


අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ කලක් රජගහ නුවරට සමීපව පිහිටි අඹසැඩ නම් බමුණුගම අසල වූ වේදීය පර්වතයේ ඉන්ද්
රසාල නම් ගුහාවේ වාසය කළේ ය.
එකල දෙව්ලොව අධිපති සක්දෙවිඳු වසර තුන්කෝටි හැටලක්ෂයක් ආයු වළඳා සිටියේ ය. එහෙත් මේ වන විට සක්දෙවිඳුගේ පිං ගෙවී චුත වීමට ආසන්න බව හඟවන නිමිති පහළ විය. සක්දෙවිඳුට දෙව්ලොව සැප අත් හැරීමට දුකක් හට ගත්තේ ය.



සක්දෙවිඳු පන්චසික පෙරටු කරගෙන මුළු දිව්
ය සභාවම සමඟ බුදුන් වහන්සේ බැහැ දැකීමට ආවේ ය. වේදීය පර්වතය ආලෝකමත් කරමින් ආ මේ පිරිස පන්චසික ගේ මැදිහත් වීමෙන් බුදු සිරිපා වැන්දේ ය.
( කථාව බොහෝ කෙටි කර ඇත )



සක්දෙවිඳු පෙර ආත්මයක මනුලොව සිටියදී ගොපළු දරුවෙකුව සිටියේ ය. මේ ගොපළු දරුවා වනයේ ඇවිදිමින් සිටින විට පොකුණක් අසල ගරාවැටී ගිය ස්ථූපයක මල් අසුනක් මත කවරෙකු විසින් හෝ පූජා කර පරවෙමින් තිබූ දියබෙරලිය මල් ටිකක් දුටුවේ ය. මේ ගොපළු දරුවා වහා ලඟ තිබූ පොකුණට බැස නෙළුම් කොළයක් කඩාගෙන එයට වතුර ගෙනවිත් ඉස, මල් ප්
රාණවත් කළේ ය.



මේ පින දැක සක්දෙවිඳු හා පිරිසගේ ආයු බෝ වේවා යි ප්
රාර්ථනා කළේ ය. එතැන් සිට නැවත සක්දෙවිඳුට ආයුෂ වසර තුන්කෝටි හැටලක්ෂයක් ලැබිණි.
___________________________________________
"සිංචිතං බුද්ධ මුදිකං
පුප්පවණ්න ගුණං සුතං සම්බුද්ධ මහී පූජේමි
බවයං තේණ සුඛී..."
තිලොවක තිලක අමා මෑණී සම්මා සම්බුදු බුදු පියානන්ට සුවද මල් පූජා කරමි.
පූජා වේවා..පූජා වේවා..පූජා වේවා..!!!


මෙය කියවන ඔබ සැමටත් සියලු සත්වයන්ටත් ආයුබෝවේවායි මම හදවතින්ම ප්
රාර්ථනා කරමී.



තෙරුවන් සරණයි!!! සුවපත් වේවා!!!


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤