වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

පිනේ බලය

පිනේ බලය කෙනෙකුට සිතාගන්නටවත් බැරි තරම්ය. එය කොතරම් බලවත්ද මොනතරම් විශ්මය ජනකද යත් වත්මන් මිනිසාට එය ඇදහීමට හෝ විශ්වාසය තැබීමටවත් නොහැකිය. නුවනැත්තෝ සිහි නුවන නිසි තැනලා වටහාගෙන පින් රැස් කරයි. කුසලයේ යෙදේ. වැරදි දෙයින් මිදෙයි. නිවැරදි දේම සිද්ධ කරයි. සුගතියේම සිත පිහිටුවා ගනී. සසරෙන් මිදෙන මඟම යයි. නිසි කල නිසිතැන දී ඔවුන් මේ ඝෝර සසරෙන් එතෙරව අමා මහ නිවන් සුවයම පසක් කරගනී.
by Daham Vila

චතුමධුර සහ අෂ්ටපාන පිළියෙල කරමු

බටර් සාමාන්‍ය ප්‍රමාණයේ පැකට්ටුවකට (මාගරින් ගන්න එපා. මාගරින් විකාලයට අයත් දෙයක් නිසා) සකුරු (කිතුල් හකුරැ බෑයක්) ලොකු ඇස්සක් ප්‍රමාණවත්. එළගිතෙල් අවුන්සයේ බෝතල් එකක ප්‍රමාණය  සහ මී පැණි අවුන්සයේ බෝතල් 2-3 ක් දැම්මාට කමක් නැහැ. නමුත් එලඟිතෙල් නම් අවුන්සයට වඩා දාන්න එපා.
මුලින්ම සකුරු ඉතාමත් හීනියට ලියා ගන්න. එයට බටර් ටික මිශ්‍ර කර ක්‍රීම් වන තුරු සකසා ගන්න. සකුරැ කෑලි තිබෙන්න ගන්න එපා. එය චතු මධුර වල ප්‍රනීත බව අඩු වෙන්න බලපානවා. ක්‍රීම් වන තුරැ හැදි ගා ගත් බටර් සහ සකුරැ මිශ්‍රණයට එළඟිතෙල් සහ මී පැණි හොදින් කලවම් කරන්න. යොදා ගත් වර්ග හතරම හොදින් මිශ්‍ර වූ පසු පින්වත් ස්වාමීන්වහන්සේලාට  පිලිගැන්වීම සුදුසුයි.


බුදුපාමොක් සඟරුවන පුදන්නට මිහිරි ගිලන්පස (අෂ්ටපාන)

විකාල භෝජනයෙන් වැළකී දිවිහිමියෙන් සිල් රැකගෙන වාසය කරනා තථාගත ශ‍්‍රාවකයන් උදෙසා කළ හැකි සංඝෝපස්ථාන ම ය පූජාවෙකි, ගිලන්පස පූජාව. භාග්‍යවතුන් වහන්සේ විසින් ම අනුදැන වදාළ අෂ්ටපාන පූජාවන් ගැන අප අසා ඇත. මේ පානයන් අට ගැනත්, ගිලන්පස වශයෙන් සකසා ගත හැකි අනෙකුත් පානයන් ගැනත් සඳහන් වන්නේ විනය පිටකයට අයත් මහාවග්ග පාළිය නම් උතුම් ග‍්‍රන්ථයේ ය.
අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා මේ අයුරින් ඒ පිළිබඳ වදාළ සේක.
‘‘මහණෙනි, අඹ පැන්, දඹ පැන්, ඇටකෙසෙල් පැන්, මස්කෙසෙල් පැන්, මී පැන්, මිදි පැන්, ඕලූ පැන්, බොරලූදමුනු පැන් යන අටවැදෑරුම් පැන් අනුදනිමි. මහණෙනි, ධාන්‍ය ඵලරසය හැර සියලූ ඵලරස අනුදනිමි. මහණෙනි, පිසූ පලා කොළ රසය හැර දිය හා මුසුකොට මිරිකාගත් සියලූ කොළ රස අනුදනිමි. මහණෙනි, මීපුප්රසය හැර සියලූ මල්රස අනුදනිමි. මහණෙනි, උක්රසය (උක්ඉස්ම) අනුදනිමි”
එසේ නම් යම්තාක් පලතුරු ඇත් ද ඒ සියලූ පලතුරු යුෂදිය හා මුසුකර බුදුරජුන්ට පූජා කරගැනීමට අපට හැකියාව ඇත. ගිලන්පස, පූජා කිරීම සඳහා පහසුවෙන් හා ක්ෂණිකව සාදාගත නමුත් ගිලන්පස සැකසීමේ දී සැලකිය යුතු කාරණා කිහිපයක් ම ඇත.
පානය සකසන්නේ මිනිස් සමාජයේ වෙසෙනා අග‍්‍ර වූ පිරිස වන තථාගතයන් වහන්සේ ප‍්‍රමුඛ ආර්ය මහා සඟරුවන උදෙසා බැවින් පිරිසිදුකම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වේ. ගිලන්පස සකසන ස්ථානයෙහි උඩුවියන් බැඳ තිබීම යහපත් ය. පානය සකසන පිරිස බුදුගුණ මෙනෙහි කරමින් වැඩයෙහි නිරත වීම පානය මනා ලෙසත්, ගෞරවාන්විත ලෙසත් සකසා ගැනීමට උදව් වේ. බොහෝ පලතුරු කෘත‍්‍රිම ව ඉදවීම වර්තමානයේ බහුල ව සිදුවන බැවින් ස්වාභාවිකව ඉදුන නැවුම් පලතුරු තෝරා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. පානය සැකසීමට යොදා ගන්නා ජලය උතුරවා නිවා ගැනීමෙන් අනතුරු ව පෙරා භාවිතය සුදුසු ය. අවශ්‍ය පමණට සීනි සහ ලූණු යොදා ගැනීමෙන් පසු පලතුරුවල කෙඳි ආදි කැබලි සහිත දේ ඉවත්වීම පිණිස නැවත පෙරාගත යුතු වේ. විශේෂයෙන් ම විකාලයේ දීත් පූජාවන බැවින් පානයේ කැබලි මුසු නො වීමට අතිශය විමසිලිමත් විය යුතු ය. වර්තමානයේ පරිභෝජනයට ඇති ආහාරයන්ගේ ගුණාත්මක බව පහළ ගොස් ඇති බැවින් ගුණාත්මක අතින් උසස් පලතුරු හා කොළ යුෂ තෝරා ගැනීම සුදුසු වේ. පානය සකසා ගැනීමෙන් අනතුරු ව ප‍්‍රසන්න වූ රසයක් තිබේදැයි පරීක්ෂා කිරීම වටී. එයින් ගිලන්පස ඉඳුල් නො වේ.
මුල සිට ම මසුරු මල දුරුකරමින් ඉතා ශ‍්‍රද්ධාවෙන් යුතු ව අප විසින් සකසා ගන්නට යෙදුණ ගිලන්පස පූජාකරගන්නා මොහොතේ දීත් එ් සිත එ් ආකාරයෙන් ම රැුක ගත ය. ලස්සන මල්කරුවෙක් ලස්සන ලස්සන මල් නෙළන්නා සේ ගෞතම බුදු සසුන තුළ අප විසින් කරන්නා වූ ආමිස පූජාවන් අතරට අෂ්ටපාන සහිත ගිලන්පස පූජාවෙන් ද පින් රැුස්කර ගෙන, ධර්මාවබෝධය පිණිස ම එ් පිනත් උපකාරී වේවා!යි අපි ප‍්‍රාර්ථනා කරමු.
- නදී -

විකාලයෙහි කැප අෂ්ඨපාන වර්ග

අෂ්ඨපාන සහ නවවැනි උක් යුෂ පානය

1. අඹ පානය (අම්බපානං)
2. ජම්බු පානය (ජම්බුපානං)
3. ඇට සහිත කෙසෙල් පානය (චොචපානං)
4. ඇට රහිත කෙසෙල් පානය (මොචපානං)
5. මී පැණි පානය (මධුපානං) (පැන් මිශ්‍ර කළ යුතු ය.)
6. මිදි පානය (මුද්දික පානං)
7. ඕලු/නෙළුම්/මානෙල් පානය (සාලුකපානං)
8. මසන් පානය (ඵාරුසකපානං)
9. උක් යුෂ

අනෙකුත් කැප පාන (කිහිපයක්)
දිවුල් පානය , අලිගැට පේර පානය , පේර පානය , සියඹලා පානය, දොඩම්/නාරං/දෙහි පානය , නෙල්ලි පානය , වෙරළු පානය , දෙලුම් පානය , පැපොල් පානය* , අන්නාසි පානය , බෙලි පානය , ස්ටෝබෙරි පානය , ඇපල් පානය , ඇඹරැල්ලා පානය , ලොවි පානය , උගුරැස්ස පානය , මොර පානය , රඹුටන් පානය , මැංගුස් පානය , සියලු පුෂ්ප රස (මී පුෂ්ප හැර ) , සියලු පත්‍ර රස (එළවලුපත්‍ර හැර ) , සියලු ඵල රස (ධාන්‍ය/මහඵල හැර )

උක් හකුරු දියකර සාදන පානය
විකාලයෙහි කැප වන්නේ උක් හකුරු පමණය. තල් හකුරු, පොල් හකුරු, ආදී අනෙකුත් හකුරු වර්ග කැප නැත. ගිලනාට පමණක් උක් හකුරු දත්වලින් සපා කෑමට කැපය. නොගිලනයාට කැප වන්නේ උක් හකුරු දියකර සාදාගත් පානයයි.

මෙම පාන වර්ග සෑදීමේ දී පළතුරු වර්ග ගෙන අතින් මැඬ හෝ බ්ලෙන්ඩ් කර ඇල් පැන් / සීතල පැන් මිශ්‍ර කර, සීනි / උක් හකුරු / ලුණු ආදිය සුදුසු පරිදි යොදා (කුඩා කැබලි වත් නොසිටින සේ) හොඳින් පෙරා පූජා කිරීම කැපය. අව්වෙන් කකාරා පූජා කිරීම ද කැපය. ගින්නෙන් රත් කර පූජාකිරීම අකැපය. ගින්නෙන් රත් කර පූජාකිරීමට සුදුසු වන්නේ ගිලන්පස පමණි. බෙහෙත් පිණිස ගිලනන්ට සුදුසු දේ විකාලයෙහි දී කැපය.

*පැපොල් ( ගස්ලබු ) අකැප යැයි ඇතැමෙක් සඳහන් කළ ද එය 'පොල්' හෝ 'ලබු' වර්ගයක් නො වන බැවින් අකැප වන ක්‍රමයක් නො පෙනේ. විමසන්න. තමන්ට අකැප යැයි සිතෙන මොන යම් හෝ පානයක් නො ගැනීමෙන් තමන් ගේ සීලයට වන හානියක් නැත.

පංච මධුර - ගිතෙල්, වෙඬරු (බටර්), තලතෙල්, උක්පැණි, මී පැණි
චතු මධුර - ගිතෙල්, වෙඬරු (බටර්), උක්පැණි, මී පැණි
සියලු දෑ සම ප්‍රමාණයෙන් ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. ගින්නෙන් රත් නොකරන්න. මෙම වර්ග පහම විකාලයෙහි කැප ය.

උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන බව සිතින් අරමුණු කර මහත් වූ ශ්‍රද්ධාවෙන් මහත් වූ ගෞරවයෙන් උසස් ම ආකාරයෙන් තම තමාට හැකි උපරිම මට්ටමින් රාජාධිරාජයෙකුට දක්වන ගෞරවයට වඩා වැඩි ගෞරවයක් දක්වා කර්මඵල අදහා පූජා කර දෙලෝ වැඩ පිණිස ද නිවන අවබෝධවීම පිණිස ද හේතු වාසනා වේවා යැයි ප්‍රාර්ථනා කල යුතු.

ඵල යුෂ පිදීමේ ආනිසංස - සෝවාන් , සකදාගාමී, අනාගාමී, අර්හත් ඵල රසයෙන් විපාක වශයෙන් ලැබීම.

විකාලයෙහි අකැප පාන වර්ග

තල් / පොල් / වරකා / දෙල් / ලබු /කොමඩු / පුහුල් / පිපිඤ්ඤා / කැකිරි වැනි පාන වර්ග සම මෙම නව මහඵලයන්ට අනුරූප ඵලරසයන්, දූරියන් පානය / එළවලු යුෂ වලින් සාදාගත් පාන වර්ග සහ සුප් වර්ග අකැපය.

සව්, බාර්ලි, ආදි ධාන්‍ය රස , මයිලෝ, නෙස්ටමෝල්ට් වැනි මෝල්ට් වර්ග, කිරි සහිත / පිටි සහිත පාන වර්ග, දිවුල්, වෙරළු වැනි යුෂ වර්ග - බත්, කිරි, මුදවපු කිරි, (උක් හකුරු හැර ) අනෙකුත් හකුරු වර්ග වැනි අකැප දෙයක් සමග මිශ්‍ර නම් අකැපය.

ගිලන් නොවී හෝ ගිලන් වීමට පෙර ගිලන්පස (ගිලාන ප්‍රත්‍ය ) කැප නැත. රෝගයක් ඇති කල්හි ම ගිලන්පස කැප ය. ගින්නෙන් රත් කරන සියලු පාන ( තේ, කෝපි , ඉරමුසු , බෙලි ආදී ) ගිලනාට පමණක් කැප ය.

(උපෝසථෝපදේශය පොතෙනි...)




1. ඒකාවේරිය.
2. ඉරිවේරිය.
3. කප්පරවල්ලිය.
4. නීරමුල්ලිය.
5. නාමල් රේණු.
6. නෙළුම් රේණු.
7. දෙළුන් ලෙලි.
8. ගොංකැකිරි අල.
9. කොල්ලන් කොළ.
10. රත්කිහිරිය.
11. වල්වේලාමුල්.
12. වියළි කහ.
13. වද කහ.
14. රණවරා මල්.
15. බෙලිමල්.
16. කුඩුමිරිස්සමුල්.
17. සාදික්කා.
18. මාසක්කා ඇට.
19. දේවදුරු.
20. මහදුරු.
21. ලොක්සුඹුළු.
22. වැල් දෙහි මුල්.
23. මූරුවා මුල්.
24. දියමිත්ත.
25. දෙහි මුල්.
26. දොඩංමුල්.
27. කටුකරෝහණ.
28. උදු ඇට.
29. කොල්ලු ඇට.
30. වදුරු මෑ ඇට.
31. අරළු.
32. බුළු.
33. නෙල්ලි.
34. අස්වැන්න.
35. පොල්පලා.
36. කටුවැල්බටු.
37. එලබටු මුල්.
38. නෙරෙන්චි.
39. නස්නාරන් මුල්.
40. බේත් එඬරු මුල්.
41. බෙලි මුල්.
42. මිදි මුල්.
43. තොටිල මුල්.
44. පලොල් මුල්.
45. ඇත්දෙමට මුල්.
46. දෑබරන අල.
47. ඉරමුසු මුල්.
48. රත් හඳුන්.
49. සුදු හඳුන්.
50. අගිල් අරටු.
51. දේවදාර.
52. විෂ්ණුක්රාන්තිය.
53. බැබිල මුල්.
54. කොහොඹ පොතු.
55. හාතාවාරිය අල.
56. මානෙල් අල.
57. කලාදුරු අල.
58. මාදංපොතු.
59. කුඹුක් පොතු.
60. පාවට්ටා මුල්.
61. නික මුල්.
62. වැල්මදට.
63. තිප්පිලි.
64. සූදුරු.
65. කලුදුරු.
66. අතිවිඩයන්.
67.රත්මල් කැකුළු.
68. දුම්මැල්ල.
69. රසකිඳ.
70. සාරන අල.
71. අමුක්කරා අල.
72. අලබේත්.
73. වැල් තිබ්බටු.
74. කොරාසාති.
75. කලිස්පතුරු.
76. වැල් කහඹිලියා.
77. අලහැල මුල්.
78. සිවිය මුල්.
79. මුරුංගා මුල්.
80. වල්කොත්තමල්ලි.
81. කොතල හිඹුටු.
82. උළුහාල්.
83. සුදුළූණු.
84. ලුණුවරණ පොතු.
85. ඉගිණි ඇට.
86. වලඟ සහල්.
87. ගම්මිරිස්.
88. වියළි ඉඟුරු.
89. කොත්තමල්ලි.
90. පත්පාඩගම්.
91. අරත්ත අල.
92. කරපිංචා නැටි.
93. වැල්මී.
94. වෙනිවැල්ගැට.
95. කටුකරඬු මුල්.
96. ගල්මද.
97. එනසාල්.
98. පඩවැල්.
99. කිරාන.
100. මස්බැද්ද.
101. කෝවක්කා අල.
102. අත්තික්කා පොතු.
103. බේදුරු අල.
104. අලු කෙසෙල් අල.
105. ඉඟුරු පියලි.
106. කුරුඳු පොතු.
107. දොඩම් පනාමුල්.
108. සැවැන්දරා මුල්.

ඇමදීමේ අනුසස්

වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිනෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. තමන් පැමිණිවිට මලසුන්වල පරමල් ඇතිනම් ඉවත් කළයුතුය. මලසුන් අපවිත්‍ර වී ඇත්නම් සොදා පිරිසිදු කළයුතුය.ව් විහාර ගෙය අපිරිසිදු වී ඇත්නම් ඇමද පිරිසිදු කළයුතුය. දාගබ අවට බෝධිය අවට කසල ඇතිනම් ඇමද ඉවත් කළ යුතුය. තණ හා වල් පැලෑටි වැවී ඇත්නම් ඉවත් කළයුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝය. එය ශ්‍රද්ධාව ඇතිනම් වියදමක් නැතිව කාහටත් පහසුවෙන් කරගතහැකි පින්කමකි.
ඇමදීමන් ලැබෙන බොහෝ අනුසස් සකිං සම්මජ්ජකථෙරාපදානය බෝධිසම්මජ්ජකථෙරාපදානය යන දෙකෙහි දක්වා තිබේ. උපදින උපදින ජාතියේ අංගප්‍රතයංග සම්පූර්ණ වීම, උසමහතින් යුක්තවීම,ශරීරය වර්ණවත් වීම, සම සිනිදුවීම, ජනප්‍රිය වීම, දීර්ඝායුෂ්ක වීම, ශරීරය ශක්තිමත් වීම, බොහෝ කල් දුක් විදවන ජනයාට අප්‍රියවන ලාදුරු, පරංගි, කඩුවේගන්, වණ හා නොයෙක් නපුරු කුෂ්ඨරෝග ඇති නොවීම, සුදුකබර, වයුගැට, ඉණිගැට, සුදු ලප, කළු ලප, කුරුළෑ, අළුහන්, තොල් අතුල් පතුල්, පැලීම්, සම ඉරිතැලීම්, යන මේ රෝග හට නොගැනීම ඇමදීමේ අනුසස් වශයෙන් විශේෂයෙන් කියාතිබේ.
ස්ත්‍රීන්ට, සත්පුරුෂයන්ට අපරාධකිරීම, පරසන්තක වස්තුව පැහැරගැනීම ආදී පව් කම්වලින් කුෂ්ඨ රෝගය හටගන්නා බවත්, කුෂ්ඨ රෝගියා මළ පසු එය භවාන්තරයට යන බවත් වෙදය ග්‍රන්ථවල කියා තිබේ. ගුණවතුන්ට අපරාධ කිරීමේ පවින් කුෂ්ඨ රෝගය හටගන්නා බව බුදුදමෙහිද කියා තිබේ. කොතෙක් ප්‍රතිකාර කළද නිෂ්ඨාවට සුව නොවන කුෂ්ඨරෝගයට සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම හොද ප්‍රතිකාරයකි. කලක් එසේ කිරීමෙන් සමහර විට කුෂ්ඨරෝගය නිෂ්ඨාවටම සුව වේ.
ඇමදීම කය පිරිසිදු වීමට පමණක් නොව සිත පිරිසිදු වීමටද හේතුවන පින්කමකි. "මාගේ මේ වයායාමයෙන් මේ සිද්ධස්ථානය පිරිසිදු වන්නාක් මෙන් ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි, විචිකිත්සාදී කෙලෙස් කසලින් මගේ සිත ද පිරිසිදු වේවා යන අදහස ඇතිකරගෙන ඇමදීම කළයුතුය. එසේ කළ කල්හි ඇමදීමේ කුශලයෙන් චිත්තපාරිශුද්ධියද ලැබේ. චිත්තපාරිශුද්ධිය සත්වයනට ඉතාමත් අවශය දෙයකි. සත්වයන් නොයෙක් පව්කම් කොට නැවත නැවත අපායෙහි උපදින්නේ ද චතුස්සතයාවබෝධ කොට නිවනට නොපැමිණිය හැකිව සසර රැදී සිටින්නේද සිතෙහි අපිරිසිදු බව නිසාමය. චිත්තපාරිශුද්ධිය ලැබීමට කරන්නට ඇති හොදම පින්කම සිද්ධස්ථාන සුද්ද පවිත්‍ර කිරීමය.
පඤ්චානිසංසා සම්මජ්ජනියා, සකචිත්තං පසීදති, පරචිත්තං පසීදති, දේවතා අත්තමනා හොන්ති, පාසාදිකසංවත්තනිකංපුඤ්ඤං උපචිනාති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජති.
තේරුම :-
ඇමදීමෙහි අනුසස් පසෙකි. තමාගේ සිත පහදී, අනුන්ගේ සිත පහදී, දෙවියෝ සතුටුවෙති, රූප ශෝභාව දෙන පිනක් රැස්කරයි, මරනින් මතු දෙව්ලොව උපදී.

(පරිවාර පාළි)
ඔබසැමට සම්මාසම්බුදු සරණයි !!!
භව කර්ම
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X