ගුණධර්ම දියුණුකර ගනිමින් ඔබට ඉඩ ප්‍රස්ථා ඇති පරිදි උදේ සවස හෝ සවස තෙරැවන් වැඳ රතන සූත්‍රය, කරණීය මෙත්‍ත සූත්‍රය, ධජග්ග සූත්‍රය සජ්ජායනය කර දෙවියන්ටත් පහත පරිදි මිය ගිය ඥාතීන්ට පින් අනුමොදන් කරන්න. කාලයත් සමඟ ඔබට දෙවියන්ගෙන්ද ආරක්ෂාව සැලසෙන අතර මිය ගිය ඥාතින්ගෙන්ද බාධාවන් ඉවත්ව යයි.
මා / අප විසින් රැස්කරන ලද කුසලයන් ................(ඥාතී වරයාගේ සම්පූර්ණ නම සහ ඥාතීත්වය සඳහන් කරන්න) අනුමෝදන් වෙත්වා! එසේ අනුමෝදන්ව යම් දුක්ඛිත ආත්ම භාවයක උපත ලබා සිටී නම් එම දුක්ඛිත ආත්ම භාවයෙන් මිදී සැපවත් දිව්‍යමය ආත්ම භාවයක උපත ලබත්වා! දුකින් මිදී සැප ලබත්වා!
මා / අප විසින් රැස්කරන ලද කුසලයන් අනුමොදන්විය නොහැකි දුක්ඛිත ආත්ම භාවයක ................ (ඥාතී වරයාගේ සම්පූර්ණ නම සහ ඥාතීත්වය සඳහන් කරන්න) උපත ලබා ඇත් නම් මාහට / අපහට කුසල් ගුණධර්ම දියුණුකර ගැනීමට උපකාර කර පින් රැස් කර ගනිත්වා! සූජීවත්ව සිටිනා විට දී කුසල් රැස් කල පරිදි සියතින්ම කුසලයන් රැස්කරන්නාක් සේ මාහට / අපහට ධර්ම දියුණු කරීමට උපකාර කර කුසල් රැස්කර ගනිත්වා! ධර්මය අසත්වා! මෛත්‍රය වඩත්වා! ගුණධර්ම දියුණුකර ගනිත්වා! එයින් දුක්ඛිත ආත්ම භාවයෙන් මිදී දිව්‍යමය ආත්ම භාවයක උපත ලබා සැප ලබත්වා!
by Daham Vila
පිනක් අනුමෝදන් විය හැක්කේ පරදත්තූප ප්‍රේත කොට්ඨාශයට පමණක් වන නිසා පහත පරිදි එසේ නොවන සෙසු අමනුෂ්‍ය භාවයන් හට පහත දැක්වෙන පරිදි ආමන්ත්‍රණය කරන්න.