද බෝධි පූජාව පැවැත්වීමේ අරමුණු ද වෙනත් මගක් ගෙන ඇත.
බෝධි පූජාවේ ඉතිහාසය බෞද්ධයන් අතර ප්‍රචලිතය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව දෙවන සතියේ අනිමිස ලෝචන පූජාව පැවැත්වීම, ආනන්ද බෝධිරෝපණා දී සිද්ධි බුද්ධ කාලීන බෝධි පූජාමය කටයුතුවලට උදාහරණ ලෙස සුලභ ව කථා කෙරේ. පසු කලෙක අශෝක, දේවානම්පියතිස්සා දී රජවරුන්ගේ අනුග්‍රහය ඇති ව ද බෝධි පූජාව ජනපි‍්‍රයත්වයට පත්ව ඇත. විශේෂයෙන් ශශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟ බෝධිපූජාව කේන්ද්‍ර කරගනිමින් සිංහල ජන විඥානය හා සාහිත්‍ය කලාව ආදියද නව පණක් ලබා ගෙන ඇත.
අද සිංහල භාෂාවේ ‘බෝධිය’ යන වචනය ගසක නමකි. බෝ ගස යනුවෙන් එය වැහැරේ. නමුත් පාලි භාෂාවේ ‘බෝධි’ යන වචනය අවබෝධය බුද්ධිය වැනි අරුත් දෙන පදයකි. බෞද්ධයන්ගේ වන්දනයට බුහුමනට පාත්‍රවෙන ‘බෝධිය’ වෘක්‍ෂයක් ලෙස ‘අස්සත්ථ, ඇසතු, ඇහැටු’ නමින් පෙර හඳුන්වා ඇත. මෙහිදී අවබෝධ කරගත යුතු ප්‍රධාන කාරණය නම් අප පූජාව පවත්වනුයේ ඇසතු ගසට හෝ එහි අරක්ගෙන සිටින දෙවිකෙනෙකුට නොව බෝධියට බවයි. එනම් එය හුදෙක් බෝධිපූජාව වෘක්‍ෂ වන්දනාවක් ද නොවන බවයි.

බෝධි යනු අවබෝධ බැවින් බෝධි පූජාව ද අවබෝධයෙන් කළ යුතු කාර්යයකි. බුදු දහමේ එන ඕනෑම ආගමික කාර්යයක් අවබෝධය, බුද්ධිය, ප්‍රඥාව පදනම් කරගෙන කළයුතු බව බුද්ධ දේශනාවේ සඳහන් ය. නමුත් අද ඇතැම් අයෙක් බෝධිපූජාව පවත්වනුයේ අවබෝධයෙන් දැයි විමසිය යුතු ය. බෝධි පූජාවට බෝධීන්වහන්සේ වෙත යන බොහෝ අයගේ අරමුණු වනුයේ අපල උපද්‍රව දුරු කරවා ගැනීම හා සෙත ශාන්තිය නිරෝගී සුවය ලබා ගැනීම වැනි කරුණු ය. හදිසි ආබාධවලට ලක්වූවන්ට ආශිර්වාද පිණිස ආගමික කටයුතු කිරීමෙන් ඔවුන් තුළ යහපත් මානසික තත්ත්වයක් ඇති කරලිය හැකි ය. එය කායික නිරෝගී භාවයට ද සෘජු ව බලපානු ඇත. හඳහන පරීක්‍ෂා කරවා ගැනීමෙන් අපල ඇති බව දැනගත් විට හා ඡ්‍යොතිෂවේදීන් බෝධි පූජා පැවැත්වීම නිර්දේශ කළ විට පන්සල බෝධිය සිහිවන බෞද්ධයෝ ද අද සිටිති. මල් පහන් ආදී නෙකවිධ පූජා ද්‍රව්‍යයන් පිළියෙළ කොට ගාථා කවි ගායනා කරමින් දින ගණන් ඇතැම්හු බෝධිය ඉදිරිපට යාඥාවන් පවත්වති. බොහෝ විට එවැනි අවස්ථාවල බුද්ධිය සැඟවී භීතිය, මෝහය වැනි හැඟීම් ඉස්මතු වේ. මෙලෙස පූජාවන් පැවැත්වීමේ දී බොහෝවිට අරුත්සුන් සෝභනකාරී වැඩවල ඇතැම්හු යෙදෙති. ශාස්ත්‍රය නිසි ලෙස නොදත් හා මූල්‍යමය අරමුණු පමණක් ඇති ඡ්‍යොතිෂවේදීහු ද කිසිදු පදනමක් නැතිව දින ගණන් බෝධි පූජාවන් කිරීම නිර්දේශ කරති. සියලු පූජා ද්‍රව්‍යයන් එකම ස්ථානයක තබා පූජාව පැවැත්විය යුතු යැයි ඡ්‍යොතිෂවේදියෙකු නිර්දේශ කළ බැවින් මල් පහන් ආදී සියලු ද්‍රව්‍යයන් බෝධිය අසල බුදුකුටිය තුළ තබා සිදුකළ බෝධිපූජාවක් අවසන් වූයේ මල් ආසන, තිරරෙදි ආදිය ගිනිබත් වීමෙන් බව මෑතක දී අපට සැල විය. ඇතැම් විට බෝධිපූජා පැවැත්විය යුතු කාලවකවානු ද නියම කෙරේ. ඇතැම්හු මධ්‍යම රාත්‍රියේ බෝධිපූජාවට පැමිණෙති. බෝධි පූජාව යනු බුද්ධිය මුල් කරගෙන යෙදිය යුතු ආගමික කාර්යයක් බව බෝධි පූජාව පවත්වන බෞද්ධ අබෞද්ධ හැම කෙනෙකුම තරයේ සිහි තබා ගත යුතු කරුණකි.
බෝධිපූජාවෙන් පමණක් අපල දුරු නොවේ. බෝධියට මෙන්ම අනෙක් වෘක්‍ෂලතාදියට ද ආදරය කළ යුතුය. සොබාදහමට පරිසරයට ලැදිව දිවි ගෙවීමෙන් අපල අනතුරු අවම කරගත හැකි ය.
විහාරස්ථානයෙන් ම ඇති තරම් ජලය ගෙන බෝධිය නාවන ඇතැම්හු පිපාසිත සතෙකුට ජල බිඳක් දීමට මැලි වෙති. බුදුරදුන්ගේ නව ගුණ සිහි කරමින් ඒ පිහිටෙන් අපල දුරුවේවායි කවි ගායනා කෙරේ. යමෙකුගේ ගුණ ගායනා කිරීම ස්තුති පූජා ගණයට වැටේ. ඉන් පින් සිදුවේ.
“නවගුණ ශාන්තිය” හෝ නවග්‍රහ ශාන්තිය ලෙස නම් කොට ඇති පැරණි කාව්‍ය මාලාව තුළ ඉල්ලීම් රාශියක් ඇතුළත් වේ. බෝධි පූජාවෙන් පමණක් මේ සෑම පැතුමක් ම ඉටුවේ දැයි සැක සහිතය. මල් පහන් ආදිය පුදා බෝධිය ළඟ වන්දනා කිරීමෙන් සියලු පැතුම් ඉටුවෙන බවක් බුදු දහමේ සඳහන් නොවේ. බෝධි පූජාවෙන් ශාන්තිය උදා නොවන බව ඉන් අදහස් නොකෙරේ. බෝධිපූජාවෙන් නියම ප්‍රතිඵල ලැබීමට නම් ශ්‍රද්ධාව හා බුද්ධිය මූලික විය යුතු ය. එසේ ම අවබෝධයෙන් යුතු දීර්ඝකාලීන හා ක්‍රමවත් වැඩපිළිවෙළක් ඒ සඳහා තිබිය යුතු ය.
සම්බුදු නවගුණයන් තුළින් නවග්‍රහයන්ගේ අපල දුරුවේවායි පතන්නා තුළ නව අරහාදී බුදු ගුණ පිළිබඳ සුළුවෙන් හෝ අවබෝධයක් තිබිය යුතු ය. එම ගුණයන් හැකි පමණින් තම ජීවිතයට එකතු කරගෙන තිබිය යුතු ය. රහසින් වත් පව් නොකරන ස්වභාවය ‘අරහං’ බුදුගුණයේ එක් අවස්ථාවකි. එය බුදුරදුන් සතුය. අප හොර රහසේ සියලු පව් කරන අතර බුදු හිමියන්ගේ එම ගුණයේ පිහිටෙන් අපට සෙත සැලසේවායි කරන ඉල්ලීම සාධාරණද? එය ඉටු වේවි ද? මේ පිළිබඳ අප බුද්ධිමත් ව කල්පනා කළ යුතු ය.
පාලි භාෂාව පිළිබඳ අනවබෝධය නිසා බොහෝ විට ගාථාදිය සදොස්ව වහරන අතර අනවබෝධයෙන් මිදීමට හෙළ බසින් පමණක් වන්දනා කරන අවස්ථා ද ඇත. කෙසේ පැවැත්වූවත් බෝධි පූජාව තුළ තිබිය යුතු අනිවාර්ය අංග පිළිබඳ අප දැනුවත් විය යුතු ය. ඒ කරුණු මෙසේ පෙළ ගැස්විය හැකි ය.
* ශ්‍රද්ධාවෙන් පූජා ද්‍රව්‍යයන් පිළියෙළ කර ගැනීම.
* පිරිසුදු ව ගැලපෙන ඇඳුමකින් සැරසී පැමිණීම.
* බෝධිය, මලසුන්, මලු ආදී තැන් පිරිසුදු කිරීම.
* යෝග්‍ය ස්ථානයන්හි අදාළ පූජා ද්‍රව්‍යයන් තැබීම.
* අර්ථය මෙනෙහි කරමින් පන්සිල් සමාදන් වීම.
* ගුණ සිහිකරමින් තෙරුවන් වන්දනාව හා ගාථා කීම.
* බෝධි වන්දනා ගාථා හා කවි ගායනය.
* තෙරුවන් ක්ෂමා කරවා ගැනීම.
* දෙවියන්ට ඥාතීන්ට පින් පැමිණවීම.
* මෛත්‍රී භාවනාව
* පිරිත් සජ්ඣායනය (කරණීය මෙත්ත සූත්‍රය)

විහාරස්ථාන යනු විලාසිතා ප්‍රදර්ශනය කරන ස්ථාන නොවේ. බෝධි පූජාවට පමණක් නොව ආගමික ස්ථානයකට යන විට චාම් හා සම්පූර්ණ ඇඳුමකින් සැරසීම මුලින් ම කළ යුතු ය. පූජා ද්‍රව්‍යයන් ශ්‍රද්ධාවෙන් හා පිරිසුදුව සකසා ගැනීම කළ යුතු ය. හැම දෙයක් ම මිලට ගැනීමට වඩා අවම වශයෙන් තමා විසින් ම තම නිවසින් මල් ටිකවත් නෙළා ගැනීම කළ හැකි ය. මල් පහන් ආදිය පිදීමට පෙර අදාළ ස්ථාන පිරිසුදු කිරීම අනිවාර්යයෙන් කළ යුතු කාර්යයකි. පූජා ද්‍රව්‍යයන් තැබිය යුත්තේ ද ඒ සඳහා වෙන් කොට ඇති අදාළ ස්ථානවලය. පහන් කපුරු ආදිය දල්වන්නේ නම් ඒවා දැල්විය යුත්තේ ඒ සඳහා පිළියෙළ කොට ඇති ස්ථානවල පමණි. බුදු පිළිමය, බෝධියට ලං වූ තරමට පින හා ප්‍රතිඵල වැඩි වේ යැයි සිතන ඇතැම්හු බෝධිය මුල හෝ පිළිම මත පහන් දල්වති.
එසේ කිරීමෙන් කෙලෙස් රැස්වෙන අතර අපල ද වැඩිවෙනු ඇත. ඇතැම් තැනක පෙරේත තටුවක් මෙන් බුද්ධ පූජාව ද පවත්වනු පෙනේ. කෙසෙල් ගෙඩියේ ලෙලි ඉවත් කොට, සමහර විට ඒ මත හඳුන්කූරු ද ගසා මල් අසුන් උඩ තබති. එය බුදුරදුන්ට තබා සතෙකුටවත් ආහාරයට ගැනීමට නො හැකි ය. එබැවින් මෙවැනි පූජාවන් තැබීමේ දී පිරිසුදුකම ගැන වඩාත් අවධානය යොමුවිය යුතු ය. ඒ සඳහා පිරිසුදු භාජන ද යොදා ගත යුතු ය. අඬු කැඩුණු, බිඳුණු, අපිරිසුදු භාජන සිඟන්නෙකුටවත් පිළිගැන්වීම සිදු නොකළ යුතු ය. එසේ තිබියදී බුද්ධ පූජාවට, බෝධිපූජාවට අපිරිසුදු භාජන යොදා ගැනීම කෙතරම් නුසුදුසුද? වන්දනාවට යොදාගන්නා කවි හා ගාථා පිළිබඳව ද අප තුළ නිසි අවබෝධයක් තිබිය යුතු ය.
අප පංචශීලය සමාදන් වනුයේ පාලි භාෂාවෙනි. අර්ථය මෙනෙහි කරමින් පාලි ගාථා හා පාඨ සජ්ඣායනය කිරීම පින අංග සම්පූර්ණ වීමට බලපායි. භාෂාව පිළිබඳ අනවබෝධය නිසා ඇතැම් ගාථා හා පාඨ සදොස් ව වැහැරීමත් ඒ සඳහා විකල්පයක් ලෙස සිංහලය පමණක් භාවිත කිරීමත් බුද්ධිගෝචර නොවේ. සිංහල කවි හා පාඨ ද භාවිතා කළ හැකිය. ගාථාවේ හෝ පාඨයේ අර්ථය හා ඉන් කෙරෙන කාර්යය පිළිබඳ මෙනෙහි කරමින් ගායනා කිරීම වඩා ඵලදායී වේ. මිහිරි ලෙස හා රිද්මයානුකූල ව ගාථා ගායනය වැදගත් ය. ආගමික වතාවත්වලදී රිද්මයානුකූල ගායනය මානව සංහතියේ ආරම්භයේ සිට ජන විඥානගතව පවතින තත්ත්වයක් බැවින් බුදුදහමේ ද එන මෙවැනි ආගමික කටයුතුවලට එය පොදු වී ඇත.
පූජාව අවසන සුළු වෙලාවක් මෛත්‍රී භාවනාව කිරීම හා කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කිරීම කුසල තීව්‍ර වීමට හේතු වේ. බෝධීන් වහන්සේ නමක් අභියස පහනක් ද දැල්විය හැකි ය. පිරිසුදු අරමුණෙන් යුක්ත වීම හා ශ්‍රද්ධාවෙන් නියැලීම තුළින් පින් රැස් වේ. මල් පිදීම ද එසේ ය. මල් පි‍්‍රය උපදවන වස්තුවකි.
උතුම් හා උසස් බවේ සංකේතයකි. පැරණි දඹදිවවාසීහු උසස් කෙනෙක් දක්නට යාමේ දී මල් පොකුරක් ගෙන යති. ඒ අනුව බුදුරදුන් බැලීමට ආ අය ද මල් ගෙන ආහ. මල් පිළිගැන්වීම උසස් ගෞරවයක් ලෙස පැරැන්නන් සිතූහ. ඒ සිරිත අනුව මල් පූජාව ආරම්භ විය. මල්වලින් උසස් අයට කරන ගෞරවයක් වශයෙන් එය කරන නිසා යහපතක් වේ. පිනක් සිදුවේ.
අප පහන් දල්වන්නේ බුදුරදුන් උදෙසාය. උන්වහන්සේට ගෞරවය පිණිස ය. මේ සියලු පූජාවන් සිදු කරනුයේ බුදුරදුන්ට ගෞරවය දැක්වීමේ මාධ්‍යයන් ලෙසය. එබැවින් බෝධි පූජාව වැනි ආගමික වතාවත්වලදී බාහිර සූදානම මෙන්ම මානසික සූදානම ද අතිශය වැදගත් වේ.



පුණේයොපදේශය - 
බෞද්ධයන් කරන වන්දනා පුජා දෙක උසස් ප්‍රතීඑල ලැබෙන අයුරින් කරන අයුරැත්, ග්‍රහ අපල, අමනුෂ්‍ය දෝෂ දුරු කරගන්නා ආගමික විධිත්, මෙලොව පරලොව සාර්ථක කර ගෑනිමට බෞද්ධයකු වශයෙන් කල යුතු වැඩත්, මාතෘකා 14 ක් යටතේ විස්තර කල පොතකි.


බෝධි පූජාව ගැන ඔබ නොදන්නා අනුසස් මෙන්න කවදාවත් ඔබ මේවා නම් 
දැනගෙන නැතුව ඇති.

භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේව නියෝජනය කිරිම සඳහා බෝධි රැක්ෂය සුදුසු වන්නේ ඇයි?

මේ පිළිබඳවත් යමි දැනුමක් තිබිම වැදගතු වනු ඇතැයි සිතමු. අපි නොයෙක් ස්ථාන වල තුන්රැවන් සිහිකොට වන්දනාමාන කටයුතු වල නිරත වන බව ඔබ දන්නවා. දැන් අපි බුදු පිලිම වහන්සේ නමක් උදාහරණයට ගමු. අපි දැන් මේ පිළිමවහන්සේ දෙස බලලා ජීවමානව වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ සිතින් දැකිමටයි උත්සාහ කරන්නේ. ඒයයි නිවැරදි ක්‍රමය වැදුමි පිදුමි කල යුත්තේ ඒ ආකාරයෙනුයි. නමුත් ‍යමි බුද්ධ ප්‍රථිමාවක් දුටු විට ඔබට මුලින්ම සිතෙන්නේ කුමක්ද යන්න පිලිබඳව සිතෙන් විමසා සිටින්න. එක්කෝ මේ පිළිමවහන්සේ ළස්සනයි කියලා හිතෙයි. ‍එක්කෝ මේක ලොකුයි කියලා හිතෙයි. එක්කෝ මේක පොඩියි කියලා හිතෙයි. එක්කෝ මේක මහායානිකයි කියලා හිතෙයි. එක්කෝ මේකේ කන් දෙක දිග වැඩියි කියලා හිතෙයි. එක්කෝ මේකේ මේ මේ තැන් වල ඇද තියනවා කියලා හිතෙයි. එක්කෝ මෙක මේ මේ තැන් වලින් කැඩිලා කියලා හිතෙයි. එක්කෝ මේක හරියට හදලා නෑ කියලා හිතෙයි. නැත්නමි මේක ප්ලාස්ටික්ද, කළු ගල්ද? සිමෙන්ති ද? හුණුද? පැරිස් බදාමද කියලා තටිටු කරලා බලන්න හිතෙයි. නැත්නමි මේක වටිනවා කියලා හිතෙයි. නැත්නමි වටින්නේ නෑ කියලා හිතෙයි. යමි ප්‍රථිමාවක් දුටු විට ඔබට මුලින්ම නැගී එන සිතුවිල්ල මේ වගෙ එකක් නේද?

ඇත්තවශයෙන්ම මේ සිතුවිලි සියල්ලම ක්ලේෂ ධර්මයන්. ලෝභය, ද්වේශය, මෝහය පදනමි කර ගනිමින් ඇතිවන අකුසල යන් තමයි මේ සිතේ මුලින්ම ජනිත වන්නෙ. චෛත්‍යක් දැක්ත් එහෙමයි, ලොකුයි පොඩියි, සුදුයි, පරණයි ආදි වශයෙන් තමයි සිතෙන්නේ, ආරාම මෙ හැම වස්තුවක් තුලින්ම සාමාණ්‍ය පුද්ගලයෙකුට ජනිත කර දෙනුයේ අකුසල සිතුවිලි සමූහයක්. ප්‍රඤ්ඤාව තුලින් ඒවා යටපත් කර ගනිමින් තමයි ඒ වැදුමි පිදුමි ආදිය එතකොට ඥාන සමිප්‍රයුක්ත කුසලයක් උපදවනවා නමි කරන්නට වෙන්නේ. මේ දේ හැමොටම කරන්න පහසු වන්නේ නෑ.

නමුත් බෝධියක් දුටු විට ඔබට ඇතිවන සිතුවිලි මාලාව දෙස දැන් සිතා බලන්න. ඔබටම වෙනස වැටහේවි. බොහොම මධ්‍යස්ථ උපෙක්ෂා සහගත සිතුවිලි සමූහයක් ඔබේ සිතේ ජනිත වන බැවි ඔබට දැන් මේ ළිපිය කියවමින් වුවත් අත් දකින්නට පුළුවන් වේවි. එයට හේතුව රැක්ෂයක් යන්න මිනිසුන්ට මධ්‍යස්ථ අරමුණක් විමයි. කවුරැත් සාමාණ්‍යයෙන් ගසක් දිහා බලාගෙන මේක අර කලින් පිළිමයක් දෙස බලාගෙන ඇතිකරගත් ආකාරයෙන් සිතුවිලි ඇතිකර ගන්නේ නෑ. ඒකයි සාමාණ්‍ය තත්වය. එතකොට බෝධින්වහන්සේ අසලට යන විටම සිත උපෙක්ෂාසහගතයි. නිවිලා. කුසලයක් කිරිමට සුදුසු සිතේ තැමිපත් බව ඇතිවෙලා. දැන් ඔබට තේරැමි ගන්නට පුළුවන් වෙන්නට ඒන. ඇයි සියලු කෙලෙසුන්ගෙන් මිදුන බුදුපියාණන්වහන්සේ උන්වහන්සේ දිවමන් කල මෙන්ම පරිනිර්වාණයට පත්වු කලද බෝධිය පුජනීයයි කියා දේශනා කලේ යන කරැණ.
දැන් බෝධි පූජාවේ ආනිසංශ සලකා බලමු. මේ කරැණු ඉදිරිපත් කරණුයේ අපදාන පාළිය, ථේර අපදානයේ සඳහන් කරැණු සංශේප ලෙස දක්වමිනුයි.

බෝධියට පවන් සැලීමේ ආනිසංශ
සුමනවිජනිය ථෙරාපදානය
.
විපස්සී බුදුරජුන්ගේ උතුමි බොධි වෘක්‍ෂය සමීපයෙහිදී සමන් මල් විජිනියක් ගෙන මම ඒ උතුමි බෝධියට පවන් සැලීමි. මින් එක් අනූවන කපෙහි උතුමි බෝධියට පවන් සැලූයෙමිද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. පවන් සැලීමෙහි විපාකය මෙයයි. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියඵ භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැදීම සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. නළමාලිය වග්ග. සුමනවිජනිය ථෙරාපදානය.)
.
▬▬▬▬
.
බෝධියට ශබිධ පූජා පැවැත්වීමේ ආනිසංශ
එක සංඛිය ථෙරාපදානය.
.
විපස්සී බුදුරජුන්ගේ මහා බෝධි පූජාවක් විය. මහජනයා රැස්ව උතුමි බෝධියට පූජා කෙරෙත්. යමි ශාස්තෘවරයෙකගේ බෝධියද මෙබදු පූජනීය වස්තුවක් නමි, ඒ උතුමා ලාමක කෙනෙකැයි නොහගිමි. බුද්ධ ශේෂ්ඨයෙක් වන්නේය.
ඉක්බිති සකක් ගෙන බෝරුක වෙත එළඹියෙමි. මුඵ දවසෙහිම එය පිඹිමින් උතුම බෝධිය වැන්දෙමි. කරන ලද එම පුණ්‍ය කර්මය මරණාසන්න කල්හි මා දෙවි ලොවට පැමිණවීය. මාගේ සිරුර අප්‍රාණිකව වැටිනි. මම දෙව් ලොව සිත් අලවා වසමි. තටුවූ, පමුදිතවූ සැටදහසක් තූර්‍ය වාදකයෝ හැමකල්හි මට උවටැන් කෙරෙත්. බුධ පූජාවෙහි මෙ විපාකයයි. එක් සැත්තෑවන කපෙහි සිව මහ දිවයින් හා සිව සයුරු කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූ, සතුරු රජුන් ජයගන්නා සුඵවූ, විශේෂයෙන් ජමබුද්වීපයට අධිපතිවූ සුදස්සන නම් සක්විති රජෙක් වීමි.
යලි එහි සප්තාංගීක තූර්‍යයෝ හැම කල්හි මා පිරිවරත්. ස්වකීය කර්මය අනුභව කරමි. බෝධි උපස්ථානයාගේ මේ විපාකයයි. දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම යම් යෝනියක උපදිම් නම්, මව් කුස පිළිසිඳ ගත්තාවූද මට හැමකල්හි භෙරීහු වාදනය කෙරෙත්. සම්බුදුරජුන් වෙත එළඹ සමපත් අනුභවකොට, අතිශයින් ක්ෂේමවූ, ශිවවූ, අමෘතවූ අචල පදය වන නිවනට පැමිණියේ වෙමි. මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම කර්මයක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුධ පූජාවෙහි මේ විපාකයයි.
ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.
(අපදාන පාළිය. ථෙරාපදානය. එක වීහාරීය වග්ග.)
.
▬▬▬▬
.
බෝ මළුව ඇමදීමේ ආනිසංශ
සකිංසමිමජ්ජක ථෙරාපදානය.
.
විපස්සී බුදුරජුන්ගේ උතුමිවූ පාටලී බෝධි වෘක්‍ෂ රාජයා දැක එහි සිත පැහැදවීමි. එකෙණෙහි මම මුස්න ගෙන බෝ මඵව හැමැද්දෙමි. හැමද, ඒ පළොල් බෝධියට වැන්දෙමි. මම එහි සිත පහදවා හිසෙහි ඇඟිලි බැඳ ඒ බෝධියට වඳිමින් ගෞරවයෙන් නැමුනේ ඉවත්ව ගියෙමි. මම උතුම බෝධිය ගැන සිතමින් අඩිපාරකින් යමි. එහිදී මහත් බල ඇති ඝෝර ස්වරූප ඇති පිඹුරෙක් මා පෙළීය. මරණාසන්නයෙහි මා විසින් කරණ ලද බෝධි පූජා කර්මය විපාකයෙන් මා සතටු කරවීය. පිඹුරා මාගේ ශරීරය ගිලී. මම දෙවි ලොව සිත් අලවා වසමි. මාගේ සිත හැම කල්හි නිශ්චලය. ශෝකයෙන් ඇතිවන පීඩා කිසිවක් ගැන නොදනිමි. එසේම මාගේ චිත්ත සන්තාපයක්ද නොදනිමි. කුෂ්ටය, ගණ්ඩය, කැසිලිය, අපස්මාරය, සම ගැලවී යන කුෂ්ටය, දදය, කැසුමිය යන මෙ රෝගයන් මට නැත. මෙ හැමදීමෙ විපාකයයි. ශෝකයද, වැළපීම ද මාගේ සිතෙහි නැත. ශාන්ත වූ තැති නොගත් ඍජුවූ සිත ඇත්තේ වෙමි. මෙය හැමදීමෙ විපාකයයි. සමාධීන්හි ඇලුනෙමි. සිත ප්‍රකට පැහැදිලි වේ. යමි යමි සමාධියක් කැමැත්තේ නමි, ඒ ඒ සමාධිය මට සමෘධ වේ. නොඇලිය යුතු දෙයෙහි නොඇලෙමි. මුලා නොවෙමි. මෙය හැමදීමෙහි විපාකයයි.
මින් එක් අනූවන කපෙහි යමි කර්යක් කෙළෙමද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. හැමදීමෙහි විපාකයයි.
ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.
(අපදාන පාළිය. ථෙරාපදානය. සකිංසමි මජ්ජක වග්ග)
.
▬▬▬▬
.
බෝධියට මල් පිදීමේ අනුසස්
තිපුප්ඵිය ථෙරාපදානය.
.
මම පෙර මහ වෙනෙහි වැද්දෙක්වීමි. විපස්සී බුදුරජුන්ගේ නිල්වන්වූ පළෝල් බෝධිය දැක එයට මල් තුනක් විසිරවීමි. පිදීමි යමි කර්මයක් කෙළෙමද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. මම එකල්හි බෝකොළ සතක් අවුලා ගෙන පිටත දැමීමි. ඇතළත පිරිසිදුවූ පිටත ද පිරිසිදුවූ කෙළෙසුන්ගෙන් මැනවින් මිදුණු ආශ්‍රව රහිතවූ ලෝක නායකවූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහිදී මෙන් පළොල් බෝධිය වැඳ මම එහි කඵරිය කෙළෙමි.
මින් එක් අනූවන කපෙහි යම බෝධි පූජාවක් කෙළෙද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මෙ විපාකයයි.
මින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති සමන්ත පාසාදිකා නමි වූ සක්විති රජවරු තෙළෙස් දෙනෙක් වූහ. මේ සිව පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
(අපදාන පාළිය. ථෙරාපදානය. සුධාපිණ්ඩිය වග්ග.)
.
▬▬▬▬
.
බෝධියට සුවඳ පැන් පිදීමේ අනුසස්
ගන්‍ධාදකිය ථෙරාපදානය.
.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මහාබෝධි නමි මහබෝ පූජාවක් විය. විසිතුරු කළයක් ගෙන මම එහි සුවඳ පැන් වත්කෙළෙමි.
බෝධිය නාවන කල්හි මහ වැසි වැස්සේය. හෙන පුපුරණ කල්හි මහත් ශබිදද විය.
එම අසනි වේගයෙන් (හෙන පහරින්) එහිම කඵරිය කෙළෙමි. මම එකෙණෙහි දෙව් ලොව උපන්නේ මෙම ගාථාවන් කීමි.
සර්වඥ තෙම ආශ්චර්‍යයකි. ධර්මය ආශ්චර්‍යයකි. අපගේ සාස්තෲ සමිපත්තිය ආශ්චර්‍යයකි. මාගේ සිරුර හෙන පහරින් ඇදවැටුනි. ඉන් චුතවූ මම දෙවලොව සිත් අලවා වසමි. පැන නැගනාවූ මාගේ සත්බුමු විමන උස්ව නැගනේය. හැම කල්හි සියක් දහසක් කන්‍යාවෝ මා පිරිවරත්. මට ආබාධයෝ නොවෙත්. මට ශෝකයත් නැත. පරිළාහයන් තැවීමක් නොදකිමි. පුණ්‍ය කර්මයාගේ මෙ විපාකයයි.
දෙදහස් අසූවන කපෙහි සත්රුවනින් යුක්තවූ මහත් බල ඇති සංවසිත නමි සක්විතිරජෙක් වීමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. වීජනි වග්ග.)
.
▬▬▬▬
.
බොධියට ධජ පූජා කිරීමේ හා පිරිසිදු කිරීමේ අනුසස්.
ධජදායක ථෙරාපදානය.
.
මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ උතුම බෝරුකෙහි සතටුවූයේ, සතටු සිතින්ම ධජයක් නැගීමි. බෝධියෙන් වැටුණු කොළ ගෙන පිටතට බැහැර කරවීමි. ඇතළත පිරිසිදු පිටතද පිරිසිදු විශේෂයෙන් කෙළෙසුන්ගෙන් මිදිණු ආශව රහිතවූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි මෙන් උතුම බෝධිය වැන්දෙමි. පූජාවන් පිළිගන්නාවූ නොහොත් ලෝවැස්සනගේ පූජාවන්ට ගෙයක් වැනිවූ ශාස්තෘවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මේ ගාථා වදාළ සේක. මෙම ධජ දානයෙන්ද බෝපත් බැහැර කිරීම වශයෙන් කළ උපස්ථානයෝද යන මෙ දෙකින් හෙතෙම කල්ප ලක්‍ෂයක් මුඵල්ලෙහි දුගතියට නොයයි. දෙවියන් අතර බොහෝවූ දිව්‍ය සෞභාග්‍ය සමිපත් අනුභව කරන්නේය. නොයෙක් සිය ගණන් වාරයක්හි රටෙහි රජ වන්නේය. නමින් උග්ගත නමිවූ සක්විති රජෙක්ද වන්නේය.
කුශල මූලයන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභවකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි සිත් අලවා වාසය කරන්නේය කියායි. උපශාන්තවූයේ, උපධි රහිතවූයේ වඩනා ලද වීර්‍ය ඇත්තේ වෙමි. සර්වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. )
.
▬▬▬▬
.
බෝධි රෝපණයේ ආනිසංශ
අසනබෝධිය ථෙරාපදානය.
.
උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම තිස්ස බුදුරජාණන් වහන්සේ දිටිමි. පහන් සිත් ඇත්තේ, සොමනස්වූ මම තථාගතයන් වහන්සේ වෙත එළඹුනෙමි.
ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගණ ඇති, තිස්ස බුදුරජාණන් වහන්සේට සතුටුවූයේ, සතටු සිතින් උන්වහන්සේගේ බෝ රුකින් ඵලයක් ගෙන උතුමි බෝධියක් රෝපනය කෙළෙමි. නමින් අසන (පියා) නමවූ බෝධි වෘක්‍ෂයයි. එම උතුම බෝරුක පස්වසක් පිරිවරණය කෙළෙමි පිදීමි. ආශ්චර්‍යවූ, ලොමු දැහැ ගන්වන්නාවූ, පිපිනු පියා බෝ රුක දැක ස්වකීය කර්මය ප්‍රකාශ කරන්නේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹුනෙමි. එකල්හි සියල්ල තෙමෙ දැනගත්තාවූ, අග්‍ර පුද්ගලවූ, ඒ තිස්ස සර්වඥ තෙමෙ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මෙම ගාථාවන් වදාළ සේක. යමෙක් විසින් මෙම බෝධිය රෝපණය කරණ ලදද, බුද්ධ පූජාව මැනවින් කරණ ලදද, මම ඔහු කවරෙක්දැයි ප්‍රකාශ කරන්නෙමි. ප්‍රකාශ කරන්නාවූ මාගේ වචනය අසවි.
හෙතෙම තිස් කපක් දෙවියන් අතරෙහි දිව්‍ය රාජ්‍යය කරන්නේය. සූ සැට වරක් සක්විති රජ වන්නේය. කුශල මූලයෙන් මෙහෙයන ලද්දේ, තුෂිත දෙව් ලොවින් චුතව, දිව්‍ය මනුෂ්‍ය සමපත් දෙක අනුභව කොට මිනිසත් බැව්හි සිත් අලවා වසන්නේය. වීර්‍යයෙන් මෙහෙයන ලද සිත් ඇති, උපශාන්තවූ, උපධි රහිතවූ, හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශව රහිතව පිරිනිවන් පාන්නේය කියායි.
විවෙකයෙහි යෙදුනේ, උපශාන්තවූ, උපධි රහිතවූ මම හස්ති රාජයෙකමෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
මින් දෙඅනූවන කපෙහි වූ, එකල්හි එම පියා බෝධිය රෝපණය කෙළෙමි. ඒ හේතවෙන් දුගතියක් නොදනිමි. බෝධි රෝපනයෙහි මෙ විපාකයයි.
(අපදාන පාළිය. ථෙරාපදානය.)
ප්‍රිය මිතුරනේ අපදාන පාළියේ තවත් බෝධි පුජා ආනිසංශ දැක්වෙන අපදාන දක්වා ඇතත් මෙහිදී දක්වා ඇත්තේ වර්ථමානයේ ජනප්‍රිය වූ පූජාවන් හා සමිබන්ධ වූ ආනිසංශ දැන්වෙන අපදානයි. කෙසේ වෙතත් මෙහිදී ඉහත අපදානයන්ගේ ඒ ඒ කතාවේ වර්ණ කර ඇති කොටස් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමටයි මේ සූදානමි වනුයේ.
එක් එක් අපදානයෙන් උපුටන ලද මේ කොටස් දෙස බලනා විට ඔබට හැඟී යන්නේ කුමක්ද? ආශ්‍රවයන්ගෙන් මිදුනාවු මේ රහතුන්වහන්සෙලා ඒ උත්තම වූ පුන්‍ය කර්මය කිරීමෙ දී මෙනෙහි කර අත්තේ අන් කිසිවක් නොව බුදු ගුණමය, දහමි ගුණමය, සඟුන් ගුණමය.ඒ තමයි තුන්රැවණ කෙරෙහි වන්නාවු පැහැදීම. ඒ පැහැදීම තුලින්මයි මේ ලැබුවා වූ සැප සමිපත් ලැබුවේ. ඒ පැහැදීම තුලිමයි ඒ පුජාවන් සිදුකලේ, ඒ පැහැදීම තුලින්මයි ඒ සංස්කාර රැස් කලේ, ඒ පැහැදීම තුලින් මයි සියළු දුකින් මිදුනාවු පරම ශාන්ත වූ, සියළු සුඛයන් පැරයූ, උතුමි වූ නිවනින් නිවී සැනසුනේ.මෙවන් ආශ්චර්‍යක් සිදු කලේ ‍බෝරැකක් නෙමයි ඒකාන්ත වශයෙන් තුන්රැවන කෙරෙහි ඇතිකර ගත්තාවූ පැහැදීමයි, ශ්‍රද්ධාවයි. මේ කරැණ වැටහෙන්නට ඇති යන්නයි අපගේ අදහස.
.
සාරංශය.
.
01)කුසල් හට ගන්නෙත් අකුසල හට ගන්නේත ස්වකීය චිත්ත චෛතසික පරමිපරාව තුල විනා බෝගස තුල නොවේ.

02)බෝධි පුජෘවකින් යමි ආශ්චර්‍යමත් ඵලයක් යමෙක් ලැබුවා නමි එසේ ලබන්නේ නමි එය තුන්රැවන නිසාම සිදු වන්නකි.

03)බෞද්ධයන් බෝධියට පූජා කරනුයේ “ගසක් වදිමි” යන අර්ථයෙන් නොව. ඒ තුලින් කාටත් කුසල් කිරීමට පහසු වන ශාන්ත වු අරමුණක් ජනිත කර ගැනීමට පහසු බැවිනි.

04)එබැවින් බෝධි පුජා පමණක් නොව කුමන කුසලයක් කලද ඒවා අලෝභ, අදෝශ, අමෝහ යන කුසල මූලයන් හැකි පමණ ඇතිවන සේ කල යුතුය.
.
ඔබ සැමට නිවනින් නිවී සැනසීමට මේ කුසලයන් හේතු වාසනා වේවා!
තෙරුවන් සරණයි...
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X