වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

වන්දනා ගාථා 2

▬▬▬ අටවිසි බුද්ධ වන්දනාව ▬▬▬

01. දන් පින් බලයෙන් ලොව සෙත සෑදූ
තන්හන්කර මුණි වඳිනෙමි සාදූ

02. පාදන් පෙරහර බුදු බව සෑදූ
මේදන්කර මුණි වඳිනෙමි සාදූ

03. දරුවන් දන් දී මරුවන් පැරදූ
සරණංකර මුණි වඳිනෙමි සාදූ

04. මේ පන් දහසෙන් බුදු ගුණ සෑදූ
දිපංකර මුණි වඳිනෙමි සාදූ

05. පින් බලයෙන් ලොව්තුරු බව සෑදූ
කොණ්ඩඤ්ඤය මුණි වඳිනෙමි සාදූ

06. පින්කළ සතහට මොක්සුව සෑදූ
මංගල මුණි රජ වඳිනෙමි සාදූ

07. නිවන ලබා ගන්නට මග සෑදූ
සුමන මුනිදූ වඳිනෙමි මම සාදූ

08. පාමෙන සතහට මොක් මග සෑදූ
රේවත මුණි රජ වඳිනෙමි සාදූ

09. ලෝසත සසරින් ගොඩකල සෑදූ
ලෝහිත මුණිරජ වඳිනෙමි සාදූ

10. දෙනෝ දහක් දන හට සෙත සෑදූ
අනෝම දස් මුණි වඳිනෙමි සාදූ

11. සුදුම සුදේ බුදු - රැස් ලොව විහිදූ
පදුම මුනිදූ වඳිනෙමි නිති සාදූ

12. බෝරද මුලදි මරසෙන් පැරදූ
නාරද මුනිරජ වඳිනෙමි සාදූ

13. හදවත් මෙත් සිසි ලෙන් නිති සේදූ
පදුමුත්තර මූණි වඳිනෙමි සාදූ

14. විවාද දුරු කොට මොක් මඟ සෑදු
සුමේද මුණිරජ වඳිනෙමි සාදූ

15. නිවාන ගුණ ලොව ඇති කළ සාදූ
සුජාත මුණිරජ වඳිනෙමි සාදූ

16. බලවත් වී ආ මරබල පැරදූ
පිදස්සි මුණි වඳිනෙමි සාදූ

17. නිත්ය සුවය නිවනට මග පෑදූ
අත්ථදස්සි මුණි වඳිනෙමි සාදූ

18. ධම්ම බලෙන් ලොව සුබ සෙත සෑදූ
ධම්මදස්සි මුණි වඳිනෙමි සාදූ

19. බුදු පුත් ඇති කොට ලොව සෙත සෑදූ
සිදුහත් මුණිරජ වඳිනෙමි සාදූ

20. ලක්ෂ ගණන් සතහට සෙත සෑදූ
තිස්ස මුණිදූ වඳිනෙමි සාදූ

21. රැස්ව සිටිය මර බලසෙත් පැරදූ
ථුස්ස මුනිදූ වඳිනෙමි මම සාදූ

22. තපස් ගුණය ලොව සැම තැන විහිදූ
විපස්සි මුණිරජ වඳිනෙමි සාදූ

23. කිපි පැමිණි වසවත් බල පැරදූ
සිබි මුණිදූ වඳිනෙමි මම සාදූ

24. තිස්සෙම සතහට මෙත් කල සාදූ
වෙස්සඟු මුණිරජ වඳිනෙමි සාදූ

25. ඉර සඳ මෙන් ලොව බුදු බල විහිදූ
කකුසඳ මුණිරජ වඳිනෙමි සාදූ

26. පානා මෙත් සිසිලෙන් සෙත සෑදූ
කෝණාගම මුණි වඳිනෙමි සාදූ

27. විස්මිත බුදු බල ලොවටම විහිදූ
කස්සප මුණිරජ වඳිනෙමි සාදූ

28. සව් සත වෙත මෙත් ගුණ පෑ සාදූ
ගෞතම අප මුණි වඳිනෙමි සාදූ

සාදූ ! සාදූ !! සාදූ!!!
ඔබ සැමට තෙරුවන් සරණයි !
සොළොස්මස්ථාන වන්දනා ගාථාව

මහියංගනං නාගදීපං - කළ්‍යාණං පදලාංඡනං
දිවාගුහං දීඝවාපී - චේතියංච මූතියංගනං
තිස්සමහා විහාරංව - බෝධිමරිචවට්ටියං
සොණ්ණමාලී මහා චේතියං - ථූපාරාම භයාගිරං
ජේතවනං සේලචේතියං - තථා කාචරගාමකං
ඒ‍තේ සෝළසඨානානි - අහං වන්දාමි සබ්බදා.

සොළොස්මස්ථානය‍ට අයත් ස්ථාන

1)මහියංගන‍ය 2)නාගදීපය 3)කැළණිය 4)ශ්‍රී පාදස්ථානය 5)දිවා ගුහාව 6)දීඝවාපිය 7)මුතියංගනය 8)තිස්ස මහා විහාරය 9)ශ්‍රී මහා බෝධිය 10)මිරිසවැටිය 11)රුවන්වැලි සෑය 12)ථූපාරාම‍ය 13)අභයගිරිය 14)ජේතවනාරාමය 15)ශෛල චෛත්‍යය 16)කතරගම කිරි වෙහෙර

1. මහියංගනය
ඌව පළා‍තෙහි බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න, කෝරළයෙහි අලුත්නුවර නගර වසමට අයත්ව පිහිටි මහියංගන චෛත්‍යය රාජයාණන් වහන්සේ ශ්‍රී ලංකාවෙහි පළමුවරට තනවනලද ජීව සර්වඥ කේශධාතූන් නිදන්කළ, පිරිනිවනින් පසුව උන්වහන්සේගේම ශ්‍රීවාස්තීධාතුවද නිධන් කරනු ලැබූ දාගැබ්වහන්සේ මහියංගන දාගැබ නම් වේ.මහියංගනයෙහි පුරාණ සිංහල නාමය බිම්තැන්න නම් වේ. පාලියෙන් ලියනවිට බිම් යන්න මහී යයිද, තැන්න යන්න අංගනය නමින්ද මහියංගනය යන්න සෑදි ඇත.

වන්දනා ගාථාව
ලංකාය යත්ථ පඨමං භගවා නිසජ්ජ - යක්ඛේ දමේසි කතමිද්ධි තස්මිං
ගීවට්ටිධාතූ නිහිතඤ්චථ කේසධාතුං - වන්දාමි සාධු මහියංගන ථූපරාජං

2. නාගදීපය
තථාගත බුදූරජාණන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වී පස්වැනි වර්ෂයෙහි ජේතවනාරාමයෙහි වැඩවසන කල්හි,චූලෝදර නාරජු මහෝදර නාරජු අතර මිණිපළඟක් නිසා මහත් සටනක් ඇතිවන්නට විය. මෙම සටනේදී විශාල පිරිසකට ඇතිවන්නට ගිය දරුණු විනාශය වළක්වනු වස් උන්වහන්සේ ලක්දිවට වැඩම කර වර්තමාන නාගදීප දාගැබ ඇති ස්ථානයෙහි දම් දෙසූ සේක.නාග ගෝත්‍රිකයන් විසූ දිවයින හෙයින් මෙය නාගදීපය නම් වේ.

වන්දනා ගාථාව
භගිනීසුත මාතුලේහි දින්නේ
මණිපල්ලංකවරේ යඟිං නිසින්නෝ,
මුණිධම්ම මදේසයී මුනීනං
සිරසා තං පණමාමි නාගදීපං

3. කැළණිය
ස්වාභාවික සෞන්දර්යයෙන් ‍ශෝභමාන වූ බැවින් මෙම ප්‍රදේශයට කළ්‍යණ හෙවත් කැළණි‍ය යැයි ප්‍රකට වන්නට ඇතැයි සිතිය හැක.බුදුරජාණන්වහන්සේ නාගදීපාගමනයෙන් තෙවසක‍ට පසුව මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැළණියට වැඩි සේක. දැනට චෛත්‍යය ඇති ස්ථානයෙහි රුවන් පළඟක වැඩ හිඳ 500 ක් සංඝ‍යා වහන්සේලා සමඟ දන් වැළදු බව කියවේ. වර්තමාන කැළණිය රජමහා විහාරය ලෝක ප්‍රසිද්ධ කලාත්මක චිත්‍ර‍යන්ගෙන් විසිතුරුය. ඉදිරිපසින් ගලා බස්නා කැළණිග විහාරස්ථානයෙහි ශෝභමානත්වය තවත් වැඩි කරයි. සර්වඥ ධාතූන් වහන්සේලා ද බුදුන් වහන්සේ වැඩ සිටි මැණික් ආදනය සහ මණ්ඩපය තැන්පත් කර ඇත.
එගොඩ කැළණියේ ඇති දාගැබ හි බුදුන් වහන්සේ ජලස්නානය කරන විට දි අඳින ලද සිවුර ජලසාටිකා ධාතුව නම් ධාතූන් වහන්සේ තැන්පත් කර ඇත.

වන්දනා ගාථාව
ආයාචනාය මණිඅක්ඛිමහෝරගස්ස
යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං
තත්ථෙව කාරිතමිදං මණිපීඨයුත්තං
කල්‍යාණී චෙතියමහං සිරසා නමාමි

4. ශ්‍රී පාදය
බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී පාද ලාංජනය පිහිටා ඇති බැවින් ශ්‍රී පාදය, ශ්‍රි පාද කන්ද යන නම් වලින් හදුන්වනු ලබයි. හින්දු භක්තිකයෝ ශිව ෙදවියන්ගේ පාදය යැයි සලකා ශිවනඩිපාදම් යයිද පෘතුගීසීහු ආදම්ගේ කන්ද යයි සලකාපීකෝ ඇඩෑම් යයිද , ඉංග්‍රීසීහු ඇඩම් ස්පීක් යයිද හදුන්වනු ලබයිගකෙසේ වෙතත් බෞද්ධ පිළිගැනීමට අනුව බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැළණියට වැඩම කළ අවස්ථාවේ සුමන දිව්‍ය රාජයා විසින් තමන්ගේ වාසභවනය වූ සමන්ගිර මුදුනෙහි සිරිපා ස‍ටහන පිහිටවනු මැනවැයි කරන ලද ආරාධන‍යෙන් බුදුරජාණන්වහන්සේ ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත සිය පාද ලාංඡනය පිහිට වූ ‍‍සේක.

වන්දනා ගාථාව
කල්‍යාණීතෝ ගගනතෝ මුණියත්ථ ගන්ත්වා
දස්සේයී චක්කවරලක්ඛණ පාදලඤ්ඡං
ලංකාමහීවරවධු මකුටෝපමානං
වන්දාමහං සුමණකූට සිලුච්චයන්තං

5. දිවා ගුහාව
සමනොළ ගල මුදුනෙහි සිරිපා සටහන් පිහිටවනු සඳහා එහි වැඩම කළ අවස්ථාවේ දිවා කල ගත කළ ගුහාව දිවා ගුහාව නම් වේ.මෙම දිවා ගුහාව වර්තමානයෙහි හදුනාගෙන ඇත්තේ සිරිපා මලුවේ සි‍ට මහගිරිදඹය පසුකොට මඳ දුරක් පැමිණි විට වම්පසින් දක්නට ලැබෙන භගවාලෙනයි.

වන්දනා ගාථාව
ලංකා මහිවරවධු මකුටායමානේ
අස්මිං සමන්තගිරිමුද්ධනි යත්ථ ලේණේ
සත්ථා දිවාවිහරනණං හි විහාසි තස්මා
වන්දාමි දේවමහිතං හි දිවාගුහංතං

6. දීඝවාපී චෛත්‍යය
දීඝවාපිය හෙවත් දිගාවැව ගමෙහි කරවන ලද බැවින් දීඝවාපිය යැයි කියනු ලැබේ. බු: ව: 407 හෙවත් ක්‍රි:පූ: 137 රජ පැමිණි සද්ධාතිස්ස රජතුමන් විසින් සර්වඥධාතූන් (බුදුන් වහන්සේගේ වම් නිය ධාතූන් වහන්සේ) නිධන් කොට මෙම චෛත්‍යය කරවන ලදී. බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහිදී බුදුරජාණන්වහන්සේ මෙම ස්ථානයට වැ‍ඩ මොහොතක් සමවත් සුවයෙන් ගතකල බව කියැවේ.

වන්දනා ගාථාව
නිසඡ්ඡ යස්මිං භගවා සසාවකෝ
ඛණං සමාපත්තිසුඛං සමප්පයී
සරීරධාතුං හි නිධාන කාරිතං
නමාමි චේතිං සිරි දීඝවාපිකං

7. මුතියංගනය
මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දිගැබ මෙයයි.

වන්දනා ගාථාව
විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා - සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
ජයංගණං සීහල දීප වාසිනං - මුතිංගණං ථූප වරං නමාමි

සිංහල අර්ථය
සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි. 

8. තිස්ස මහා විහාරය
බු: ව: 315 හෙවත් ක්‍රි: පු: 228 වැන්නෙහිදී පමණ මාගම්පුර රජ පැමිණි කාවන්තිස්ස රජු විසින් ඉදිකල හෙයින් තිස්ස මහා වෙහෙර යයි නම් විය. මෙම චෛත්‍යයෙහි බුදුරජාණන්වහන්සේගේ ලළා‍ට ධාතුව නිධන් කර ඇති බව කියවේ.

වන්දනා ගාථාව
නිධාය සෝවණ්ණ මුනින්ද බිම්බේ - පුණ්ණින්දු සංකාස ලළාටධාතුං
අකාරයී තිස්ස නරිස්සරෝතං - ථූපං ‍නමේ තිස්සමහාවිහාරේ

9. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩම කරන ලද්දේ ක්‍රි: පු: 3 වැනි සියවසෙහිදීය. මෙය සිදුවුයේ මිහිදු මාහිමියන් මෙරටට බුදුසමය හඳුන්වාදීමෙන් පසුවය. දඹදිව ධර්මා‍ශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලංකාවේ දෙවන පෑතිස් රජතුමාගේ ඉල්ලීමක් අනුව ශ්‍රී මහා බෝධීන්වහන්සේ සඝමිත් තෙරණිය විසින් මෙරටට වැඩම කරන ලදී.

වන්දනා ගාථාව
යස්ස මුලේ නිසින්නෝව - සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බංඤුතං සත්තා - වන්දේතං බෝධි පාදපං
ඉමේ ඒතේ මහා බෝධී - ලෝකනාතේන පූජිතා
අහංපිතේ නමස්සාමී

10. මිරිසවැටි වෙහෙර
බු: ව: 383, ක්‍රි : පූ: 101 දී දුටුගැමුණු රජතුමා විසින් මහා සංඝයාට නොපිළිගන්වා මිරිස් ව්‍යාංජනයක් වැළදු එක් අවස්ථාවක් සිහිවූ රජතුමන් මහා සංඝයාට පිළිගැන්වීමට මෙය කරවූ බව කියැවේ. මෙහි සර්වඥ ධාතූන් වහන්සේලාද දුටුගැමුණු රජතුමාගේ කුන්තා‍යුධය නිධන් කර ඇත. තෙවන වරට ලක්දිවට බුදුන් වහන්සේ වැඩමවූ අවස්ථාවේ දී පන්සියයක් රහතන් වහන්සේලා සමඟ මෙම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිටි සේක.

වන්දනා ගාථාව
අභයරාජ වරේන සධාතුකං
සුනිධහිත්ව කතං සකුන්තං
සකල සත්ත හිතං පණමේ සදා
මරිචවට්ටික චේතිය මුත්තමං

11. රුවන්වැලි මහා සෑය
බු: ව: 383 , ක්‍රි :පූ: 161 දී රජ පැමිණි දුටුගැමුණු රජු විසින් කරවන ලද මෙම සෑය සද්ධාතිස්ස රජතුමා විසින් වැඩ නිම කරවන ලදී. අඩි 180 ක් උසවූ මෙම චෛත්‍යයෙහි ව‍‍ට ප්‍රමණය අඩි 1000 ක් වේ. කකුසඳ , කෝනාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරයන් මෙහි වැඩ විසූ බැවින් සර්වඥ පාරිභෝගික ශුද්ධ බිමක් ලෙස හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි ද්‍රෝණයක් සර්වඥ ධාතූන් නිධන් කර ඇති බැවින් රන්මල් ධාතු ගර්භය පුරා විසිරවන ලද හෙයින් ස්වර්ණමාලී යන නම ප්‍රකට වූ බව කියවේ.

වන්දනා ගාථාව
අ‍ට්ඨංසු යස්මිං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
තං ගාමිණී රාජ කතං නමාමි - සුවණ්ණමාලී වරථූපරාජං

12. ථුපාරාමය
මෙම චෛත්‍යය දෙවන පෑ තිස් රජු විසින් කරවන ලදී.උස අඩි 63 ක් හා ව‍ට ප්‍රමාණය අඩි 194 කි. මෙහි අලංකාරය හා ආරක්ෂා‍ව පිණිස වටිනා වටදාගෙයක්ද සාදවා ඇත.ථූපය පෙරටු කොට සාදවා ඇති හෙයින් ථූපාරාමය නම් වේ. මෙම චෛත්‍යයෙහි කකුසඳ බුදුරදුන්ගේ ඩබරාධාතුවද, කෝණාගමන බුදුරදුන්ගේ පටීධාතුනද, කාශ්‍යප බුදුරදුන්ගේ ජලසා‍ටිකාවද තැන්පත්කර සාදවා ඇත. තව්තිසා දෙව් ලොව සිළුමිණ සෑයේ වැඩ හුන් ගෞතම බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ මිහිඳු මාහිමියන්ගේ උපදෙස් මත සුමන සාමනේරයන් වහන්සේ විසින් වැඩමවා මෙහි  තැන්පත් කර ඇත. තවද බුදුන් වහන්සේ දන් වළඳන ලද පාත්‍රා ධාතුව ද මෙහි තැන්පත් කර තිබේ. බුදු දහම ලක්දිව ස්ථාපිත කිරීමෙන් පසු ඉදිකරන ලද පළමු ස්ථූපය වේ. තෙවන වරට ලක්දිවට බුදුන් වහන්සේ වැඩමවූ අවස්ථාවේ දී පන්සියයක් රහතන් වහන්සේලා සමඟ මෙම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිටි සේක. 

වන්දනා ගාථාව
පත්තප්පමාණං මුනිරාජධාතුයෝ - නිධාය ධාතුංපි ච දක්ඛිණක්ඛං
දේවාදිතිස්සේන කතං හි ථූපා - රාමාභිධානං පණමාමි භත්‍යා

13. අභයගිරි චෛත්‍යය
වළගම්බා රජතුමන් විසින් ගිරි නම් නිඝණ්ඨයා විසූ නිඝණ්ඨාශ්‍රමය තිබූ තැන්හි ඉදිකල හෙයින් අභයගිරිය යන නමින් හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි සර්වඥ ධාතූන්ද, රන්පත් ඉරුවල ලියන ලද දහම් පොත්ද, මිණිකම් කරන ලද සුරම්‍ය ධාතුද තැන්පත් කර ඇති බව කියැවේ. බුදුන් වහන්සේගේ සිරිපා සටහන් මත මෙම ස්ථූපය ඉදිකර ඇත.

වන්දනා ගාථාව
කත නවමණිකම්මේ , ධාතුගබ්බේ සුරම්මේ
කනක වසභකුච්ඡිං, ධාතුයා පූරයිත්ව
විහිතමභයරඤ්ඤා, ධම්ම ලේඛං ඨපෙත්වා
අභයගිරිවිහාරේ , චාරුථුපං නමාමි

14. ජේතවනාරාම චෛත්‍යය
බු: ව: 819 , ක්‍රි:ව: 334 දී රජ කළ මහසෙන් රජතුමා විසින් කරවන ලද මෙම චෛත්‍යය උස අඩි 231 ක්ද වට ප්‍රමාණය අඩි 1100 ක්ද වේ. ජොතිවන නම් උද්‍යානයෙහි ඉදිකළ හෙයින් මෙනමින් හදුන්වයි. බුදුරදුන් ලක්දිව වැඩම කල තෙවැනි වර මෙම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සි‍ට ඇති බව කියැවේ. උන් වහන්වහන්සේගේ පටීධාතුව තැන්පත් කර මෙය සාදවා ඇත.

වන්දනා ගාථාව
පතිට්ඨපෙත්වා ජිනකාය බන්ධනං
ත‍ථෙව සම්බුද්ධ සරීරධාතුයෝ
මහාමහාසේන නරින්දකාරිතං
සුචේතියං ජේතවනං නමාමි

15. ශෛල චෛත්‍යය
මෙම චෛත්‍යය ක්‍රි:ව: 8 දී මහාදාඨික මහානාග රජු විසින් බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කර උසින් අඩි150 ක් හා වට ප්‍රමාණය අඩි 700 ක් වන ලෙස සාදවා ඇත.මිහින්තලා පව්වෙහි ඇති මෙය කළු ගල් තලාවක් මත ගොඩනගා ඇති බැවින් මෙම නමින් ප්‍රකටව ඇත.

වන්දනා ගාථාව
සසාවකෝ යත්ත නිසජ්ජ සත්ථා
වරං සමාපත්ති සුඛං පවින්දි
ධාතුං පතට්ඨාපිත මුණ්ණරෝමං
සිලාමහාථූපමහං නමාමි

16. කතරගම කිරිවෙහෙර
මහාසේන රජු විසින් සාදවා ඇති මෙම වෙහෙර තුල බුදුරදුන්ගේ තෙවැනි ලංකාගමනයේදී මෙම ස්ථානයට වැඩම කර වැඩ සිටි ස්වර්ණමය ආසනයත්, සිද්ධාර්ථකුමරු පැවිදිවන අවස්ථාවේ කේශච්ඡේදනය කල මඟුල් කඩුවත් හා උන්වහන්සේගේ කේශධාතූන් තැන්පත්කර ඇති බව කියැවේ. කිරි ගස් බහුලව ඇති උයනක කරවු හෙයින් ඛදිර විහාර හෙවත් කිරි වෙහෙර යැයි ව්‍යවහාර කර ඇත.

වන්දනා ගාථාව
යහං සමාධිං ගතවා තහිං මුනී
නිසින්න සොණ්ණාසන කේස ධාතුකං
ලද්ධා මහාදසේන නරින්ද කාරිතං
නමාමහං කාචරගාම චේතියං


වන්දනා ගාථා

MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට



වෙනත්

1. දළදා මාලිගාව
දළදා මැදුරේ මහ කරඩුව අසල ඇති පෙරහැර කරඩුව තුළ ධාතූන් වහන්සේලා තිස් දෙනමක් තැන්පත් කර ඇත. දළදා මැදුරේ මහ කරඩුවේ තැන්පත් සර්වඥ ධාතූන් වහන්සේලා කාලිංග දේශයේ ගුහසීව රජතුමා විසින් පර සතුරන්ගෙන් ධාතූන් වහන්සේලා ආරක්ෂා කිරීම පිණිස හේම මාලා කුමරිය සහ දන්ත කුමරැ සමඟ ලක්දිවට වැඩමවන ලදි. එවකට ලක්දිව රාජ්‍ය කරවූයේ මහසෙන් රජ තුමාගේ පුත් කිත්සිරි මෙවන් රජ තුමාය. මෙසේ වැඩමවන ලද සර්වඥ ධාතූන් වහන්සේ එවකට බුදුන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ඛේම මහ රහතන් වහන්සේ විසින් චිතකයේ ගිනි නිවෙන්නටත් ප්‍රථම වම් යටි දළදා වහන්සේ ලබාගෙන පසු කලෙක කාලිංග දේශයට වැඩමවූ ධාතූන් වහන්සේ නමකි.

2. සෑගිරි දාගැබ
සර්වඥ ධාතූන් වහන්සේලා සත් නමක් තැන්පත් කර ඇති මෙම ස්තූපයේ ධර්මාශෝක රජ තුමා විසින් දේවානම්පියතිස්ස රජ තුමාගේ අභිශේක මංගල්‍ය පිණිස එවන ලද දක්ෂිණාවෘත සංඛය ද විය. වර්තමානයේ මෙම ධාතූන් වහන්සේලා සහ සංඛය ඊට සමීපයේ ඇති තිස්සමහාරාම විහාරයේ තැන්පත් කර ඇති අතර ඉන් ධාතූන් වහන්සේලා දෙනමක් හක්මන මුරැතමුරේ පුරාණ විහාරයේ තැන්පත් කර ඇත.

3. අනුරධපුර ලංකාරාම දාගැබ
බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා තැන්පත් කර වලගම්බා රජ තුමා විසින් කරවා ඇත. ජනප්‍රවාදයන්ට අනුව මෙහි බුදුන් වහන්සේගේ පටි ධාතුවේ කොටසක් ද තැන්පත් කර ඇතැයි විශ්වාස කෙරේ.

4. මිහින්තලේ
මිහින්තලේ මහා සෑයේ බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව සහිත අෂ්ටවංක මාණික්‍ය රත්නය නිදන්කර ඇත. පසු කලෙක දැලියාමාන රජ තුමා විසින් මෙම සෑය ප්‍රතිසංස්කරණය කරවූ බවට විශ්වාස කෙරේ.

5. මිහිඳු මහා සෑය
මිහිඳු මහ රහතන් වහන්සේගේ ශරීරික ධාතු නිධන් කර නිමවා ඇති මෙම සෑයේ වූ ධාතූන් වහන්සේලා මිහින්තලා විහාරයේ විශේෂ කුටියක තැන්පත් කර ඇත.

6. සේරැවිල මංගල මහා සෑය
කාවන් තිස්ස මහ ජර තුමා විසින් කරවන ලද මෙම සෑයේ මහාදේව මහ තෙරැන් වහන්සේ විසින් දඹදිව සිට මෙරටට වැඩමවන ලද බුදුන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ ජීවමාන බුදුන් වහන්සේගේ ප්‍රමාණයට කරවන ලද ශ්‍රී ශරීරයක නලල් තලයේ තැන්පත් කර ඇත.
මහා සිව තෙරැන් විසින් නා ලොවින් වැඩම වූ බුදුන් වහන්සේගේ සර්වඥ කේශ ධාතූන් වහන්සේලා විහාර මහා දේවිය විසින් බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයෙහි තැන්පත් කර ඇත.

7. සෝමාවතී මහා සෑය
බුදුන් වහන්සේගේ එක් දකුණු දළදාවක් තව්තිසා දෙව් ලොව සිළුමිණ මහා සෑයෙහි ද අනෙක් දකුණු දළදා වහන්සේ නා ලොව ද වැඩ සිටි සේක. පසුව මේ දකුණු දළදා වහන්සේ කාවන්තිස්ස මහ රජ තුමාගේ කාලයේදී මහාදේව තෙරැන්ගේ ශිෂ්‍යෙයකු වූ මහින්ද නම් තෙරැණුවෝ නා ලොවට ගොස් සර්වඥ දකුණු දළදා වහන්සේ ලක්දිවට වැඩමවූහ. පසු කලෙක ගිරි අභය නම් රජ තුමා විසින් මෙම දකුණු දළදා ධාතූන් වහන්සේ තැන්පත් කර සෝමාවතී ස්තූපය ක්‍රි. පූ. 2 වන සියවසේ දී කරවන ලදි.

8. නඛා වෙහෙර
බුදුන් වහන්සේගේ නිය සර්වඥ ධාතූන් තැන්පත් කර අනුරාධපුර නඛා වෙහෙර කරවා ඇත.

9. ගිරිහඩු සෑය
ගිරිහඩු සෑය තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශ ධාතූන් තැන්පත් කර තිරියායේ මෙම සෑය කරවා ඇත. එම ධාතූන්ගේ කොටසක් කොළඹ-කතරගම මාර්ගයේ අම්බලන්තොට වලවේ ගඟ සමීපයේ ඇති ගිරිහඩු සෑයේද තැන්පත් කර ඇත. තවද මෙම ධාතූන් වහන්සේලාගෙන් කොටසක් දකුණු පලාතේ තංගලු විහාරයේ ද තුන්පත් කර ඇත.

10. වෙනත් ධාතූන් වහන්සේලා තැන්පත් ස්ථාන
1. කොළඹ මාලගා කන්දේ මහ පිරිවෙනහි මහා සෑය තුළ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් සතුව තුබුණු සර්වඥ ධාතූන්වහන්සේලා විශාල ප්‍රමාණයක් තැන්පත්ය. රැවන්මැලි මහා සෑයට පසු ලංකාවේ වැඩිම ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින්නේ මෙම මහා සෑය තුළය.

 2. පැළියගොඩ විද්‍යාලංකාර පිරිවෙන.

 3. කොළඹ මාලිගාකන්ද අග්‍ර ශ්‍රාවක මහා විහාරයේ අග්‍ර ශ්‍රාවක ධාතු වලින් කොටසක් තැන්පත් කර ඇත.

 4. වැල්ලවත් ශ්‍රී බෝධි රැක්ඛාරාමයේ කපිලවස්තු මහා සෑයෙන් හමු වූ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වස්කඩුවේ ශ්‍රී විභූති නායක ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය මත තැන්පත්ව ඇත.

 5. මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මහා ස්වාමීන් වහන්සේ වැඩ සිටි කොළඹ කොටහේන දීපදුක්කාරාම පුරාණ විහාරයේ මෙරටින් හමු වූ ධාතූන් වහන්සේලා ද කපිලවස්තු ස්ථූපයෙන් හමුවූ ධාතූන් වහන්සේලා ද පාත්‍ර ධාතුවෙන් කොටසක් ද තැන්පත් කර ඇත.

 6. හුණුපිටිය ගංගාරාම විහාරයේ බංගලදේශයේ චිතගොන් විහාරයේ සිට වැඩමවන ලද කේශ ධාතූන් වහන්සේගා තැන්පත් කර ඇත.

 7. බෙන්තර ගලපාත රජ මහා විහාරයේ කාශ්‍යප මහ රහතන් වහන්සේගේ එක් දළදාවක් වැඩ සිටී. මෙම දළදාව උන්වහන්සේ ජීවමානව වැඩ සිටින කල්හි වැටුන දළදාවකි.

 8. රාමඤ්ඤ නිකායෙන් ලැබුණු සර්වඥ ධාතුන්වහන්සේලා ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙනහි තැන්පත් කර ඇත.

 9.හම්බන්තොට ගොඩවාය වරාය අසල වූ ගෝඨ පබ්බත රජ මහා විහාරයේ කුඩා කඳු ගැටයක් මස්තකයේ පිහිටි සෑයෙහි ද කේශ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇත.

 10. අම්පාර දිස්ත්‍රික්කයේ රජගල සෑය තුළ ද මිහිඳු මහ රහතන් වහන්සේගේ සහ ඉට්ඨිය මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇත.

මුනි සිරිපා සලකුණ සුරකින සුමන සමන් දෙවියෝ
සබරගමුවට අධිගෘහිත දෙවියන් හෙවත් සබරගමු දේවතාවා ලෙසත් සමනොළ ගිර හෙවත් ශ්රී පාදය නමැති පුණ්ය තීර්ථයෙහි ආරක්ෂකයා ලෙසතශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ ගෞරවයටත් භක්තියටත් වන්දනාමානයටත් පාත්රව ඇති සුමන සමන් දිව්යරාජයා ලංකා රක්ෂක දේව මණ්ඩලයෙහිද ප්‍රධානත්වය දරන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙවි කෙනෙකි.

එදා බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා මාර්ගඵල අවබෝධ කරගත් යක්ෂ ගෝත්රිකයන් අතර ඔවුන්ගේ ජන නායකයකුව සිටියේ යෑයි සැළකෙන සුමන සමන් දෙවිඳුන්ද සෝවාන් ඵලයට පත්ව චිත්ත ප්රීතියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේ පිදීමට යම් වස්තුවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට අනුව බුදුන් වහන්සේ තම හිස පිරිමැද කේෂ ධාතු අත්ලක් සමන් දෙවිඳු වෙත ප්රදානය කොට ඇති අතර මහත් හරසරින් ගෞරවාභිමානයෙන් රත්රන් කරඬුවකට කේශධාතු තැන්පත් කොට පුද පෙරහැරින් රැගෙන ගොස් ලොව්තුරා අමා මෑණි බුදු පියාණන් වහන්සේ ජීවමානව සිටියදීම උන්වහන්සේගේ කේෂ ධාතු නිදන් කොට මියු ගුණ සෑය හෙවත් මහියංගණ චෛත්ය රාජයා ගොඩනගා වන්දනා මාන කිරීමට සැලැස්වීම සුමන සමන් දෙවිඳු අතින් අප සම්මා සම්බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්ම චිරස්තිය උදෙසා තබන ලද අත්තිවාරමෙහි මුල්ගල ලෙස ගෞරව පූර්වකව සිහිපත් කළ හැකි මංගල කාරණයකි.
බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩි දිනයෙහි උන්වහන්සේගෙන් දහම් අසා පැහැදුණු මණිඅක්ත නම් නා රජ විසින් යම් දිනෙක කැලණියට වඩින ලෙස කළ ආරාධනය පිළිගෙන උන්වහන්සේගේ තෙවත ලංකාගමනය වන කැලණි පුරවරයට වැඩම කළ අවස්ථාවේදී ඒ බව දැනගත් සුමන සමන් දිව්යරාජයා බුදුරදුන් වෙත ගොස් උන්වහන්සේ බැහැදැක දහම් අසා පැහැදී තම රාජධානියා වන සමන්තකූඨ පර්වතය වෙත වැඩම කොට ඒ මත සිරිපා ලාංඡනය පිහිටුවන ලෙස කළ ඉල්ලීම මහා කරුණාවෙන් ඉවසා වදාළ ගෞතමයාණන් වහන්සේ සමන්තකූඨ පව්වට වැඩම කර එහි සිරිපා ලාංඡනය පිහිටුවූ බව ජනප්රවාදයේ දැක්වේ.
සමන් දෙවිඳු වෙනුවෙන් දොවොල ඉදිවීම හා සුමන සමන් දෙවිඳු ඇදහීමට මූලාශ්ර ලෙස දඹදෙණියේ රජ කළ දෙවන පැරකුම්බා රජුගේ අමාත්යවරයකු වූ ආර්ය කාමදේව නමැති බ්රාහ්මණයා භාරතයේ සිට පැමිණ සබරගමුවෙහි මැණික් කර්මාන්තයේ යෙදී ඇතත් බලාපොරොත්තු වූ ආකාරයට එම කාර්යය සපල නොවූ තැනේදී කනස්සල්ලට පත් බ්රාහ්මණයා බාරයක් වෙමින් තම බලාපොරොත්තුව ඉෂ්ඨ කර දුනහොත් දේව මන්දිරයක් තනවා සමන් දෙවිඳුන් වෙනුවෙන් කැපකර පූජා කරන බවට පොරොන්දුවී ඇති අතර එකෙනෙහිම නොසිතූ ලෙස ඉතා වටිනා මැණික් කැට මතුවන්නට පටන් ගෙන ඇත. ප්රීතියට පත් ආර්ය දේව කාමයෝ පැරකුම්බා රජු බැහැදැක මේ බව පවසා සමන් දෙවිඳු කෙරේ ගෞරව භක්තියෙන් සමන් දෙවොල ඉදිකර පූජාකර තිබේ.
එදා ආර්යදේව කාමයන්ගේ සිතැඟි ඉටුකරවා දුන්නාසේම ඇද සමන් දෙවිඳු වෙත ගොස් බැතිමතුන් කියා සිටින්නා වූ කරදර ප්රශ්නවලට නිරතුරුවම සමන් දෙවිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලැබෙන අතර දුනු ඊතල ආදී කිසිදු ආයුධයක් සිය හස්තයන්හි නොදරන සමන් දෙවියෝ සිය පිහිට පතා එන්නවුන්ට කරුණාව අනුකම්පාව පෙරදැරිව සෙත සලසන දෙවි කෙනෙක් බැවින් සෑම අයෙකුටම දින පතා බුදුන් වැදීමෙන් අනතුරුව එතුමාණන්ට පිං අනුමෝදන් කර අදාළ ගාථා හා ස්තෝත්ර ගායනා කර පිහිට ඉල්ලා සිටිය හැක.

ශ්රීමත් ගෞතම ශාක්ය බුධ පුවරස්ය රාධයින්ව සදා
ලංකාදීප සමන්ත කූඨ පුවරේ පාදාහිධර පාලයි
තස්මිං නිත්යහි පාලෙනහිම රතං
පුණ්යර්ජනෙ තත්පරං
ශ්රීමත් සුමන සුරෙන්ද්ර දේව පුවරා කුපන්තු
මේ මංගලම්
සබරගමුවෙ දෙවොලේ වැඩ ඉන්ටයි
සමනොළ සිරිපා නිති රැක දෙන්ටයි
සුමන සමන් දෙවියෝ බුදු වන්ටයි
කරුණාවෙන් අප හැම රැක දෙන්ටයි
.
▬▬▬▬ පිං දෙන ගාථා ▬▬▬▬
.
සම්බුද්ධ පාද වර ලාංජන සෝභිතම්හි
වාසෝ සමන්ත ගිරි මුද්දනී දේවරාජා
පුඤ්ඤාණු මොධිය ඉමං සුමනාභිදානෝ
පාලෙතු මං සතන සාත හිතා වහන්තු
.
සම්මා සම්බුදුගෙ - සිරිපා ලකුණ රකිමින්
සිටින දෙව් සමිඳුන් සිහිකරමි සෙත දෙනුව නිතියෙන්
.
▬▬▬▬ ශ්රී සමන් දේව ශාන්තිය ▬▬▬▬
.
ගන්ධ පුෂ්ප ඵුල්ලිතං විශාල ගාල මල්ලිකා
චම්පකා අශෝක නාග පූග වෘක්ෂ රCඳ්ජිතා
නීල පීත ශ්වේත වර්ණ පක්ෂි රාගි සංගතා
ශ්රී සමන්ත කූඨ වාස දේව දානතෙ සුඛං
.
ශීත ලාම්බු පූර්ණකං තඩාග නික්ධරං
වාත මේඝ ධරණිපාත රම්ය භූමි වාලුකා
ශ්රී සමන්ත කූඨ සෞම්ය නිත්ය වාස සම්භවං
ශ්රී. සමන්ත දේව රාජ සෞඛ්ය දානතෙ සුඛං
ශ්රී සමන්ත භද්ර ලෝක නාථ පාද ලාංඥනං
සුපුතිෂ්ඨ නාරධීක පුණ්ය ශ්රද්ධ චින්තනං
ශ්රොත්ර පත්ති මාර්ග ප්රාප්ත බුද්ධ රාජ වන්දනං
ශාන්ති දාන කෘත්වතෙ සමන්ත දේව රාජනං
.
දක්ෂ පක්ෂ යක්ෂ රාක්ෂ දර්පනෂ්ඨ නිර්භයං
රාග ද්වේශ මෝහනාස නත්ථි සුමන දේවතා
තීක්ෂනාස්ය ප්රඥ සාගරෛය්‍ය වීර කායිකං
කාය මාන සඣඣඳ රෝග පීඩ භෂ්මතා විරංඃ
.
බුද්ධ ධම්ම සංඝ රත්න පූජනාය කර්මතා
චිත්ත ප්රීති සාගරස්ය ප්රාප්ත සුමන දේවතා
ලංක දීප පූර්ව දේශ රක්ෂිතාය නිර්මලං
පාද පද්ම ශ්රී නමස්තු සුමන සමන් දේවතා
.
▬▬▬▬ සුමන සමන් දේව කන්නලව්ව ▬▬▬▬
ශ්රී සිද්ධ බල ඇති සමන්ත කූඨ පර්වතයේ වැඩවසන සුදු ඇත් වාහනයකින් ගමන් යන ශ්රී පාද පද්මයට අරක් ගෙන එය ආරක්ෂා කරන මහාධීර වීර තේජාන්විත සුමන සමන් දිව්ය රාජෝත්තමයාණන් වහන්ස,
අප තිලෝගුරු අමා මෑණි බුදු රජාණන් වහන්සේ මණිඅක්ත නාරජුගේ ආරාධනයෙන් කැලණි පුරවරයට වැඩි ගමනේදී ඔබ වහන්සේගේ ඉල්ලීම පිළිගෙන වසර පන්දහස් පන්සියයක් ශ්රී ලංකාද්වීපයේ සම්බුද්ධ ශාසනය බැබළෙන බැව් දිව නෙතින් දැක සමන්තකූඨ පර්වත මස්තකට වැඩම කොට තමන් වහන්සේගේ ශ්රී පාද ලාංඡනය පිහිටුවා වදාලෙන් බුද්ධ ශාසනයට ඔබ වහන්සේගෙන් සිදු වූයේ ඉමහත් සේවයකි.
එවක් පටන් ඔබ වහන්සේ ශ්රී පාදස්ථානය භාරව සිංහල දේශයත් බුද්ධ ශාසනයත් ආරක්ෂා කරනවා සත්යයයි. දොහොත් ඒ සත්යානුභාව බලයෙන් මුදුන්දී ඉල්ලා සිටින මෙම කන්නලව්ව ඔබ වහන්සේගේ දිවකනින් අසා දිව නෙතින් බලා අප වෙත බලපාන්නා වූ අණ විණ දෝෂාන්ධකාර යක්ෂ, භූත ප්රේත පිසාචාදීන්ගේ ඇල්ම, බැල්ම, විද්වංශනය කොට දී වාත පිත්ත සෙලෙස්මාදියෙන් වන දොaෂාන්ධකාර ග්රහ දෝෂ හිරු දුටු පිනි මෙන් දූරී භූත කරවා ඔබ වහන්සේගේ පිහිටපතා වැඳවැටී අයදින්නා වූ අපගේ ඉල්ලීම් ඒ ආකාරයෙන් ඉෂ්ඨ සිද්ධ කර දෙන සේක්වා.
▬▬▬▬ ශ්රී සමන් දේව ස්ත්රොaත්රය ▬▬▬▬
ශ්රී මුනින්ද්ර පාද පද්ම සංරක්ෂණ නිත්යං
ශ්රී සමන්ත කූඨ වාස ශුභ වර්ණ දේහං
ශ්රී ලංකා රක්ඛ දේව ශාසනෝපකාරං
ශ්රී සමන්ත දේවරාජ අසන ප්රවිශ්ඨං
ශුභ්ර වර්ණාහි දේවේන
දිව්යාභරණ භූෂිතම්
කCඳ්ජර වාහනං වෛව
සුමන දේවෝ නමෝ වරං
ශ්රී ලංකාම්භර පාතු භානු සදෘෂඃ
තේජං ප්රතාපාන් විතං
නා නා වෛරී ඝනාන්ධකාර ප්රචනඃ
ආදිත්ය බිම්බො පමඃ
සර්ව ස්තෝත්ර ගුණකරඃ සුරවරඃ
ශුභ්රාංගජො වාහනඃ
ශ්රීමත් සුමන සුරේන්ද්ර දේව රජ පුවරඃ
කුර්වන්තුතෙ මංගලම
▬▬▬▬ සමන් දෙවියන් පිළිබඳව අතිශය වැදගත් ප්‍රකටම සිද්ධිය වන්නේද
සිරිපා පිහිටුවීම පිළිබඳ කථා පුවතය. ▬▬▬▬
මුනිඳුන් අහසින් වඩිමින් කැලණිය
පතිඳුන් උරණය සිඳීමින් හැරකල
ඇවිදින් බැහැදැක වඳීමින් විදිසර
සුරිඳුන් එසුමන ඇයදුම් පිළිගෙන
ඉන්ද්රා දින වඩිමින්දා සමනොළ
බැන්දා මන තබමින්දා සිරිපද
වැන්දා සුර සුවනින්දා බැතිසිත
සෙන්දා අප මුනින්දා පදනල
සුමන සමන් දෙවි අරක්ගත් බුදුරජාණන් වහන්සේ ශ්රීපාද ලාඤ්ඡනය පිහිටි සමනොළ පර්වතය ගැන ජනකවියා දුටහ. එහිදී සමනළ කන්ද ලංකාවේ ප්රධානම කන්ද ලෙස වර්ණනා කළ අයුරු බලනවිට මුනි සිරිපා රැදි සමනොළ ගිර පිළිබඳව පැවති ශ්රද්ධා භක්ති ගෞරවය පිළිබිඹු වෙයි.
ලංකාවට අධිපති පර්වත මුදු නේ
සිංහාසනේ වද මුනිඳුට පහළ උ නේ
පිහිටි සිරිපාද පර්වත කොත මුදු නේ
ගංගා සතර පර්වතයෙහි උපත උනේ
සමන් දෙවිදුන් වැඩ සිටින මහ සමන් දේවාලය පිහිටියේ රත්නපුරයේය. සබරගමු මහ සමන් දේවාලය නමින් ප්රකට මෙම දෙවොලට ජනතාව තුළ පවත්නේ මහත් ගෞරවයකි. භක්තියකි. සමන් දේවාලය ගැන මෙසේ කියැවේ.
කන්ද උඩින් බසින කලට පෙනේය උළු මාලිගා ව
රෑ දාවල් අඳුර නැතිව රන්කොත් බබළන සුබා ව
දුම්බරකින් සෙනග ඇවිත් රුවට කෙරුව මාලිගා ව
ලංකාවට තිලකයක්ය සබරගමුවෙ මාලිගා ව
හෙල මුදුනෙන් බැස්ස කලට පෙනේය උළු මාලිගාව
රෑ දාවල් එළිය ඇතුව රන්කොත් බබළන සුබාව
බිම්බරකට සෙනග ඇවිත් සෑදෙව් උළු මාලිගාව
මුළු රටටම පාරට්ටුයි සබරගමුවෙ මාලිගාව
සමන් දෙවිඳුන්ට වාහනය ලෙස ඇත්තේ සුදු ඇතෙකි. සමනළ ප්රදේශයේ සැරිසරන සුදු ඇතෙක් ගැනද ජනතාව තුළ විශ්වාසය පවතී.
සුද්ද ලෙසින් නිති ගත බබලන්නේ නේ
සුද්ද ඇතා පිට වද වැඩ ඉන් නේ
බුද්ද ශාසනයේ දියුණු කරන් නේ
සුද්ද සමන් දෙවියෝය වඩින් නේ
සමන් දෙවි ප්රාදේශීය වශයෙන් රත්නපුර ප්රදේශයේ සබරගමු, පළාතේ ප්රධාන දෙවි ලෙස කියැවෙතත් ලක්වැසියන් ගරු කරන සිව්වරම් දෙවිවරුන් අතරට ගැනේ. ගමනක් බිමනක් යනවිට, වැදගත් කටයුත්තක් කරන විට සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සිරිතය.
“ගමන් යන්ට නැකතින් පාරු පැදගෙ න
සමන් දෙවියන්ට පුද පඬුරු දීගෙ න
මෙවන් කළු ගඟේ කදුහෙල් බලා ගෙ න
අපිත් යමුව බැස දෙවියන්ට වැදගෙ න
ශ්රීපාද වන්දනාවේ යන විට සියල්ලන්ම අපේක්ෂා කරන්නේ සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදයයි.
ඉහළ නගින මේ කෝඩුට
සුමන සමන් දෙවි පිහිටයි
කරුණාවයි කරුණාවයි
සමන් දෙවිඳු කරුණාවයි
කිරි කොඩුල වන්දවන්න
සමන් දෙවිඳු පිහිට වෙන්න
දම්වැලෙ එල්ලී දඹේ නගින් නේ
සමන් දෙවිඳුනේ අප රැක දෙන්නේ
සමන් දෙවිඳුන්ගේ ආරක්ෂාව පිහිට පතා ශ්රීපාද වන්දනා කරුවෝ තමන්ගේ පුණ්ය කර්මයන්හි පින් සමන් සුරිඳුන්ට අනුමෝදන් කරති.
“ඉදිකටු” නූලුත් සුරතට ගන්නේ
ගෙත්තන් කර දෙවිඳුට පින් දෙන්නේ”
“ සුමන සමන්දෙවි මේ පින් ගන්නේ
සාදු සාදු හිමෙ නගිනු කියන්නේ
පුද පූජාකොට පින් ලැබ ගන්නේ
සුමන සමන් දෙවි මේ පින් ගන්නේ
සුමන සමන්දෙවි පිළිබඳව වාර්ෂික මහා පෙරහර පුණ්යෙීත්සවය රත්නපුර මහ සමන් දේවාලය ප්රමුඛ කරගෙන සිදු කෙරේ. සමන් සුරිඳු ශ්රී ලාංකික ජන සමාජය හා බෙහෙවින් බැඳී සිටිති. දිවයිනේ බොහෝ ප්රදේශවල සමන් දෙවි වෙනුවෙන් දේවාල වන්නේය. පුද පූජා පින්කම් වන්නේය.


 
 ෴  DAHAM  VILA   දහම් විල
http://dahamvila.blogspot.com/


පුණේයොපදේශය - 
බෞද්ධයන් කරන වන්දනා පුජා දෙක උසස් ප්‍රතීඑල ලැබෙන අයුරින් කරන අයුරැත්, ග්‍රහ අපල, අමනුෂ්‍ය දෝෂ දුරු කරගන්නා ආගමික විධිත්, මෙලොව පරලොව සාර්ථක කර ගෑනිමට බෞද්ධයකු වශයෙන් කල යුතු වැඩත්, මාතෘකා 14 ක් යටතේ විස්තර කල පොතකි.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X