වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සිල්වතුන්ට දෙවියන්ගේද නමස්කාරය

කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති, 
මාස්පොත, ශ්‍රී ගංගාරාම වාසී 
ගලගෙදර රතනවංශ හිමි

සිල්වත් වීම ජීවිතයක් බැබලීමටත් ගරු බුහුමන් ලැබීමටත්, ආරක්ෂාව ලබා ගැනීමටත් හේතු වනු ඇත. සීලය සම්බන්ධව විමසීමේ දී එය සිත, කය, වචනය යන ත්‍රිවිධද්වාරයම මුල්කොට පවතින්නකි. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍ය ක්‍රියා, දසරාජ ධර්ම, දස පාරමිතා යනාදී සෑම තැනකදීම සීලය දෙවෙනි තැනට යොදමින් එහි ඇති ආධ්‍යාත්මික හා ප්‍රායෝගික වටිනාකම පහදාදීමට බුදුහිමි වෙහෙස දරා ඇත. ත්‍රිශික්ෂාව අතර සීලය ප්‍රමුඛස්ථානයෙහි තබා ඇත. එහිද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා වාචා, සම්මා කම්න්ත, සම්මා ආජීව ආදී කොටස් ශීලය පදනම් කොට පවතී. ඒ අනුව බැලීමේ දී ප්‍රඥා, සීල, සමාධි වශයෙන් බෙදෙනු ඇත.
අප සිල්වත් විය යුත්තේ තමන්, අනුන් හා මෙලොව, පරලොව උදෙසාය. එහිදී, කය, වචනය තුළ හික්මීම ප්‍රධාන බලවේගය වේ. එය හික්මවා ගැනීමට බුදු දහමේ පංච ශීලය, ආජීව අෂ්ඨමක ශීලය, අෂ්ටාංග ශීලය, දස ශීලය ආදී ප්‍රතිපදා අනුගමනය කිරීම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේගේ සීලය මුළු තුන්ලෝකයේම පැතිරුණු ආකාරය ඉතා පැහැදිලිය.
ප්පමත්තෝ අයං ගන්ධෝ 
යායං තගර චන්දනී 
යෝච සීලවතං ගන්ධෝ 
වාති දෙවේසු උත්තමෝ - ධම්මපදය පුෂ්ප වග්ග

යම් තුවරලා සඳුන් සුවඳෙන් වේද එය ඉතා අල්පය. සිල්වතාගේ යම් උතුම් සුවඳක් වේද? එය දෙවියන් අතරද, හමා යේ,
බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාගේ සිල් සුවඳ මුළු විශ්වය පුරාම හමා ගියහ. ඊට අමතරව පෘතග්ජන සත්වයා තුළද අඩු වැඩි වශයෙන් සිල් සුවඳ පවතී. ඔවුනට දෙවියන්ගේද නමස්කාරය හිමිවන ආකාරය පැහැදිලි වේ. ස නි සත්තසංයුත්ත සක්කනමස්සන සූත්‍රය තුළ සක්‍රදේවේන්ද්‍රයාගේ නමස්කාරය ඉතා ප්‍රකටය. එනම්,
මං නමස්සන්ති තෙවිජ්ජා සබ්බේ භූම්මාච ඛත්තියා 
චත්තාරෝච මහාරාජා නිදසාච යසස්සිනෝ 
අහඤ්ච සීල සම්පන්නේ චීරරත්ත සමාහිතෙ 
සම්මා පබ්බජිතේ වන්දේ බ්‍රහ්මචරිය පරායනෙ 
යේ ගහට්ඨා පුඤ්ඤකරා සීලවන්තා උපාසකා 
ධම්මේ දාරං පෝසෙන්ති තෙ නමස්සාමි මාතලි 
සෙට්ඨාහි කිර ලෝකස්මිං යෙත්වං සක්ක නමස්සසි 
අහම්පි තෙ නමස්සාමි යෙ නමස්සසි වාසවාති 
ඉදං වත්තවාන මඝවා දෙවරාජ සුජම්පතී 
පුථුදදිසා නමස්සිත්වා පමුඛො රථමාරුහීති

වේදත්‍රය හදාරන සියලු භූලෝකවාසීහුද, ක්ෂත්‍රියෝද, සතර වරම් දෙව්මහරජහුද, යශස් ඇති දෙවියෝද, නුඹ වඳීත්. නමුදු සක් දෙවිදුනි, නුඹ යමෙකු වදින්නාහු නම් හේ කිනම් සත්වයෙක්ද?
ත්‍රිවේදය හදාරණ පොළෝතල වැසි සියල්ලෝද, ක්ෂත්‍රියෝද සිව්වරම් දෙව්මහරජහුද, යසස් ඇති දෙවියෝද මම නමදිත්.
මමද ශීලයෙන් සමන්විත වූ බොහෝ කලක් මුළුල්ලෙහි එකඟ කළ සිත් ඇති බඹසර විසුම්හි තත්පර වූ පැවිද්දන් මැනවින් වඳිමි.
පින් කරන සිල්වත් වූ ගෘහස්ථ යම් උවසු කෙනෙක් දැහැමින් අඹුදරුවන් පෝෂණය කරද්ද, මාතලී මම ඔවුන් වඳිමි.
සක්දෙවිඳුනි, නුඹ යම් කෙනෙකුන් වඳිනාහුද ඔහු ලොව්හි ශ්‍රේෂ්ඨයෝමය. සක්දෙව්රදුනි, නුඹ යම් කෙනෙකුන් වඳනාහුද? මමද ඔවුන් නමදිමි.
දෙවියන්ට රජ වූ සුජාවගේ සැමියා වූ මඝවන්තු නම් වූ සක්දෙවිරජතෙමේ මෙය කියා හැම දිගුන් නැමද රියට නැංගේය.
එම දේශනාවෙන් පැහැදිලි වන්නේ සිල්වන්තව ඉඳ අඹුදරුවන් පෝෂණය කරමින් පින් දහම් කරන ධාර්මික ජීවිත ගත කරන මිනිසුන්ට දෙවියන්ගේ පවා නමස්කාරය හිමි වන බවයි. නමුදු අද එහි ප්‍රතිවිරුද්ධ පැත්ත ක්‍රියාත්මක වීම පිළිබඳ සිතන කල්හි කනගාටුවක් ජනිත වේ. දෙවියන්ගෙන් පවා මිනිසාට වැඳුම් පිදුම් ලබාගත හැකි බව බෞද්ධයන් විසින් සපුරා අමතක කොට ඇත. දැහැමින් ජීවත් වන අයට දෙවියන්ගේත් නායකයා වන ශක්‍රයාගෙන් වැඳුම් පිදුම් ලැබේ.
බුද්ධ චරිතය තුළ පැහැදිලි වන ආකාරයට විවිධ ආත්මවල ජීවිත පරිත්‍යාගයෙන් සීලය ආරක්ෂා කළ ආකාරය ඉතා විස්මිතය. එය බුද්ධ චරිතය තුළ දැකිය හැකි ශ්‍රේෂ්ඨ ලක්ෂණයකි. උන්වහන්සේ පුරන ලද පාරමිතා දෙස අවධානය යොමු කිරීමෙන් එය මනාව ප්‍රත්‍යක්ෂ වේ. සංඛපාල, කුරු ධර්ම, ලෝමහංස ඡද්දන්ත ආදී ජාතක කතා පරිශීලනය කිරීමෙන් බුදු හිමි ඒ ඒ ආත්මවල පුරන ලද ශීල පාරමිතාව කොතරම් ගැඹුරු ද, ගාම්භීරද යන්න ප්‍රත්‍යක්ෂ වේ.
ශීලය ප්‍රධාන කොටස් දෙකකින් අනූනය. චාරිත්‍ර ශීලය එකකි. එනම් ගුණවතුන්ට සිල්වතුන්ට, වැඩි හිටියන්ට අභිවාදනය කිරීම, වතාවත් කිරීම, ලෙඩුන්ට සාත්තු කිරීම ආදියයි. චාරිත්‍ර ශීලය දෙවැන්නයි. එනම් පස් පව් දස අකුසල් ආදියෙන් වෙන් වීමයි. බෝසත්වරුන් මෙම දෙඅංශයම ප්‍රගුණ කරන අතර ඔවුන්ගේ ශීලය සුවිශේෂී වන්නේ ඔවුන් ආර්ථික ලාභ ප්‍රයෝජන මත හෝ අඹුදරුවන් නිසා හෝ තම ශරීරය රැක ගැනීමට සිතා හෝ ශීලය කඩ කිරීමක් නැත්නම් ශීලය බිඳ ගැනීමක් සිදු නොකරන බැවිනි. දන් දීමෙන් වුවද වැඩි අනුසස් ලැබෙන්නේ සිල්වතුන්ට, ගුණවතුන්ට දීමෙන් බව බුදුහිමි දේශනා කොට ඇත. ‘යො සීලවා සීලවනෙතසු දදාති දානං’ ම.නි. එම දහම් පාඨය තුළින් එය පැහැදිලි වේ.
සීලය, ධනයක් වශයෙන් සප්තාර්ය ධන අතර බුදුහිමි පෙන්වා දී ඇත. කිරලෙකු බිජු රකින්නා සේ සිල් රැකීමේ දී ලෞකික ජීවිතය තුළ ද බොහෝ ආනිශංස ලැබෙන අයුරු පැහැදිලි වේ. නීරෝගි සම්පත්තිය ලැබීමට, දීර්ඝායුෂ ලැබීමට, කීර්ති ප්‍රසංශා ලැබීමට, ඕනෑම සභාවකට නොබියව ඉදිරිපත්වීමට සිල්වතුන්ට සීලය රැකීමේ ආනිශංස වශයෙන් ලැබෙනු ඇත.
සිත, කය, වචනය තුළ ඇති නිවැරදිතාව පිරිසුදුභාවය කරණකොට ගෙන හික්මීම සංවරය, ලැජ්ජා, බය ඇතිව ජීවත්වීම ආදී කාරණයන් සමඟ තමනට ලැබෙන ආත්ම තෘප්තිය ඉතා ඉහළය. එය සැපයක්ම වන්නේ ය. බුදුහිමි දේශනා කළ සුඛ අතර අනවජ්ජ සුඛය ලැබීමට එය සෘජුවම බලපානු ඇත.
ඉහත කරුණු සිතටගෙන උසස් මනසක් ලැබූ සෑම සත්වයෙක්ම සීලවත් වීමට උත්සාහවත් විය යුතු ය. දෙවියන්ගෙන් පවා වන්දනාමානයට ලක්වීමට එය හේතුවන අතර, තමන්ටත් අනුනටත් මෙලොවටත්, පරලොවටත් එය සැප පිණිස පවතී.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පූජාව හා දානය

පූජාව ය දානය ය කියා පින්කම් දෙකක් ඇත්තේය. තථාගතයන් වහන්සේ විසින් මංගල සූත්‍ර දේශනයේදී “පූජාච පූජනීයනං” යනාදී ගයෙන් පූජාව එක් මංගල්‍යයක් ලෙසත් “දානඤ්ච ධම්මචරියා ච” වදාරා ඇත්තේ පූජාව ය දානය ය කියා පින්කම් දෙකක් ඇති බැවිනි. ඒ දෙක්හි ඇත්තේ මඳ වෙනසකි. දාන ශීල භාවනා වශයෙන් කුශලය තුනට බෙදන තැන්වලදී පූජාව දානය යන මේ දෙකම දානමය කුශලයට ම අයත් වේ.
උසස් පුද්ගලයනට තමාගේ ගෞරවය හා ප්‍රසාදය දැක්වීම් වශයෙන් පුෂ්පාදී යම්කිසි වස්තුවක් පිරිනැමීම පූජා නම් වේ. තමාට උසස් වූ හෝ පහත් වූ හෝ සම වූ හෝ කවරෙකුට වුව ද අනුග්‍රහයක් වශයෙන් යම්කිසිවක් ප්‍රදානය කිරීම දාන නම් වේ. ගුණවත් පුද්ගලයනට අනුග්‍රහ වශ්යෙන් ගෞරවයෙන් ආහාරපාන වස්ත්‍රාදිය පිරිනැමීමට පූජාවය යි ද කිය හැකිය. දානයයි ද කිය හැකිය.
දානය විශේෂයෙන් අනුග්‍රහ කිරීම ප්‍රදාන කොට ඇතියකි. ප්‍රතිග්‍රාහකයාට උවමනා නැති දෑ දීම උසස් දානයක් නොවේ. උසස් දානයක් වන්නට ප්‍රතිග්‍රාහකයාගේ උවමනා සළකා බලා ප්‍රතිග්‍රාහකයාගේ උවමනා පිරිමැසෙන දෙයක් දිය යුතුය. අනුග්‍රහ පූර්වක පූජා කරන්නවුන් විසින් ද ප්‍රතිග්‍රාහකයන්ගේ උවමනා සලකා බලා ප්‍රයෝජනවත් දේවල් පිදිය යුතුය.
අනුන්ගෙන් යම්කිසිවක් උවමනා නැති උසස් පුද්ගලයන්ට ගෞරවය පිණිස හා ප්‍රසාදය දැක්වීම පිණිස පූජා කිරීමේදී තමා උසස් කොට සලකන ඒ පුද්ගලයාට නුසුදුසු නොවන කුමක් හෝ පිරිනැමීම සුදුසු ය. ප්‍රතිග්‍රාහකයාට තමා පිරිනමන දෙයින් ප්‍රයෝජනයක් වීම හෝ නො වීම එහිදී සැලකිය යුත්තක් නොවේ.
උසස් පුද්ගලයන් දක්නට යන විට ඒ පුද්ගලයාට ගරු කිරීමක් වශයෙන් ප්‍රසාදය දැක්වීම් වශයෙන් මල් පොකුරක් ගෙන ගොස් පිළිගැන්වීම දඹදිව සිරිතකි. මල් සැමදෙන කැමති වස්තුවකි. එය ශුද්ධ වස්තුවක් ලෙස ද සලකති. එබැවින් දෙවිවරුන්ට ද මල් පුදති. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ පසු උත්තම පුද්ගලයෙකු වන බැවින් උන්වහන්සේ දක්නට යන්නෝ ද මල් ගෙන ගොස් උන්වහන්සේට පිළිගැන්වූහ. උන්වහන්සේට මල් වලින් ප්‍රයෝජනයක් නැත ද ගෙනැවිත් පිරිනමන්නවුන් කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේ ද ඒවා පිළිගත්හ. තථාගතයන් වහන්සේට මල් වලින් ප්‍රයෝජනයක් නැත ද උන්වහන්සේ ට ගරු කිරීමක් වශයෙන්, ප්‍රසාදය දැක්වීමක් වශයෙන් කරන්නා වු ඒ පූජාව මහත්ඵල මහානිසංස වන පින් කමක් වේ. බුදුරජාණන් වහන්සේට ගරු කිරීමක් වශයෙන් උන්වහන්සේ පිරිනිවීමෙන් පසු ද අද දක්වාම බෞද්ධයෝ උන්වහන්සේට මල් පුදන්නාහ. පිරිනිවියා වූ තථාගතයන් වහන්සේට ගරු කිරීම් වශයෙන් බෙහෙවින් පූජා කරන්නේ මල්ය. සුවඳ, සුවඳ දුම්, පහන්, කොඩි, පැන්, ගිලන්පස, දැහැත්, ආහාර, අටපිරිකර ආදී තවත් නොයෙක් දේ ද සැදැහැවත්හු පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේ උදෙසා පුදති. අතීතයේ නොයෙක් පින්කම් කොට ඒවායින් නානා ප්‍රකාර ඵල ලැබු අය ගේ ප්‍රවෘත්ති දක්වා ඇති, අපදාන විමානවත්ථු ආදී බෞද්ධ ග්‍රන්ථවල එන කථා අතර ද දක්නට ඇත්තේ පිරිනිවියා වූ බුදුවරයන් උදෙසා දාගැබ්, මහබෝවලට මල්, පහන්, සුවඳ, කොඩි, ගී, නැටුම් වැයුම් පුද කළ අයගේ කථා පමණකි. දැහැත්, ගිලන්පස, ආහාර හා චීවරාදී පරිෂ්කාර ආදී පූජා කළ අය පිළිබඳ කතා ඒ ග්‍රන්ථවල දක්නට නැත. සිද්ධාර්ථ බුදුරදුන්ගේ චෛත්‍යයට කප්රුකක් පූජා කළ කතාවක් අපදානයෙහි දක්නා ලැබේ. දැනුදු ඇතැමුන් චෛත්‍යයනට කප්රුක් පුදන්නේ ඒ කථාව අනුව යයි සිතමි. ඒ ග්‍රන්ථවල ආහාරපාන වස්ත්‍ර පූජා කිරීම පිළිබඳ කථා ඇත්තේ ජීවමාන බුදුවරුන්ට පූජා කළ අය පිළිබඳව ය. පූජා කළ අය පිළිබඳ කථා නැති පමණින් අජීවමාන බුදුවරුන් උදෙසා ආහාර පාන වස්ත්‍රාදිය පිදීම නිෂඵලය යි නො ගත යුතු ය.
== නො පිළිගන්නා පූජාව ==
අජීවමාන බුදුවරුන් රහතුන් උදෙසා කරන පූජා උන්වහන්සේ ලා නො පිළිගන්නාහ. පරිභෝග නොකරන්නාහ. නොපිළිගන්නා වූ, පරිභෝග නොකරන්නා වූ නැති බුදුවරුන්ට, නැති රහතුන්ට පිදීමෙන් පිනක් ලැබේද? ඵලයක් ලැබේද? යනු මේ පූජාවන් පිළිබඳව ඇතැමුන් නඟන ප්‍රශ්නයකි. ඔවුන් ඒ ප්‍රශ්නය නඟන්නේ පින් පව් නො හැඳිනීම නිසාය. ජීවමාන බුදුරජාණන් වහන්සේට යම්කිසිවක් පූජා කරන කල්හි පින වන්නේ තථාගතයන් වහන්සේගේ පිළිගැනීම හෝ පරිභෝග කිරීම නොව පූජා කරන තැනැත්තා තුළ ඇතිවන ඒ වස්තුව තථාගතයන් වහන්සේට පිරිනමන ප්‍රසාදයෙන් යුක්ත සිත ය. පූජා කලහුට අනාගතයේ ඉෂ්ට විපාක ඇතිකර දෙන්නේ ද තථාගතයන් වහන්සේ විසින් නො ව පූජකයා තුළ ඇති වූ කුශල චිත්තයෙන්ම ය. යම්කිසි පූජාවක් කරන තැනැත්තකුට කුශලය ඇතිවන්නේ ඒ පූජාව පිළිගැනීමට ප්‍රථමයෙනි. ප්‍රතිග්‍රාහකයා විසින් පූජාව පිළිගන්නේ කුශල චිත්තය ඇති වූවාට පසුවය. පරිභෝග කරන්නේ ඊටත් පසුවය. පිළිගැනීම්, පරිභෝග කිරීම් දෙක සිදු නො වීමෙන් කලින් ඇති වූ කුශල චිත්තයට හෝ එයින් ලැබෙන විපාකයට හෝ වන හානියක් නැත. බාල කාලයේ තථාගතයන් වහන්සේ ඇති දැඩි කළ උන්වහන්සේ ගේ කුඩා මෑණියන් වන මහා ප්‍රජාපති ගෝතමී තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති මහත් භක්තිය නිසා උන්වහන්සේට සිවුරු පිණිස සළු සඟලක් පුදනු කැමැත්තී, රජගෙදර ගබඩාවල,බොහෝ අගනා වස්තු ඇතද ඒවා නොගෙන පුළුන් ගෙන්වා සියතින් ම නූල් තනා සියතින් ම සළු සඟලක් වියා කරඬුවක බහා හිස මත තබාගෙන දාශිගණයා හා තථාගතයන් වහන්සේ වෙත පැමිණ “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් නුඹ වහන්සේ උදෙසා සියතින්ම නූල අඹරා සියතින් ම වියා පිළියෙල කළ මේ සළු සඟල මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා” යි සැල කළාය. එකල්හි තථාගතයන් වහන්සේ “සංඝෙ දෙහි ගොතමී, සංඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පුජිති භවිස්සාමි සංඝො ච” යනුවෙන් ‘ගෞතමිය; සංඝයාට දෙව; ඒවා සංඝයාට දුන් කල්හි මම පූජා කරන ලද්දේ වෙමි. සංඝයා ද පූජා කරන ලද්දේ ය’ යි වදාරා ගෞතමිය ගේ පූජාව ප්‍රතික්ෂේප කළ සේක. තථාගතයන් වහන්සේ ලෝකයෙහි අග්‍රදක්ෂිණෙය්‍ය වන සේක. සංඝයාට පිදීමෙන් බුදුනට පිදීමෙන් වන කුශලය තරම් මහත් කුශලයක් නො වේ. සළු සඟල ප්‍රතික්ෂේප කිරීමෙන් තථාගතයන් වහන්සේට එය පිදීමේ කුශලය නැති වී යතහොත් බොහෝ වෙහෙසී ලබාගන්නට තැත්කළ ඒ කුශලය ලබාගන්නට නොදී එයට කුඩා කුශලයක් ලබා ගන්නට සැලැස්සීම තථාගතයන් වහන්සේ විසින් සිය මැණියන්ට කරන ලද ඉමහත් අපරාධයකි. බුදුවරයෝ මාපියන්ට ගරු කරන්නාහ. කිසි කලෙක අපරාධයක් නො කරන්නාහ. තථාගතයන් වහන්සේ තමන් වහන්සේට කළ පූජාව ප්‍රතික්ෂේප කොට එය සංඝයාට පුදන්නට නියම කරන ලද්දේ මහා ප්‍රජාපතී ගෝතමියට අතිරේක වශයෙන් තවත් කුශලයක් ලබා දීම පිණිස ය. මේ වස්ත්‍ර පිළිගන්නා සේක්වා යි කියා තථාගතයන් වහන්සේ ඉදිරියේ ඒ වස්ත්‍ර තැබූ පසු ඇගේ පින සිදුවී අවසානය. ඇයට බුදුරදුන් පිළිබඳව පූර්ව චේතනා, මුඤ්චන චේතනා, අපර චේතනා යන කුශල චේතනාත්‍රය ඇති වී අවසාන ය. තථාගතයන් වහන්සේ විසින් පිළිගැනීමෙන් හෝ නො පිළිගැනීමෙන් හෝ ඒ ඇති වූ කුශල චේතනාවලට වන අමුත්තක් නැත. තථාගතයන් වහන්සේගේ නියෝගයෙන් පිරිකර නැවත සංඝයාට පිදූ කල්හි ඇයට සංඝයා සම්බන්ධයෙන් ද පූර්ව චේතනා, මුඤ්චන චේතනා, අපර චේතනා යන චේතනාත්‍රය ඇතිවීමෙන් කුශල චේතනා සයක් වන්නේ ය. එයින් ඇයට වස්ත්‍ර පූජාව අධිකතර මහත්ඵල මහානිසංස වන්නේ ය. “තථාගතයන් වහන්සේ ගෝතමියගේ පූජාව ප්‍රතික්ෂේප කළේ ඒ කරුණ නිසා ය. නැත්තා වූ අජීවමාන බුදුවරුන්ට ආහාර පාන වස්ත්‍රාදිය පිදූ කල්හි ප්‍රතිග්‍රාහකයන් නැති කමින් පූජා කරන්නහුගේ පිනට හානියක් නැති බව ජීවමාන බුදු කෙනෙකුන්ට පූජා කිරීමෙන් වන කුශලයට සමාන කුශලයක් අජීවමාන බුදුවරුන්ට පිදීමෙනුත් ලැබිය හැකි බව කියන ලද කරුණු අනුව තේරුම් ගත හැකිය. පූජා කිරීමට බුදු කෙනෙකුන් නැතය කියා සංඝයා නැතය කියා පසුබට නොවී පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේට හැකි පමණින් පුදා බුද්ධ පූජාමය කුශලය අත්පත් කරගෙන සඟමොක් සැප ලබත්වා!
== බුදුරදුන්ට වත් කිරීම ==
මල් පහන් ආදියෙන් බුදුරදුන්ට පිදීමෙන් පමණක් නොව උන්වහන්සේට වත් කිරීමෙන් ද සැදැහැතියන්ට පින්සිදුකරගත හැකිය. තථාගත පරිනිර්වාණයෙන් පසු ද ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුන් ජීවමාන කාලයේ උන්වහන්සේට කළ ගඳකිළිය හැමදීම, අසුන් පැනවීම, පැන වූ අසුන් තැන්පත් කිරීම, පහන් දැල්වීම, නාන පැන් මුව දෝනා පැන් පිළියෙල කිරීම, දැන් නෑමට වේලාව ය, දැන් දහම් දෙසීමට වේලාව ය, දැන් භික්ෂූන්ට අවවාද දීමට වේලාව ය යනාදීන් කාලාරෝචනය කිරීම යන වත් සියල්ල බුදුරදුන් ජීවමාන කාලයේදී කළාක් මෙන්ම පිරිනිවීමෙන් පසු ද කළ බව සමන්ත පාසාදිකා නම් වූ විනය අටුවාවෙහි හා සුමංගල විලාසිනි නම් වූ දික්සඟ අටුවාවෙහි ද කියා ඇත්තේ ය. ඒ අනුව ප්‍රතිමා මන්දිරයක හෝ දාගැබක බෝධියක හෝ තථාගතයන් වහන්සේට වත් කිරීමේ චේතනාවෙන් පරමල් ඉවත් කිරීම්, මලසුන් සේදීම්, හැමදීම්, කසළ බැහැර කිරීම්, පැන් එළවා තැබීම්, තණ ආදිය උදුරා ඉවත් කිරීම් යනාදී වත් කිරීමෙන් පින් කැමතියන්ට බොහෝ පින් සිදු කර ගත හැකිය. බුරුම බෞද්ධයෝ බුදුරදුනට වත් කිරීම් වශයෙන් සුවඳ පැන් පිළියෙල කොට බුදු රූ නහවති.
== බුද්ධ පූජාවට කළ යුත්ත ==
පිරිනිවීමෙන් පසු තථාගතයන් වහන්සේ උදෙසා සැදැහැතියන් පුදන ආහාර පානයන්ට හා චීවරාදී පරිෂ්කාරයන් කෙරෙහි පිළිපැදිය යුත්තේ කෙසේද? යන වග ජීවමාන කාලයේදී තථාගතයන් වහන්සේ නො වදාළ සේක. එබැවින් දැන් ඒවාට කුමක් කළ යුතුද? යනු ගැටළු ප්‍රශ්නයක් වී තිබේ.
ප්‍රථම සාංඝික දානය වන බුද්ධප්‍රමුඛ උභතෝ සංඝයාට දෙන දානය බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු භික්ෂු භික්ෂුනී දෙසඟ මැද සධාතුක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තබා ප්‍රතිමා වහන්සේ ඉදිරියෙහි පාත්‍රය තබා සංඝයාට දෙන සියල්ලෙන් ම අග්‍ර කොට්ඨාශය බුදුරදුන් උදෙසා ඒ පාත්‍රයට බෙදමින් දානය දිය හැකි බව දක්ෂිණාවිභංග සූත්‍ර අටුවාවෙහි කියා තිබේ.

අනතුරුව-
“යං සත්ථු දින්නං තං යො සත්ථාරං ජග්ගති වත්තසම්පන්නො භික්ඛු තස්ස වා භික්ඛුස්ස සංඝස්ස වා දාතබ්බං, සප්පිතෙලානි පන ගහෙත්වා දීපා ජාලෙතබ්බා, සාටකං ගහෙත්වා පටාකා ආරොපෙතබ්බා.”
යනුවෙන් “ඒ දානයේදී තථාගතයන් වහන්සේට දෙන ලද දෙය උන්වහන්සේට උපස්ථාන කරන වතින් සම්පූර්ණ භික්ෂුවක් ඇති නම් ඒ භික්ෂුවට හෝ සංඝයාට දිය යුතුය. ගිතෙල් හා තෙල් ගෙන පහන් දැල්විය යුතුය. වස්ත්‍ර ගෙන කොඩි එසවිය යුතුය” යි දක්වා ඇත්තේ ය. මෙහි බුදුනට උපස්ථාන කරන භික්ෂුවය යි කියා තිබෙන්නේ දාගැබ් බෝධි ප්‍රතිමා ගෘහ යන මේවායේ වත කරන භික්ෂුවටය. පහන් දැල්වීම කොඩි එසවීම කළ යුත්තේද ඒ තැන්වල ය.
“ධම්මදායාදා මෙ භික්ඛවේ භවථ මා ආමිසදායාදා” යනුවෙන් “මහණෙනි, තෙපි මාගේ ධර්මය උරුම කොට ගන්නෝ වව්. ආමිසය ගන්නෝ නො වව්” යයි තථාගතයන් වහන්සේ විසින් ධර්මදායාද සූත්‍රයෙහි වදාරා තිබේ. තවද බුදුරජාණන් වහන්සේ වළඳා අවසන් වීමෙන් පසු තවත් ආහාර ඉතිරි වී ඇති අවස්ථාවක ආහාර නො ලැබ උන්වහන්සේ වෙත පැමිණි භික්ෂූන් දෙනමකට “මහණෙනි, මම දන් වළඳා අවසන් කොට සිටිමි. මේ ආහාර රාශියක් ඉතිරිව ඇත්තේ ය. කැමති නම් මේවා වළඳව්. තෙපි මේවා නො වළඳන්නහු නම් මම මේවා සතුන් නැති ජලයකට හෝ තණ නැති බිමකට දමන්නෙමැ”යි වදාළ විටෙක ඔවුන්ගෙන් එක් නමක් “මහණෙනි තෙපි මාගේ ධර්මය ගන්නෝ වව්. ආමිෂය ගන්නෝ නොවව්” යයි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. “මේ ආහාරයත් එක්තරා ආමිෂයකි. එබැවින් මම මෙය නො වළඳමි” යි ඒ දවස සාගින්නෙන් ගෙවයි නම් අනිත් භික්ෂුව ඒ ආහාරය ගෙන වළඳා සාගින්න සන්සිඳවා ගෙන ඒ දිනය ගත කරයි නම් ඒ දෙදෙනාගෙන් නො වැළඳූ පළමු භික්ෂුව ම පූජ්‍යතර වන්නේ ය. අතිශයින් ප්‍රශංසාවට සුදුසු වන්නේය” යි ධම්ම දායාද සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය. එය අනුව බලතහොත් බුදුනට පිදු වස්තූන් තමන්ගේ ප්‍රයෝජනයට නො ගෙන සිටීම ම භික්ෂූන්ට යෝග්‍ය බව කිය යුතුය. තථාගතයන් වහන්සේගේ භුක්තාවශේෂය ගෙන වළඳන්නා වූ භික්ෂුවට ඉන් කිසියම් පාපයක් වන බව ද එහි වදාරා නැත. එබැවින් යම් කිසි භික්ෂුවක් බුදුරදුන්ට පිදු ආහාර ගෙන පරිභෝග කරනවා නම් එයින් එම භික්ෂුවට වන පාපයක් නැති බව කිය යුතුය. ප්‍රතිමාගෘහාදියෙහී බුදුරදුන්ට පුදා ඇති ආහාර පාන ඒ තැන්වලින් ඉවත් කොට ඒ තැන් පිරිසිදු කළ යුතුය. ඒවායින් කිසි ප්‍රයෝජනයක් බුදුනට හෝ විහාර දාගැබ් වලට හෝ නැත. අහක දමන්නට ඇති ඒ ද්‍රව්‍ය ගෙන තමන් ගේ ප්‍රයෝජනයට යොදා ගැනීමෙන් කා හට වුව ද පාපයක් වන බවක් නො කිය හැකිය.
සැදැහැවතකු යම් කිසි වස්තුවක් විහාරයකට දාගැබකට බෝධියකට ගොස් බුදුරදුනට පුදන්නේ ඒ වස්තුව කෙරෙහි ඔහුගේ ආලයත් අයිතියත් අතහැර ය. පූජා කිරීමෙන් පසු ඒ වස්තුව ඔහුට අයිති නැත. පූජා කරනු ලැබූ බුදුරජාණන් වහන්සේ ද නැත. එබැවින් ඒ වස්තුව අස්වාමික වස්තුවකි. අහක දමන ලද්දක් වැනියෙකි. පාපයක් වන්නේ හිමියා විසින් නො දෙන ලදුව හිමියෙකු ඇති වස්තුවක් ඒ බව දැන දැන ගැනීමෙනි. හිමියෙකු නැති වස්තුවක් ගැනීම අදින්නදානය නො වේ. ඒ කරුණු අනුව සළකත හොත් බුදුරදුන්ට පුදා ඇති වස්තූන් පාංසුකූල සංඥාවෙන් ගැනීමෙන් කාට වුවත් වරදක් නො වන බව කිව යුතුය. එහෙත් බුදුනට පුදා ඇති වස්තූන් ගැනීමට තැත් නො කළ යුතුය. අපේ බණ පොතවල එන පතාකා ප්‍රේත වස්තුවේ හැටියට එය භයානකය.
== පතාක ප්‍රේත වස්තුව ==
පෙර ලක්දිව රුහුණු පෙදෙසෙහි දීර්ඝායු නම් චෛත්‍යයක් විය. එහි ඔසවා තිබූ කොඩියක් සුළඟින් කැඩී ගොස් දුර පිහිටි කෙතක වැටිණ. කෙත් හිමියා කෙත බලා ඇවිදිනුයේ එය දැක අතට ගෙන බලන්නේ එහි සටහන් කර තිබූ අකුරු දැක චෛත්‍යයට පුදන ලද්දක් බව දැන ඒ වස්ත්‍රයට ලෝභ කොට අකුරු තිබූ කොටස ඉරා දමා පොරවාගෙන ගෙදර ගියේය. කලකට පසු ඔහු කළුරිය කොට ගිනියම් වූ දහසක් යපට ඇඟේ වෙළුණු ප්‍රේතයෙක් විය. ඔහුට වාඩි වන්නට හෝ නිදන්නට හෝ නො පිළිවන. කෑම බීම කරන්නට නො පිළිවන. ඔහු මහබර ඔසවාගෙන ඉතා දුකසේ ඇවිදී. දිනක් ඒ ප්‍රේතයා මධ්‍යම රාත්‍රියේ එක්තරා ස්ථවිර නමක් ඉදිරියේ පෙනී සිට ඔහුට පැමිණි දුක කියා සිටියේ ය. තෙරුන් වහන්සේ ඔහුගේ දුක දැක මහත් සංවේගයට පැමිණ “නුඹට මේ දුකින් මිදීමට මා කරන්නේ කුමක්දැ” යි ඇසූහ. “හිමියනි, දීර්ඝායු චෛත්‍යයට කොඩි දහසක් පුදා මට පින් දුන හොත් මිදිය හැකි වන්නේ ය” යි කියා ප්‍රේතයා අතුරුදහන් විය. ප්‍රේතයා ගැන ඇති වූ මහත් අනුකම්පාවෙන් පසුදින තෙරුන් වහන්සේ කොඩි සොයන්නාහු පනසක් ලැබ ඒවා චෛත්‍යයට පුදා ප්‍රේතයාට පින් දුන්හ. ඒ පින් ලැබීමෙන් ප්‍රේතයාගේ හිස අටඟුලක් විවෘත විය. එදින රාත්‍රියේ ප්‍රේතයා නැවත ද තෙරුන් වහන්සේට පෙනී සිට හිස අටඟුලක් විවෘත වූ බව කීය. තෙරුන් වහන්සේ නැවත කොඩි පනසක් සොයා චෛත්‍යයට පුදා පින් දුන් කල්හි තවත් අටඟුලක් ප්‍රේතයාගේ ශරීරය විවෘත විය. මෙසේ ක්‍රමයෙන් කොඩි සොයා දහස සම්පූර්ණ කළ කල්හි ප්‍රේතයා සම්පූර්ණයෙන් නිදහස් විය.
එදින මධ්‍යම රාත්‍රියේ ප්‍රේතයා ශුද්ධ වස්ත්‍රයෙන් හා නානාභරණයෙන් සැරසී තෙරුන් වහන්සේ ඉදිරියේ දේවත්වයෙන් පෙනී සිටියේය. තෙරුන් වහන්සේ “නුඹ කවරෙක්දැ” යි ඇසූ කල්හි “හිමියනි, මම පෙර ගිණියම් වූ දහසක් යපටින් වෙලී කෑමක් බීමක් නැතිව මැරෙන්නේ ද නැතිව මහ දුක් වින්දෙමි. ඒ මම දැන් නුඹ වහන්සේගේ කරුණාවෙන් දුකින් මිදී දේවත්වයෙන් සුවසේ වෙසෙමි. කාරුණිකයන් වහන්ස මා හට මාපියන් විසින් නෑයන් විසින් කළ යුත්ත නුඹ වහන්සේ විසින් කරන ලද්දේ ය. ඒ මම නුඹ වහන්සේ දැක වැඳීමට මෙහි පැමිණියෙමි. නුඹ වහන්සේ ගේ කරුණාවෙන් මා දුකින් මිදී සැපයට පැමිණියාක් මෙන් නුඹ වහන්සේට ද අග්‍ර වූ ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සුඛයට පැමිණෙන්නට ලැබේවා.” යි ප්‍රේතයා කීය.
ඉක්බිති හෙතෙමේ “හිමියනි, බුද්ධ ධර්ම සංඝ යන මේ තුන් තන්හි කළ ස්වල්ප වූ ද පාපය අනන්ත දුක් ගෙන දෙන්නක් වන්නේ ය. එසේම ඒ තුන් තන්හි කරන ස්වල්ප වූද පූජාව අනන්ත ඵල දායක වන්නේ ය” යි කියා තෙරුන් වහන්සේ සාදරයෙන් ප්‍රදක්ෂිණා කොට වැඳ අතුරුදහන් විය.

මේ කථාව ලෝකප්පදීපකසාර නම් ග්‍රන්ථයෙන් ගන්නා ලදි. තුනුරුවනට පුදා ඇති සුළු දෙයක් වුව ද තමාගේ ප්‍රයෝජනයට ගැනීම අනාගතයෙහි අනන්ත දුක් ලැබෙන බරපතල පවක් බව මේ කථාව අනුව තේරුම් ගනිත්වා. මේවායේ බරපතල බව නො දත් ඇතැම්හු කිසි සැලකිල්ලක් නැතිව විහාරවල දාගැබ්වල බෝධිවල පුදා ඇති පහන් තමන්ගේ උවමනා වලට තැනින්තැන ගෙන යති. පහන් වල තෙල් ගනිති. ඉදල් මුසුන් හා භාජන තමන් ගේ උවමනා වලට ගෙන යති. කොඩි මල් ආදිය ගෙන යති. නපුරු විපාක ඇති විය හැකි බැවින් ඒවායින් වළකිත්වා.Path to Nirvana
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කුසලයට බාධා කිරීමේ විපාක

පොකුණුවිට ශ්‍රී විනයාලංකාර රාමවාසී 
පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සී හිමි
ඇතැම්හු තමන් කුසල් නොකරනවා පමණක්‌ නොව අන් අය කරන කුසලයටද බාධා කරති. නිග්‍රහ කරති. එයද රත්නත්‍රය කෙරෙහි වරදවා පිළිපැදීමකි. ලෝක සම්මත වූ අන්‍ය අකුසලයක්‌ නොකළත්, කුසලයට බාධා කිරීම දරුණු විපාක ගෙනදෙන මහත් අකුසලයකි.
ධාතු විවණ්‌ණක ප්‍රේත වස්‌තුව
පෙර රජගහ නුවර ධන ධාන්‍යාදියෙන් සමෘද්ධිමත් වූ ධනපතියෙක්‌ විය. හෙතෙම රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදයක්‌ නැති කුසලයෙහි අගය නොදන්නා අධර්මිෂ්ඨයෙකි. එනුවර තථාගතයන් වහන්සේගේ ධාතු නිදන්කොට මහා චෛත්‍යයක්‌ ඉදි කරන ලදී. එම චෛත්‍ය පූජාව සඳහා සිය දහස්‌ ගණනින් ජනයා සැදැහැ සිතින් රැස්‌වූහ. එම ධනපතියාගේ බිරිඳ, දියණිය සහ ලේලියද මල් සහ සුවඳ විලවුන් රැගෙන සැදහැ සිතින් චෛත්‍ය පූජාවට යාමට සැරසුණත් ඔහු විසින් එය වළක්‌වන ලදී. චෛත්‍ය පූජාවට ගරහා අපවාද කොට අන්‍යයන්ද කුසලයෙන් වැළැක්‌වීය. මෙසේ හෙතෙම, තමනුත් කුසලයෙන් පිරිහෙමින් අන්‍යයන්ගේ කුසලයටද බාධා කිරීමෙන් හා සත් ක්‍රියාවන්ට පරිභව කිරීමෙන් මහත් අකුසලයක්‌ රැස්‌ කර ගත්තේය.
එහෙයින් හෙතෙම මරණින් මතු එම අකුසලයේ විපාක වශයෙන් ප්‍රේත ලොව ඉපිද මහත් දුකට පත්විය. එම ප්‍රේතයාගේ කයින් දුඟඳ හමයි. කුණු ගඳ හමන මුහුණ නිරතුරු පණුවෝ කති. අකුසල කර්ම බලයෙන්ම නිර්මිත වූ සත්වයෝ තියුණු ආයුධ ගෙන ඔහුගේ මුඛය නැවත නැවත කපති. නැවත ඒ මත ලුණු දියර ඉසිමින් නැවතද කපති. මෙසේ නිරා දුක්‌ හා සමාන වූ මහ දුක්‌ විඳින මේ ප්‍රේතයා දැක කරුණු විමසූ එක්‌ තෙර නමකට තමන් පෙර භවයේ කරන ලද අකුසල කර්මය හෙළි කළේය. තවද දිව්‍යමය වූ වස්‌ත්‍රාභරණයෙන් සැරසී දිව මල් පැළඳ හාත්පස සුගන්ධය පතුරුවමින් ආකාශයේ සැරිසරන, පිරිවර සහිත වූ සුරූපී දෙවඟනන් තිදෙනෙකු පෙන්වා මෙසේ කීය.
"ස්‌වාමීනි, මා විසින් වළකන ලද වුවත් රත්නත්‍රය කෙරෙහි සැදැහැ සිතින් කුසල් කළ ඒ ස්‌ත්‍රීහු අද දෙව් සැපතින් සමෘද්ධව සිටිති. රත්නත්‍රය පිදීමේ විපාක බලනු මැනවි."
"ආශ්චර්ය වූ අද්භූත වූ ඒ මහා පුණ්‍ය විපාක දැක නුවණැත්තෝ තථාගතයන් වහන්සේට නමස්‌කාර කරති. පූජා කරති. මමද මෙයින් චුතව මිනිසත් බව ලැබ නොපමාව කුසල් දහම් වඩන්නෙමි. බුදුරදුන් පුදන්නෙමි" යි එම ප්‍රේතයා කුසලයේ විපාකයත්, එබඳු කුසලයකට බාධා කිරීමේ හා ගැරහීමේ විපාකයත් එකම තැන ගෙනහැර දැක්‌වීය. එහෙයින් නුවණැත්තෝ කිසි විටෙක අන් අයගේ කුසලයට බාධා නොකෙරෙත්වා·
ඇතැම් අය අන්‍යයන් පින් කරද්දී තමන්ගේ දැන උගත්කම් හා විචක්‌ෂණ බව පෙන්වන්නට යාමෙන්ද, තමන්ගේ සිතැඟි පරිදි එය කරවන්නට උත්සාහ කිරීමෙන්ද, අඩු වියදමින් හෝ වඩා හොඳින් කරන්නට උපදෙස්‌ දීමෙන්ද නොදැනුවත්වම අන්‍යයන්ගේ පිනට බාධා පමුණුවති. නොදැන කළත් එයින් සිදුවන අකුසලයේ අඩුවක්‌ නැත. නොදැන ඇල්ලුවත් ගින්නෙන් අත පිළිස්‌සෙන්නාක්‌ මෙනි. තවද මනසේ පහලවන ක්‌ලේශයෝ ඇතැම් විට හඳුනාගත නොහැකි ලෙස වෙනත් මුහුණුවරකින් පැමිණෙති. ඊර්ෂ්‍යාව-ගුණගරුක භාවය ලෙසින්ද, මසුරුකම ප්‍රඥව ලෙසින්ද, අන්‍යයන්ගේ යහපත් ක්‍රියා හෙලා දැකීම-විචාර බුද්ධිය වශයෙන්ද, බොහෝ දෙනා වරදවා වටහා ගනිති. එසේ තමන්ගේම මනස මුලා කරමින් වෙනත් මුහුණුවරකින් පැමිණෙන ක්‌ලේශයෝ වංචක ධර්ම නම් වෙති. මෙම වංචක ධර්මයන්ගෙන් මුලාවෙන බොහෝ දෙනා විශාරදයන් ලෙස අන් අයට උපදෙස්‌ දෙමින් ඔවුන්ගේ කුසලයටද බාධා කරති. තමන්ද කුසලයෙන් පිරිහෙති. නොදැන උපදෙස්‌ දුන්නත් එයින් කුසලයට බාධා පැමිණේ නම් එහි විපාකය තමන් වෙත පැමිණෙන බව ලකුණ්‌ඨක භද්දිය තෙරුන් වහන්සේගේ කථා පුවතින්ද පැහැදිලි වේ.
ලකුණ්‌ඨක භද්දිය තෙරණුවෝ
ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ලොව පහලවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ශාරීරික ධාතූන් වහන්සේ නොවිසිරී ඒකඝනව පැවතුනි. එම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කොට ස්‌වර්ණමය වූ චෛත්‍යයක්‌ ඉදිකිරීමට සැළසුම් කළහ. එම චෛත්‍යය යොදුන් සතරක්‌ උසට ඉදිකිරීමට ඇතැම්හු යෝජනා කළහ. එයට රන් බොහෝ වැය වන බැවින් තුන් යොදුනක්‌ උසට ඉදිකළ යුතු යයිද, යොදුන් දෙකක්‌ උසට ඉදිකළ යුතු යයිද විවිධ යෝජනා මතුවිය. එම චෛත්‍ය කර්මාන්තය කරගෙන යාමට භාරකර තිබූ කාර්මිකයන්ගෙන් ප්‍රධානියා එහිදී ඉදිරිපත් වී වඩා පහසු නිසා මෙම චෛත්‍යය යොදුනක්‌ උසට ඉදිකරමු යෑයි යෝජනා කොට ඒ සඳහා අවශ්‍ය විධි විධාන යෙදීය.
ඔහු විසින් චෛත්‍ය ඉදිකිරීමේ කුසලකර්මය සිදුකර ගත් නමුත් අනන්ත ගුණ ඇති බුදුරදුන් වෙනුවෙන් කරවන චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමේ විපාකයෙන් උපනුපන් භවයන්හිදී අතිශයින් මිටි වූ කුඩා ශරීරයක්‌ ඇතිව ඉපදිනි.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහලවෙන සමයෙහි මොහු සැවත් නුවර ධනවත් පවුලක ඉපිද "භද්දිය" කුමරා යයි නම් ලැබූහ. අතිශයින් මිටි වූ ශරීරයක්‌ ඇති නිසා පසු කලෙක "ලකුණ්‌ඨක භද්දිය" නමින් ප්‍රසිද්ධ විය. පෙර කරන ලද කුසල් බලයෙන් හා පුරන ලද පාරමිතා බලයෙන් බුදු සස්‌නෙහි පැවිදිව මහ රහතන් වහන්සේ නමක්‌ වූහ. චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමෙන් සිදුකරගත් වරද බොහෝ ආත්මයන්හි විපාක දී අර්හත්වයට පැමිණෙන අවසන් භවයේ ද විපාක දෙන්නට තරම් බරපතල විය.
සටහන - ධම්මික හේවාවසම්
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මෙත්තානිසංස සූත්‍රය

1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර බෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. හදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස් සෝසුං’ භගවා ඒතදවෝච.
2. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය. යානීකතාය වත්ථූ කතාය අනූට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඒකාදසානිසංසා පටිකඞ්ඛා. කතමේ ඒකාදස?
3. 1. සුඛං සුපති, 2. සුඛං පටිබුජ්ක්‍ධති, 3. න පාපකං සුපිනං පස්සති, 4. මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, 6. දේවාතා රක්ඛන්ති, 7. නාස්ස අග්ගි වා විසංවා සත්ථං වා කමති, 8. තුවටං චිත්තං සමාධියති, 9. මුඛවණ්ණෝ විප්පසීදති, 10. අසම්මූළ්හෝ කාලං කරෝති, 11. උත්තරිං අප්පටිවිජ්ක්‍ධන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති.
4. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා, ආසේවිතාය භාවිතාය බහුලීකාතාය, යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඉමේ ඒකාදසානිසංසා පාටිකඞ්ඛාති.
5. ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
▬▬▬▬▬▬▬▬▬▬▬
මෙත්තානිසංස සූත්‍රයේ සිංහල අර්ථය
එක් සමයක බුදුන්වහන්සේ සැවැත්නුවර ඇසුරු කොට දෙව්රම් මහ වෙහෙර වසන්නේ දිනෙක පැසුළු යම ලොව බලා වදාරණ සේක් මේ බඳු සිදුවීමක් දුටු සේක.
කොසොල් රට සැරිසරන මා අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසීමෙන් සැට නමක් රහත් වන්නාහ. සැට නමක් කටින් උණු ලේ වමාරන්නාහ. සැට නමක් සිවුරු හැර ගිහි වන්නාහ යනුයි.
භික්ෂූන් හට සංග්‍රහ පිණිස චාරිකාවෙහි හැසිරෙනු කැමැති භික්ෂූන්ට දන්වන්නැයි කීහ. මෙසේ වදාළ බුදුන්වහන්සේ මහත් භික්ෂූ සමූහයක් පිරිවරා ගෙන ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරමින් මහත් වූ බෙණයක් සහිත රුකක් ගින්නෙන් ඇවුලෙනු දැක ;මය අරමුණු කොට දම් දෙසමියි අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසූ සේක. මෙසේ වදාළ කළ හැටක් උණු ලේ වැමෑරූහ. සැටක් සිවුරු හළහ. පිරිසුදු සිල් ඇත්තෝ රහත් වූහ.
මේ ධර්ම දේශනාව තුන් කොටසකට ප්‍රයෝජනවත් විය. රහත් වූවන්ට ප්‍රයෝජන වනු පුදුමයක් නොවේ. සෙස්සන්ට වූ ප්‍රයෝජන කවරේද යත්? ඉදින් බුදුහු අග්ගික්ඛන්ධෝපම සූත්‍රය නො ඇසුහූ නම් ප්‍රමාද විහරණයෙන් යුක්තව පව් වඩමින් අපායෙහි උපදනාහ. මේ දහම් දෙසුම අසා සාමණේර භූමියෙහි සිට දසසිල් පුරා භාවනා වඩා සෝවාන් සකෘදාගාමී හා අනාගාමී වන්නාහ. සමහරු දෙව්ලොව උපදින්නාහ. අනෙක් අය මෙය නො ඇසුයේ නම් කල් යත් යත් සංඝාදිසේසාදියට හා පාරාජිකාදියට පැමිණෙන්නා හ.
මේ දේශනාව ඇසූ දුසිල් මහණහු මේ ශාසනය ආශ්චය්‍යය. අප පැවිදි වූයේ කෙලෙසුන් තැවීමට මිස කෙලෙසුන් වැඩීමට නොවේ. අපට දිවිහිම් කොට කෙලෙසුන් නැති කරන පිළිවෙතක් පිරිය නොහැකි ය. එබැවින් උවසුදම් පුරා දුකින් මිදෙමුයි ගිහි වූහ. ඔවුහු තිසරණ පන්සිල් හා අටසිල් රැක ඇතැම් කෙනෙක් සෝවාන් වූහ. ඇතැම් කෙනෙක් සකෘදාගාමි වූහ. කෙනෙක් දෙව්ලොව උපන්හ. මෙසේ ඔවුන්ටත් මේ දෙසුම ඵලවත් විය. මේ දේශනාව ගැන ආරංචි වූ භික්ෂූහු විසිදෙන සැටදෙන සියදෙන බැගින් සිවුරු හැර ගිහි වූහ.
මෙසේ බුදුන් වහන්සේ දහම් දෙසමින් දනවු සැරිසරා නැවත දෙව්රම් වෙහෙරට වැඩ එම ගඳ කිළියෙහි අඩ මසක් විවේකව එලසමවත් සුව විඳ පසුව අනඳ මහ තෙරුන් සමඟ දෙව්රම් වෙහෙර බලා හැසිරෙන සේක් පෙර කාෂාය වස්ත්‍රයෙන් බබළමින් පැවැති දෙව්රම් වෙහෙර අද මෙසේ හිස්වන්නට හේතු කවරේදැයි අනඳ හිමියන් ගෙන් විචාල සේක.
අනඳ හිමියෝ බුදුන් වහන්සේට මෙසේ පැවසූ සේක.
ස්වාමිනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ දනවු සැරිසරා වඩිද්දී අග්ගික්ඛන්ධෝපම සුත්‍රය වදාළ තැන්පටන් භික්ෂූහු සංවේගයට පැමිණ අපට මේ සසුනෙහි පිළිවෙත් පිරිය නොහැකිය. නොමනා පැවතුම් ඇති අප විසින් සැදැහැවතුන් විසින් පින් සලකා පිරිනමන ලබන දන් වැළඳීම නුසුදුසු යයි සිවුරු හැර ගියහ. මෙය ඇසූ බුදුන්වහන්සේට ධර්ම සංවේගය පහළ විය.
ඉක්බිති බුදුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූහ. මා සමවත් සුවෙන් විවේකීව සිටියදී මෙහි කිසිදු භික්ෂූහු නමක් මගේ දරුවන්ගේ සැනසීම පිණිස අවවාදයක් නො දුන්නේ ය. ගඟකට බසින්නට බොහෝ තොටවල් ඇත්තාක්මෙන් සසුනෙහි සැනසෙන්නට බොහෝ දේ තිබේ.
ආනන්ද, ගඳකිළි මළුවෙහි බුද්ධ ශාසනයක් පණවා භික්ෂූන් රැස්කරවයි කී සේක. මේ කාරණය අර්ථෝත්පත්ති කොටගෙන මහණෙනි, මේ සස්නෙහි යම් භික්ෂූන් නමක් අසුරු සණක් ගසන කෙටි කාලයක් නමුදු සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩා නම් හෙවත් මෛත්‍රී කෙරේ නම් මහණෙනි, ඒ භික්ෂූ නම මේ සස්නෙහි නො සිස් වූ ධ්‍යාන ඇත්තෙක් ව වසන්නේයයි ද, ශාසනානුශාසනය පිළිපදින්නේ යයිද, අවවාද පිළිපන්නේ යිද, දායකයන් විසින් දෙන රට්ඨ පිණ්ඩය නොසිස්ව වළදන්නේ යයි ද කියනු ලැබේ.
යම් කෙනෙක් මෙත් සිත නැවත නැවත පුහුණු කෙ රත් නම් වඩාත් නම් ඔවුන් ගැන කියනුම කවරේදැයි මෙසේ චුල්ල අච්ජරාසංඝ සූත්‍රය වදාරා මෙකී භාවනාවේ අනුසස් දක්වනු සඳහා මෙත්තානිසංස සූත්‍රය දෙසූ සේක.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස යැයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවඳන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි ආදරයෙන් සෙවුනා ලද එසේම වඩනා ලද නැවත නැවත වැඩීම වශයෙන් පුරුදු කරන ලද සියලු අන්දමින් ම පුරුදු කරන ලද මොනවට පටන් ගන්නා මෛත්‍රී චෙතෝ විමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසක් කැමති විය යුත්තාහ.
කවර එකොළොසක්ද යත්?
1. සැපයේ නිදයි
2. සැපයේ පුබුදියි
3. නපුරු සිහිනයක් නොදකියි.
4. මිනිසුන්ට පි‍්‍රයවෙයි
5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වෙයි
6. දෙවියෝ රකිති
7. මේ මෛත්‍රී විහරණ ඇති පුද්ගලයා ගේ ශරීරයෙහි ගිනි හෝ, විස හෝ, සැත් හෝ නොවදියි.
8. වහාම සිත එකඟ වෙයි
9. මුහුණ පැහැපත් වෙයි
10. නො මුලාව කලුරිය කරයි
11. මෛත්‍රී සමවතින් මතු රහත් වන්නට නොහැකි වී නම් මරණින් මතු බඹලොව උපදියි.

මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය ආසේවිත භාවිත බහුලීකෘත කළ කල්හි යානාවක් මෙන් වස්තුවක් මෙන් කළ කල්හි එළඹ සිටි කල්හි පුරුදු කළ කල්හි මොනවට පටන් ගත් කල්හි මේ එකොළොස් ආනිසංසයෝ කැමති විය යුත්තාහුය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවට කැමති වූහ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මෙම දස කරුණු සිදු නොකරන තැනැත්තා මෙලොවදී ද, පරලොවදී ද තැවෙනු ඇත

පූජ්‍ය හොරණ කල්‍යාණ ධම්ම හිමි, 
ශ්‍රී විසුද්ධාරාම මහාවිහාරය, 
වාරියපොල

'දස ඛලු ඉමානි ඨානානි යානි බුබ්බේඅකරිත්වා
ස පච්ඡා මනුතප්පතී ඉච්චෙවාහ ජනසන්ධො'

මෙම කරුණු දසය කලින් නොකරන්නා වූ තැනැත්තා හට පසුව තැවෙන්නට වේ යෑයි මහ බෝසත් ජනසන්ධ රජතුමා අනුශාසනා කළේය.

(ජන සන්ධ ජාතක කතාව ඇසුරිණි.)

බුදුන් වහන්සේ සමයේ බලවත් රජෙක්‌ වූ කොසොල් රජතුමා කාමයෙන් වසඟව තෘෂ්ණාවේ ඇලුණේ, බුද්ධෝපස්‌ථානයෙහි අලස මිත්‍ය, මත වාදියෙක්‌ වුවත් දිනපතා බුදුන් වැඳ තොරතුරු විමසන කොසොල් රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අවවාද කිරීම උදෙසා බුදුන් වහන්සේ මෙම අතීත කථාව ගෙනහැර අනුදැන වදාරණ සේක.

යටගිය දවස බ්‍රහ්මදත්ත රජ කෙනෙක්‌ රාජ්‍ය කරන සමයේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ පෙර ආත්මයක රාජ කුලයෙහි දේවියකට 'ජන සන්ථව' නම් බෝසත් කුමාරයෙක්‌ ලැබ සිප්සතර ඉගෙන වැඩිවියට පත් මෙම කුමරා පියරජ ඇවෑමෙන් රාජ්‍යයට පත්ව දස රාජධර්මයෙන් රට පාලනය කරන්නට විය. මෙතුමා තම රටවැසියන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන්නට විය. දුගී මගී යාචකයන්ට දිනකට කහවනු දහස්‌ ගණන් වැයකර ආහාර පානාදියෙන් සංග්‍රහ කරන ලදී. රජතුමා පංචශීලය දිවි හිමියෙන් රැක්‌කේය. රට වැසියනට එසේ සිදුකරන්නට ව්‍යවස්‌ථානුකූලව නීතිගත කළා. සෑම පෝයකටම දසසිල්, අටසිල් සමාදන් රජතුමා තම වැසියෝ එයට යොමුකරන ලදී. මිනිසුන් අතර ආචාරශීලී ගුණධර්ම පුහුණු කළා. හිංසාකාරී කටයුතු සත්ව ඝාතනය තහනම් කළා. සෑම දරුවකුටම ශිල්ප ශාස්‌ත්‍ර අනිවාර්ය කළා. මව්පියන්ට වැඩිහිටියන්ට නොසලකන අයට දඩ මුදල් නියම කළේය. ශ්‍රමණ, බ්‍රාහ්මණයන් රැකබලා ගනිමින් ඔහුට සත්කාර කළා. අල්ලස්‌ ගැනීම, මං පැහැරීම, සොරකම් කිරීම හා නොමනා ක්‍රියාවන්ට වැටකඩොළු බැන්දා. මේ අයුරින් සිදුවෙත්ම නීතිමය නොවන අඹුසැමි ඇසුරට දැඩි නීති පැනවුවා.

හිරගෙවල්වල දොරවල් ඇරුණා. ඒවා හිස්‌ වූවා. දන්ගෙඩිය දිරා ගියා. රටවැසියා දැහැමි වූවා. දසරාජ ධර්මයෙන් රට පාලනය කළ අප ජනසන්ථව බෝසත් රාජ උත්තමයා දීර්ඝායුෂ විඳිමින් පරළෝ සැපත්විය. එදා රජතුමා වූයේ අද අප වඳින පුදන අනුගමනය කරන ගෞතම බුදුන්වහන්සේය.

අතීතයේ ජන සන්ථව බෝසතාණන් වහන්සේ දේශනා කළ මෙම කරුණු දහය එදා මෙන් අදත් අප ජන සමාජයට වැදගත්වූ අනුශාසනාවකි. මතු පරපුරට කියාදෙන වැදගත් පාඩමකි.

අලද්ධා චිත්තං තප්පති 

පුබ්බෙ අසමුදා නිතං

න පුබ්බෙ ධන මෙසිස්‌සං 

ඉති පච්ඡානු තප්පති

ධනය සැපයිය හැකි තරුණ කාලයේදී ධනය නොසැපයූ තැනැත්තේ මම පෙර වැඩ කළ හැකි කාලයේ ධනය සපයා නොගනිමියි සිතා මහු කාලයේදී තැවෙන්නේය.

සක්‍ය රූපං පුරෙ සන්තං 

මායා සිප්පං න සික්‌තං

කච්ඡා වුත්තී අප්පසිප්පස්‌ස 

ඉති පච්ඡානු තප්පති

බාල කාලයේදී ශිල්පය නූගත් තැනැත්තේ පෙර පුලුවන්කම තිබියදී මා විසින් ශිල්පනූගන්නා ලද්දේය. ශිල්ප නොදත් තැනැත්තා හට ජීවත්වීමට අපහසුය. මහලු කාලයේ මේ ගැන සිතමින් තැවෙන්නේය.

කූටවෙදි පුරෙ ආසිං 

පිසුණො පිට්‌ඨිමංසිකො

චණ්‌ඩොච එරුසො චාසිං 

ඉති පච්ඡානු තප්පති

පෙර මම කපටි කම් කළෙමියි, කේලම් කියන්නෙක්‌ වීමිය, අල්ලස්‌ ගන්නෙක්‌ වූයෙමිය, නපුරෙක්‌ වූයෙමි යෑයි ඒවා කළ තැනැත්තේ මරණාසන්නයේදී සිහිපත් කරමින් තැවෙන්නේය.

පාණාති පාතී පුරෙ ආසිං 

ලුද්දො වාපි අනාරියො

භූතානං නා පචායිස්‌සං 

ඉති පච්ඡානු තප්පති

මම පෙර සතුන් මරන්නෙක්‌ වූයෙමි. නපුරෙක්‌ වූයෙමි. පව්කම් කරන්නෙක්‌ වූයෙමියි. සියලුසත්වයින් කෙරෙහි හොඳ හිත නොපැවැත්වූයෙමි යෑයි එසේ කළ තැනැත්තේ මරණාසන්නයේදී තැවෙන්නේය.

බහුසු වත සන්තීසු 

අනාපාදාසු ඉත්ථිසු

පරදාරං අසේවිස්‌සං 

ඉති පච්ඡානු තප්පති

ලෝකයේ සැමියන් නැති ස්‌ත්‍රීන් බෙහෝ සිටියදී මම පරදාර සේවනය කළෙමියි, පරදාර සේවය කළ තැනැත්තේ මරණාසන්නයේදී තැවෙන්නේය.

බහුම්හි වත සන්තම්හි 

අන්නපානො උපට්‌ඨිතෙ

න පුබ්බේ අදදිං දානං ඉ

ති පච්ඡානු තප්පති

බොහෝ ආහාර පානාදිය ඇතිව සිට මම දන් නුදුන්නෙමියි. නුදුන් තැනැත්තේ මරණාසන්නයේදී තැවෙන්නේය.

මාතරං පිsතරඤ්චාපි 

ජිණ්‌ණකං ගත යොබ්බනං

පහු සන්තො 

න පොසිස්‌සං ඉති පච්ඡානු තප්පති

මම පෙර කාය බලය හා ධන බලය ඇතිව සිටද මහලු වී දුබලව විසූ මාපියන් හා පෝෂණය නොකළෙමි. මා පිය උපස්‌ථාන නොකළ තැනැත්තේ පසු කාලයකදී තැවෙන්නේය.

ආචරිය මනු සත්ථාරං 

සබ්බ කාම රසා හරං

පීතරං අතිමඤ්ඤස්‌සං 

ඉති පච්ඡානු තප්පති

මගේ ආචාර්යවූද, අනුශාසක වූද, කැමැති සියලු රසයන් ගෙනදී මා පෝෂණය කළාවූද, මාගේ පියාණන්ට අකීකරු වීමියි. එසේ කළ තැනැත්තේ පසු කාලයේදී තැවෙන්නේය.

සමණෙ බාහ්මණෙ චාපි 

සීලවන්තෙ බහුස්‌සුතෙ

න පුබ්බෙ පයිරු පාසිස්‌සං 

ඉති පච්ඡානු තප්පති

උගත් සිල්වත් ශ්‍රමණ බ්‍රහ්මණයන් මම පෙර ඇසුරු නොකළෙමි යි, එසේ නොකළ තැනැත්තේ පසුව තැවෙන්නේය.

සාධු හොති තපො විණ්‌ණො 

සන්තො ච පයිරු පාසිතො

නච පුබ්බේ තපො චිණ්‌ණො 

ඉති පච්ඡානුතප්පති

සුචරිතයේ හැසුරුණේ නම් ඉතා මැනව, සත්පුරුෂයන් සේවනය කරන ලද්දේ නම් මැනවි. මා මේ එකකුදු නොකරන ලද්දේ යෑයි ප්‍රමාද වූ තැනැත්තේ මරණාසන්නයේදී තැවෙන්නේය.

යොච ඒතානිඨානානි 

යොනිසො පටිපඡ්ඡති

කරං පුරිස කිච්ඡානි 

ස පච්ඡානා නුතප්තති

යමෙක්‌ ඉහතකී කරුණු දහය නුවණින් සම්පූර්ණ කෙරේද, මිනිසකු විසින් කළ යුතු සම්පූර්ණ කර ගත්තා වූ හෙතෙම මහලු කාලයේද හා මරණාසන්නයේදී නොපසුතැවෙන්නේය.

වත්මන් ජන සමාජය තුළද අද වනවිට මෙම කරුණු සුදුසු කාලයට සිදු නොවීම අතපසු කිරීම් ආදී නිසා දුක්‌ විඳින තැවෙන ජීවිත බහුලව දැකිය හැක. සුදුසු කාලයේ ධනය උපයාගෙන නිසි කළමනාකරණයෙන් උසස්‌ තත්ත්වයට පත්වූවෝ මෙන්ම එසේ නොකිරීමෙන් අන්ත අසරණව යන එන මං නැතිව දුක්‌ ගෙවන්නෝ සිටිති. පාසල් ජීවිතය නිසි පරිදි උසස්‌ අධ්‍යාපනය ලද උසස්‌ නිලතල හොබවමින් සැපවත් වූවෝ මෙන් නූගතුන් මුළු ජීවිත කාලය තම අතීතය සිතමින් තැවෙති. තමන් හදා වඩාගත් උස්‌ මහත් කළ දෙමාපියන් 

රැක බලා පෝෂණය කළ ඇත්තෝ මෙන් පැහැර හැරි ඇත්තවුන් තම ජීවිත පුරාම සිතමින් දුක්‌වනු ඇත. ඒ වගේම අල්ලස්‌, සොරකම්, සත්ව ඝාතන, සුරා මතින් හා අනාචාරයෙන් වරෙක සතුටු වුවද පසු කලෙක නීතිමය බියෙන්, මරණ බියෙන් පසුවන්නේය. තමන් කළ කී දේ ගැන තැවෙමින් හඬා වැළපෙමින් දුක්‌ විඳීමට සිදුවනවාට වඩා තම ජීවිතය සුදුසු අවස්‌ථාවන්හි නිසි කළමනාකරණයකින් කටයුතු කිරීමට ජන සන්ධ බෝසත් චරිතය හා ඔහු දක්‌වා ඇති කරුණු ඉතා වැදගත් වන්නේය ළමා හා තරුණ විය ගතකරන අයට තම ජීවිතවල ඇති මතු අවදානම සහ එහි ඇති වටිනාකම පිළිබඳව කියාදෙන පාඩමකි.

ශල්‍යකර්මවලට බඳුන් වූවන්, වැඩිහිටි නිවාසවල මහලු අය ආදීන් වෙනුවෙන් ප්‍රජා සේවයෙහි නිරත කරවීම ද යහපත්ය.

ගැටලුවලට විසඳුම වන්නේ මිනිසුන් මරාදැමීම නොවේ.කෙතරම් මරාදැමුවද යළි යළිත් සසරෙහි උපත ලබමින් ඔවුහු ඉන් වඩ වඩාත් වෛරීව යළි යළිත් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වෙති. අපරාධ අවම කළ හැක්‌කේ අපරාධකරුවන්ගේ මනසට පිළියම් කිරීමෙනි. සමාජ විරෝධී චර්යා, සමාජ හිතකාමී චර්යා ලෙසට පුනරුත්ථාපනය කිරීමෙනි. අද මෙරට බන්ධනාගාර ක්‍ෂේත්‍රය තුළ නිසි පරිදි අපරාධකරුවන් පුනරුත්ථාපන ක්‍රියාවලියක්‌ සිදු නොවේ.ඒ වෙනුවට සිදුවනුයේ සුළු වරදකට බන්ධනාගාරගත වන පුද්ගලයා වඩාත් දරුණු වර්ගයේ අපරාධකරුවෙකු බවට පරිවර්තනය වී යළිත් සමාජගතවීමක්‌ පමණකි. බන්ධනාගාරගත වූවකුට කිසියම් වෘත්තියක්‌ පිළිබඳව පුහුණුව ලබාදීම වැදගත්ය.ඒ සමඟම ආකල්පද ඉහත දැක්‌වූ පරිදි යළිත් පුනරුත්ථාපනය කළ හැකි නම් එය වඩාත් අගනේය. එවිට හිංසක පුද්ගලයෙකු ලෙස බන්ධනාගාරගත වන්නා නිදහස්‌ වී සමාජගත වනුයේ සාමකාමී අහිංසක පුද්ගලයෙකු වශයෙනි.

එසේ නොමැතිව හන්දියක්‌ හන්දියක්‌ පාසා එල්ලුම්ගස්‌ පිහිටුවූවත්, අත්, පා කන් නාසා කැපූවත් මිනිසුන් ඒවාට පමණක්‌ බිය වී හොඳ යහපත් මිනිසුන් වෙතැයි සිතීම අපහසුය. මෛත්‍රී ෙච්තනාවෙන් යමෙකු හට එසේ දඬුවම් කළ හැකිද නොවේ. යමෙකු හට දඬුවම් කිරීමේදී වෛරී ෙච්තනාව සහිතව දඬුවම් කිරීමෙන් එක ඝාතකයෙකු වෙනුවට තව තවත් ඝාතකයන් බිහිවීමේ අවදානමක්‌ද ඇති වේ. මරණ දඬුවම නීතිගත කිරීමෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව නීත්‍යානූකූලව ඝාතනය යෙදීමෙන් හෝ පාතාල ක්‍රමයට කුලියට මිනී මැරීමෙන් සිදුවන පවෙහි වෙනසක්‌ නැත. බුදුදහම වරදවා ගැනීම නිසා සමහරු මානසික පාපකර්ම සිදු කරති. මිනීමැරීමට බුදු දහම හුවා දක්‌වා අවසර ලබාදෙති. අකුසලය, පාපය මතුපිට බාහිර කවරය කුමන ආකාරයේ වෙස්‌ගැන්වූවත් සිදු වේ. ෙච්තනාව යනු යමක්‌ සිදුවන ක්‌ෂණයෙහි චිත්ත ක්‍රියාකාරීත්වයයි. ඒ චිත්ත ක්‍රියාකාරීත්වයට දැනුවත්ව හෝ නොදැනුවත්ව යමෙකුට වංචාවල්, කපටිකම් කළ නොහැකිය.

මහා පින්කමක්‌ සිදු කරන්නේ යෑයි සිතා සාහසික පවක්‌ කළද, අකුසලයක්‌ කරන්නේ යෑයි සිතා පිනක්‌ කළද විපාක දෙනුයේ තමා සිතට ඒත්තු ගන්වන්නට උත්සාහ කරන දේ අනුව නොව සැබවින්ම කරන දේ අනුව ඒ ක්‌ෂණයෙහි ඇතිවන චිත්තවීථියෙහි අදාළ චිත්තක්‌ෂණය අනුවය. අද දන්නා පුද්ගලයා සේ ම නොදන්නා පුද්ගලයාත් බුදු දහම පිළිබඳව දොඩමළුවන වාතාවරණයක්‌ නිර්මාණයවී ඇති නිසා හා නොදන්නා ආකර්ෂණීය වැරදි සමාජ මතවාදවලට නිවැරදි දේට වඩා වැඩි ඉඩකඩක්‌ ඇතැම් මාධ්‍ය හරහා නිර්මාණය වී ඇති නිසා පිරිසිදු බුදු දහම නමින් අද බහුතරව සමාජගත වී ඇත්තේ සාවද්‍ය මතවාද බව දැකගත හැකිය. විද්‍යාව, තාක්‌ෂණය, ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනීම වෙනම දැනුමකි. පාලි භාෂාව ත්‍රිපිටක බුද්ධ වචනය, නිකායාන්තර බුදු දහම, දාර්ශනික හා සාමයික දැනුම, මනෝවිද්‍යා ක්‌ෂේත්‍රයේ ගැඹුරු දැනුම ආදී ජීවිතයේ විශාල කාලපරාසයක්‌ කැපකර අත්පත් කරගත් දැනුම, අවබෝධය හා කුසලතාව මත යමෙකු ත්‍රිපිටක බුදදහම නිසි අයුරින් විවරණය කිරීමට සමත් වේ.

යමෙකු කරන රැකියාව, සමාජ තත්ත්වය, ධන හෝ නිල බලය ආදී සාධක බුදුදහම විග්‍රහ කිරීමට යෝග්‍ය වූ සුදුසුකමක්‌ නොවේ. අද පවතිනුයේ විවිධ ආකාරයෙන් ආකූල, ව්‍යාකූල, විකෘති වූ සමාජයකි. සමාජගත සබඳතා, දැනුම, වෘත්තිය ආදී සෑම ක්‌ෂේත්‍රයකම මේ විකෘතිය අඩුවැඩි සේ දක්‌නට ලැබේ. වෘත්තිය අනුව පුද්ගලයන්ගේ උගත්කම වර්ගීකරණය නොකළ හැකි මට්‌ටමට අද සමාජය පත්ව තිබේ. බුදුදහම විග්‍රහ කළ යුත්තේ මේ සියලු දේ පිළිබදව ගැඹුරු ප්‍රාමාණික පරිණත අවබෝධය මත පිහිටාය. එලෙස නොවූ විට සමාජ හාස්‍යයට ලක්‌වීමට සිදුවේ. බුදුන්වහන්සේ එදා සමාජයට දැනෙන ලෙස ස්‌වකීය දහම් පණිවිඩය සාර්ථකව සමාජගත කරනු ලැබුවේ ඊට අවශ්‍ය සමාජ පරිණත බව දැන උගත්කම සමඟ සාර්ථක ලෙස බද්ධ කරගත් බැවිනි. ප්‍රජාතන්aත්‍රවාදය ගරුකරන සමාජ පසුබිමක්‌ තුළ අන්තවාදී බවට ආයුෂ නැත.

මෙරට විවිධ ආගම් හා ජනවර්ග කීපයක්‌ ඇත. සිංහල, දමිළ, මුස්‌ලිම්, බර්ගර්, ජා, මැලේ ආදී ජනවර්ග ද, බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්‌ලාම් ආදී ආගම් වර්ග ද ඇත. මෙරට තුළ තවමත් සිංහල බෞද්ධ බහුතර ප්‍රජාවක්‌ සිටින බව සත්‍යයකි. නමුදු එසේ වුවද ජාතික, සාමයික, වාර්ගික සුහදතාවය ආරක්‌ෂා කර ගැනීමට එය බාධාවක්‌ කර නොගත යුතුය. මෙරට සිංහල බෞද්ධයන් හට සේම අන්‍ය ජාතී ආගම්වල සෙසු ජනතාවටද සාමයෙන් සමඟියෙන් සමූපකාර පැවැත්මක්‌ සහිතව ජීවත්විය හැකි පරිසරයක්‌ පැවතීම හෝ නිර්මාණය කරදීම තුළ බහුතර සිංහල බෞද්ධ ප්‍රජාවගේ ආගමික, වාර්ගික සුහදතාවය, නම්‍යශීලීත්වය මෙරට ජනතාව තුළ පමණක්‌ නොව ජාත්‍යන්තර ප්‍රජාව තුළ ද වඩාත් පැහැදිලිව ඉස්‌මතු කර දැක්‌වීම සඳහා එය හොඳ මිණුම් දණ්‌ඩක්‌ වනු ඇත. බුදු දහමේ ප්‍රවර්ධනයටද එය විශාල ආධාරයකි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මෙම දස කරුණු සිදු නොකරන තැනැත්තා මෙලොවදී ද, පරලොවදී ද තැවෙනු ඇත

පූජ්‍ය හොරණ කල්‍යාණ ධම්ම හිමි, 
ශ්‍රී විසුද්ධාරාම මහාවිහාරය, වාරියපොල

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X