ඇතැම්හු තමන් කුසල් නොකරනවා පමණක් නොව අන් අය කරන කුසලයටද බාධා කරති. නිග්‍රහ කරති. එයද රත්නත්‍රය කෙරෙහි වරදවා පිළිපැදීමකි. ලෝක සම්මත වූ අන්‍ය අකුසලයක් නොකළත්, කුසලයට බාධා කිරීම දරුණු විපාක ගෙනදෙන මහත් අකුසලයකි.මෙපමණයි ඔබ මියෙන දා සැපය පිණිස රැගෙන යන්නේ......
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...

කුසලයට බාධා කිරීමේ විපාක
ඇතැම්හු තමන් කුසල් නොකරනවා පමණක් නොව අන් අය කරන කුසලයටද බාධා කරති. නිග්‍රහ කරති. එයද රත්නත්‍රය කෙරෙහි වරදවා පිළිපැදීමකි. ලෝක සම්මත වූ අන්‍ය අකුසලයක් නොකළත්, කුසලයට බාධා කිරීම දරුණු විපාක ගෙනදෙන මහත් අකුසලයකි.වපුරන දේ අනුව ලැබෙන අස්වැන්න
සමස්ත විශ්වයම සකස් වී ඇත්තේ හේතුඵල රටාව අනුවය. එය නිවැරදිව වටහා නොගත් ශාස්තෘවරුන් සියල්ල සිදුවන්නේ කර්මය අනුව යැයි වැරදි මතයක් සමාජගත කර තිබේ. ‘පුබ්බේකතහේතුවාද’ යැයි පාලි මූලාශ්‍රයන්හි සඳහන් වන මෙයින්, බුද්ධ කාලය වන විටද ‘සියල්ල පෙර කර්මයෙන් සිදුවන්නේය යන ඉගැන්වීම භාරතය පුරා ව්‍යාප්තව තිබිණ. මෙම අදහස සත්‍ය නොවන බව අවධාරණය කළ බුදුරජාණන් වහන්සේ ලෝක ක්‍රියාකාරිත්වය සිදුවන්නේ නියාම ධර්ම පහක් යටතේ බව පෙන්වා දුන්හ. එනම් උතුනියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම හා කම්ම නියාමයයි. ශීත, උෂ්ණාදී දේශගුණික විපර්යාස නිසා ඒ , ඒ කාලයන්හි විවිධ මල්ඵල ඇතිවීම උතු නියාමයයි. බීජය අනුව අංකුර ඵල ඇතිවීම බීජ නියාමයයි. සිතක් ඇතිව, පැවතී නැතිව යාම චිත්ත නියාමයයි. ගංගා පහළට බැසයාම සුර්යයා නැගෙනහිරෙන් උදාවීමාදිය ධම්මතා නියාමයයි. තම තමන් විසින් කළ කී දෑ අනුව සැප දුක් ආදිය ලැබීම කර්ම නියාම නම් වේ. සියල්ල කර්මයෙන් සිදුවන්නේ නම් මිනිසාට හැම දෙයක්ම සිදුවන තෙක් බලා සිටිනවා හැරෙන්නට කළ යුතු යමක් නොමැත. .කුසලතාවයන් වර්ධනය කරන සංසාරික පුහුණුව
කෙලෙස් වසඟයේ ආදීනව සංකප්ප ජාතකය
ඝන අඳුර දියකර හරිමින් හෝරා ගණනාවක පටන් පායා තිබූ සඳමඬල බැස ගියේය. ඒයින් ඉක්බිති නිල්මිණි තලාවක් බඳුවූ ඈත අහසේ පායා තිබුණු ළහිරු මඬලින් මුළු මහත් බරණැස් පුරවරයම ස්වර්ණ වර්ණ වෙන්නට පටන් ගත්තේය. තුරු වියන් වසා හෙවුණු මල් ගොමු අස්සේ සැඟව සිටි කුරුල්ලන්ගේ කූජනයේ මිහිරි ස්වරය උස් පහත්ව ඇසේ. දෙව් පුරක සිරි අසිරි සිහි ගැන්වූ බරණැස පුරවරයේ ඉදිව තිබූ මැදුරු මාළිගාවන් කොතෙක් නම් සුන්දර වීද? එහි සඳලුතලාවලට වී කාලය ගත කළ වුන්ගේ ජීවිතවලට නම් දුප්පත්කම නිසා උපන් ජීවන දුකක වේදනාව නොදැනුණු තරම්ය.ආසිවිසෝපම සූත්‍රය
ප්‍රාර්ථනා සහ කුසලාකුසල විපාක
මිනිස් ලොව පුහුදුන් ජීවිත ගත කරන සියල්ලෝම සිය ජීවිත වල යම් යම් බලාපොරොත්තු තබා ගනිති. තවද එම බලාපොරොත්තු කරා ළඟා වීමේ වෑයමකද නිරතුරුව යෙදෙති. පාසල් සිසුවකුගේ බලාපොරොත්තුවකට වඩා වෙනස් බලාපොරොත්තුවක් නැතිනම් වෙනස් ඉලක්කයවක් තරුණ වියට පත් වූවකුට තිබිය හැකිය. වයසින් මුහුකුරා ගිය අයකුට එය වඩාත් වෙනස් විය හැකිය. මෙසේ වයස, දැනුම හා බුද්ධිය, තරාතිරම අනුව මේ ඉලක්කය එකිනෙකට වෙනස් වේ. බලාපොරොත්තුව ඉලක්කය, අරමුණ, ප්‍රාර්ථනාව මේ කුමන වචනයෙන් වුවද ප්‍රකාශයට පත් වන්නේ එක සමාන වූ අරුතකි. එහෙත් එය ඉටු වනුයේ ඒ සඳහා ගන්නා වෑයම අනුවය. මෙකී වෑයම බෞද්ධ දර්ශනයට අනුව පැහැදිලිs කරනතෙක් පෙරුම් පිරීමකි. නැතිනම් පාරමිතාවකි.
ගරුතර මහ සඟරුවනට දන් පැන් පූජා කළ විටද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනට පත් වේවා යනුවෙන් උන්වහන්සේලා ආශිර්වාද කරති. කෙනෙකු අන් කෙනෙකුට සෙත් පැතූ පමණින්ම ඒ පැතුම් ඉටු නොවේ. ජය වේවා, දීර්ඝායුෂ වේවා. නිරෝගි වේවා. නිවන් දකීවා. යන අයුරින් ආශිර්වාද කිරීම් අද ඕනෑ තරම් අසන්නට ලැබේ. යමකුට ප්‍රාර්ථනාවක්, අරමුණක්, ඉලක්කයක් තිබේ නම් ඒ සඳහා වූ දෘඪතර වෑයමක් ද තිබිය යුතුය. නිවන් දකීවා යන්න බැනරයක ලියා එල්ලූ පමණටම ශෝකප්‍රකාශය මුදුනට කළ පමණටම මිය ගිය අයට නිවන් දැකිය නොහැක. ඒ සඳහා සසර සැරි සරද්දී රැස් කළ පුන්‍ය බලයක් පාරමිතාවක් තිබිය යුතුය.විශ්‍රාමික විදුහල්පති
පින් කරන්න බය ඇයි?
අප කවුරුත් පින ගැන අසා තිබෙනවා. බොහෝ දෙනෙක් පින් කරනවා. “පින” ගැන අපට හරියට කියා දුන්නේ ඒ උත්තම මුනිවරයා වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. උන්වහන්සේ තරම් පිනෙහි වටිනාකම දැන සිටියා වූ වෙනත් අයෙක් මේ ලෝකයේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ පිඟාන සේදූ ඉඳුල් වතුර ටික පවා කුඩා සතෙකුට හෝ ආහාරයක් වේවා යන මෛත්‍රි සිතින් වීසි කරයි නම් එයිනුත් පිනක් රැස්වෙන බවයි.සීලය අනවශ්‍යද?
අහසින් කඩා වැටුණා සේ පැමිණ සීලය අවැසි නැත, සීලයෙන් තොරව නිවන් ලැබේය, එය කරන්නේ මෙසේය කියා අලුත් බණ කියන ශ්‍රමණ වේශධාරී පිරිසක් අද සමාජයේ අන්ධ භක්තියෙන් හෙබි නාමික බෞද්ධයින් අසරණ කරනු පෙනෙයි. ඔවුනට අනුව සීලය යනු නිඝන්ට වතකි. බුද්ධ දේශනාවෙහි සීලය නොමැත. සිල් රැකීම අනවශ්‍ය දුක් විඳීමකි. එසේම සීලයෙන් තොරව ක්ෂණික නිවන් මාර්ග පනවන ඔවුන් කා බී විනෝද වන ලෙස අවවාද අනුශාසනා සිදු කරනු ද පෙනෙයි.සක්විති පදවි අභිබවන සෝවාන් ඵලය
ලෞකිකවාදී දෘෂ්ටි සංඛ්‍යාත කෝණයෙන් බලන්නා වූ කලී චක්‍රවර්තී රාජ සම්පත්තිය මිහිපිට ඇති අග්රතම සැපයයි. එහෙත්, තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන්ට අනුව සෝවාන් ඵලය ඉන් ඉහළට උතික්ෂිප්ත වී ඇත. සියල්ල දැන වදාළ වූ උන්වහන්සේ දිනක් නිය පිටට පස් ස්වයල්පයක් ගෙන, ''මහණෙනි, මාගේ නිය මත්තෙහි ඇති පස් ස්වල්පය හා මේ මහපොළව සන්තකයෙහි පවත්නා පස් ප්‍රමාණය යන ද්විත්වයෙන් කවරක් වඩා වැඩිදැ' යි '' විචාළ කෙණෙහි, ''ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, මහ පොළොව සන්තකයෙහි පවත්නා පස් ප්‍රමාණය වඩා වැඩියෑයි'' ශ්‍රාවක උතුමෝ පිළිවදන් දුන්හ. එකල් හී භාග්‍යවතුන් වහන්සේ, ''මහණෙනි, ඒ තතු සැබෑ වන්නේ යම් සේද, එපරිද්දෙන්ම සෝවාන් ඵලයට පත් අරිය සම්මා විසින් ඉවත ලු සසර දුක මේ මහපොළොවේ පස් මෙන් අති විශාලය. තවදුරටත් ඔවුනට විඳින්නට ඇති සසර දුක මාගේ නියමත්තෙහි ඇති පස් මෙන් ඉතා ස්වල්පය.'' යනුවෙන් වදාළ සේක.
බුද්ධ කාලීන භාරතයෙහි විසු විශාඛා සිටු දේවිය, අනාථ පිණ්ඩික සිටුතුමා, කාල සිටු පුත්‍රයා, සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා යන අය ධර්ම ශ්‍රවණය හේතුවෙන් සෝවාන් ඵල ලාභය අත්කැර ගත්හ. දීඝනච පරිබ්‍රාජකයා සෝවාන් ඵලයට පත් වූයේ බුදු සස්නෙහි ප්‍රවෘජාවට පත්ව සමථ, විදර්ශනා කමටහන් වැඩීමෙනි, විදර්ශනාවද සෝවාන් ඵලය අත්කැර ගැන්මට කදිම මඟකි. විදර්ශනා කර්මස්ථානයක් වන අනිත්‍ය සංඥව වැඩීමෙන් මාර්ග ඵල නොලද්දන් සෝවාන් ඵලයට පත්වන බවත්, සෝවාන් ඵල ලාභීන් ඊටත් ඉහළ මාර්ග ඵලවලට පත්වන බවත්, අනිත්‍ය සංඥ සුත්‍රයෙහි දැක්වේ.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
පන්සිල් රකින්නන් සඳහා පමණයි
පංච සීලය රැකීමෙන් පමණක් නිවන් දැකිය නොහැකි බව ඔබ දන්නවාද? පංචසීලය යනු ගිහි පිංවතාගේ නිත්‍ය උතුම් සීලයයි. පංචසීලය බිඳෙනවා යන්නෙන් අදහස් වන්නේ අනුන්ටත්, තමන්ටත් තමන් අතින් වරදක් සිදුවෙනවා යන්නයි. ප්‍රාණඝාතයෙන් ප්රාණිකයාටත්, සොරකම් කිරීමෙන් හිමිකරුටත්, කාමයවරදවා හැසිරීමෙන් අනියම් සහකරුටත්, බොරු කීමෙන් අසන්නාටත්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් සකල සමාජයටත් ඔහු නිසා හානි සිදුවේ. එයින් ඔහුට වන හානිය කුමක්ද? ඉහත ක්‍රියා හේතුවෙන් ඔහුගේ හිත තුළ වර්ධනය වන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නම් වූ අකුසල ධර්මයන් බැවින් හෙතෙම යනුයේ නිවනට ප්‍රතිවිරුද්ධ ගමනකි. එබැවින් එය ඔහුට එක එල්ලේම අහිතකරයි. හානිකරයි.





