යමෙක් මේලොව උපන්නානම් ඒ උත්පත්තියේ වටිනාකම කොතෙක්ද යන්න වටහා ගන්නට ඉතා පහසු මඟකි අපගේ ගෞතම බුදුරාජ්ණන්වහන්සේ විසින් දේශනා කරන ලද මෙලොව දුර්ලභ යැයි සඳහන් කරන ලද කරැණු පහ
1. බුදුවරයකු ලොව පහලවීම
2. බුදුවරයකුගෙන් සද්ධර්මය ඇසීමට ලැබීම
3. බුදුවරයකු දේශනා කරන ලද සද්ධර්මය ඇසීමට ලැබීම
4. මනුසත් භවය ලැබීම
5. අංගසම්පූර්ණ මිනිසකු වී උප්පත්තිය ලැබීම
වර්තමානයේ මේ මනුලොව උපන් මිනිසුන් අතරින් ඉතා සුළු පිරිසකට පමණක් ඉහත සඳහන් කරන ලද කරැණු තුනක් ම ලබන්න තරම් වාසනාවන්ත වී ඇත. එවන් වාසනාවන්තයින් මේ ජීවිතයේදී ම ධර්මාවබෝධයෙන් අරහත්භාවයට පත්වීමට උත්සක වන්නේ තමන් සතු කුසල ධර්මයන් නිසාය. යමෙකු තමන් ලද භාග්‍යයෙන් නිසි ප්‍රයෝජන ගෙන සතර අපායෙන්* මිදීමට වහ වහා උනන්දු විය යුතුවේ. ඒ සඳහා ගෞතම බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගයේ යමින් උතුම් සෝතාපත්ති ඵලය* ලබා ගැනීමට නැඹුරැ විය යුතුවේ. එසේ නිර්වානයට කැමැත්ත ඇති තැනැත්තෙකුට මේ ජීවිතයේදී ම නිර්වානය අවබෝධ කරගැනීමට නොහැකි වුවහොත් මතු නිර්වාන අවබෝධයට* ඉතා පහසු අවකාශයක් අත්පත් කර ගැනීමට උත්සුක වීම පිණිස කුසල් රැස් කරමින් තවදුරටත් චතුරාර්යසත්‍ය වැඩිය යුතුය.
by Daham Vila
by Daham Vila