මහණෙනි, මේ ලෝකය තුළ පුද්ගලයෙක් සිවුරු පිරිකර, සේනාසන ගිලන් පස, බෙහෙත් පිරිකර යනාදිය දී ඕහට මෙසේ සිතිවිල්ලක් ඇතිවේ. එනම් මම දෙනවා. මෙයා පිළිගන්නවා එසේ නැත්නම් මෙයා පිළිගන්නට නම් දනී යනුවෙන් පවසයි. මෙසේ දී අවමන් කරන්නේය. මෙවැනි සිතිවිලි ඔබට කෙතරම් ඇති වී තිබේද එය තමන්ගේ සාංසාරික ගමනට කෙතරම් බාධාකාරි වන්නේද යන්න තේරුම් ගත හැකි වන්නේ සංයුත්ත නිකායේ ප්‍රථම භාගයේ ඇති අපුත්තක කථා වස්තුව විමසීමෙන් වේ. අපුත්තක යනු පුත්තු නැති කෙනෙක් වේ. අසූ කෝටියක් ධනය තිබුණු කෙනෙක් වේ. මුලු ජීවිත කාලයේ ම කෑම වශයෙන් ගත්තේ කාඩි හොදියි බතුයි පමණයි .වැරහැලි ඇඳ ගත්ත ඔහු තමන්ගේ ගමන් යෑම සඳහා භාවිත කළේ ද කැඩුණු කරත්තයක් වේ. මරණයෙන් පසුව සියලු ධනය රාජසන්තක වූ අතර තවත් කොටසක් ජනයා රැගෙන ගියහ. මේ පුදුමාකාර ජීවිතය දෙස බැලු කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණය විමසූ මොහොතේ, බුදුපියාණන් වහන්සේ දේශනා කළේ පෙර සිඛී බුදුරජාණන් වහන්සේට මෙම අපුත්තක යමක් දී පසුව පසු තැවී ඇති බවයි. එහි පල විපාකයක් වශයෙන් මේ ආත්මයේදී දුන්න නිසා ලැබුණු අතරම දීලා පසු තැවීම නිසා ලැබුණත් භුක්ති විදීමේ වාසනාව ඔහුට නැති විය. ඇතැම් පුද්ගලයන් තවත් බොහෝ දෙනෙක් දෙන නිසා තමා ද ප්‍රදර්ශනාත්මක ස්වරූපයෙන්ම දිය යුතු යැයි කල්පනා කරයි. එතැන ඇත්තේ වංචනික ධර්මයක්ම වේ. එහෙත් එයින් පසුව පසුතැවීම අති කර ගනී. අප යමක් දීම මගින් තමන්ගේ සිත් තුළ උපදින ලෝභ, ද්වේෂ හා මෝහ යන අකුසල චෛතසික ධර්මයන් යටපත් කර ගැනීමට වෙර දරයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී සිදුවනුයේ නොදැනුවත්ම මේ නරක සිතිවිලි තුන වඩාත් බලවත් ලෙස වර්ධනය වීම වේ. මෙයට ප්‍රායෝගික උදාහරණයක් ගෙන හැර දැක්වීමේදී යම් කෙනෙක් යම් පූජනීය ස්ථානයකට හෝ වෙනත් ස්ථානයකට යමක් පූජා කිරීමෙන් අනතුරුව එය තමන්ගේ සිතින් ඉවත් කර ගත යුතුවේ. එසේ නොවී එම වස්තුව සිතින් අල්ලා ගන්නේ නම් එහි කාමච්ඡන්දය උපදී. ඒ නිසාම තමන්ගේ සිත තුළ ආශාව ඉපදවීමෙන් පසුව එම වස්තුව බලන්නට යෑමටද සිත් ඇතිවේ.මෙපමණයි ඔබ මියෙන දා සැපය පිණිස රැගෙන යන්නේ......
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...

දීල බණින එක හොඳයි ද
මහණෙනි, මේ ලෝකය තුළ පුද්ගලයෙක් සිවුරු පිරිකර, සේනාසන ගිලන් පස, බෙහෙත් පිරිකර යනාදිය දී ඕහට මෙසේ සිතිවිල්ලක් ඇතිවේ. එනම් මම දෙනවා. මෙයා පිළිගන්නවා එසේ නැත්නම් මෙයා පිළිගන්නට නම් දනී යනුවෙන් පවසයි. මෙසේ දී අවමන් කරන්නේය. මෙවැනි සිතිවිලි ඔබට කෙතරම් ඇති වී තිබේද එය තමන්ගේ සාංසාරික ගමනට කෙතරම් බාධාකාරි වන්නේද යන්න තේරුම් ගත හැකි වන්නේ සංයුත්ත නිකායේ ප්‍රථම භාගයේ ඇති අපුත්තක කථා වස්තුව විමසීමෙන් වේ. අපුත්තක යනු පුත්තු නැති කෙනෙක් වේ. අසූ කෝටියක් ධනය තිබුණු කෙනෙක් වේ. මුලු ජීවිත කාලයේ ම කෑම වශයෙන් ගත්තේ කාඩි හොදියි බතුයි පමණයි .වැරහැලි ඇඳ ගත්ත ඔහු තමන්ගේ ගමන් යෑම සඳහා භාවිත කළේ ද කැඩුණු කරත්තයක් වේ. මරණයෙන් පසුව සියලු ධනය රාජසන්තක වූ අතර තවත් කොටසක් ජනයා රැගෙන ගියහ. මේ පුදුමාකාර ජීවිතය දෙස බැලු කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණය විමසූ මොහොතේ, බුදුපියාණන් වහන්සේ දේශනා කළේ පෙර සිඛී බුදුරජාණන් වහන්සේට මෙම අපුත්තක යමක් දී පසුව පසු තැවී ඇති බවයි. එහි පල විපාකයක් වශයෙන් මේ ආත්මයේදී දුන්න නිසා ලැබුණු අතරම දීලා පසු තැවීම නිසා ලැබුණත් භුක්ති විදීමේ වාසනාව ඔහුට නැති විය. ඇතැම් පුද්ගලයන් තවත් බොහෝ දෙනෙක් දෙන නිසා තමා ද ප්‍රදර්ශනාත්මක ස්වරූපයෙන්ම දිය යුතු යැයි කල්පනා කරයි. එතැන ඇත්තේ වංචනික ධර්මයක්ම වේ. එහෙත් එයින් පසුව පසුතැවීම අති කර ගනී. අප යමක් දීම මගින් තමන්ගේ සිත් තුළ උපදින ලෝභ, ද්වේෂ හා මෝහ යන අකුසල චෛතසික ධර්මයන් යටපත් කර ගැනීමට වෙර දරයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී සිදුවනුයේ නොදැනුවත්ම මේ නරක සිතිවිලි තුන වඩාත් බලවත් ලෙස වර්ධනය වීම වේ. මෙයට ප්‍රායෝගික උදාහරණයක් ගෙන හැර දැක්වීමේදී යම් කෙනෙක් යම් පූජනීය ස්ථානයකට හෝ වෙනත් ස්ථානයකට යමක් පූජා කිරීමෙන් අනතුරුව එය තමන්ගේ සිතින් ඉවත් කර ගත යුතුවේ. එසේ නොවී එම වස්තුව සිතින් අල්ලා ගන්නේ නම් එහි කාමච්ඡන්දය උපදී. ඒ නිසාම තමන්ගේ සිත තුළ ආශාව ඉපදවීමෙන් පසුව එම වස්තුව බලන්නට යෑමටද සිත් ඇතිවේ.පුටු පිදීමේ කුසල විපාක සහ පාලම් හා ඒ දඬු ඉදිකර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංශ
ඔබ එම වෙලාවන් හි ඉතා පිරිසිදු සැදැහැ සිතින් ආසන පිළියෙල කොට මෙම ආසන පිලියෙල කිරීමෙන් ලද උතුම් කුසලය මා හටත් නිවන් පිණිසම හේතු වාසනා වේවා කියා පතන්න එම කුසල් බලය ඔබට නිවන පිණිසම වෙයි.. පාලම් හා ඒ දඬු ඉදිකර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංශ
බුදුන් ප්රමුඛ මහා සංඝ රත්නය වෙනුවෙන් කරන පූජාවන් හි ආනිසංශ කියා නිම කිරීම අපහසු කාරණාවකි.නමුත් මහා රහතන් වහන්සේලා නිවන් අවබෝද කිරීමෙන් අනතුරුව තමන් මෙම අති දීර්ඝ භයංකර සංසාර ගමනේදී බුදුන් ප්රමුඛ මහා සංඝ රත්නය වෙනුවෙන් කල පූජාවලිත් තමන්ට ලැබුණ ආනිසංශ දේශනා කර ඇත.
අද අප පාලම් හා ඒ දඬු ඉදිකර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංශ සලකා බලමු. පාලමක් හෝ ඒ දන්ඬක් අවශ්‍ය වෙන්නේ තරණය කිරීමට අපහසු ස්ථානයන් තරණය කිරීමටය. එබදු තරණය කිරීමට අපහසු ස්ථානයන් තරණය කිරීමට පහසුකම් සැපයීමෙන් එම පූජාවන් කරන තැනැත්තන්ටද අපහසුවකින් තොරව සසර සයුර තරණය කිරීමට අවකාශ සැලසෙන්නේය. ධෝතක හිමි පියුම තුරා බුදු රජානණ් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පාලමක් ඉදිකර පූජා කල පිනෙන් පහත සදහන් විපාක ලැබුන බව තෙර අපදානයෙ දැක්වේ.1.පර්වතයකින් හෝ ගසකින් වැටෙන්නට ගියේද පිහිට ලබයි.
2. සතුරන්ට මැඩලිය නොහැක්කේ වේ.
3. ලැබෙන වස්තුව හොරු පැහැර නොගනිත්
4. අන් අය අවමන් නොකරත්
5. සතුරු බලවේග ජයගත හැකිවේ
6. එළිමහනේ ගියේද දැඩි අවුවෙන් තැවුනේ ද දුක් වේදනා නොදැනේ
7. දෙවිමිනිස් දෙගතියෙ කැමතිපරිදි ඇත් වාහන පහළවේ
8. අවසන නිවන් දැකීමටද මේ පින උපකාර වන්නේය.
එබැවින් ඔබත් මෙවැනි උතුම් කුසල කර්ම සිදුකර ගැනීමට අදිටන් කර ගන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි.
The Buddhist
එක් සමයෙක් හි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ බික් සඟන හා කොසොල් රට සැරිසරන සේක් ථුන නම් බමුණු ගම වෙත වැඩම කළ සේක. “ශ්‍රමණ ගෞතමයෝ ඔවුන්ගේ ගම සමීපයට පැමිණියහ.” යන පුවත එහි වෙසෙන බමුණන් අතර පැතිර ගියේය. එහි වෙසෙන බ්‍රාහ්මණයෝ මිථ්‍යා දෘෂ්ටිකයෝ ය. මසුරෝ ය. බුදුරදුන් කෙරෙහි අප්‍රසන්නයෝ ය. ඔවූහු “ශ්‍රමණ ගෞතමයන් අප ගමට පැමිණ ඔවුන්ගේ දහම මෙහි පැතිර වුවහොත් මේ ජන සමූහයා ඔවුන්ගේ කීම පිළිගන්නෝ ය. ඉන්පසු අපගේ බ්‍රාහ්මණ ධර්මයට මෙහි තැනක් නැති වන්නේ ය.” යි බිය වී බුදුරදුන් ගමට ඇතුළු විය නොහෙනු පිණිස තැන තැන ගං ඉවුරෙහි තිබූ යාත්‍රාවන් ඉවත් කරවූහ. ඒදඬු බිඳ දැමූහ. පැන්හල් නැති කළහ. වාසය කළ හැකි ශාලා නැති කළහ. එක් ළිඳක් ඉතිරි කොට අන් සියළු ළිං වසා දැමූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ විප්‍රකාරය දැක අහස් ගමනින් ගඟින් එතෙරව ක්‍රමයෙන් බමුණු ගමට වැඩ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක සෙවණෙහි බික්සඟන පිරිවරා වැඩහුන් සේක.





