පිනේ බලය කෙනෙකුට සිතාගන්නටවත් බැරි තරම්ය. එය කොතරම් බලවත්ද මොනතරම් විශ්මය ජනකද යත් වත්මන් මිනිසාට එය ඇදහීමට හෝ විශ්වාසය තැබීමටවත් නොහැකිය. නුවනැත්තෝ සිහි නුවන නිසි තැනලා වටහාගෙන පින් රැස් කරයි. කුසලයේ යෙදේ. වැරදි දෙයින් මිදෙයි. නිවැරදි දේම සිද්ධ කරයි. සුගතියේම සිත පිහිටුවා ගනී. සසරෙන් මිදෙන මඟම යයි. නිසි කල නිසිතැන දී ඔවුන් මේ ඝෝර සසරෙන් එතෙරව අමා මහ නිවන් සුවයම පසක් කරගනී.
by Daham Vila
by Daham Vila


