ඇතැම් අවස්ථාවල දී ඔබ විසින් ගුණධර්ම දියුණුකර ගැනීමේ දී අපේක්ෂා නොකල විවිධාකාර ගැටලු බාධක කරදර ඇති විය හැක. මෙසේ නිවන පිණිස කුසල් වැඩීමේ දී මිය ගිය ඥාතීන්ගෙන් කරදර හිරිහැර ඇති වන්නේ නම්, එයින් මිදී තමන් ද එම මිය ගිය ඥාතීන් ද සුගති ගාමී කරවීමට ඔබට හැකියාව ඇත. එසේ විවිධ කරදර බාධා ඇති වන්නේ නොයෙක් අවස්ථාවල ඔබවිසින් නොදැනුවත්වම කරන විවිධ ප්‍රකාශ හේතුවෙන් ම විය හැක. ඔවුන් ඔබට ඇති බැඳීමත් ධර්මය පිළිබඳ නොදැනුවත්කමත් සසර පිළිබඳ නොවැටහීමත් හේතුවෙන් ඔබේ ධර්මානුකූල ජීවිතය අනුමත නොකර තවදුරටත් ඔබ සසරට ඇද දැමීමට කටයුතු කරනු ඇත. මේ නිසා ඔබවිසින් එම මිය ගිය ඥාතීන්ට ද උපාකාර කරමින් සුගතිගාමීව ධර්මාවබෝධයට අවකාශ සලසා ගැනීම සඳහා නුවනින් ක්‍රියා කල යුතුය.මා / අප විසින් රැස්කරන ලද කුසලයන් අනුමොදන්විය නොහැකි දුක්ඛිත ආත්ම භාවයක ................ (ඥාතී වරයාගේ සම්පූර්ණ නම සහ ඥාතීත්වය සඳහන් කරන්න) උපත ලබා ඇත් නම් මාහට / අපහට කුසල් ගුණධර්ම දියුණුකර ගැනීමට උපකාර කර පින් රැස් කර ගනිත්වා! සූජීවත්ව සිටිනා විට දී කුසල් රැස් කල පරිදි සියතින්ම කුසලයන් රැස්කරන්නාක් සේ මාහට / අපහට ධර්ම දියුණු කරීමට උපකාර කර කුසල් රැස්කර ගනිත්වා! ධර්මය අසත්වා! මෛත්රය වඩත්වා! ගුණධර්ම දියුණුකර ගනිත්වා! එයින් දුක්ඛිත ආත්ම භාවයෙන් මිදී දිව්‍යමය ආත්ම භාවයක උපත ලබා සැප ලබත්වා!
by Daham Vila
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......




