අපි ස්ථූප පූජාවට නින්දා අපහාස කළා. දැන් වෙන වෙනම අපි දුක් විඳිනවා.
෴නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස෴
.
මං හිටියේ රජගහ නුවර. ඒ රම්ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ.නිදුකාණන් වහන්ස,මං බොහෝ ධනසම්පත්වලට අධිපති වෙල සිටියෙ.
මගේ බිරිඳත්,දියණියත්,ලේලියත් කියන මෙයාලා මලුයි මහනෙල් මලුයි වටිනා සුවඳ වර්ගයි අරගෙන ස්ථූපයට වන්දනා කරන්ට පිටත් වෙන කොට මං ඒක වැළැක්වුවා.මා තමයි ඒ පාප කර්මය කර ගත්තෙ.
අසූහයදාහක් වගේ පිරිසක් වන අපි ස්ථූප පූජාවට නින්දා අපහාස කළා.දැන් වෙන වෙනම අපි දුක් විඳිනවා.ඝෝරදුක් තියෙන නිරය වැනි පෙරේත ලෝකයේ ඉපදිලයි දුක් විඳින්නෙ.
අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ස්ථූපයට පුදපුජා පවත්වන වෙලාවක කවුරු හරි කෙනෙක් ඒකට දොස් කියනවා නම්,එයා බැහැර වෙන්නෙ පිනෙන් බව තේරුම් ගන්න.
මේ බලන්න.මල් දරාගෙන අලංකාර වෙලා අහසින් වඩින මේ දිව්යංගනාවන් දෙස බලන්න.මෑලා මේ අනුභව කරන්නේ ස්ථූපයට මල් පූජා කිරීමේ විපාකයයි.
ආශ්චර්යය වූ පුදුම සහගත වූ ලොමුඩහ ගැන්වෙන මේ පුණ්ය විපාකය දැක්කට පස්සෙ නුවණ තියෙන උදවිය ඒ මහා මුනින්ද්රයන් වහන්සේට නමස්කාර කරනවා.
ඒ මමත් මේ පෙරේත යෝනියෙන් චුතවෙලා මනුස්ස ආත්මයක් ලබා ගෙන අප්රමාදීව නැවත නැවතත් ස්ථූප පූජාවමයි කරන්නෙ.
.
ධාතුවිවණ්ණික ප්රේත වස්තුවයි.
- ඛූද්දක නිකාය - (පේතවත්ථු - 3 චුළ වර්ගය)


