වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

කුසලයට බාධා කිරීමේ විපාක

පොකුණුවිට ශ්‍රී විනයාලංකාර රාමවාසී 
පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සී හිමි
ඇතැම්හු තමන් කුසල් නොකරනවා පමණක්‌ නොව අන් අය කරන කුසලයටද බාධා කරති. නිග්‍රහ කරති. එයද රත්නත්‍රය කෙරෙහි වරදවා පිළිපැදීමකි. ලෝක සම්මත වූ අන්‍ය අකුසලයක්‌ නොකළත්, කුසලයට බාධා කිරීම දරුණු විපාක ගෙනදෙන මහත් අකුසලයකි.
ධාතු විවණ්‌ණක ප්‍රේත වස්‌තුව
පෙර රජගහ නුවර ධන ධාන්‍යාදියෙන් සමෘද්ධිමත් වූ ධනපතියෙක්‌ විය. හෙතෙම රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදයක්‌ නැති කුසලයෙහි අගය නොදන්නා අධර්මිෂ්ඨයෙකි. එනුවර තථාගතයන් වහන්සේගේ ධාතු නිදන්කොට මහා චෛත්‍යයක්‌ ඉදි කරන ලදී. එම චෛත්‍ය පූජාව සඳහා සිය දහස්‌ ගණනින් ජනයා සැදැහැ සිතින් රැස්‌වූහ. එම ධනපතියාගේ බිරිඳ, දියණිය සහ ලේලියද මල් සහ සුවඳ විලවුන් රැගෙන සැදහැ සිතින් චෛත්‍ය පූජාවට යාමට සැරසුණත් ඔහු විසින් එය වළක්‌වන ලදී. චෛත්‍ය පූජාවට ගරහා අපවාද කොට අන්‍යයන්ද කුසලයෙන් වැළැක්‌වීය. මෙසේ හෙතෙම, තමනුත් කුසලයෙන් පිරිහෙමින් අන්‍යයන්ගේ කුසලයටද බාධා කිරීමෙන් හා සත් ක්‍රියාවන්ට පරිභව කිරීමෙන් මහත් අකුසලයක්‌ රැස්‌ කර ගත්තේය.
එහෙයින් හෙතෙම මරණින් මතු එම අකුසලයේ විපාක වශයෙන් ප්‍රේත ලොව ඉපිද මහත් දුකට පත්විය. එම ප්‍රේතයාගේ කයින් දුඟඳ හමයි. කුණු ගඳ හමන මුහුණ නිරතුරු පණුවෝ කති. අකුසල කර්ම බලයෙන්ම නිර්මිත වූ සත්වයෝ තියුණු ආයුධ ගෙන ඔහුගේ මුඛය නැවත නැවත කපති. නැවත ඒ මත ලුණු දියර ඉසිමින් නැවතද කපති. මෙසේ නිරා දුක්‌ හා සමාන වූ මහ දුක්‌ විඳින මේ ප්‍රේතයා දැක කරුණු විමසූ එක්‌ තෙර නමකට තමන් පෙර භවයේ කරන ලද අකුසල කර්මය හෙළි කළේය. තවද දිව්‍යමය වූ වස්‌ත්‍රාභරණයෙන් සැරසී දිව මල් පැළඳ හාත්පස සුගන්ධය පතුරුවමින් ආකාශයේ සැරිසරන, පිරිවර සහිත වූ සුරූපී දෙවඟනන් තිදෙනෙකු පෙන්වා මෙසේ කීය.
"ස්‌වාමීනි, මා විසින් වළකන ලද වුවත් රත්නත්‍රය කෙරෙහි සැදැහැ සිතින් කුසල් කළ ඒ ස්‌ත්‍රීහු අද දෙව් සැපතින් සමෘද්ධව සිටිති. රත්නත්‍රය පිදීමේ විපාක බලනු මැනවි."
"ආශ්චර්ය වූ අද්භූත වූ ඒ මහා පුණ්‍ය විපාක දැක නුවණැත්තෝ තථාගතයන් වහන්සේට නමස්‌කාර කරති. පූජා කරති. මමද මෙයින් චුතව මිනිසත් බව ලැබ නොපමාව කුසල් දහම් වඩන්නෙමි. බුදුරදුන් පුදන්නෙමි" යි එම ප්‍රේතයා කුසලයේ විපාකයත්, එබඳු කුසලයකට බාධා කිරීමේ හා ගැරහීමේ විපාකයත් එකම තැන ගෙනහැර දැක්‌වීය. එහෙයින් නුවණැත්තෝ කිසි විටෙක අන් අයගේ කුසලයට බාධා නොකෙරෙත්වා·
ඇතැම් අය අන්‍යයන් පින් කරද්දී තමන්ගේ දැන උගත්කම් හා විචක්‌ෂණ බව පෙන්වන්නට යාමෙන්ද, තමන්ගේ සිතැඟි පරිදි එය කරවන්නට උත්සාහ කිරීමෙන්ද, අඩු වියදමින් හෝ වඩා හොඳින් කරන්නට උපදෙස්‌ දීමෙන්ද නොදැනුවත්වම අන්‍යයන්ගේ පිනට බාධා පමුණුවති. නොදැන කළත් එයින් සිදුවන අකුසලයේ අඩුවක්‌ නැත. නොදැන ඇල්ලුවත් ගින්නෙන් අත පිළිස්‌සෙන්නාක්‌ මෙනි. තවද මනසේ පහලවන ක්‌ලේශයෝ ඇතැම් විට හඳුනාගත නොහැකි ලෙස වෙනත් මුහුණුවරකින් පැමිණෙති. ඊර්ෂ්‍යාව-ගුණගරුක භාවය ලෙසින්ද, මසුරුකම ප්‍රඥව ලෙසින්ද, අන්‍යයන්ගේ යහපත් ක්‍රියා හෙලා දැකීම-විචාර බුද්ධිය වශයෙන්ද, බොහෝ දෙනා වරදවා වටහා ගනිති. එසේ තමන්ගේම මනස මුලා කරමින් වෙනත් මුහුණුවරකින් පැමිණෙන ක්‌ලේශයෝ වංචක ධර්ම නම් වෙති. මෙම වංචක ධර්මයන්ගෙන් මුලාවෙන බොහෝ දෙනා විශාරදයන් ලෙස අන් අයට උපදෙස්‌ දෙමින් ඔවුන්ගේ කුසලයටද බාධා කරති. තමන්ද කුසලයෙන් පිරිහෙති. නොදැන උපදෙස්‌ දුන්නත් එයින් කුසලයට බාධා පැමිණේ නම් එහි විපාකය තමන් වෙත පැමිණෙන බව ලකුණ්‌ඨක භද්දිය තෙරුන් වහන්සේගේ කථා පුවතින්ද පැහැදිලි වේ.
ලකුණ්‌ඨක භද්දිය තෙරණුවෝ
ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ලොව පහලවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ශාරීරික ධාතූන් වහන්සේ නොවිසිරී ඒකඝනව පැවතුනි. එම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කොට ස්‌වර්ණමය වූ චෛත්‍යයක්‌ ඉදිකිරීමට සැළසුම් කළහ. එම චෛත්‍යය යොදුන් සතරක්‌ උසට ඉදිකිරීමට ඇතැම්හු යෝජනා කළහ. එයට රන් බොහෝ වැය වන බැවින් තුන් යොදුනක්‌ උසට ඉදිකළ යුතු යයිද, යොදුන් දෙකක්‌ උසට ඉදිකළ යුතු යයිද විවිධ යෝජනා මතුවිය. එම චෛත්‍ය කර්මාන්තය කරගෙන යාමට භාරකර තිබූ කාර්මිකයන්ගෙන් ප්‍රධානියා එහිදී ඉදිරිපත් වී වඩා පහසු නිසා මෙම චෛත්‍යය යොදුනක්‌ උසට ඉදිකරමු යෑයි යෝජනා කොට ඒ සඳහා අවශ්‍ය විධි විධාන යෙදීය.
ඔහු විසින් චෛත්‍ය ඉදිකිරීමේ කුසලකර්මය සිදුකර ගත් නමුත් අනන්ත ගුණ ඇති බුදුරදුන් වෙනුවෙන් කරවන චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමේ විපාකයෙන් උපනුපන් භවයන්හිදී අතිශයින් මිටි වූ කුඩා ශරීරයක්‌ ඇතිව ඉපදිනි.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහලවෙන සමයෙහි මොහු සැවත් නුවර ධනවත් පවුලක ඉපිද "භද්දිය" කුමරා යයි නම් ලැබූහ. අතිශයින් මිටි වූ ශරීරයක්‌ ඇති නිසා පසු කලෙක "ලකුණ්‌ඨක භද්දිය" නමින් ප්‍රසිද්ධ විය. පෙර කරන ලද කුසල් බලයෙන් හා පුරන ලද පාරමිතා බලයෙන් බුදු සස්‌නෙහි පැවිදිව මහ රහතන් වහන්සේ නමක්‌ වූහ. චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමෙන් සිදුකරගත් වරද බොහෝ ආත්මයන්හි විපාක දී අර්හත්වයට පැමිණෙන අවසන් භවයේ ද විපාක දෙන්නට තරම් බරපතල විය.
සටහන - ධම්මික හේවාවසම්
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මෙත්තානිසංස සූත්‍රය

1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර බෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. හදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස් සෝසුං’ භගවා ඒතදවෝච.
2. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය. යානීකතාය වත්ථූ කතාය අනූට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඒකාදසානිසංසා පටිකඞ්ඛා. කතමේ ඒකාදස?
3. 1. සුඛං සුපති, 2. සුඛං පටිබුජ්ක්‍ධති, 3. න පාපකං සුපිනං පස්සති, 4. මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, 6. දේවාතා රක්ඛන්ති, 7. නාස්ස අග්ගි වා විසංවා සත්ථං වා කමති, 8. තුවටං චිත්තං සමාධියති, 9. මුඛවණ්ණෝ විප්පසීදති, 10. අසම්මූළ්හෝ කාලං කරෝති, 11. උත්තරිං අප්පටිවිජ්ක්‍ධන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති.
4. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා, ආසේවිතාය භාවිතාය බහුලීකාතාය, යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඉමේ ඒකාදසානිසංසා පාටිකඞ්ඛාති.
5. ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
▬▬▬▬▬▬▬▬▬▬▬
මෙත්තානිසංස සූත්‍රයේ සිංහල අර්ථය
එක් සමයක බුදුන්වහන්සේ සැවැත්නුවර ඇසුරු කොට දෙව්රම් මහ වෙහෙර වසන්නේ දිනෙක පැසුළු යම ලොව බලා වදාරණ සේක් මේ බඳු සිදුවීමක් දුටු සේක.
කොසොල් රට සැරිසරන මා අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසීමෙන් සැට නමක් රහත් වන්නාහ. සැට නමක් කටින් උණු ලේ වමාරන්නාහ. සැට නමක් සිවුරු හැර ගිහි වන්නාහ යනුයි.
භික්ෂූන් හට සංග්‍රහ පිණිස චාරිකාවෙහි හැසිරෙනු කැමැති භික්ෂූන්ට දන්වන්නැයි කීහ. මෙසේ වදාළ බුදුන්වහන්සේ මහත් භික්ෂූ සමූහයක් පිරිවරා ගෙන ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරමින් මහත් වූ බෙණයක් සහිත රුකක් ගින්නෙන් ඇවුලෙනු දැක ;මය අරමුණු කොට දම් දෙසමියි අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසූ සේක. මෙසේ වදාළ කළ හැටක් උණු ලේ වැමෑරූහ. සැටක් සිවුරු හළහ. පිරිසුදු සිල් ඇත්තෝ රහත් වූහ.
මේ ධර්ම දේශනාව තුන් කොටසකට ප්‍රයෝජනවත් විය. රහත් වූවන්ට ප්‍රයෝජන වනු පුදුමයක් නොවේ. සෙස්සන්ට වූ ප්‍රයෝජන කවරේද යත්? ඉදින් බුදුහු අග්ගික්ඛන්ධෝපම සූත්‍රය නො ඇසුහූ නම් ප්‍රමාද විහරණයෙන් යුක්තව පව් වඩමින් අපායෙහි උපදනාහ. මේ දහම් දෙසුම අසා සාමණේර භූමියෙහි සිට දසසිල් පුරා භාවනා වඩා සෝවාන් සකෘදාගාමී හා අනාගාමී වන්නාහ. සමහරු දෙව්ලොව උපදින්නාහ. අනෙක් අය මෙය නො ඇසුයේ නම් කල් යත් යත් සංඝාදිසේසාදියට හා පාරාජිකාදියට පැමිණෙන්නා හ.
මේ දේශනාව ඇසූ දුසිල් මහණහු මේ ශාසනය ආශ්චය්‍යය. අප පැවිදි වූයේ කෙලෙසුන් තැවීමට මිස කෙලෙසුන් වැඩීමට නොවේ. අපට දිවිහිම් කොට කෙලෙසුන් නැති කරන පිළිවෙතක් පිරිය නොහැකි ය. එබැවින් උවසුදම් පුරා දුකින් මිදෙමුයි ගිහි වූහ. ඔවුහු තිසරණ පන්සිල් හා අටසිල් රැක ඇතැම් කෙනෙක් සෝවාන් වූහ. ඇතැම් කෙනෙක් සකෘදාගාමි වූහ. කෙනෙක් දෙව්ලොව උපන්හ. මෙසේ ඔවුන්ටත් මේ දෙසුම ඵලවත් විය. මේ දේශනාව ගැන ආරංචි වූ භික්ෂූහු විසිදෙන සැටදෙන සියදෙන බැගින් සිවුරු හැර ගිහි වූහ.
මෙසේ බුදුන් වහන්සේ දහම් දෙසමින් දනවු සැරිසරා නැවත දෙව්රම් වෙහෙරට වැඩ එම ගඳ කිළියෙහි අඩ මසක් විවේකව එලසමවත් සුව විඳ පසුව අනඳ මහ තෙරුන් සමඟ දෙව්රම් වෙහෙර බලා හැසිරෙන සේක් පෙර කාෂාය වස්ත්‍රයෙන් බබළමින් පැවැති දෙව්රම් වෙහෙර අද මෙසේ හිස්වන්නට හේතු කවරේදැයි අනඳ හිමියන් ගෙන් විචාල සේක.
අනඳ හිමියෝ බුදුන් වහන්සේට මෙසේ පැවසූ සේක.
ස්වාමිනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ දනවු සැරිසරා වඩිද්දී අග්ගික්ඛන්ධෝපම සුත්‍රය වදාළ තැන්පටන් භික්ෂූහු සංවේගයට පැමිණ අපට මේ සසුනෙහි පිළිවෙත් පිරිය නොහැකිය. නොමනා පැවතුම් ඇති අප විසින් සැදැහැවතුන් විසින් පින් සලකා පිරිනමන ලබන දන් වැළඳීම නුසුදුසු යයි සිවුරු හැර ගියහ. මෙය ඇසූ බුදුන්වහන්සේට ධර්ම සංවේගය පහළ විය.
ඉක්බිති බුදුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූහ. මා සමවත් සුවෙන් විවේකීව සිටියදී මෙහි කිසිදු භික්ෂූහු නමක් මගේ දරුවන්ගේ සැනසීම පිණිස අවවාදයක් නො දුන්නේ ය. ගඟකට බසින්නට බොහෝ තොටවල් ඇත්තාක්මෙන් සසුනෙහි සැනසෙන්නට බොහෝ දේ තිබේ.
ආනන්ද, ගඳකිළි මළුවෙහි බුද්ධ ශාසනයක් පණවා භික්ෂූන් රැස්කරවයි කී සේක. මේ කාරණය අර්ථෝත්පත්ති කොටගෙන මහණෙනි, මේ සස්නෙහි යම් භික්ෂූන් නමක් අසුරු සණක් ගසන කෙටි කාලයක් නමුදු සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩා නම් හෙවත් මෛත්‍රී කෙරේ නම් මහණෙනි, ඒ භික්ෂූ නම මේ සස්නෙහි නො සිස් වූ ධ්‍යාන ඇත්තෙක් ව වසන්නේයයි ද, ශාසනානුශාසනය පිළිපදින්නේ යයිද, අවවාද පිළිපන්නේ යිද, දායකයන් විසින් දෙන රට්ඨ පිණ්ඩය නොසිස්ව වළදන්නේ යයි ද කියනු ලැබේ.
යම් කෙනෙක් මෙත් සිත නැවත නැවත පුහුණු කෙ රත් නම් වඩාත් නම් ඔවුන් ගැන කියනුම කවරේදැයි මෙසේ චුල්ල අච්ජරාසංඝ සූත්‍රය වදාරා මෙකී භාවනාවේ අනුසස් දක්වනු සඳහා මෙත්තානිසංස සූත්‍රය දෙසූ සේක.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස යැයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවඳන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි ආදරයෙන් සෙවුනා ලද එසේම වඩනා ලද නැවත නැවත වැඩීම වශයෙන් පුරුදු කරන ලද සියලු අන්දමින් ම පුරුදු කරන ලද මොනවට පටන් ගන්නා මෛත්‍රී චෙතෝ විමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසක් කැමති විය යුත්තාහ.
කවර එකොළොසක්ද යත්?
1. සැපයේ නිදයි
2. සැපයේ පුබුදියි
3. නපුරු සිහිනයක් නොදකියි.
4. මිනිසුන්ට පි‍්‍රයවෙයි
5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වෙයි
6. දෙවියෝ රකිති
7. මේ මෛත්‍රී විහරණ ඇති පුද්ගලයා ගේ ශරීරයෙහි ගිනි හෝ, විස හෝ, සැත් හෝ නොවදියි.
8. වහාම සිත එකඟ වෙයි
9. මුහුණ පැහැපත් වෙයි
10. නො මුලාව කලුරිය කරයි
11. මෛත්‍රී සමවතින් මතු රහත් වන්නට නොහැකි වී නම් මරණින් මතු බඹලොව උපදියි.

මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය ආසේවිත භාවිත බහුලීකෘත කළ කල්හි යානාවක් මෙන් වස්තුවක් මෙන් කළ කල්හි එළඹ සිටි කල්හි පුරුදු කළ කල්හි මොනවට පටන් ගත් කල්හි මේ එකොළොස් ආනිසංසයෝ කැමති විය යුත්තාහුය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවට කැමති වූහ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මෙම දස කරුණු සිදු නොකරන තැනැත්තා මෙලොවදී ද, පරලොවදී ද තැවෙනු ඇත

පූජ්‍ය හොරණ කල්‍යාණ ධම්ම හිමි, 
ශ්‍රී විසුද්ධාරාම මහාවිහාරය, 
වාරියපොල

'දස ඛලු ඉමානි ඨානානි යානි බුබ්බේඅකරිත්වා
ස පච්ඡා මනුතප්පතී ඉච්චෙවාහ ජනසන්ධො'

මෙම කරුණු දසය කලින් නොකරන්නා වූ තැනැත්තා හට පසුව තැවෙන්නට වේ යෑයි මහ බෝසත් ජනසන්ධ රජතුමා අනුශාසනා කළේය.

(ජන සන්ධ ජාතක කතාව ඇසුරිණි.)

බුදුන් වහන්සේ සමයේ බලවත් රජෙක්‌ වූ කොසොල් රජතුමා කාමයෙන් වසඟව තෘෂ්ණාවේ ඇලුණේ, බුද්ධෝපස්‌ථානයෙහි අලස මිත්‍ය, මත වාදියෙක්‌ වුවත් දිනපතා බුදුන් වැඳ තොරතුරු විමසන කොසොල් රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අවවාද කිරීම උදෙසා බුදුන් වහන්සේ මෙම අතීත කථාව ගෙනහැර අනුදැන වදාරණ සේක.

යටගිය දවස බ්‍රහ්මදත්ත රජ කෙනෙක්‌ රාජ්‍ය කරන සමයේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ පෙර ආත්මයක රාජ කුලයෙහි දේවියකට 'ජන සන්ථව' නම් බෝසත් කුමාරයෙක්‌ ලැබ සිප්සතර ඉගෙන වැඩිවියට පත් මෙම කුමරා පියරජ ඇවෑමෙන් රාජ්‍යයට පත්ව දස රාජධර්මයෙන් රට පාලනය කරන්නට විය. මෙතුමා තම රටවැසියන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන්නට විය. දුගී මගී යාචකයන්ට දිනකට කහවනු දහස්‌ ගණන් වැයකර ආහාර පානාදියෙන් සංග්‍රහ කරන ලදී. රජතුමා පංචශීලය දිවි හිමියෙන් රැක්‌කේය. රට වැසියනට එසේ සිදුකරන්නට ව්‍යවස්‌ථානුකූලව නීතිගත කළා. සෑම පෝයකටම දසසිල්, අටසිල් සමාදන් රජතුමා තම වැසියෝ එයට යොමුකරන ලදී. මිනිසුන් අතර ආචාරශීලී ගුණධර්ම පුහුණු කළා. හිංසාකාරී කටයුතු සත්ව ඝාතනය තහනම් කළා. සෑම දරුවකුටම ශිල්ප ශාස්‌ත්‍ර අනිවාර්ය කළා. මව්පියන්ට වැඩිහිටියන්ට නොසලකන අයට දඩ මුදල් නියම කළේය. ශ්‍රමණ, බ්‍රාහ්මණයන් රැකබලා ගනිමින් ඔහුට සත්කාර කළා. අල්ලස්‌ ගැනීම, මං පැහැරීම, සොරකම් කිරීම හා නොමනා ක්‍රියාවන්ට වැටකඩොළු බැන්දා. මේ අයුරින් සිදුවෙත්ම නීතිමය නොවන අඹුසැමි ඇසුරට දැඩි නීති පැනවුවා.

හිරගෙවල්වල දොරවල් ඇරුණා. ඒවා හිස්‌ වූවා. දන්ගෙඩිය දිරා ගියා. රටවැසියා දැහැමි වූවා. දසරාජ ධර්මයෙන් රට පාලනය කළ අප ජනසන්ථව බෝසත් රාජ උත්තමයා දීර්ඝායුෂ විඳිමින් පරළෝ සැපත්විය. එදා රජතුමා වූයේ අද අප වඳින පුදන අනුගමනය කරන ගෞතම බුදුන්වහන්සේය.

අතීතයේ ජන සන්ථව බෝසතාණන් වහන්සේ දේශනා කළ මෙම කරුණු දහය එදා මෙන් අදත් අප ජන සමාජයට වැදගත්වූ අනුශාසනාවකි. මතු පරපුරට කියාදෙන වැදගත් පාඩමකි.

අලද්ධා චිත්තං තප්පති 

පුබ්බෙ අසමුදා නිතං

න පුබ්බෙ ධන මෙසිස්‌සං 

ඉති පච්ඡානු තප්පති

ධනය සැපයිය හැකි තරුණ කාලයේදී ධනය නොසැපයූ තැනැත්තේ මම පෙර වැඩ කළ හැකි කාලයේ ධනය සපයා නොගනිමියි සිතා මහු කාලයේදී තැවෙන්නේය.

සක්‍ය රූපං පුරෙ සන්තං 

මායා සිප්පං න සික්‌තං

කච්ඡා වුත්තී අප්පසිප්පස්‌ස 

ඉති පච්ඡානු තප්පති

බාල කාලයේදී ශිල්පය නූගත් තැනැත්තේ පෙර පුලුවන්කම තිබියදී මා විසින් ශිල්පනූගන්නා ලද්දේය. ශිල්ප නොදත් තැනැත්තා හට ජීවත්වීමට අපහසුය. මහලු කාලයේ මේ ගැන සිතමින් තැවෙන්නේය.

කූටවෙදි පුරෙ ආසිං 

පිසුණො පිට්‌ඨිමංසිකො

චණ්‌ඩොච එරුසො චාසිං 

ඉති පච්ඡානු තප්පති

පෙර මම කපටි කම් කළෙමියි, කේලම් කියන්නෙක්‌ වීමිය, අල්ලස්‌ ගන්නෙක්‌ වූයෙමිය, නපුරෙක්‌ වූයෙමි යෑයි ඒවා කළ තැනැත්තේ මරණාසන්නයේදී සිහිපත් කරමින් තැවෙන්නේය.

පාණාති පාතී පුරෙ ආසිං 

ලුද්දො වාපි අනාරියො

භූතානං නා පචායිස්‌සං 

ඉති පච්ඡානු තප්පති

මම පෙර සතුන් මරන්නෙක්‌ වූයෙමි. නපුරෙක්‌ වූයෙමි. පව්කම් කරන්නෙක්‌ වූයෙමියි. සියලුසත්වයින් කෙරෙහි හොඳ හිත නොපැවැත්වූයෙමි යෑයි එසේ කළ තැනැත්තේ මරණාසන්නයේදී තැවෙන්නේය.

බහුසු වත සන්තීසු 

අනාපාදාසු ඉත්ථිසු

පරදාරං අසේවිස්‌සං 

ඉති පච්ඡානු තප්පති

ලෝකයේ සැමියන් නැති ස්‌ත්‍රීන් බෙහෝ සිටියදී මම පරදාර සේවනය කළෙමියි, පරදාර සේවය කළ තැනැත්තේ මරණාසන්නයේදී තැවෙන්නේය.

බහුම්හි වත සන්තම්හි 

අන්නපානො උපට්‌ඨිතෙ

න පුබ්බේ අදදිං දානං ඉ

ති පච්ඡානු තප්පති

බොහෝ ආහාර පානාදිය ඇතිව සිට මම දන් නුදුන්නෙමියි. නුදුන් තැනැත්තේ මරණාසන්නයේදී තැවෙන්නේය.

මාතරං පිsතරඤ්චාපි 

ජිණ්‌ණකං ගත යොබ්බනං

පහු සන්තො 

න පොසිස්‌සං ඉති පච්ඡානු තප්පති

මම පෙර කාය බලය හා ධන බලය ඇතිව සිටද මහලු වී දුබලව විසූ මාපියන් හා පෝෂණය නොකළෙමි. මා පිය උපස්‌ථාන නොකළ තැනැත්තේ පසු කාලයකදී තැවෙන්නේය.

ආචරිය මනු සත්ථාරං 

සබ්බ කාම රසා හරං

පීතරං අතිමඤ්ඤස්‌සං 

ඉති පච්ඡානු තප්පති

මගේ ආචාර්යවූද, අනුශාසක වූද, කැමැති සියලු රසයන් ගෙනදී මා පෝෂණය කළාවූද, මාගේ පියාණන්ට අකීකරු වීමියි. එසේ කළ තැනැත්තේ පසු කාලයේදී තැවෙන්නේය.

සමණෙ බාහ්මණෙ චාපි 

සීලවන්තෙ බහුස්‌සුතෙ

න පුබ්බෙ පයිරු පාසිස්‌සං 

ඉති පච්ඡානු තප්පති

උගත් සිල්වත් ශ්‍රමණ බ්‍රහ්මණයන් මම පෙර ඇසුරු නොකළෙමි යි, එසේ නොකළ තැනැත්තේ පසුව තැවෙන්නේය.

සාධු හොති තපො විණ්‌ණො 

සන්තො ච පයිරු පාසිතො

නච පුබ්බේ තපො චිණ්‌ණො 

ඉති පච්ඡානුතප්පති

සුචරිතයේ හැසුරුණේ නම් ඉතා මැනව, සත්පුරුෂයන් සේවනය කරන ලද්දේ නම් මැනවි. මා මේ එකකුදු නොකරන ලද්දේ යෑයි ප්‍රමාද වූ තැනැත්තේ මරණාසන්නයේදී තැවෙන්නේය.

යොච ඒතානිඨානානි 

යොනිසො පටිපඡ්ඡති

කරං පුරිස කිච්ඡානි 

ස පච්ඡානා නුතප්තති

යමෙක්‌ ඉහතකී කරුණු දහය නුවණින් සම්පූර්ණ කෙරේද, මිනිසකු විසින් කළ යුතු සම්පූර්ණ කර ගත්තා වූ හෙතෙම මහලු කාලයේද හා මරණාසන්නයේදී නොපසුතැවෙන්නේය.

වත්මන් ජන සමාජය තුළද අද වනවිට මෙම කරුණු සුදුසු කාලයට සිදු නොවීම අතපසු කිරීම් ආදී නිසා දුක්‌ විඳින තැවෙන ජීවිත බහුලව දැකිය හැක. සුදුසු කාලයේ ධනය උපයාගෙන නිසි කළමනාකරණයෙන් උසස්‌ තත්ත්වයට පත්වූවෝ මෙන්ම එසේ නොකිරීමෙන් අන්ත අසරණව යන එන මං නැතිව දුක්‌ ගෙවන්නෝ සිටිති. පාසල් ජීවිතය නිසි පරිදි උසස්‌ අධ්‍යාපනය ලද උසස්‌ නිලතල හොබවමින් සැපවත් වූවෝ මෙන් නූගතුන් මුළු ජීවිත කාලය තම අතීතය සිතමින් තැවෙති. තමන් හදා වඩාගත් උස්‌ මහත් කළ දෙමාපියන් 

රැක බලා පෝෂණය කළ ඇත්තෝ මෙන් පැහැර හැරි ඇත්තවුන් තම ජීවිත පුරාම සිතමින් දුක්‌වනු ඇත. ඒ වගේම අල්ලස්‌, සොරකම්, සත්ව ඝාතන, සුරා මතින් හා අනාචාරයෙන් වරෙක සතුටු වුවද පසු කලෙක නීතිමය බියෙන්, මරණ බියෙන් පසුවන්නේය. තමන් කළ කී දේ ගැන තැවෙමින් හඬා වැළපෙමින් දුක්‌ විඳීමට සිදුවනවාට වඩා තම ජීවිතය සුදුසු අවස්‌ථාවන්හි නිසි කළමනාකරණයකින් කටයුතු කිරීමට ජන සන්ධ බෝසත් චරිතය හා ඔහු දක්‌වා ඇති කරුණු ඉතා වැදගත් වන්නේය ළමා හා තරුණ විය ගතකරන අයට තම ජීවිතවල ඇති මතු අවදානම සහ එහි ඇති වටිනාකම පිළිබඳව කියාදෙන පාඩමකි.

ශල්‍යකර්මවලට බඳුන් වූවන්, වැඩිහිටි නිවාසවල මහලු අය ආදීන් වෙනුවෙන් ප්‍රජා සේවයෙහි නිරත කරවීම ද යහපත්ය.

ගැටලුවලට විසඳුම වන්නේ මිනිසුන් මරාදැමීම නොවේ.කෙතරම් මරාදැමුවද යළි යළිත් සසරෙහි උපත ලබමින් ඔවුහු ඉන් වඩ වඩාත් වෛරීව යළි යළිත් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වෙති. අපරාධ අවම කළ හැක්‌කේ අපරාධකරුවන්ගේ මනසට පිළියම් කිරීමෙනි. සමාජ විරෝධී චර්යා, සමාජ හිතකාමී චර්යා ලෙසට පුනරුත්ථාපනය කිරීමෙනි. අද මෙරට බන්ධනාගාර ක්‍ෂේත්‍රය තුළ නිසි පරිදි අපරාධකරුවන් පුනරුත්ථාපන ක්‍රියාවලියක්‌ සිදු නොවේ.ඒ වෙනුවට සිදුවනුයේ සුළු වරදකට බන්ධනාගාරගත වන පුද්ගලයා වඩාත් දරුණු වර්ගයේ අපරාධකරුවෙකු බවට පරිවර්තනය වී යළිත් සමාජගතවීමක්‌ පමණකි. බන්ධනාගාරගත වූවකුට කිසියම් වෘත්තියක්‌ පිළිබඳව පුහුණුව ලබාදීම වැදගත්ය.ඒ සමඟම ආකල්පද ඉහත දැක්‌වූ පරිදි යළිත් පුනරුත්ථාපනය කළ හැකි නම් එය වඩාත් අගනේය. එවිට හිංසක පුද්ගලයෙකු ලෙස බන්ධනාගාරගත වන්නා නිදහස්‌ වී සමාජගත වනුයේ සාමකාමී අහිංසක පුද්ගලයෙකු වශයෙනි.

එසේ නොමැතිව හන්දියක්‌ හන්දියක්‌ පාසා එල්ලුම්ගස්‌ පිහිටුවූවත්, අත්, පා කන් නාසා කැපූවත් මිනිසුන් ඒවාට පමණක්‌ බිය වී හොඳ යහපත් මිනිසුන් වෙතැයි සිතීම අපහසුය. මෛත්‍රී ෙච්තනාවෙන් යමෙකු හට එසේ දඬුවම් කළ හැකිද නොවේ. යමෙකු හට දඬුවම් කිරීමේදී වෛරී ෙච්තනාව සහිතව දඬුවම් කිරීමෙන් එක ඝාතකයෙකු වෙනුවට තව තවත් ඝාතකයන් බිහිවීමේ අවදානමක්‌ද ඇති වේ. මරණ දඬුවම නීතිගත කිරීමෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව නීත්‍යානූකූලව ඝාතනය යෙදීමෙන් හෝ පාතාල ක්‍රමයට කුලියට මිනී මැරීමෙන් සිදුවන පවෙහි වෙනසක්‌ නැත. බුදුදහම වරදවා ගැනීම නිසා සමහරු මානසික පාපකර්ම සිදු කරති. මිනීමැරීමට බුදු දහම හුවා දක්‌වා අවසර ලබාදෙති. අකුසලය, පාපය මතුපිට බාහිර කවරය කුමන ආකාරයේ වෙස්‌ගැන්වූවත් සිදු වේ. ෙච්තනාව යනු යමක්‌ සිදුවන ක්‌ෂණයෙහි චිත්ත ක්‍රියාකාරීත්වයයි. ඒ චිත්ත ක්‍රියාකාරීත්වයට දැනුවත්ව හෝ නොදැනුවත්ව යමෙකුට වංචාවල්, කපටිකම් කළ නොහැකිය.

මහා පින්කමක්‌ සිදු කරන්නේ යෑයි සිතා සාහසික පවක්‌ කළද, අකුසලයක්‌ කරන්නේ යෑයි සිතා පිනක්‌ කළද විපාක දෙනුයේ තමා සිතට ඒත්තු ගන්වන්නට උත්සාහ කරන දේ අනුව නොව සැබවින්ම කරන දේ අනුව ඒ ක්‌ෂණයෙහි ඇතිවන චිත්තවීථියෙහි අදාළ චිත්තක්‌ෂණය අනුවය. අද දන්නා පුද්ගලයා සේ ම නොදන්නා පුද්ගලයාත් බුදු දහම පිළිබඳව දොඩමළුවන වාතාවරණයක්‌ නිර්මාණයවී ඇති නිසා හා නොදන්නා ආකර්ෂණීය වැරදි සමාජ මතවාදවලට නිවැරදි දේට වඩා වැඩි ඉඩකඩක්‌ ඇතැම් මාධ්‍ය හරහා නිර්මාණය වී ඇති නිසා පිරිසිදු බුදු දහම නමින් අද බහුතරව සමාජගත වී ඇත්තේ සාවද්‍ය මතවාද බව දැකගත හැකිය. විද්‍යාව, තාක්‌ෂණය, ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනීම වෙනම දැනුමකි. පාලි භාෂාව ත්‍රිපිටක බුද්ධ වචනය, නිකායාන්තර බුදු දහම, දාර්ශනික හා සාමයික දැනුම, මනෝවිද්‍යා ක්‌ෂේත්‍රයේ ගැඹුරු දැනුම ආදී ජීවිතයේ විශාල කාලපරාසයක්‌ කැපකර අත්පත් කරගත් දැනුම, අවබෝධය හා කුසලතාව මත යමෙකු ත්‍රිපිටක බුදදහම නිසි අයුරින් විවරණය කිරීමට සමත් වේ.

යමෙකු කරන රැකියාව, සමාජ තත්ත්වය, ධන හෝ නිල බලය ආදී සාධක බුදුදහම විග්‍රහ කිරීමට යෝග්‍ය වූ සුදුසුකමක්‌ නොවේ. අද පවතිනුයේ විවිධ ආකාරයෙන් ආකූල, ව්‍යාකූල, විකෘති වූ සමාජයකි. සමාජගත සබඳතා, දැනුම, වෘත්තිය ආදී සෑම ක්‌ෂේත්‍රයකම මේ විකෘතිය අඩුවැඩි සේ දක්‌නට ලැබේ. වෘත්තිය අනුව පුද්ගලයන්ගේ උගත්කම වර්ගීකරණය නොකළ හැකි මට්‌ටමට අද සමාජය පත්ව තිබේ. බුදුදහම විග්‍රහ කළ යුත්තේ මේ සියලු දේ පිළිබදව ගැඹුරු ප්‍රාමාණික පරිණත අවබෝධය මත පිහිටාය. එලෙස නොවූ විට සමාජ හාස්‍යයට ලක්‌වීමට සිදුවේ. බුදුන්වහන්සේ එදා සමාජයට දැනෙන ලෙස ස්‌වකීය දහම් පණිවිඩය සාර්ථකව සමාජගත කරනු ලැබුවේ ඊට අවශ්‍ය සමාජ පරිණත බව දැන උගත්කම සමඟ සාර්ථක ලෙස බද්ධ කරගත් බැවිනි. ප්‍රජාතන්aත්‍රවාදය ගරුකරන සමාජ පසුබිමක්‌ තුළ අන්තවාදී බවට ආයුෂ නැත.

මෙරට විවිධ ආගම් හා ජනවර්ග කීපයක්‌ ඇත. සිංහල, දමිළ, මුස්‌ලිම්, බර්ගර්, ජා, මැලේ ආදී ජනවර්ග ද, බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්‌ලාම් ආදී ආගම් වර්ග ද ඇත. මෙරට තුළ තවමත් සිංහල බෞද්ධ බහුතර ප්‍රජාවක්‌ සිටින බව සත්‍යයකි. නමුදු එසේ වුවද ජාතික, සාමයික, වාර්ගික සුහදතාවය ආරක්‌ෂා කර ගැනීමට එය බාධාවක්‌ කර නොගත යුතුය. මෙරට සිංහල බෞද්ධයන් හට සේම අන්‍ය ජාතී ආගම්වල සෙසු ජනතාවටද සාමයෙන් සමඟියෙන් සමූපකාර පැවැත්මක්‌ සහිතව ජීවත්විය හැකි පරිසරයක්‌ පැවතීම හෝ නිර්මාණය කරදීම තුළ බහුතර සිංහල බෞද්ධ ප්‍රජාවගේ ආගමික, වාර්ගික සුහදතාවය, නම්‍යශීලීත්වය මෙරට ජනතාව තුළ පමණක්‌ නොව ජාත්‍යන්තර ප්‍රජාව තුළ ද වඩාත් පැහැදිලිව ඉස්‌මතු කර දැක්‌වීම සඳහා එය හොඳ මිණුම් දණ්‌ඩක්‌ වනු ඇත. බුදු දහමේ ප්‍රවර්ධනයටද එය විශාල ආධාරයකි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මෙම දස කරුණු සිදු නොකරන තැනැත්තා මෙලොවදී ද, පරලොවදී ද තැවෙනු ඇත

පූජ්‍ය හොරණ කල්‍යාණ ධම්ම හිමි, 
ශ්‍රී විසුද්ධාරාම මහාවිහාරය, වාරියපොල

පින් පල නෙළාගත හැකි උතුම් පින් කෙත

ශාස්ත්‍රපති - රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

පිළිවෙත් සරු මහ සඟ රුවනෙහි ගුණ ගැයෙන සඟ ගුණ පාඨයෙහි සඳහන් වන අවසන් ගුණය අනුත්තරං “පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස” ගුණය පිළිබඳව මෙසේ දැනගනිමු.
ලොව වෙසෙන ගොවියෝ කෙත්වල බීජ වපුරනවා. බීජ වපුරන්නේ සරුඵල ලබන්නයි. වැපුරු බිජුවේ සරුඵල ලබන්නනම් කෙත ද සරු විය යුතු වෙනවා. කෙත ද සුදුසු විය යුතු වෙනවා. මනාකොට ජලය යොදා පොහොර යොදා සී සා සකසා ගත් කෙතක් විය යුතු වෙනවා. සරු කෙතක තිබිය යුතු අංගයන් පිළිබඳව අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ඛෙත්තූපම සූත්‍රයේ දක්වා තිබෙනවා.
වළගොඩැලි නැති කෙතක් වීම 2) ගල් බොරළු නැති කෙතක් වීම 3) කරමැටි නැති බිමක් වීම, 4) ගැඹුරට සාන ලද බිමක් වීම, 5) ගලා යන එන දිය පහරවල් වලින් යුක්ත වීම, 6) කුඹුරින් ගලා යන දිය පහරවල් ඇත්තක් වීම, 7) දිය ගලා යන ඇළ මාර්ග ඇති තැන් වීම, 8) කෙතේ නියරවල් සීමාවල් තිබීම.
මේ අංගයන්ගෙන් යුක්ත කෙතෙහි වැපුරූ බීජ මහත්ඵල වෙනවා. මධුර වෙනවා. හොඳින් වැඩෙනවා. මෙසේ වැපුරූ බීජ සරුඵල දෙන්නා සේ සැදැහැති පින්වතාට පුණ්‍ය බීජයන් වැපිරිය යුතු කෙත් වන්නේ ආර්ය මහා සංඝ රත්නය නමැති කෙත බව බුදුරජාණන් වහන්සේ වදළා. එසේ හඳුන්වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් යුක්ත යන ආර්ය මාර්ගයෙහි ගමන් කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් පමණයි.

ලොව ඇති කෙත් අතර ගොවියා බොහෝ වෙහෙසී ගොවිකමෙහි නියැලුණ ද අල්ප වූ ඵල ගෙන දෙන කෙත් තිබෙනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණ ඵල ගෙන දෙන කෙත්ද, වෙහෙසෙන තරමට ඵල ලැබෙන කෙත් ද තිබෙනවා. බොහෝ ඵල ගෙන දෙන කෙත්ද තිබෙනවා. එසේම දානයක් පූජා කරන විට එය අල්ප වූ ආනිසංස ඇති වීමටද, මධ්‍යම ප්‍රමාණ වූ ආනිසංස ඇති වීමට ද බොහෝ ආනිසංස ඇති වීමටද, ප්‍රතිග්‍රාහකයාගේ පාර්ශවයෙන් ප්‍රබල දායකත්වයක් ලැබෙනවා. ආර්ය මහා සංඝ රත්නය ලොව වෙසෙන පිරිස් වශයෙන් ගත් කළ උත්තම පිරිස නියෝජනය කරන උතුමන් ය. සිල්වත්කම,උගත්කම,ගුණවත්කම හා නිකෙලෙස් මනසින් යුතුවීම ආදි ගුණයන්ගෙන් අනූන ආර්ය මහා සංඝරත්නය ලොව උත්තම පිරිස නියෝජනයට ඇවැසි සියලු ගුණයන්ගෙන් ශෝභමාන වූ බැවින්, අනුත්තර තත්ත්වයෙන් ම හඳුන්වනවා. සංඝරත්නය කෙදිනකවත් දුස්සීල තත්ත්වයේ නො සැළකේ. “සංඝ” යන පදයෙන් හඳුන්වන්නේ ම සිල්වත් පිරිසකි. යමෙක් දුස්සීල වේද ඔහු සංඝයා යැයි පැවැසිය නොහැක. සංඝ රත්නය ස්වභාවයෙන් ම වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සිල්වත් වූ පිරිසකි .
යමෙක් සංඝයා උදෙසා යමක් පූජා කරන විට එය දුස්සීල ශ්‍රමණ පිරිසක් පිළිගත්තත් දායකයාගේ ආනිසංසවලට ඉන් හානියක් නො වන්නේ දායකයා එය පූජා කළේ ආර්ය මහා සංඝරත්නය උදෙසා උන්වහන්සේගේ ගුණ මෙනෙහි කර ගෙන පූජා කළ බැවිනි. අනාගත කාලයෙහි ශ්‍රාවක සංඝ නාමයෙන් පෙනී සිටින්නා වූ ගෙලෙහි හෝ අතෙහි කහ රෙදි කඩක් දරන්නා වූ දුස්සීල පාපි පුද්ගලයන් ඇති වන බව ද, ඒ අයට ද මිනිසුන් දන් දෙන බවද එසේ දෙන්නා වූ දානයෙන්ද අසංඛෙය්‍ය වූ අප්‍රමාණ වූ ආනිසංස ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දක්ඛණාවිභංග සූත්‍රයේදී වදාළා.
බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාණන්ට ධර්මය දේශනා කරන්න දෙව්ලොව වැඩි අවස්ථාවේ ධර්ම ශ්‍රවණය සඳහා එකම මොහොතෙහිම පැමිණි අංකුර සහ ඉන්දික නම් වූ දිව්‍ය පුත්‍රයෝ දෙදෙනෙක් බුදුන් වහන්සේ දෙපස හිඳගෙන සිටියා. කල්ගත වෙත්ම මහානුභාව දෙවි දේවතාවුන් පැමිණියා. ඔහුනට ඉඩ දී අංකුර දෙව් පුතුට පසුපසට යන්න සිදුවුණා. එසේ පසුපසට තල්ලු වී ගොස් අවසන බුදුරජාණන් වහන්සේ වැඩ හුන් තැන සිට යොදුන් දොළහක් දුර යනතෙක් ගොස් නතරවුණා. එයට හේතු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ අංකුර කලින් ආත්මයකදී රජ කුලයක ඉපදී මහ දන් දුන් නමුත්, ඒ සියලු දානයන් දී ඇත්තේ මහත් ආනිසංසදායි කළ නොහැකි දුගී මගී යාචකාදීන්ට බවයි. දෙව්ලොව උපනත් අල්පේශාක්‍ය ජීවිතයක් ගත කරන්නට සිදු වී ඇති බව එයින් පැහැදිලියි. ඉන්දික දෙවියාට එසේ තමා හුන් තැනින් ඉවත් වන්නට සිදුවුණේ නැහැ. ඔහු පෙර ආත්මයෙහි අනුරුද්ධ මහ රහතන් වහන්සේ දානයක් ලැබෙන්නට සලස්වාලීම දෙව්ලොව ඉපිද මහේශාක්‍ය තත්ත්වයෙන් සිටින්නට තරම් හේතු වුණා.
ඒ වගේම වේලාම සූත්‍රයෙහි සඳහන් වන පරිදි වේලාම බ්‍රහ්මණයා දුන් ඒ අසිරිමත් දානයද මහත්ඵල මහානිසංස කිරීමට කිසිවෙක් නොවූ බව සඳහන් වෙන්නේ මහා සංඝ රත්නයෙහි වන අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත ලෝකස්ස ගුණයෙහි ඇති අගය වඩ වඩාත් තහවුරු කරමින්.
අනුත්තර වූ මහසඟරුවන සතුවිය යුතු ගුණ දහයක් පිළිබඳව අංගුත්තර නිකායේ දසක නිපාතයේ ආහුනෙය්‍ය සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙනවා.
සිල්වත්වීම, ශ්‍රැතධර වීම, කල්‍යාණ මිත්‍රයෙක් වී අනුනටද කල්‍යාන මිත්‍රයෙක්ව කටයුතු කිරීම, සම්මාදිට්ඨියේ යුක්ත වීම, සෘද්ධිප්‍රාතිහාර්ය දැක්වීමට හැකිවීම, දිව, කන් ඇත්තෙකු වීම, අනුනගේ සිත් පිරිසිඳ දැකීමේ හැකියාව, පෙර විසු කඳ පිළිවෙල සිහිකිරීමේ හැකියාව, දිවැසින් ලොව වෙසෙන සත්ත්වයන් කර්මානුරූපීව මැරෙන ඉපදෙන අයුරු දැකීමේ හැකියාව, ක්ෂීණාශ්‍රවවීම ආදී ගුණයන්ගෙන් යුක්ත වන ආර්ය ශ්‍රාවකයා ජනතාවගේ පින් බිජ වපුරන්නට සුදුසු කෙතක් වෙනවා.
බුදුරජාණන් වහන්සේ දෙසු දහම බොහෝ සෙයින් ජනතාව අතර ගෙනගියේ ආර්ය මහා සංඝරත්නය යි. ලොවෙහි මහා සංඝරත්නය නොමැති නම් සසුනද පවතින්නේ නැහැ. ලොව බුදු සසුන නො පවතින්නේ නම් කිසිම කෙනෙකුට මේ ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේත් නැහැ. උතුම් මහා සංඝරත්නය තම ශීලාදි ප්‍රතිපත්තීන් ද රැකගෙන ජනතාවට ම පෙන්වන බැවින් ඔවුහු ද ධර්මානුකුලව ජීවත්වෙනවා. සිත් සේ තම පින් බිජු වපුරනවා. ලොව වෙසෙන සැමට පින් කිරීමට අවස්ථාව සැලසී ඇත්තේ උතුම් මහා සංඝ රත්නයෙහි සුවිශේෂ සහාය ඔවුුනට ලැබෙන බැවිනුයි.
මහා සංඝරත්නය පොදු වූ පිරිසක් වශයෙන් ගෙන දන් දෙන විට පුද්ගලිකව බුදුරජාණන් වහන්සේට දෙන දානයට ද වඩා උසස් ආනිසංස ලැබෙන බව උන්වහන්සේ දක්වා ඇත්තේ මහා සංඝ රත්නයෙහි ඇති පූජනීයත්වය වඩ වඩාත් තහවුරු කරමිනි. දිනක් මහා ප්‍රජාපති ගෝතමි තෙරණිය සිවුරක් සකස් කොට ගෙන බුදුරජාණන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ එය සංඝයාට පූජා කරන ලෙස වදාළා. එසේ කළ විට එය තමන්ට කරන පූජාවක් වන බවද වදාළා.
මෙසේ හෙයින් ආර්ය මහා සංඝ රත්නය සැදැහැවතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙනවා. සැරියුත් මුගලන් ආදි මහා ක්ෂීණාශ්‍රව උතුමන් වහන්සේ මිනිසුන්ගේ අනේකවිධ පුද පූජාවනට යෝග්‍ය වූයේ උන්වහන්සේ සතු ඒ මහරු ගණ කඳ නිසායි. උන්වහන්සේ ගේ ශ්‍රාවක දරුවන් වූ උතුම් සංඝ රත්නය අද ද පුදනු ලබන්නේ ඒ ගුණ කඳ සිහි කරගෙනයි.
වත්මන් සමාජයේ වැඩ වසන ස්වාමින් වහන්සේ නමකගෙන් කුඩා වූ වරදක් දුටු විට බොහෝ දෙනා සමස්ත සංඝ සමුහයා වෙතම දෝෂාරෝපණය කරනවා. එය නිසි ලෙස තෙරුවන් සරණ නොගිය අය විසින් කරනු ලබන්නක්. කෙසෙල් ඇවරියක ගෙඩියක් නරක් වූ සැනින් ඇවරියම විසිකළ යුතු වන්නේ නැහැ. තෙරුවන් සරණ ගිය මේ ධර්ම මාර්ගයෙහි ගමන් කරන්නට උත්සාහ කරන තැනැත්තා සඟරුවන තමන්ට දකින්නට ලැබීම පවා තමන්ගේ භාග්‍යයක් ලෙස සලකනවා. උන්වහන්සේ තුළින් තමන්ගේ පින් සිත් දියුණු කර ගන්නවා.
එනිසා ආර්ය මහා සංඝ රත්නය අනුත්තර පින්කෙත වන්නේ සැදැහැවතුනගේ දන් පිළිගැනීමෙන් ම පමණක් නොවෙයි. සංඝ රත්නය සැදැහවතුන්ගේ ශීල භාවනාදි ගුණ ධර්මයද දියුණු කරන්නට බෙහෙවින් උපකාර වන නිසායි. එසේ ගුණ ධර්ම දියුණු කර ගැනීමට පසුබිම වනුයේ මහ සඟරුවන යි. කෙත කෙතරම් සරු වුවත් බිජු වපුරන්නා ඒ ක්‍රියාව නිසි ලෙස නොකරන්නේ නම් සරුඵල නො ලැබේ.
එබැවින් සැදැහැති බෞද්ධයෝ තමා ධර්මයෙහි පිහිටා සඟරුවන තුළින් පින් ඵල සරුකර ගන්නට අධිෂ්ඨානයක් ඇතිකර ගතයුතු වෙනවා.

පින් ගන්නට බලා සිටින දුගති සත්වයෝ

පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසය පින් ලබාගැනීමට සුදුසු වෙයි. අනුන් දෙන පින්පෙත් ආදිය බලාපොරොත්තු වෙමින් අනුන් නිසා ජීවිතය පවත්වාගෙන යයි. අප පින්කම් සිදුකරමින් පින් අනුමෝදන් කරන විට එම පින අනුමෝදන්වීමේ ශක්තිය ඇත්තේ මේ පරදත්තූප ජීවි ප්‍රේත කොටසට පමණකි. බොහෝ මළගිය ඥාති මිත්‍රාදීන් මේ ප්‍රේත කොට්ඨාසයෙහිත් ඉපිද දුක් විඳින බැවින් පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ ජීවිත සුවපත්වීමට හේතු වෙයි.
මිනිසත් බව ලැබ සිටියද සියලු දෙනාම මේ ලැබුවා වූ දුර්ලභ මනුෂ්‍යාත්මභාවයෙහි වටිනාකම හඳුනාගෙන කටයුතු නොකරති. එබැවින් ලද වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන, කුසල් දහම්හි නොයෙදී සිට හිස් මිනිසුන් වශයෙන් මිය යන පුද්ගලයෝ බොහෝ වෙති. ඔවුන්ගේ පරලොව ජීවිතය සැපදායක වෙතැයි සිතීම උගහටය.
‘දුල්ලභංච මනුස්සත්තං’ යනුවෙන් මිනිස් ආත්මභාවයක් ලැබීමේ ඇති අතිදුලබ බව පෙන්වාදී තිබේ. එබඳු අතිශය දුර්ලභ වාසනාවකට හිමිකම් කියන අප අතරෙහි මිනිසුන්ව ඉපදුන ද තිරිසනුන් මෙන් හැසිරෙන ක්‍රියා කරන තැනැත්තන් හිඟ නැත. තම තමන්ටත් සෙසු සමාජයටත් අපගෙන් ඉටුවිය යුතු යුතුකම් බොහෝ තිබේ. ඒ අතරිනුත් විශේෂයෙන් දහමෙහි හැසිරීමේ වශයෙන්, පිළිවෙත් පිරිම් වශයෙන් තම තමන් කෙරෙහි යුතුකම් ඉටුකරගත යුතු ය. සෙසු අයට යහපත සැලසීමේ මඟ ද එයයි. තමන්ට යහපත සිදුකර නොගන්නා, තමා විෂයෙහි මෛත්‍රී සහගත නොවන තැනැත්තා සමාජයට යහපතක් සිදුකරන්නේ කෙසේද?
කෙසේ නමුත් මෙබඳු වූ නිවැරැදි දැක්මක් නොමැතිව හිඳිමින්, ලැබුවා වූ මනුෂ්‍යාත්ම භාවයෙන් පිරිහී දුගතියෙහි උපදින සත්වයන් බොහෝ ය. ඇතැමුන් ප්‍රේතයන්, භූතයන් වශයෙන් උපත ලබා පෙර භවයේ පවුලේ ඥාතීන්ට හිරිහැර පමුණුවන අවස්ථාද ඇත. එසේම සමහර ප්‍රේතයෝ සාපිපාසා ආදි අනේක දුක්ඛයන්ගෙන් පෙළෙමින් උදව් ඉල්ලා, නෑ පිරිසට බල කරති. මෙවැනි අවස්ථාවලදී නෑදෑ පිරිස කළ යුත්තේ කුමක්දැයි විමසා බැලීම වැදගත් වේ.
බිම්බිසාර රජතුමා වේළුවනාරාමය කරවා බුදුසසුනට පූජා කළ බව සෑම දෙනකුම දන්නා කරුණකි. එම ආරාමය පූජා කළ දිනයෙහි රාත්‍රී මැදියම් යාමයෙහි රජතුමා ඉදිරියෙහි ප්‍රේතයන් විශාල පිරිසක් හඬා වැළැපෙමින් සිටිනු දුටු රජතුමා පසුදින උදෑසනින්ම බුදුරජාණන් වහන්සේ හමු වී මේ කාරණය දන්වා සිටියේ ය. පෙර ආත්මභාවයක බිම්බිසාර රජුගේ ඥාතීන් පිරිසක් දන්වැට සොරා කෑ බවත් එම අකුසල කර්මයෙහි විපාක වශයෙන් නිරයෙහි ඉපිද බොහෝ කලක් දුක් විඳ, ඉන් අනතුරුව ප්‍රේත යෝනියේ උපත ලබා තුන් බුද්ධාන්තරයක් කල් සා පිපාසාවෙන් පෙළී දුක් විඳින අතර මෙසේ රජතුමා ඉදිරියේ පෙනී සිටි බවත් බුදුපියාණන් වහන්සේ පැහැදිලි කර දුන් සේක. දුක්විඳින ඥාති ප්‍රේතයන් සුවපත් කිරීම සඳහා පින් අනුමෝදන් කළ යුතු බව බුදුහිමියෝ දේශනා කළහ.
බිම්බිසාර රජු බුදුපාමොක් මහ සඟනට දන් පිළිගන්වා එම ප්‍රේතයන් හට පින් අනුමෝදන් කරවීය. එම පින් අනුමෝදන්ව දිව බොජුන් ලබා සුවපත් වූ ඥාති ප්‍රේතයෝ එදින රැයෙහිද රජතුමා ඉදිරියේ පෙනී සිටියහ. එහෙත් ඔවුන් නිරුවත්ව පෙනී සිටි නිසා රජු එම කරුණ ද පසුදින නැවතත් බුදුහිමියන් හමුව සැල කළේ ය. එයට හේතුව වස්ත්‍ර පූජා නොකිරීම බව බුදුහිමියන්ගෙන් දැනගත් රජතුමා නැවතත් බුදුපාමොක් මහසඟනට පූජා පවත්වමින් චීවර සහ ආසන ආදියද පිදීමට කටයුතු කළේ ය. එම පින් අනුමෝදන් වූ ඥාති ප්‍රේතයන් සම්පූර්ණයෙන් එම දුකෙන් නිදහස්ව සැප විපාක ලැබූ බව සඳහන් වේ. තිරෝකුඩ්ඩ සූත්‍රයෙහි එම ප්‍රේතයන් පිළිබඳ විස්තරය ඇතුළත්ය.
මෙයින් අපට පැහැදිලි වන්නේ මිනිසුන් වශයෙන් ජීවත්ව සිටියදී අකුසල කර්ම සිදුකොට ඊළඟ ආත්මභාවයන්හි දුක් විපාක විඳීමට සිදුවන ආකාරයයි. ජීවත්ව සිටින අපට එබඳු දුගති සත්වයන් වෙනුවෙන් කළ හැකිවන්නේ පින් අනුමෝදන් කිරීමයි. එම පුණ්‍ය ශක්තිය දුක්විඳින සත්ව කොට්ඨාසයන්ට මහත් උපකාරයක් වෙයි. එහෙත් සෑම ප්‍රේතයකුටම ද මෙසේ පින් අනුමෝදන් වීමේ ශක්තිය නැත. සමහර ප්‍රේත කොට්ඨාසයන්ට සෙසු අය අනුමෝදන් කරවන පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීමේ හැකියාව නොමැති බැවින් එයින්ද සුවපත්භාවය නොලබති.
ප්‍රේතයන් පිළිබඳ විස්තර කිරීමේ දී නිජ්ඣාමතණ්හික යනුවෙන් ප්‍රේත කොටසක් ගැන සඳහන් වේ. ඔවුන්ගේ ස්වභාව වන්නේ බිල සහිත ගසක ඇතුළත හටගත් ගිනි කඳක් මෙන්, කළ අකුසල කර්ම නිසා තැවෙන දැවෙන ස්වභාවයි. මොවුන් උදෙසා පින්දීම ප්‍රයෝජනවත් නැත. ඔවුන් කල්ප ගණන් අකුසල විපාකය විඳිනු ඇත.
තවද කුප්පිපාසික නමින් තවත් ප්‍රේත කොටසක් ගැන සඳහන් වේ. ඔවුන්ගේ ස්වභාව වන්නේ සෙම් සොටුවත් නොමැතිව සා පිපාසාවෙන් කල්ප ගණන් දුක් විඳීමයි. එම අපද්‍රව්‍යවත් නොලැබීමට තරම් ඔවුන් කර ඇති අකුසල් බලවත් ය. ඒ නිසා අති දීර්ඝ කාලයක් සා පිපාසාවෙන් පෙළෙමින් කල් ගෙවීමට සිදුවීම ඔවුන්ගේ ස්වභාවයි. ඔවුන්ටත් පින්වලින් උපකාර කිරීමට අපහසුය. පාංසුපිසාචක යනුවෙන් තවත් ප්‍රේත කොටසක් ගැන සඳහන් වේ. ඔවුන්ගේ ස්වභාව වන්නේ කසල ගොඩවල් ආදී අපවිත්‍ර තැන්වල ආහාර සොයා ඇවිද ලබා ගන්නා අපවිත්‍ර ආහාරයක පිහිටෙන් ජීවත්වීමයි. ඔවුන්ට ද අන්‍යයන් ලබාදෙන පින් අනුමෝදන් වීමේ ශක්තියක් නොමැත.
ඊළඟ ප්‍රේත කොටස පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසයයි. ඔවුහු පින් ලබාගැනීමට සුදුසු වෙති. අනුන් දෙන පින්පෙත් ආදිය බලාපොරොත්තු වෙමින් අනුන් නිසා ජීවිතය පවත්වාගෙන යති. අප පින්කම් සිදුකරමින් පින් අනුමෝදන් කරන විට එම පින අනුමෝදන්වීමේ ශක්තිය ඇත්තේ මේ පරදත්තූප ජීවි ප්‍රේත කොටසට පමණකි. බොහෝ මළගිය ඥාති මිත්‍රාදීන් මේ ප්‍රේත කොට්ඨාසයෙහිත් ඉපිද දුක් විඳින බැවින් පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ ජීවිත සුවපත්වීමට හේතුවෙයි.
දුගතියෙහි උපදින සෑම සත්වයකුම ප්‍රේත ගණයට අයත් වන්නේ නැත.නරක, තිරිසන්, ප්‍රේත සහ අසුර යනුවෙන් අපාය සතරකි. අපාය යන්නෙහි තේරුම ‘සැපයෙන් පහ වූ’ යන්නයි. කුමන අපායක ඉපදුණත් වචනයෙන් විස්තර කරලිය නොහෙන දුක් විඳින්නට සිදුවීම ස්වභාවයි. මෙහිදී ප්‍රේත කොට්ඨාස පිළිබඳ කතා කරතහොත් ඔවුන්ගේ අකුසල විපාකයට අනුව ශරීර ස්වභාවද විවිධ වන අයුරු විස්තර වශයෙන් සඳහන් කර ඇත.
සමහර ප්‍රේත කොටස්වල ශරීර ස්වභාව ඉතා කර්කශව පෙනෙයි. සම සහ නහරවැල් ඇට පෙනෙන සේ වියැකී ගොස් ඇති ශරීර ඉතා අවලස්සනය. ඉවසාගත නොහැකි අයුරෙන් ඔවුන් වෙතින් දුර්ගන්ධයක් ද හමයි. ආහාරපාන නොමැතිව නිරන්තරයෙන් දුක් විඳින අතර ප්‍රමාණවත් ආහාරයක් කිසිදිනෙක නොලබයි.
බොහෝ ප්‍රේතයන් හට ආහාර වශයෙන් ලැබෙන්නේ මිනිසුන්ගේ සහ තිරිසන් සතුන්ගේ සිරුරුවලින් පිට කරන අපද්‍රව්‍යයි. ඇතැම් ප්‍රේත කොට්ඨාස තම ශරීරයේම කොටස් ආහාර ලෙස ගනිති.
අසුර නිකායට අයත් කාලකඤ්ජික නමින් හැඳින්වෙන ප්‍රේත කොටස තුන් ගවුවක් තරම් වන සිරුරු ලබති. ශරීරය මස් ලේ නැති වියැළී ගිය කොළ වැනි ස්වභාවයකින් යුතුය. දෙඇස් කකුළුවන්ගේ ඇස් මෙන් පිටට නෙරා ඇත. හිස මුදුනේ ඇස් දෙක පිහිටා ඇති අතර ඉදිකටු මලක් මෙන් කට ඉතා කුඩාය.
ලෝවැඩ සඟරාවෙහි ප්‍රේතයන් පිළිබඳ මේ කවිය සඳහන් වේ.
උපනත් පේතව පවු කොට නොපනත්
කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණත්
උගුරත් නොතෙමෙයි සුර ගඟ වැටුණත්
කලෙකත් පින් නොකළැකි මැයි සිතුනත්

නොහොබිනා පවුකම් කොට ප්‍රේත ආත්මයෙහි උපත ලදහොත් කලාතුරකින් හෝ සෙම්, සොටු පමණවත් ආහාරයක් නොලැබේ. අහස් ගංගාවෙහි වැටුණත් දිය බිඳෙකින් උගුරවත් නොතෙමෙන්නේ ය. සිතුනත් කිසි කලෙක පිනක් කළ නොහැකිය.
මේ ආදී කරුණු පරීක්‍ෂා කර බැලීමේ දී ප්‍රේත කොටස් සහ විශේෂයෙන් පින් ලබා ගැනීමේ ශක්තිය ඇති ප්‍රේත කොටස් පිළිබඳ අපට වටහාගත හැකි ය. තිරෝකුඩ්ඩ සූත්‍රය, ප්‍රේත වස්තු ප්‍රකරණය, දික්සඟි අටුවාව, ධම්මපදට්ඨ කතාව සහ සංයුක්ත නිකායේ ලක්ඛණ සංයුක්තය ආදිය පරිහරණය කිරීමෙන් මේ ප්‍රේත කොටස් පිළිබඳ තවදුරටත් අපට දැනුම ලබා ගත හැකිය. අප නමින් මියගිය ඥාතීන් කුමන ආත්මභාවයක් ලබා සිටීද යන්න අපට ස්ථිරව කිව නොහැකි නිසා ඔවුන් උදෙසා පින් අනුමෝදන් කිරීම කළ යුතු ය. එය චාරිත්‍රයක්, යුතුකමක් වශයෙන් මෙන්ම කළගුණ සැලකීමේ ගුණයක් ලෙසින්ද පෙන්වා දිය හැකි ය. ඒ ආකාරයෙන් සිදු කරන පුණ්‍ය කර්මවල විපාක තමනට ද සැප පිණිස පවතී. එබැවින් දස පුණ්‍ය ක්‍රියාවන්ට අයත් ‘පත්තානුමෝදනා’ නම් වූ එම උතුම් පින්කම සිදුකර, මියගිය ඥාතීන්ගේ ජීවිත සුවපත් කිරීමටත්, අපගේ ජීවිත සුවපත් කර ගැනීමටත් උත්සාහවත් වෙමු.
තෙරුවන් සරණයි!
ගලගෙදර රතනවංශ හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
 ¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X