වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ඇමදීමේ අනුසස්

වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිනෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. තමන් පැමිණිවිට මලසුන්වල පරමල් ඇතිනම් ඉවත් කළයුතුය. මලසුන් අපවිත්‍ර වී ඇත්නම් සොදා පිරිසිදු කළයුතුය.ව් විහාර ගෙය අපිරිසිදු වී ඇත්නම් ඇමද පිරිසිදු කළයුතුය. දාගබ අවට බෝධිය අවට කසල ඇතිනම් ඇමද ඉවත් කළ යුතුය. තණ හා වල් පැලෑටි වැවී ඇත්නම් ඉවත් කළයුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝය. එය ශ්‍රද්ධාව ඇතිනම් වියදමක් නැතිව කාහටත් පහසුවෙන් කරගතහැකි පින්කමකි.
ඇමදීමන් ලැබෙන බොහෝ අනුසස් සකිං සම්මජ්ජකථෙරාපදානය බෝධිසම්මජ්ජකථෙරාපදානය යන දෙකෙහි දක්වා තිබේ. උපදින උපදින ජාතියේ අංගප්‍රතයංග සම්පූර්ණ වීම, උසමහතින් යුක්තවීම,ශරීරය වර්ණවත් වීම, සම සිනිදුවීම, ජනප්‍රිය වීම, දීර්ඝායුෂ්ක වීම, ශරීරය ශක්තිමත් වීම, බොහෝ කල් දුක් විදවන ජනයාට අප්‍රියවන ලාදුරු, පරංගි, කඩුවේගන්, වණ හා නොයෙක් නපුරු කුෂ්ඨරෝග ඇති නොවීම, සුදුකබර, වයුගැට, ඉණිගැට, සුදු ලප, කළු ලප, කුරුළෑ, අළුහන්, තොල් අතුල් පතුල්, පැලීම්, සම ඉරිතැලීම්, යන මේ රෝග හට නොගැනීම ඇමදීමේ අනුසස් වශයෙන් විශේෂයෙන් කියාතිබේ.
ස්ත්‍රීන්ට, සත්පුරුෂයන්ට අපරාධකිරීම, පරසන්තක වස්තුව පැහැරගැනීම ආදී පව් කම්වලින් කුෂ්ඨ රෝගය හටගන්නා බවත්, කුෂ්ඨ රෝගියා මළ පසු එය භවාන්තරයට යන බවත් වෙදය ග්‍රන්ථවල කියා තිබේ. ගුණවතුන්ට අපරාධ කිරීමේ පවින් කුෂ්ඨ රෝගය හටගන්නා බව බුදුදමෙහිද කියා තිබේ. කොතෙක් ප්‍රතිකාර කළද නිෂ්ඨාවට සුව නොවන කුෂ්ඨරෝගයට සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම හොද ප්‍රතිකාරයකි. කලක් එසේ කිරීමෙන් සමහර විට කුෂ්ඨරෝගය නිෂ්ඨාවටම සුව වේ.
ඇමදීම කය පිරිසිදු වීමට පමණක් නොව සිත පිරිසිදු වීමටද හේතුවන පින්කමකි. "මාගේ මේ වයායාමයෙන් මේ සිද්ධස්ථානය පිරිසිදු වන්නාක් මෙන් ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි, විචිකිත්සාදී කෙලෙස් කසලින් මගේ සිත ද පිරිසිදු වේවා යන අදහස ඇතිකරගෙන ඇමදීම කළයුතුය. එසේ කළ කල්හි ඇමදීමේ කුශලයෙන් චිත්තපාරිශුද්ධියද ලැබේ. චිත්තපාරිශුද්ධිය සත්වයනට ඉතාමත් අවශය දෙයකි. සත්වයන් නොයෙක් පව්කම් කොට නැවත නැවත අපායෙහි උපදින්නේ ද චතුස්සතයාවබෝධ කොට නිවනට නොපැමිණිය හැකිව සසර රැදී සිටින්නේද සිතෙහි අපිරිසිදු බව නිසාමය. චිත්තපාරිශුද්ධිය ලැබීමට කරන්නට ඇති හොදම පින්කම සිද්ධස්ථාන සුද්ද පවිත්‍ර කිරීමය.
පඤ්චානිසංසා සම්මජ්ජනියා, සකචිත්තං පසීදති, පරචිත්තං පසීදති, දේවතා අත්තමනා හොන්ති, පාසාදිකසංවත්තනිකංපුඤ්ඤං උපචිනාති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජති.
තේරුම :-
ඇමදීමෙහි අනුසස් පසෙකි. තමාගේ සිත පහදී, අනුන්ගේ සිත පහදී, දෙවියෝ සතුටුවෙති, රූප ශෝභාව දෙන පිනක් රැස්කරයි, මරනින් මතු දෙව්ලොව උපදී.

(පරිවාර පාළි)
ඔබසැමට සම්මාසම්බුදු සරණයි !!!
භව කර්ම
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X